ආදර උද්‍යානය බස්සිගේ නවාතැන “ලස්සන ලෝකයේ – මට හිමි ආදරේසොයමී ජීවිතේ – පාළු මකා.........”ලුමිනස් කහ පාට වයර් දෙකක් දිගේ ඉහළ ඇදෙන නාද තරංග කන් බෙරයට හෙමිහෙමින් තට්ටු කරනවා. මියුසික් කියන්නේ යටි ගිරියෙන් කෑ ගහගෙන පාර පුරා දුවන විදුලි ටැක්සිවල කරච්චලෙන් කන් දෙක බේරගන්න හොඳ ආවරණයක්. හවස පහමාරයි; මිනිස්සු කඩිමුඩියේ ගෙවල් හොයාගෙන දුවන වෙලාව. ඇත්ත, කකුල් අද්ද අද්දා නිස්කාංසුවෙ ඉදිරියට ඇදෙන මේ ගමන් විලාසය බ්‍රහස්පතින්දා ...
සල් බස්සිගේ නවාතැන නහය කාරවන ඉස්පිරිතාල ගඳ. හැමතැනම එල්ලෙන මූණු. වේදනාවෙන් රැලි වැටුනු, තෙහෙට්ටුවෙන් දිග ඇදුනු මූණු. හැබැයි බලන්ටෙපායැ, ඒ ඇස් තමා ඇස්! බලාපොරොත්තුවේ ආලෝක පුංජයන් හංගාගත්තු, මරකත මැණික් වගේ දිලිහෙන ඇස්. තැනින් තැන අළුත පායපු චූටි තරු ඇස්!ලුම්බිණී සල් උයන. සල් අතු එකකට එකක් කිටිකිටියේ බදාගෙන, වෙලාගෙන. හුලං පොදකට එන්න ඉඩක් නෑ. “කොන්ක්‍රීට් තාප්පයක් බැඳලා වගෙයිනෙ.” මහාමායා කීවේ රැලි ගැන්වුන නළල අගිස්සෙන් ...
අහස් රහස් බස්සිගේ නවාතැන සිලිටි අතැඟිලි විහිද විහිදාකඩනකොට කඩුපුලක් නිදිගැට තව අලුත් 'දහවලක්' ඇරඹෙයිවළාකුළු ගිම් නිවන නිම්නෙටඋදුල මිණියෙන් බැබලි බැබලීතරු ගැටව් එළියට බහිනකොට ගැටිස්සියො සාදෙට අඳින්නේනිවෙන දිලිහෙන මිනි-ගවොම් කොටකාර් බස් පාරවල් නැතියෙන් ඕනෙ කෙනෙකුට - ගමන බිමනටපොරකකා නැගගන්න වෙනවා'රෑ බදුලු' යන රේල්ලුවකටවීදි පහනකටත් තමන්ගෙමනිදහසක් ඕනෑම හන්දාකුඩා අත්තටු දෙකක් අලවා'කදෝකිමි' යැයි නමක් බැන්දාදවස් විසි අටකට වතාවක්මෙගා මේලා සතුටු සාදෙටමහා පැණි පුඩිමකි ඉදෙන්නේ'හඳ' කියන්නේ අන්න ඒකටඑහෙම ...
බොග් ගැටළු සහ විසඳුම් - 1 බස්සිගේ නවාතැන ඊයේ අපේ සල් වමියා කාලෙකට පසු බොගක් දාන්න කල්පනා කරලා. අවුරුදු ගානකින් බොග් අවකාසෙට පය තිබ්බේ නැති නිසා වෙන්ට ඕනෙ, බොග පබිලිස් කලත් උන්දැගෙ බොග බොග්-රෝලේ අප්ඩේට් වෙලා නැහැ.අන්න ඒ වෙලාවෙ තමයි සල් වමියා අන්තර්ජංජාලෙ දෙවනත් වෙන්න ෆේස්බුක් එකේ කෑමොර දෙන්න පටන් ගත්තෙ.මේ වගේ ප්‍රශ්ණ කාලෙන් කාලෙට බොග් අවකාසේ සැරිසරන කාටකාටත් උද්ගත වෙන්න පුළුවනි. ඒ නිසා මම හිතුවා එහෙම වෙලාවට ...
