හෘද ගීතය බස්සිගේ නවාතැන ඒ ශාරදයේ මැදියමකි. දෙනෙතු පිය විවර කල නමුත් ස්වප්නය පහලට ගලායමින් පවතියි. මිහිදුම පොරෝණාවක් මෙන් මා වසා වැතිරගෙනය. සිහිනයෙන් සවන් විත පුරා ඇදහැළුණු සුමධුර සංගීත රාවය එකදු ස්වර බිඳීමකුදු රහිතව, එකදු ස්වරමාන ගැටීමකුදු නොමැතිව, දියපෙතක් සා සුනම්‍යව මා වටා ගලා යයි. මම ආයාසයෙන් ගෙල වමට, දකුණට, නැවතත් වමට පෙරල පෙරලා බැලීමි. මේ පියවියයි.ඒ සංගීත රාවය ‘එන්න, එන්නැයි’ අඬගසන්නාක් වැනි. ‘ඔට්ටු ...
රමණීය ආශ්වාදයක මරණීය අඳෝනාව බස්සිගේ නවාතැන අපේ වර්ණ බ්ලොග් අඩවිය ලියන දිනේෂ් ගොයියා උන් හිටි ගමන් කෙටිකතා අස්සෙ අධ්‍යාපනික වටිනාකමක් තියෙන ලිපිත් පලකරනවානෙ. ඉතින් දිනේෂයියා අවසානෙට ලියපු "සිගරැට්ටුවේ ඉතිහාසය" ලිපිය කියවන අතරෙ එකපාරටම මගේ නළලේ දකුණු පැත්තෙන් සුදු දුමාරයක් වගේ භූතයෙක් එලියට ලිස්සුවා."තෝ අහවල් සිටුවේසන් එක ගැන ලිපියක් ලියන්ඩ ඕනෑ කියල පටන් ගත්තෙ කොයි කාලෙද? කෝ ලිව්වද? ලිව්වද? ලිව්වද?" කියල තුං සැරයක්ම මට තග දාපු ඒකා ...
ආතල් ගන්නවද? බස්සිගේ නවාතැන ගිය සතියේ බස්සිගෙ කොලමෙන් ගෙනාවෙ "අකාල වර්ණනාව" ගැන. ඉතින් මේ සතියෙ බස්සි කතාකරන්න හිතුවෙ 'අකාල වර්ණනාවේ' නිවුන් සහෝදරී කියලා කියන්න පුළුවන්, ඒ තරමටම හානිදායක වන 'දෙන්නං බැටේ විවේචන' ගැන.ජීවිතේ යංග් කාර්තුව කියන්නේ අපිව අඹලා, කපලා, ඔපදමලා සිරා වැඩිහිටියෙක් විදියට සමාජෙට තල්ලු කරන්න තියෙන අන්තිම චාන්ස් එක. වර්ණනාවත්, ප්‍රශංසාවත්, විචාරයත්, විවේචනයත් මේ ක්‍රියාවලියට බොහොම වැදගත්වෙන උපකරණ. හැබැයි දැලි පිහියෙන් කිරි කන්න ...
වැරැද්ද? (කෙටිකතාව) බස්සිගේ නවාතැන "දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න."ටාෂිගේ සිහින් දිගු අතැඟිලි තුඩු කඩිනමින් ක්ෂුද්‍ර පරිගණක තිරය මත එහා මෙහා ගමන් කරන්නේ සිතියම් කියවීම, ද්විමාන සටහනක් මනැසින් ත්‍රිමානව දැකීම ආදී අනුමාතෘකා යටතේ ගොනු වූ ප්‍රශ්නෝත්තර රැසක් තිරය මත දිගහැරෙන්නට විය. අනුප් තම දෙනෙත විවේක ගන්වා තිබුණේ ෆ්ලොරොසෙන්ට් ආලෝකය වැද දිලෙන ටාෂිගේ පිරුණු දෙකම්මුල් මතය. ඔහුගේ නිල් පැහැති අක්ෂි කාච හරහා වරින්වර පිටතට ...
