වැල්ල දැනගෙන - රැල්ල පාගමු බස්සිගේ නවාතැන මේ දවස්වල බස්සිගේ ජීවිතේ තවත් බරපතල අවස්ථාවකට පිඹුරුපත් සැකසෙමින් තියෙන්නේ. හා හා සබන් පවුඩර් ගන්න එපා දැන්ම. අපේ කට්ටිය වැදගත් දෙයක් කිව්ව ගමන් හිතන්නෙ ඔය වගේ දේවල් නෙ. එහෙම දෙයක් නෙමෙයි. මේක බස්සිව කියවන්න කැමති අයට වැදගත් දෙයක්.ඉතින් ඒ වැඩේට කාර්යබහුල වීමත් එක්ක අලුත් කතා ලියන්න ලැබෙන කාලය ටිකක් අඩුයි. ඒ නිසා සමාව බාජනේකට දාලා අදට මේ ලිපිය කියවන්නකෝ.අර වැඩේ ...
මරිමෝඩ වැහි! බස්සිගේ නවාතැන මම ඒ වෙලාවෙ හිටියෙ කුස්සියේ. තීරු කපපු කවියක් හෝද හෝද. එයා සාලෙ සෝපාව උඩ, රතු සිමෙන්ති පොළවට සමාන්තරව. මගෙ අතේ ඉස්පිල්ලක් මුවාත තියල හදාගත්තු පිහිය. එයාගෙ අතේ ටීවී රිමෝට් එක.එක පාරටම අකුණක් පිපිරුවා, අනපේක්ෂිතව. අතේ තිබුන ඉස්පිල්ලත් අට ඉස්බක් උඩ වීසි උනා, අනපේක්ෂිතව.ඊගාවට පළවෙනි හුළං රැල්ල ඇවිත් ගේ වටේ කැරකෙන්න ගත්තා. දෙවෙනි හුළං රැල්ල කොන්ද නමාගෙන යතුරු හිල අස්සෙන් රිංගුවේ ...
ඔහොම වෙලා මදි ඔයාට! බස්සිගේ නවාතැන නිමිත්ත :ඉල් මහ විරු සමරු තුනක් - පුවතක්උගුරු දණ්ඩ කකියනකංමූණ කට්ට කළුවෙනකං කඳුළු පැනල ඇස්ගෙඩි ලොවිගෙඩි වෙනකංවටරවුමේ වටේට විප්ලව කලාටඔහොම වෙලා මදි ඔයාට!හඳ එළියෙන් පාප්ප කලවං කරද්දිහඳට යන්න රතු ඉනිමංපෙති බඳිද්දිෆයිනල් එක ඇණ ගනිද්දිඉර නැත්තං හඳට වැලේවැල් නැතිබවමං කිව්වා.(මාස දෙකක් අහක බලං උන්නෙ ඔයා)හැම අකුරම එක සමාන රතුපාටටපේන්නෙ ඇස් දෙක රවටන හඳ එළියටපනස් අටක් ප්‍රභේද තියෙනව ඔයාගෙ 'තනිපාට'ට(වෙනස් වෙනස් නම් ...
තේ බස්සිගේ නවාතැන සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති.කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක් මතුවුනා. පීරිසිය උඩ කිරි කෝපි ඇබින්දක් ...
ආදරයේ රසායනය බස්සිගේ නවාතැන පුවත්පත් සබැඳිය : http://ravaya.lk/?p=10515රාවය - 01/නොවැම්බර්/2015පළමු දසුනින් යමෙක් කෙරෙහි ආසක්ත වීම හදවතෙන් උපදින ප්‍රබල හැඟීමක් විදියට අපි දකිනවා. රෝමියෝට සහ ජුලියට්ට, සාලියට සහ අශෝකමාලාට වගේම ජැක්ට සහ රෝස්ට මුහුණදෙන්නට සිදුවුන සිදුවීම් දාමයන් කියැවීමෙන් අපි එයට ආදරය කියලා කියනවා. එය පොදු අත්දැකීමක් බව හැඟෙනවා. නමුත්, රොමැන්තිකත්වය මදකට පසෙකින් තබා විදු ඇසකින් බලද්දී ඉතා සුන්දරයැයි ඔබටත්, මටත් හැඟෙන බොහෝ සංසිද්ධීන්වලට හේතුව ජෛවවිද්‍යාත්මක ...