ගංවතුරෙන් පස්සේ බස්සිගේ නවාතැන ගංවතුරෙන් පස්සේ ඊගාවට මොකද වෙන්නෙ කියන එක ගැන හැමෝටම තියෙන්නෙ අවිනිශ්චිතභාවයක්. ඒ ගැන වටින දැනමුතුකම් රාශියක් ෆ්බී එකේ හුවමාරු වෙනවා දැක්කා. ඒවායින් වැදගත් යැයි හිතුන සමහරක් බ්ලොග් එකේ පල කරන්න හිතුනා.කරන්ට් එකගංවතුරෙන් පස්සේ ගෙවල් තියෙන විදුලි පද්දතියට අත තියන්න යන්නේ බලාගෙන. විදුලි බල මණ්ඩලෙන් ඔබගේ පලාතට ලයිට් කපල ඇති. වතුර බැහැලා ගියහම ඔවුන් සැපයුම දමාවි. එතකොට ඔබේ නිවසට කරන්ට් එක ...
අකුරක් ඇහිඳින්න පිහිටක් වෙමුද? බස්සිගේ නවාතැන ගංවතුර සහ නාය යාම් එක්ක අසරණභාවයට පත්වෙලා ඉන්න අපේම සහෝදර ජනතාව වෙනුවෙන් මහපොළවට බැහැපු සයිබර් අවකාශයේ සහෝදරත්වය මේ වෙනකොට ඉතාම කැපවීමෙන් ඒ කටයුතුවලට දායක වෙනවා.ඇත්තටම අපිට කරන්න පුළුවන් තවත් දේ තියෙනවාද? කාටත් අමතක වුන, ඒත් අත්‍යාවශ්‍ය යමක්?ඔව්. එහෙම පිරිසක් ඉන්නවා.තමන්ගේ පාසැල් පොත්, සටහන්, ටියුට්, ප්‍රශ්ණ පත්තර දියබත් වුන ළමයි. තව මාස තුනකින් උසස් පෙලට වාඩි වෙන්න හිටපු ළමයි. තව මාස ...
බාත්රූම් ගායකයෝ බස්සිගේ නවාතැන දහම් පාසලේ සමිතිය වෙලාවට ඉස්සරහට ඇවිත් අච්චු පොතේ තිබ්බ කටපාඩම් කවියක් කියවන්නවත් බෑ කියපු එව්වො, ට්‍රිප් යද්දි, බජව්වකදි සිංදුවල නැට්ට විතරක් අල්ලපු එව්වො, ගෙදර බාත්රූම් එක ඇතුලෙදි පට්ට ගායකයො වෙන හැටි දැකල තියනවද?නෑ මං මේ අහන්නෙ, තමුන්නාන්සේලාටත් බාත්රූම් එකේ නාමින් ඉන්න අතරේ අසහාය ගායන හැකියාවක් ඉස්මතු කරගත්තු අවස්ථා නැතිවෙන්න බැහැනෙ නේද? ඉතින් බස්සිට හිතුනා මේ බාත්රූම් ගායනාවල හැංගිච්ච අමුතු විජ්ජාව ...
නිකෝ බස්සිගේ නවාතැන ‘චොකලට් පානය – උකු – මද උණුසුම’ අම්මා නළල රැලි ගන්වගෙන නිකෝගේ පාලක පද්ධතියට විධාන යොමු කරමින්. නිකෝ මුළුතැන්ගෙයි මේස ලෑල්ල මත උඩුබැල්ලෙන් පතබෑවීගෙන. සිවිලිම දෙසට අයාගත් උගේ හැඟීම් විරහිත දෙඇස අනුකම්පා දනවන සුළුයි. ජනේලය හරහා ඇදී ආ හිරු කැරැල්ලක්, අම්මාගේ අවුල් කෙස්ස මත වැතිරිගෙන.“සින්ධූප්, මේ රොබෝවා පාලනය කරන හැටි ඉගෙනගන්න ඇත්තටම ඔයාට උවමනාවක් නැත්ද?” නැහැ තුඩ මත රැඳි උපැස් ...