වැරැද්ද? (කෙටිකතාව) බස්සිගේ නවාතැන "දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න."ටාෂිගේ සිහින් දිගු අතැඟිලි තුඩු කඩිනමින් ක්ෂුද්‍ර පරිගණක තිරය මත එහා මෙහා ගමන් කරන්නේ සිතියම් කියවීම, ද්විමාන සටහනක් මනැසින් ත්‍රිමානව දැකීම ආදී අනුමාතෘකා යටතේ ගොනු වූ ප්‍රශ්නෝත්තර රැසක් තිරය මත දිගහැරෙන්නට විය. අනුප් තම දෙනෙත විවේක ගන්වා තිබුණේ ෆ්ලොරොසෙන්ට් ආලෝකය වැද දිලෙන ටාෂිගේ පිරුණු දෙකම්මුල් මතය. ඔහුගේ නිල් පැහැති අක්ෂි කාච හරහා වරින්වර පිටතට ...
කෝලම්කාර නානකාමර කැඩපත බස්සිගේ නවාතැන වීසිකර දැමිය යුතුකෝලම්කාර නානකාමර කැඩපතකෝලම් රටා අඳින හද බිතු මතහිසකෙස් අතර මුතු හාරිච්චි පළඳවනහසරැල් විලට දඟ රන් මාළු අතහරිනඇස තෙත් කරන සෙවණැලි අඳින - යලි මකනමුසපත් හදට නියගින් අනින - සිහි කැන්දවනකීතු කර දැමිය යුතුකෝලම්කාර නානකාමර කැඩපතඅඳුරු ලප තියා නික්මෙන කොපුලතහැත්තෑව දශකේ ප්‍රේම ගී සුගැයෙනනැත්තේ සැකක්, සංවාද මණ්ඩපයන් මැවෙනඇත්තේ වචන වීදුරු මතින් දිය ඇලි ගලනපත්තෑ හිසක් දැක තත්පරෙන් පොළවට වැටෙනමිටිගුලි ...
පට්ටයි! සුපිරි! එලටම කලා! බස්සිගේ නවාතැන අපි කරන හැම දේටම “පට්ටයි මචං!”, “එලකිරි සමග ජලය මචං!”, “සුපර්බ් බ්‍රෝ, කියලා වැඩක් නෑ.” වගේ ප්‍රශංසා ලොරි ගණන් ලෝස් නැතුව අතහරින අය ගැන බොහොම වෙලාවට අපේ හිතේ ඇතිවෙන්නෙ පැහැදීමක්. හැබැයි, වැරදි දැක දැක “වෙල් ඩන් මචං!” කියාගෙන පිටට තට්ටු කරන අකාල වර්ණනාවට පුළුවන් අපේ ටැලන්ට්ස් හප කරල දාන්න. මේ දවස්වල ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් විතරක් නෙමෙයි බ්ලොග් අවකාශයෙත් කරක් ...
අනුකම්පා විරහිත විහිළුකාරයෙක් (කෙටිකතා) බස්සිගේ නවාතැන දකුණතේ මැණික් කටුවට පහළින් සැරින් සැරේ කොනිති ගහන රිදුමක්. ඔහුගේ අත් ඔරලෝසු මූණත මගේ අතේ රවුම් සලකුණක් අඳිමින් ඉහල පහල යනවා. ඔහු පළඳින්නේ සමාගම ලවා මද වෙනස්කම් කිහිපයක් කරවාගත්, මිල අධික, සන්නාමගත අත් ඔරලෝසුවක්. මේ රවුම් අඳින්නේ එහි මුහුණත වටා ඇති සියුම් කැටයම් සහිත රන් රාමුව. රත්රන් වුවත් සමහරක් වෙලාවට වේදනා ඇතිකරවන සුළුයි.මේ මම ඉහල බලා ඉන්නා වෙලාව. අතරින් පතර ...
