මස් කඩ සහ මාධ්‍ය කඩ බස්සිගේ නවාතැන සාමාන්‍ය තත්ව යටතේ ජනමාධ්‍යය කියන්නේ බරපතල සමාජ වගකීමක් උරමත දරන, වගකීම් සහගත ආයතන කොටසක්ය. හැබැයි, ඉන්දියන් සාගරයේ අමුතු ඇටය වන ලංකාවේ මාධ්‍යවල හැසිරීම විය යුතු පරිද්දෙන්ම අමුතුය. කුප්පය. කුජීතය.අමුතු ඇටයේ අමුතු මාධ්‍ය ආයතන බොහොමයක තියෙන්නේ මස් කඩ ආකෘතියකි. මස් කඩ කාරයෝ කඩේ ඉදිරියේ අළුතෙන් මැරූ, ලේ පෙරෙන සත්ව මලකුණක් එල්ලති. ලේ වියලී ඇති මළකුණුවල පැයකට වරක් අලුතෙන් ලේ තවරති. ඒ ...
දමනය (පළමු කොටස) බස්සිගේ නවාතැන "ඔයාට ඒක කියන්නම වෙනවා." මෙලීසා විසල් කරගත් දෑසින් ජෝෂුවාගේ මුහුණට එබුනාය."මගෙ ගැන පූර්ණ විශ්වාසය තියන්න ඔයාට පුලුවන් වෙන්න ඔන. එහෙම නේද? ඇරත්, මේ සිද්ධ වෙච්ච හැම දේකින්ම පස්සෙ." ඇගේ කටහඬ පොළඹවන සුළුය. කුතුහලයෙන් පිරිලාය. ජෝශුවා තවමත් සිතිවිල්ලේය, නිහඬවය."එහෙනම්. හොඳයි, ඔයාගෙ තීරණය ඒකනම්. මම මේ කියන්නෙ ඔයාගෙ අවසාන තීරණය මාව අවිශ්වාස කිරීම නිසා මට මුකුත්ම නොකිය අටු බකමූණෙක් වගේ බුම්මගෙන ඉන්න ...
බොරුවක් ගැන ඇත්ත කතාවක් (Fun with Science) බස්සිගේ නවාතැන බොරුකාරයෝ' කියන නම ඇහෙනකොටම අපේ නහය හැකිලිලා, කට කරත්තෙට අහුවුන කජු ලෙල්ල වගේ වෙලා, උපරිම අප්‍රසාදයක් පිළිබිඹු වීම නිරායාසයෙන්ම සිදුවෙන දෙයක්. මොකද, අපි හැමවෙලාවෙම "ඇත්ත තිත්තයි" කියල කිවුවට, අපි කැමති 'ඇත්ත' දැනගන්න මිසක බොරුවලට රැවටෙන්න නෙමෙයි නෙව. ඒ කොයි හැටි වෙතත්, ජීවිතේට 'බොරුවක් නොකියපු මනුස්සයෙක් හොයාගන්න එකනම් අද කාලෙ කළුනික හොයන්නැහේ දුර්ලභයි. මොකද, අපි හැමෝම, අපේම ගැලවිජ්ජාවට පොඩි බොරුවක් දෙකක් ...
තාපස කකුළුවා සහ මුහුදු මල බස්සිගේ නවාතැන රැලි සරැලි ලුණු රස පිරිමානස විලෙහි ඉවුරතහිරු රැස් වැදී විසිරෙනවැලි කැටිති රන් සුණු වෙසින් ඇස රවටනතාපස කකුළු තෙමවිමන තැනුයේ එතැනයකැන්දා ආ ඇමැන්ඩාඇනිමොනි මල් පැලැන්දාබ්රිටිෂ් ඇක්සෙන්ට් රන්දාමිණි කිකිණි ස්වර ඇන්දාසුවිසල් පැතලි ටීවීහෝම් තියටර් පේවීපොලී අඩුවට දේවීගනු ගනු නොම පමාවීතාපස කකුළු තෙමඕ.ටී. වෘතය අවසනඅඳුරු සළු හැඳ - කොත්තු අරගෙන එන්නේකන්තෝරු බර - තොත්තුවක දියවෙන්නේඇනිමොනි ගවොම් රැළි අසරැයට එදිරිව සැඟවගන්නේපඩිපත මිරික මිරිකා ගසන ...