එතුමා ඇත්තටම අපිට කිරි දුන්නේය! බස්සිගේ නවාතැන 2010 අවුරුද්ද ඇරඹුණා පමණි. අපි කැළණිය සරසවියේ ෆ්‍රෙෂාලා වීමු. ඒ පොද්දන් (raggers) වූ ආර්ට් ෆැකල්ටියත්, අලයන් (anti-raggers) වූ සයන්ස් ෆැකල්ටියත් අතර ගිනි පුපුරු හුවමාරුවෙමින් පැවති සමයකි.එදා මහ වලියකි. නවකවදයට විරුද්ධවය. මුලින් ෆැකල්ටි දෙක අතර ගල් පහරවල් හුවමාරු වෙයි. ඉනික්බිති හූ හඬය. පොලිස් මාමලා ෆැකල්ටි දෙක මායිමේ තාර පාර දිගේ අත්බැඳගෙන අලස බැල්මෙනි.එක්වරම කිරි බවුසරයක් කන්ද නැගගෙන ආවේය."නවකවදේට විරුද්ධව කෑගහලා පුතාලට ...
ඉසේරුදාවට මඩුවල්ගෙන් තැලීම බස්සිගේ නවාතැන ලංකාවේ පොලීසිය දවසෙන් දවස, වැඩිවැඩියෙන් ජනතා ප්‍රසාදය දිනාගනිමින් ඉන්නවාය. වෙන මොන සම්මානයක් ගත්තත් ඔය කියන ජනතා සම්මානෙ දිනාගන්නවායැයි කියන එක සුළුපටු කෙලියක් නෙමේය. ඒකට අනවරත ලෙස එක්සෙප්ෂනල් පර්ෆෝමන්ස් පෙන්වීම අනිවාර්යය. ශ්‍රී ලංකා පොලීසිය මේ දිනවල කරමින් ඉන්නේ ඒ අසීරු රාජකාරිය ය.එච්.එන්.ඩී.ඒ එකට උපාධි මට්ටමේ පිලිගැනීමක් ඉල්ලාගන්න කොල්ලො කෙල්ලෝ පාරට බැස්සේ කන්තෝරු ඇරෙන වෙලාවට කිට්ටුව වෙච්චි එක හුදු අහම්බයක් පමණක්ම බව ...
බැටළුවෝ බස්සිගේ නවාතැන “ආලෝක, ඔන්න ඔයාගෙ වොලට් එක ගන්න හරිද! නැත්නම් මෙයා පාර්ටි දීලා අන්තිමේ අපිට ගෙවන්න වෙයි.” සමහර ගෑනුන්ගේ කටහඬවල් හිසේඇම්ම ඇතිකරවන තරම් ඉහළ තානයකින් ඇහෙන්නේ. ඒ මදිවට හිකිහිකි ගෑවිල්ල. උන්ට තියෙන්නෙ බටනලා වගේ හීන්වෙච්ච උගුරුදඬු වෙන්න ඕනෙ.රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක් උනානම්, එහෙම නැතත් සාම්ප්‍රදායික ප්‍රධානියෙක් උනානම් මටත් තිබුණා මේසෙට මිටිගුලි පහරවල් දෙකක් ගහලා මුන් සේරෝම නිස්සද්ද කරන්න. එහෙම උනානම් මේ රිපෝර්ට්ස් ටික ...