මල් පත්තරකාරයෙක්වත් නැතුව (කෙටිකතා) බස්සිගේ නවාතැන දිගු ඇඟිලි සහිත දෙ අත්ල බළල් කොට්ටා අත් බවට රූපාන්තරණය වීම ඇරඹුනේ නොසිතූ මොහොතක. ලෝහමය අත්වාරුවේ නිය ගැටීමෙන් ඇතිවුන සිහින් සීරුම් හඬ දෙසවන් හිරිවට්ටන සුළුයි. තවදුරටත් බළල් කොට්ටා අත්වලින් අත්වාරුවේ එල්ලී සිටීමේ අවදානම අත් හැරලා මම ඉහලම තරප්පුව උඩ උක්කුටියෙන් වාඩි වෙලා නිනව්වක් නැතිව ඉදිරිය බලාගෙන උන්නා.තාරතාවයෙන් ඉහල ඇගේ කටහඬ පහල සාලයේ ඉඳන් ඉහලට විෂ කැවූ ඊතල විදිනවා. ඒ හඬ ...
'ගහනවාද?' - 'දුවනවාද?' බස්සිගේ නවාතැන රාවය 29 - නොවැම්බර් - 2015'ගහනවාද? නැත්නම් දුවනවාද?' මේ උභතෝකෝටිකයට කවදාක හෝ ඔබටත් මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවාද? පාසැල් පෙම්වතියගේලොකු අයියා ඔබට තර්ජනය කරන්න එනකොට, ඉක්මනින් කේන්තිගන්නා අසල්වැසියෙක්ට අතේ පැළවෙන බේගලයක් ඇදබාන අතරතුර, එහෙමත් නැත්නම් පළමු වතාවට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නට යනවිට, ඔබත් වැඩිදුර සිතාබැලීමෙන් තොරවම ප්‍රතිචාර දැක්වූ අවස්ථා නොතිබෙන්නට නොහැකියි. ජෛවීය විද්‍යාවේදී මෙය 'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' (Fight or Flight ...
ඉටි (කෙටිකතාව) බස්සිගේ නවාතැන රෑ දහය කියන්නේ කලබල නගර වීදියක් පවා එකලස්ව නිදිමත බේරෙන ඇස් පිහද පිහදා ඈනුම් අරින වෙලාවක්. ඒ නිසාම විදුලිපංකාවේ සරසරය පවා බොහොම පැහැදිලිව කන ඇතුලේ කැරකෙනවා. සර සරස් - සර සරස් - සර සරස්! හරියටම පොත් සුවඳ මුහුවෙච්ච දූවිල්ල කලඹවාගෙන ඉස්පාසුවක් නැතිව කරකැවෙන පුස්තකාල පංකාවේ හඬ වගේමයි. එයා ඇහිපිල්ලම් ගහන්නෙත් ඒ තාලෙට. කෙටි විරාමයක් එක්ක වේගවත් ඇහිපිය සැලීම් දෙකක්. ආයෙමත් ...
තුන් ලක්ෂයේ ජයමල්ල! බස්සිගේ නවාතැන සති දෙකක අසනීප නිවාඩුවක් ලැබුනම හිතට ආපු පලවෙනි සිතුවිල්ල තමයි දවසට එක ගානෙ බ්ලොග් පෝස්ට් දාන්න, ආටිකල් ලියන්න, කෙටිකතා, කවි ලියන්න ස්වීප් එකක් ඇදුනා වගේ කියන එක. ඉතින් ඇඳේ දිගාවෙලා බොහොම කැමැත්තෙන් 'ටු-ඩූ ලිස්ට්' එකක් හද හදා ඉන්න අතරෙ තමයි ටිකෙන් ටික ඔළුව උඩ ගිනිමැලයක් ගැහැව්වා වගේ තත්වයක් උද්ගත වුනේ.මක්කා කොරන්නද? මගේ අසරණ සිහින අම්බ්රෙල්ලා පවුඩර් කර දමමින් ලැප දෙස ...