තෙලෙන් බැද්දත් - කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමද? බස්සිගේ නවාතැන “ආප්ප කියන එක තාච්චියෙ පිච්චුවත්, වණ්ඩුවෙ තැම්බුවත්, කිරි දාල, බිත්තර දාල, පැණි දාල හැදුවත් ඒවා ආප්පමයි. ඒ නිසා ප්ලේන් ආප්ප, බිත්තර ආප්ප, කිටි ආප්ප, පැණි ආප්ප හෝ වණ්ඩු ආප්ප කියලා වර්ග කිරීම හෝ නම් කිරීම කොහෙත්ම අවශ්‍ය නෑ”එහෙමත් නැත්නම්,“වේදිකාවේ පෙන්නුවත්, වීදියේ පෙන්නුවත්, රූපවාහිනියේ පෙන්නුවත් නාට්‍ය කියන්නේ නාට්‍යමයි. ඒවා වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය හෝ ටෙලිනාට්‍ය විදියට වෙනවෙනම නම් කිරීම අවශ්‍ය නෑ.”ඔය ...
කවි කියවමුද? බස්සිගේ නවාතැන සයිබර් කවියට ආදරේ අයට පුංචි ඔත්තුවක්! අගෝස්තු විසි අටවන සිකුරාදා සවස 3.30ට කවි කියවීමේ වැඩසටහනක් පැවැත්වෙනවා. අගෝස්තු විසි අට කියන්නේ හෙට. බස්සී මේ සතියෙ ටිකක් බිසී වුන නිසයි මේ ඔත්තුව දෙන්න තරමක් පමා වුනේ. මේක මසකට වරක් පැවැත්වෙන වැඩසටහනක්. මේ මාසයේ තියෙන්නේ ඒකේ පළමු දිගහැරුම. මෙවර තේමාව "සයිබර් කවිය". සංවාද ප්‍රවේශය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් සිදුකරන්නේ. සංවාදය මෙහෙයවන්නේ නවෝද්‍යා පවනි ...
ලොල්ලන් සහ ගණිකාවන් පෙරටු කරගෙන ඇඟිල්ලේ ඇදය සෙවීම බස්සිගේ නවාතැන හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද හොයන මිනිස්සුය. නියපොතු කපා ඇත්දැයි හොයන මිනිස්සුය. මැනිකිව් කලේ මොන සැලුනයෙන්දැයි අහන මිනිස්සුය. දැන් මේ පෝස්ටුව කියවීම නවතා "ඉතිං මොකද්ද ඒකෙ ඇති වැරැද්ද?" යැයි විමසා, ඇස් ගෙඩි ඩොගිත්තාගෙන බලා ඉන්නා මිනිස්සුය.මේ කියන්නේ අන්න ඒ ආකාරයේ මිනිස්සු ගැනයි.ලංකාවේ මිනිස්සු අති දක්ෂ කුරුමාණම්කරුවෝය. විශිෂ්ඨ ප්‍රහාරකයෝය. ඒත් කරුමය නම්, ඉහත කී ගණයේ, ප්‍රමාණාත්මකව අල්ප නොවූ මිනිස්සු කුරුමාණම් අල්ලන්නේම හිසට ...
වීරයා මැරුනේ පෑන හිරවීමෙන්ද? බස්සිගේ නවාතැන කාලෙකින් මොකුත් නොලියවෙනකොට (දැන් මට වෙලා තියෙනව වගේ) අදාල පුද්ගලයට වැළඳිලා ඇති කියල සැක කරන්න පුලුවන් ප්‍රධාන රෝග දෙකක් තියෙනව මුලින්ම මතකෙට එන.1. රයිටර්ස් බ්ලොක්2. බිසීවීමේනියාවඔය කියන බිසීවීමේනියාවෙන් පෙලෙන දවස් වලත් මම අඩුම තරමේ දවසකට කවි දෙක තුනක්වත් ලියනව ඔෆිස් යන එන අතරෙ පාරට රස්තියාදු වෙන කාලය ඇතුලතදි. ඒත්, පහුගිය ටිකේ එහෙමවත් නොලියවුනු නිසා මම හොයා බැලුව මොකක්ද මේ රයිටර්ස් ...