නොපිරවෙන හිස්තැන්! බස්සිගේ නවාතැන “මට ඔයාව අමතක කරන්න බෑ.” එයා දාහත්වෙනි වතාවටත් එවලා තිබුනා. මේ වතාවෙ ඒ මැසේජය ආවෙ ෆේස්බුක් සල්ලාප පෙට්ටියට. එදා නත්තලට පස්සෙ දවස නිසාද, නැත්නම් දාහත කියන්නෙ වාසනාවන්ත අංකයක් නිසාද කියන එක හරියටම පැහැදිලි නැතත්, මං මැසේජය කියවලා මිනිත්තුවක් ඇතුලත එයාගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබුනා.එදා විය යුතු පරිද්දෙන්ම තෙතබරිත දවසක්. කවුළුවෙන් එපිට හොඳටෝම වැස්ස. මම ඇඳන් උන්නේ නිල් ඉරි ...
නොපිරවෙන හිස්තැන්! බස්සිගේ නවාතැන “මට ඔයාව අමතක කරන්න බෑ.” එයා දාහත්වෙනි වතාවටත් එවලා තිබුනා. මේ වතාවෙ ඒ මැසේජය ආවෙ ෆේස්බුක් සල්ලාප පෙට්ටියට. එදා නත්තලට පස්සෙ දවස නිසාද, නැත්නම් දාහත කියන්නෙ වාසනාවන්ත අංකයක් නිසාද කියන එක හරියටම පැහැදිලි නැතත්, මං මැසේජය කියවලා මිනිත්තුවක් ඇතුලත එයාගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබුනා.එදා විය යුතු පරිද්දෙන්ම තෙතබරිත දවසක්. කවුළුවෙන් එපිට හොඳටෝම වැස්ස. මම ඇඳන් උන්නේ නිල් ඉරි ...
රිවි රැසත් ගිරි හිසත් ඔබමයි - ඔබම පමණයි බස්සිගේ නවාතැන බස්සිගේ පහ වසරේ ක්ලාස් මේට් කෙනෙක් ළඟදි චැට් එකක් දාලා අහනවා පිය ගුණ ගීයක් ලියල දෙන්න කියලා.ඒ යාලුවා චූටි කාලෙ ඉඳන් හැදුනෙ තාත්තත් එක්ක. ඉතින් එයාගෙ තාත්තගේ උපන්දිනේ දවසේ තෑග්ගක් විදියට සිංදුවක් කරන්නයි එයාට උවමනා වෙලා තිබුනෙ.ඉතින් මම කලබලෙන් සිංදුවක් ඩ්‍රාෆ්ට් කරලා යැව්වා. පුදුමයකට වගේ, එයා කිසිම වෙනස්කමක් නොකර ඒ සින්දුව ඒ විදියටම බාර ගත්තා.මේ තියෙන්නේ ඒ සිංදුව.දිවි නැවට මහ ...
ඇවිලෙන තාරකා | බලාපොරොත්තුව බස්සිගේ නවාතැන එහෙමමත් දවසකටහිටිවනම නතර වෙයිතත්පරසැලෝලයිඩ් සිතුවමකඉපැරණි රස්තියාදුවකවිස්තරඅක්බඹරු කෙහෙ කැරලිපෙලයි යලි යලි පෙලයිහද සත්සරකුඩා තාරුකාවක්ගිනි අරන් පොලවට වැටෙයිඇස් තෙත්කරඅහසෙන් වැටෙන තාරුකාවක් දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කලොත් ඒ පැතුම ඉටු වෙන බව කුඩා දැරියක්ව උන් එකල මම තදින්ම විශ්වාස කලා. කාලගුණ අනාවැකියේ උල්කා වර්ෂාවන් ගැන කියැවුනු දවසට කල් ඇතුවම ප්‍රාර්ථනා කරන්න ඕනෙ දේවල් හිතේ ලියාගෙන මග බලන් උන්නු කාලයක් තිබුනා. ඒ අවුරුදු ගණනාවකට ඉස්සර.කළුම ...