නරි චූ vs සිංහ ලේ බස්සිගේ නවාතැන සිංහයා කියන්නේ ශක්තියේ සහ ප්‍රෞඩත්වයේ සංකේතයක් ය. සිරිලාංකීය ජාතික කොඩියේ ඉන්න සිංහයා එක කකුලකින් කඩුවක් උස්සාගෙන නිසා හිටගෙන ඉන්නේ කකුල් තුනකින්ය. ඔය කියන සිංහයා ඉන්නේ සිංහල ජාතිය වෙනුවෙන් වූ රතුපාට කොටුව ඇතුලේය. අපි ජාතික කොඩිය පවා කොටු ගසා වෙන් කරගත් පට්ට අභිමානවත් රටක් නිසා 'එක මවකගෙ දරු කැල බැවිනා' කියන්නෙත් අර කොටුවේ පරිමිතිය දිහා බලාගෙන ය. කොටු එහා මෙහා වීම ...
හඬ වෙනස්වෙන ඇම්බියුලන්ස් නළාවේ රහස බස්සිගේ නවාතැන රාවය 20 - දෙසැම්බර් - 2015"ඔබ කලබල වීදියක් කෙළවර, බස් නැවතුමක, එහෙමත් නැත්නම් සාප්පුවක දොරකඩ රැඳී සිටිනවා. ඒ මොහොතේ ඈත සිට පැමිණෙන ගිලන් රථයක් (Ambulance) සයිරන් හඬ නගමින් ඔබව පසුකර වේගයෙන් ඇදී යනවා."මීට සමාන අත්දැකීමකට මුහුණ නොදුන් අයෙක් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ යුද ගැටුම් පැවති ශ්‍රී ලංකාවෙන් නම් සොයාගැනීම ඉතා දුලබයි. අද අපි කතාකරන්න යන්නේ ගිලන්රථය ගැනවත්, එය තුළ ...
එල ද බ්‍රා වසරක්! බස්සිගේ නවාතැන දෙදාස් පාලොහ ඉවරවේගෙන එන ඉසව්වේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය සකල සිරි විභූතියෙන් ආඪ්‍යව, කිරියෙන් පැණියෙන් උතුර උතුරා පවතින හෙයින්ද, තල්මහට මදුරුවෙක් ඇන්නහේ දේශීය ආර්ථිකයට, වසර දෙදාස් පන්සීයක පට්ට අභිමානවත් අතීතයට සහ සංස්කුරුතික සළුපාලියට වැලේ වැල් නැතිකරනු පිණිස ඇතිවූ එකම පරසතුරු උවදුර වූ පරදේසක්කාර එන්රිකේ හැල සුද්දා ලංකාවේ සිංදු කියන්නට ගොඩබැසීම අතිගරු ජහපාලනපති සිරිසේන මැතිතුමා ඇඹිලිපිටියේ සිට සිදුකල අභීත මැදිහත්වීම හමුවේ ...
බිසිනොස් කතා, පොටෝ කතා සහ තවත් කතා බස්සිගේ නවාතැන ඉතා කලබල බසු සිහින ගැන පසුවදනක් සටහන් කරන්න හිතාගෙන හිටියත් වැඩේ දවසින් දවස කල් ගියා. අන්තිමේ මටත් කලින් ෆේස්බුකේ, බ්ලොග් අවකාශයේ සහ පුවත්පත්වල ඉතා කෙටි කලබල සිහින ගැන පසුවදන් තුඩින් තුඩ විසිරෙන්න අරගෙන තිබුනා.උත්සවය අවසන් වෙනවාත් එක්කම හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි පොත මිලදී ගන්න තියෙන්නෙ කොහෙන්ද කියන එක. ඔන්න, ඉතා කෙටි කලබල සිහින දැන් දිවයින පුරා සරසවි පොත් හල් වලින් ...