මේතරම් සෙක්සි ද ඉලෙක්ෂන් ? බස්සිගේ නවාතැන 1. මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!මනාප තුනක් හොඳටෝම මදි මටමං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!හොරුන්ට, කුඩ්ඩන්ට, හංදියේ චණ්ඩින්ටපිස්තෝලෙකින් වතුර බෝතල් මවන අරුම විජ්ජාකරුවන්ටවෙඩිබෙහෙත් දුමට පිඹිනකොට, පිහියකින් බෙල්ල පිටුපස කසනකොටඅත්ල සීතල වුනත් මොනතරම් සෙක්සිද!ඇයි අපිට බැරි පක්ෂ දෙකතුනකටම ඡන්දය දෙන්න.ඡන්දයක් කියන්නේ කැමැත්තටමං කැමති මනමැවි කතා කියවන්ටසී එස් ලෙවිස්ට – ජේ කේ රෝලින්ග්ට – එච්.සී. ඇන්ඩර්සන්ටඑක සමානව ආදරේ කරන්න තහනම්ද?රතු සහෝදරවරු කියන දේ ...
ඒ 'ලෙවල්' කුඩු කර ඔබ ඔබම වෙන්න! බස්සිගේ නවාතැන මේ කතාව මම හොඳින්ම දන්නා කෙසඟ, සුදු පිරිමි ළමයෙක් ගැනයි.ඒ එක්දාස් නමසිය අනූ ගණන්වල අග භාගයයි. අපි හඬකැවූ ටෙලි කතා මාලාවන්ට වහ වැටී උන් පොඩි එවුන්ව සිටි කාලයයි. ඔය කාලයේ ටීවී එකේ ‘පරිඝණක දඟයෝ’ (Crash Zone) නමින් කතා මාලාවක් විකාශය වෙයි. ඒ වීඩියෝ ගේම් නිෂ්පාදනය කරන සමාගමක රැකියාව කරන teenagersලා පස් දෙනෙක් ගැනයි.කෙට්ටු, සුදු පිරිමි ළමයාගේ ගෙදර පිහිටියේ කතා පොත්වල ...
කළු කූඹි (කෙටිකතාව) බස්සිගේ නවාතැන ඇබිත්තං කළු කූඹියෙක් කම්පියුටර් ස්ක්‍රීන් එක දිගේ ඉබාගාතේ ඇවිදිනවා. කූඹියා වගේ තුන් හතර ගුණයක් විශාල අකුරු ටයිප් කිරීම එහෙමම නවත්තල මම උගේ අමන රස්තියාදුව දිහා බලන් ඉන්නව. ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද කියල තඹේකට මායිම් නොකරන නිදහස්, හිතුවක්කාර ප්‍රාණියෙක්, කම්පියුටර් ස්ක්‍රීන් එකෙන් ලක්ෂෙන් පංගුවක් තරම්වත් විශාල නොවෙන ක්ෂුද්රප්රාණියෙක් නිසා මගේ රාජකාරිය ලත් තැනම ලොප් වෙලා. ඔන්න මට මේ කුඩා අමනයා ගැන ...
හතරරියන්ගේ කින්ඩි හිනාව බස්සිගේ නවාතැන සිද්ධිය ඇරඹෙන්නේ මීට වසරකුත් මාස තුනකට පෙරය. ආයතනික පුහුණු සැසියකදීය. ඉතා කාර්යබහුල මොහොතක ය.පෙරදින රාත්‍රී අට වන තුරු පුහුණුවය. උදෑසන හතට යළි පුහුණු සැසිය ඇරඹෙයි. උයන්නට වේලාවක් නැත. පිරිමින්ට ගෙදර බත්පත ලැබෙති. ගැහැණුන් කන්නේ කඩයෙනි."කඩෙන් කන්න ඇවිදින්නෙ මොකටද? හවස ටෙස්ට් එකක් නේද? මං නොදන්නවද ඔයා ගැන. කන්න නොගිහින් ලන්ච් බ්රේක් එකේ පාඩම් කරාවි.""මම උදේට එන්නම් කෑම එකක් අරගෙන!"තමන් ආදරය කරන ...