කැපුවත් කොල අපිට ඔය ඕනෙ චැලේන්ජ් එකක් ඔට්ටුයි අරී! බස්සිගේ නවාතැන සශීන් සිංහල කොල්ලෙක්. ෆර්ෂාන් මුස්ලිම් කොල්ලෙක්. මේ දෙන්නටම තිබුනෙ එකම එක හීනයක්.ඒ තමයි, කොල පාටින් වැහිච්ච ශ්‍රී ලංකාවක්. ගහකොලෙන් පිරිච්ච හරිත දූපතක්. එතනින් එහාට ගිහින්, නිල්ම නිල් පාටින් බැබලෙන සිහිලැල් ග්‍රහලෝකයක්. හරිත පෘතුවියක්.අන්න ඒ නිසයි ඒ දෙන්නා Back to Green Challenge එක පටන් ගන්නේ.මේ වගේ අභියෝග අපිට ආගන්තුක නැහැ. පහුගිය කාලයේ රටවල් ගණනාවක් සහභාගි වුන ALS Ice Bucket Challenge එක ...
ගල්වලට සහ මල්වලට සෙට්වෙන්න බස්සිගේ නවාතැන සබාවෙන් අවසරයි!ගිය දෙසැම්බරේ බස්සි බසුබුක් එකක් එළියට දැක්කුව බව ඔබතුමන්ලා/තුමීලා කාට කාටත් මතක ඇතැයි සිතමි. (මතක නැත්තං මතක්කර ගනිල්ලකො. ඇයි වදේ). ඒකෙ තිබුන බසු කවි කියවන්නට ඇතැයිද සිතමි.සාමාන්‍යයෙන් පොතක් කියවාගෙන යනකොට ඒකෙ කොලිටිය අනුව සහ කියවන එකාගේ මූඩ් එක අනුව එක එක ජාතියේ එව්වා ඔළුවට එන බව රහසක් නෙමේය. සමහරුන්ට බස්සිව අල්ලාගෙන උම්මාවක් දෙන්ටද, තවත් සමහරුන්ට බස්සිගේ ඉස් මුදුනට හොඳවැයින් ...
දෙපියන්-බෙල්ලා බස්සිගේ නවාතැන සිඟිති දෙපියන්-බෙල්ලන්ගේ විසිතුරු කවච අලවා හැඩගන්වන ලද මුහුදු නිල් පැහැ ජැකට්ටුව කාමරය හරහා ඉගිල ගොස් 'තඩ්' හඬින් තේ මේසය මත පතිත විය."සිප්පිකටු? හත්වලාමේ සිප්පිකටු? ඩේව් ඔහේ ඇඳ විට්ටමේ ඔළුව හප්පාගත්තද?"නිදිවැරීමෙන් සුදුමැලි වූ නළල රැළි කරන පීට්ගේ හඬේ කෝපයත් ආයාසයෙන් ඒ මතට නැංවූ සෝපාහාසයත් කැටිව තිබිණි. ගී ලෝලීන් අමන්දානන්දයට පත්කළ ඇම්බර් පැහැ සිවිකාච ගලවා දමා ඇති හෙයින් ඔහුගේ දෙඇස නුහුරු කොළ ...
සම්මාන එපා කියන්නෙ කවුද ඩෝව්? බස්සිගේ නවාතැන නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල ගැන මුහුනු පොතේ පිරිස දැනුවත් කරන්න හිතාගෙන උත්සව සංවිධායක මඬුල්ලේ එක සහෝදරයෙක් එෆ්.බී. ගෲප් චැට් එකක මේ ගැන කියනවා.“හැමෝම එන්න.” එයා කිව්වේ නෙළුම් යාය ආරාධනා පත්‍රයක් චැට් පෙට්ටියට දාන ගමන්.“අපි නං බ්ලොක්, සොරි වැරදුනා බ්ලොග් ගැන දන්නෙ නෑ.”“මං ලියන කාලෙක එන්නම්”ඔය වගේ ප්‍රතිචාර ගොඩක් මැද්දේ මමත් ගොනා සේ එතනට පැනලා විස්තර කරන්න ගත්තා බ්ලොග් ගැන. ...