චාරිත්තරෙට වගෙයි පොත් සල්පිලට ආවෙ බස්සිගේ නවාතැන සති අන්ත නිවාඩුවෙචාරිත්තරෙට වගෙයි පොත් සල්පිලට ආවෙනැති හන්ද එයා පොත් කියවන්නෙපුරුදු විදියටම තනියෙන්මයි ආවෙප්රතිභාප්රභා කුටියෙ දොර ගාවඅහම්බෙන් උඹේ වත දුටුවාමකැති ගාපු වල් පඳුරු සේරෝමහොස්ස උස්සා පිබිදුනේ කෝමමහපොලෙන් සොච්චමක් හංගගෙන ඒ කාලෙපොත් සුවඳ බලන්නයි උඹව ඇදගෙන ආවෙසෙනග තෙරපෙන්නෙ නෑ - නූල්ඩස් කඩත් නෑඒ කාලෙ ඉර අවුව මෙහෙම පිච්චෙන්නෙ නෑපොත් කන්දකට උඩින් එදා වාගෙම අදත්සඳවතකි පෑව්වේ ටිකක් වියපත් උනත්අත්ලතෙහි තිබුන පොත් අතර ...
සමනල්ලු යන්නේ කොහාටද? බස්සිගේ නවාතැන සමනල්ලු යන්නේ කොහාටද? ඒ ගැන දැනගන්නටනම් ඔබ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ම ඕනෑය.මෙවර පොත් ප්‍රදර්ශනයෙන් ඩැහැගෙන ආ විවිධ වර්ගයේ පොත් හැට එකක් අතුරෙන් මගේ සිත පැහැරගත් නවකතාව කෞශල්‍ය කුමාරසිංහගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’. කතාව ගලායන්නේ සිංහල නවකතා කලාවට ආගන්තුක ‘පක්ෂි අක්ෂි’ දෘෂ්ඨි කෝණයකින්. අපි පිටත සිට නරඹන්නන් පමණයි. එයින්ම මේ කතාව සිනමා කෘතියක ආකෘතියක් ගන්නවා. මගේ අදහසනම්, සිනමා කෘතියකටත් වඩා එය ...
ලුණු රහ ගෑණු බස්සිගේ නවාතැන මට උවමනා කරල තිබුනෙ ඉහිල් වෙන්න. ඇත්තටම, හදවත කුඩා කැබැලිති දහස් ගානකට කැඩිලා ගියාට පස්සේ ඕනෙම මනුස්සයෙක්ගේ පරම අපේක්ෂාව වෙන්නේ ඉහිල් වීම. පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශය වෙන්නේ ඒක. මොකද, බිඳුනු කුඩා හෘද කැබැලිති අසාමාන්‍ය විදියට බරට දැනෙන මනුස්සයෙක්ට වෙනත් අපේක්ෂාවක් ගැන හිත යොමු කරන්න ඔලුව නිදහස් නැහැ.කොහොමත් එකලස් වීම කියන අවශ්‍යතාවය පැනනගින්නේ සිව්වනුව හෝ ඊටත් පසුව. මම දැන් ඉන්නෙ මුහුදු ...
නික්මන බස්සිගේ නවාතැන වැහි බිංදු නිය තුඩින්තට්ටු කරන්නෙය කවුළුවටආචාරශීලීය 'චිටිචිටි චිචිටි' නදමේ වගේ වැසි වියඔබ පැමිණ ගිය හැමදාමආවොතින් යායුතු බවනොගොස් එන්නට බැරි බව'චිටිචිටි චිචිටි' නදින් දොඩමින්නෑ ඒ ඔබේ කටහඬ!"මං කැමති මීදුමට නික්මෙන්න.පෙනී නොපෙනී ලැගුම්ගෙනඑලි තිතක් මෙන් නිවි නිවී දිදුලන්න.නත්තල් ගහේ එල්ලූ - පොඩි විදුළි බුබුළු අර නිවෙන්නේ, දිලෙන්නේඒ වගේ!"මං ගැයුවෙ නික්මන ගැනයිඒ දීර්ඝම සැඳෑ සාදය අවසනදෙව්දාර රිකිලි අගඔංචිලි පැද්දෝහ සිඟිති පිණි බිඳුඔබේ ඇස් ...