උත්තරධ්රැවයේ බස් එක සමහ හදවත් පෙති (බස්සිගේ විස්මලන්තයෙන්) බස්සිගේ නවාතැන ඒ පාර තමයි පාර. කළුම කළුපාටට මාගලක් වගේ ඒ පාර ඈතට ඈතට, තව තවත් ඈතට ඇදෙනවා. සිහින් දූවිළි අංශු මුහුවෙච්ච හුළඟක් මගේ ඉසකේ එක දෙක ගලවගෙන ටවුන් එක පැත්තට පාවෙලා යනවා. අන්න ඒ වෙලාවෙයි සුදුපාට දිග නැවක් වගේ ඉන්ටර්සිටි බස් එකක් කරාස් සද්දෙකින් මගෙ ඉස්සරහ බ්රේක් පාරක් ගැහැව්වෙ.“නගින්න, නගින්න”කොන්දොස්තරා මහා හදිස්සියකින් කෑ ගැහැව්වා. මම දඩිබිඩියේ හෑන්ඩ් බෑග් එක බදාගෙන බස් ...
මම යනවා. ඔබත් එනවද? බස්සිගේ නවාතැන කුඩා කළු පැහැ අකුරු පොකුරුයහිස පුරා චලන සිත්තම් අඳිනතැනින් තැන දාස්පෙතියා මල් ය"අනේ අයියේ මාව කන්නැ'යි" කොඳුරනදාස්පෙති දකින ගානේ හිත තිගැස්සෙනශ්යාමලී ගෝමස්ගෙ නැට්ට ගැන,කතාවක් නැතිකොට අපේ විමළාවට නිදිමත නො'එන,රුක්මනී වගේ ඉස්ටැයිල් ඕනෑමයි අඬන,හීනෙනුත් කම්මුලට බළල් කොට්ටා පහරක් වැදෙන.හිතනලන්තය හොයහොයා සිතියමක් ඔරවන,GPS විකල්ලෙනි - GoogLe Maps අනේ මට තව බෑ කියනCraZy FaNsලාය - සිතියම උඩ ඉඳගෙන බ්ලූබෙරි මෆින් බුදිනFiReෆොක්ස් ChRomE ඇතුලෙන් ...
උගත් මැවිසුරු බළලුන් බස්සිගේ නවාතැන අඹ ගහේ කොළ ගණිනහඳේ මුහුණත මනිනබරැති හිස පහත් කරඋපැස උඩහින් බලනසමනළෙක් තටු ගහණවේගයත් කෝණයත්බළල් නැටි අගිස්සෙන්සමීකරණෙක ලියනක්ලියෝපැට්රාවගෙත්දිගු නහය හකුලුවනමේ උගත් බළල්ලුන්මාලිගාවට එපාමයි කියනඅති වියත් හිසැති බළලුන්රූපවාහිනි අසල නිදි කිරනපාපිස්න උඩ ගොරව ගොරවා නිදනපිරමීඩ තනන්නත්උමං සැලසුම් අඳින්නත්මිසරයට හෝ වෙන ඈතකට නැවක පටවා යැවිය යුතු වනනිදන කාමරයෙන්“චිප්” කියා එලවීම සුදුසු වනමුස්න පහරක් දෙකක්වැදුන මුත් කිසි දුකක් නොදැනෙන ...
ත්‍රාසජනක ෆිසික්ස් පංතිය බස්සිගේ නවාතැන බස්සිගේ ඉක්කෝලෙ කාලෙ කතා මාලාවට ලිපියක් එක්කාසු කරන්න කාලාන්තරේකින් බැරිවුන නිසා ඔන්න අද බස්සි ඉස්කෝලෙ කාලෙ සිදුවීමක් ගැන යාං හෑල්ලක් කියවන්න තීරණය කලා.බස්සි ඇතුලු මිතුරු පිරිසගේ ඕ ලෙවල් කාලෙ ප්‍රියතම ගුරුවරයෙක් වුන “කොමා” ගැන මම මීට කලින් ලිපියකදි කිවුවා කස්ටියට මතක ඇති.ඉතින් ඔය සුන්දර සහ සමනළ පියාපතක් මෙන් සැහැල්ලු ඕ.ලෙවල් ජීවිතයට සමු දීලා අපි ඝෝර කටුක ඒ.ලෙවල් ජීවිතයට පා තබනවා ...