රන් මාළු බස්සිගේ නවාතැන රන් මාළු පීනන්න පටන් ගත්තෙ කොයි වෙලාවෙද කියන එක ගැන මට පැහැදිලි ගනිච්චියක් තිබුනෙ නැහැ. කොහොමත් මම ඒ කාලෙ ඇහැ කන පියාගෙන පාඩුවේ ජීවත් වුන, කුසීත ළමේක්. ඉස්කෝලෙදි, සටහන් පිටපත් කිරිල්ලයි, ද්‍රව්‍ය බලා ඇඳීමයි, අසා ලිවීමයි ඇරෙන්න කිසිම ප්රබෝධයක් දැනෙන දෙයක් කෙරුනේ නැහැ. ඒකෙන් වෙන්නේ ඕනෙම ළමේක් අනුන් තමන්ගෙ කර උඩ බලෙන් පටවන රාමුවකට හිරවෙච්ච බිත්ති සැරසිල්ලක්, එහෙමත් නැතිනම් මැටි ...
විඩාපත් සිරුරු ගලවාගන්න බස්සිගේ නවාතැන මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙනසෝෆාවෙ ලෙදර උණුවී ඇලෙනසල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවනවිඩාපත් සිරුරු ගලවාගන්නඉටිපහන් එළිය මැද සුප් බඳුනකට කැරට් හදවත් කපනඅහඹු චුම්භන කොපුලතක අලවනපෙම්භරිත සැඳෑවක් පෑල දොර විවරකර ගෙට ගන්නබැල්කනියෙ කෙලවරක තුරුලුවතරුවලින් වෑස්සෙන ඇත්තටම ඇත්ත එළිතරු දෙනෙතකින් උර උරා බොන්නතුංග මැදුරක හිසක – ඇස්බැස්ටෝස් කෙසකදැවටි දැවටී පැමිණි හුළඟක් සිපගන්නකණමැදිරි රෑ බදුළු එළියෙන්අතීතෙක ශේෂ පැල්ලම් සුඹුළු දැකගන්නස්මාර්ට් එළි සැණෙලි මගහැරමාවුලාවක හිස ඔබා ...
නෙළුම් පිපෙන්නලු යන්නෙ! බස්සිගේ නවාතැන නෙළුම් මල් පිපෙන්නලු යන්නෙ! එහෙමයි හැමතැනම කතාව පැතිරුනේ.“නෙළුම් පිපෙන්නේ මඩේ නේද? ඉයැහ්!” තඩි හිමවළහෙක් මූණ හපුටු කරන් ඇහැව්වා. “ඇරත් මේ අයිස් කඳු දියවෙන අව්අස්සේ ඔය ජෝගි නටන්ඩ පුළුවන්යැ අපිට”නාකි පෙන්ගුයිනයෙක් හැරමිටියෙන් හිම වළහගෙ ඇලපතට දෙපාරක් ඇන්නා. තුං පාරක් අහක තිබුනු හිම කුට්ටියකටත් ඇන්නා. ඉන් පස්සේ ටිකක් සැරට උගුර පෑදුවා.“ඕයි. නෙළුම් කියන්නේ මඩේ මුල් ඇදලා හීන් දිග නැට්ටකින් උඩ ඇවිල්ලා වතුරකවත් ...
රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න! බස්සිගේ නවාතැන ගේට්ටු සේරම වහන්න, ඉබි යතුරු දාන්නඅත්තටු තියෙන්නේ ඉගිල්ලෙන්නතාප්ප හදන්නේ තරණය කරන්නබැල්කනි කෙලවරක එල්ලෙන්නරපුන්සල් ඉපදුනේ කොණ්ඩෙ පහලට දාන්නහාදු දියරක් පොවන මොහොතටහුස්ම තදකරගෙන ඉන්නමෙරු කැමති පහන් දැල්ලට බිලිවෙන්නඅන්තිම තත්පරෙත් දැල්වෙන්නආලෝකමත් මරණයක් පතන්නමෙරුවෙක් වගේ වෙන්නඇඹලයො කැමති සීනි කන්දක කිමිදෙන්නපැණි දියර පුරෝගෙන, 'පටස්' ගා පෙණහළු පුපුරවාගන්නඒ තරම් 'රහ' මරණයක් තව තියෙනවද?පුළුවන්නම් ඇඹලයෙක් වෙන්නඅඩුම තරමෙ රෝමියෝ වෙන්නහයවෙනි තට්ටුවේ, වම් කෙළවරේ ගෙදරලයිට් නිමුවාම 'ආදර පියාපත්'වලට පණදෙන්නබෝගන්විලා ...