පිරිසිදුකම මාරාන්තිකයි? බස්සිගේ නවාතැන අදත් බස්සි කියලා දෙන්න යන්නෙ විද්‍යා විනෝද කතාවක්. හැබැයි, මේක එක්තරා විදියක දැනමුතුකමක් කිව්වත් වැරදි නෑ. "ගින්දරයි පුළුනුයි එකට ලං කරන්න හොඳ නෑ!" කියල කතාවක් අහල ඇතිනෙ? හේතුව දන්නවානෙ, ඇවිලෙනවා. ඒ වගේම, අපි නොසැලකිල්ල හෝ නොදැනුවත්කම නිසා එකට මුහු කරන, ගෙදරදොරේ එදිනෙදා භාවිතයට ගන්න පිරිසිදුකාරක මොනවද කියලත්, ඒවා එකිනෙක මිශ්‍ර වුනාම මොකද වෙන්නෙ කියලත් පොඩ්ඩක් හොයා බලන්න තමයි මේ සූදානම.එහෙනං ...
පුංචි දිය බිංදුවේ සුවිසැරිය බස්සිගේ නවාතැන මට හිරු එළිය නාන්නෙ නැතුව ඉන්න බැරි වුනා. කොයිතරම් අන්තරාදායකයි කියලා කසුකුසු කනට වැටිලා තිබුනත්, මට හිතුනෙම ඉර කියන්නෙ හොඳ ආදරණීය, උණුහුම් ගෝලයක් කියලයි. එහෙම හිතෙන්න වැඩියෙන්ම හේතු වුනේ මේ ජරා, ලිස්සන සුළු පාසි. ඒවා හැම විනාඩි බාගයකට වරක්ම මගේ ඇඟේ ඇතිල්ලි ඇතිල්ලී ආල ලීලා පාන්න ගත්තු නිසා මම උන්නේ මහ නොසන්සුන්කමකින්.ඉතින් මම තීරණය කලා හිරු රැස් නාන්න. එහෙමත් නැත්නම් ...
අම්මා! (කෙටිකතාද මන්දා) බස්සිගේ නවාතැන මම පුස් ගඳින් යුත් දැව අල්මාරියේ ලාච්චුව විවෘත කලේ වෙව්ලන දෑතින්. පරණ ෆයිල්කවරයක් ඇතුලේ වූ අවපැහැ ගැණුනු මුදල් නෝට්ටු කීපය දෙතුන් පාරක් ගණන් කලේ ඔහුට තව දවස් කීයක් ඉතිරිව ඇත්දැයි නිසැකවම දැනගන්න. එච්චරයි. ඔව්, එච්චරම තමයි. ඊට වඩා තව පැන්සයක්වත් වැඩිපුර තිබුනේ නැහැ.හැම සීතල නොවැම්බරයකම මට මතක්වෙන්නේ, දවසෙන් දවස මරණයේ දෙඅත්ල වෙත ලඟා වෙමින් උන්න ජේම්ස්ගේ අපේක්ෂා විරහිත මුහුණ. අහිමිවීමේ ...
දමනය (දෙවන කොටස) බස්සිගේ නවාතැන පළමු කොටස මෙතැනින්මම දොරත්, බිත්තියත් අතර කෙලවරට ගුලිවෙලා කල්පනා කරමින් හිටියා. අත් සෝදා ගත්තත්, රෝස පාත්තියේ තිබුණු කළු පාට පස්වලින් නියපොතු පිරිලා ගිහින් බව මම දැක්කේ එතකොටයි. කළුපාට නියතුඩුවලින් මම අරමුණක් නැතුව දොර ලෑල්ලට තට්ටු කරන්නට වුනා.'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' නොහිතපු විදියට සිහින් කිරි කිරි හඬක් නගමින් දොර පියන විවර වුනා. දොරට හේත්තු වෙලා හිටි මම, මකුළු ...