ලොඩියෝ! බස්සිගේ නවාතැන "ලොඩියාගේ කාය සැකැස්ම,ලොඩියා මෙන්න මෙහෙමයලොඩියා අරහෙමයලොඩියා ලොඩියා ලොඩියා"බයෝ ටීචර් කෑගහන හඬඇහුනෙ ගල් පවුරෙන් එපිට හුන්විසල් රළගෙඩි වලටය.'අහා ලොඩියෝ ඉතිං කොහොමද?'කුඩා ජෙලිෆිෂ් දිහා බලබලකට කොනක් ඇද කරන් ඇහුවේදඟකාර රළ පොඩිති ය.හඬා වැටෙමින් කුඩා ජෙලියන්අම්මා ගාවට දුවන අතරේ'හලෝ ලොඩියා! හුහූ ලොඩියා'ගැයුවෙ පසැඟිලි කොල්ලොය.ලා පැහැති ජෙලි වතේ කඳුළු කැට පිපුනෙ මුතුඇට වගේඅම්මා ජෙල්ලී - පාද සෙල්ලීකවුද ඇඬවූයේ එරන්වන් දරු මගේ?කුඩා කසුකුසු කතා අතරේබයෝ ...
කොලිටියට ආතල් දීම - FunKy DiRt බස්සිගේ නවාතැන ආතල් ගැනීමට වයස් භේදයක් නැතුවම අපි කවුරුත් කැමතිය. එහෙම අකමැතියි කියනවානම් ඒ එක්කෝ “ආතල්” යන වචනයේ තේරුම නොදන්නා කෙනෙක්ය. නැත්නම් මොනවාම හරි තදබල මානසික ගැටලුවක් තියෙන කෙනෙක් ය.“ආතල් කැටගරි” රැසකි. එය වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වත්කම වගේම සංස්කෘතිය මතත් වෙනස් වෙනවාය. උදාහරණයකට කිවුවොත් පැටි වියේදී සුමනාවතී බෝනික්කන් නැලවීමෙන් ආතල් ගත් අතර සිරිපාල ආතල් ගත්තේ සෙල්ලම් කාර් පැදීමෙනි. වයසින් වැඩෙත්ම විවිධාකාරයේ ...
නිලා කූරකින් ප්‍රේමය දල්වන්න පුලුවන් ද? (ෆැන්ටසි) බස්සිගේ නවාතැන කුඩා ස්පර්ශයක් පවා සිදුවුනේ ඉතාම මෘදුවඒක අහඹු කඩාවැදීමක්. කඩාවැදීමක් වුනත් ඒක ඒහෙමයි කියල හිතාගන්න බැරිවෙන තරමටම ඒ සිදුවීම පුරාවටම ආචාරශීලීබව පිරිලා ඉතිරිලා තිබුනා. මටසිලිටි වචන, හරිම අරපරිස්සම් සහගත හැඟීම් ප්‍රකාශන, ඇත්තටම කුඩා ස්පර්ශයක් පවා සිදුවුනේ ඉතාම මෘදුව.ඒත්, ඒක කඩාවැදීමක්. හරියටම නිශ්චල දියතලයකට අත ඇරපු අනපේක්ෂිත තිරිවාන කැටයක් වගේ. මුලදි ඉතාම අලංකාර දියරැලි රවුමට විසිරිලා ගිය එක ඇත්ත. ඒත් ඒ දිය ...
අප්පගේ පුතා සහ නොට්ටිගේ පුතා බස්සිගේ නවාතැන “අප්ප කරපු දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා”මේ කතාව ලංකාවෙ අපිට හොඳට ඇහිල පුරුදු කතාවක්. සමහරුනම් කියන්නේ මේ නොට්ටිගෙ පුතා කියන එකෙන් අදහස් කරන්නෙ ‘නොට් උගේ පුතා’ කියන එක කියලයි. කොහොම වුනත්, අප්ප කරපු දේ කරන්න වගේම, අම්මගේ/ අප්පගේ කපාපු පළුව වගේ කියල කටපුරා කියන්න පුලුවන් වෙන්නත් හේතුවෙන දෙයක් ගැන විස්තර ටිකක්, බොහෝම ටිකක් කියන්නයි අද බස්සි කම්පනා කලේ.ඔන්න එහෙනම් ...