The බසු corner! බස්සිගේ නවාතැන හැන්දෑවෙ අහස දම්පාට වේගෙන එනකොට තමයි බස්සන්ගෙ දවස පටන් ගන්නෙ. දවසට kick start එක දෙන්නෙ පාන්දරද, හැන්දෑවෙද කියල වෙනසක් නෑ බස්සන්ටත් problems එමට!හවස tution එකට යනවද, නැත්නම් කට් පාර දාලා සෙටාර් එකත් එක්ක shopping රස්තියාදුවක් දානවද? News බලනවද නැත්නම් අලුතෙන් බාගත්තු TV series එක අදිනවද? බෝඩිමට ආව ගමන් අම්මට කෝල් කරනවද, නැත්නම් කොල්ලට කෝල් කරනවද?දවසින් දවස choices පැටව් ගහනවා. ඉතින් ...
මේ හිටියා මේ නෑ බස්සිගේ නවාතැන මට තියෙන අසහාය හැකියාවන් කීපයක්ම ගැන මම ඔයාලට පහුගිය පෝස්ට් වලින් කියල ඇතිනේ. අද කියන්න යන්නෙත් ඒ වගේම තවත් එක් අනුපමේය, අසහාය, සහ සියොළඟ කිළිපොලා යන සුවිශේෂී හැකියාවක් ගැන. ඒ තමයි; "මේ හිටියා මේ නෑ!"ඔය හැකියාවට සීයට අනූපහක්ම දායක වෙන්නෙ ඕනෑම වැදගත් අවස්ථාවක සිහින කල්පනා අතරේ අතරමං වීමේ හැකියාවක් ඇති මගේ අතිවිශිෂ්ඨ චිත්ත ඒකාග්‍රතාවය. ඒ හින්දාම ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද ...
පුලුවන්ද මතකයෙන් පහරන්න??? බස්සිගේ නවාතැන බූන්දියේ සබැඳිය : කවි කරන්ට්ස් - පුලුවන්ද ඔබට?Saudi Arabia sentences Sri Lankan maid to death by stoning for adultery - but the man she slept with will escape with 100 lashes.වැරහැලිවු අත්තටුය,පලින් පල ඉරී ගිය සිහින ය,මුහුදු තීරෙන් එපිට,හිතේ ගින්දර එන්.ආර්.එෆ්.සී. කර,අවුළුවන ගෙයි ලිපේ ගින්දර,අළු බැඳුනු සමනලියන් ය.හෙට අනිද්දට,අණ්ඩ ලූ අත්තටු මත,ගල් බොරළු වැස්සක් වසින'තර,පුළුවන්ද ඔබට,අගනුවර මල් වැස්සක සිහිල විඳගන්න?සෝෆාව ...
සිහිනයක පියාසැරියට පෙර - බ්ලොග් සභාවෙන් අවසර ! බස්සිගේ නවාතැන බත ඉදෙන තුරු හනිකවර්ණ ගැන්වෙන සිහිනගවොම් කොලරය මදින අතරෙත්සෙමින් මිමිණෙයිඅමුතු තනුවක සිහිනමම කුඩා කාලෙ ඉඳන් බොහොම කැමතියි සිහින දකින්න. සිහින දැකීම ගැනත්, කාලෙන් කාලෙට මම දැකපු විවිධාකාරයේ සිහින ගැනත් මම වරින් වර බ්ලොග් පෝස්ටු කිහිපයක්ම ලියලත් තියෙනවා.මගේ අමුතු සිහිනමය සටහන්, බසු ස්ටයිල් එකෙන් ලියලා “බස්සිගේ විස්මලන්තය” ලේබලය අලවලයි බ්ලොග් එකේ එල්ලන්නෙ. ඒ වගේම, “අමුතු කවි” කැටගරියෙත්, “කවි ලොසින්ජර” පිටුවෙත් බසු ...