පිස්සු!!! (හීන සාප්පුවකට යමුද?) බස්සිගේ නවාතැන අප්‍රිකානු කෙල්ලෙක්ගේ වගේ මගේ තොල් මහතයි. හම දුඹුරු කහ පාට. ඔයා කැමතිම පාට ඒක කිව්වට ඔයාගේ ආසම පාට "දම්" පාට බව මම පස්සේ දැන ගත්තා. එකම තේරුම වගේ පෙනුනට කැමතියි ආසයි කියන්නේ අහසයි පොළවයි වගේ වෙනසක් තියෙන වචන දෙකක් වග තේරුම් ගත්තේ ඔයාගෙන්. ඒ වෙනුවෙන් ජපන් කෙල්ලෙක් විදිහට අංශක අනූවට නැමිලා " ස්තූතියි" කියන්න කැමතියි. ඔයාගේ කට කොණක ඉදිආප්ප රැල්ලක් ...
අහඹු හාදකම් බස්සිගේ නවාතැන හාදකම් කියන්නේ හරිම සුන්දර දෙයක්. නීරස ජීවිතේට හුස්ම පිඹින්නේ හාදකම්, අයාලේ පාවෙනකොට අරමුණක් පෙන්වන්නෙත් හාදකම්, සීතලම සීත සෘතුවක කෝපි දුමාරයක් වගේ හිත උණුහුම් කරන්නෙත් හාදකම්.හාදකම් විවිධාකාරයි. පවුලත් එක්ක, නෑදෑයෝ, අසල්වැසියෝ එක්ක, නිතර මුණගැහෙන ගමන් සගයින් එක්ක ගොඩනැගෙන හාදකම් ස්වාභාවිකයි. ඒ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් විදියටයි හැඟෙන්නේ. ඒ ජාතියේ හාදකම් බොහොමයක් ස්වභාවයෙන්ම අපේ සම්, මස්, නහර තුලටම කිඳාබහිනවා. නිතර දෙවේලේ දකින්නට, ...
ඒඩ්ස් සහ ඉසකුඩිච්චි බස්සිගේ නවාතැන ඉස්කෝල ලෙඩ්ඩුන්ගේ අතට පත්වෙන්න දෙන්නට බැරිය.උදාහරණෙකට එච්.අයි.වී. ඒඩ්ස් ගනිමු. ඒඩ්ස් ඇඟේ තියෙනවාදැයි බැලූ බැල්මට කියන්නට බැරිය. ඉහෙන් බහින ලෙඩක් නැති එකේ පන්තියේ කොලුගැටයෙකුගේ ඇඟේ පවා එච්.අයි.වී. වෛරසය හැංගී ඉන්නවා විය හැකිය. ඒ නිසා අපි හැමවෙලේම සැකයේ වාසියට ඉඩ දෙන්නට ඕනෑය.පාරම්පරික හෙල වෙද පරම්පරාවල්වලින් පැවත එන සිරිලංකාවාසී ජනතාවට බොහෝ වෙලාවට ලෙඩෙක් අඳුනාගන්ට ඔය සංකර රුධිර පරීක්ෂාවල්, ස්කෑන්, එක්ස් රේ අරවා මෙව්වා ...
වේලිච්ච හදවත් පොඟවන්න බස්සිගේ නවාතැන වැලන්ටයින්ස් ඩේ එක, එහෙමත් නැත්නම් පෙම්වතුන්ගේ දවස පහුවෙලා දවස් දෙකකුත් ගතවෙලා. පෙම්වතුන්ගේ දවස අපේ සංස්කෘතියට තරමක් ආගන්තුකයි. අපේ වැඩිහිටි පරම්පරාවේ සමහරු පෙම්වතුන්ගේ දිනය හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය කාබාසිනියා කරන්න ආපු පරදේසක්කාර සිරිතක් කියලා. ඇත්තටම ඒක එහෙමද? මම නම් ඒ කතාවට එකඟ නෑ.ඇස් ඇරලා පොඩ්ඩක් අපි අවට බැලුවොත් පෙනේවි, අද කාලෙ හොයාගන්න අමාරුම දෙයක්, ලබාගන්න දුෂ්කරම දෙයක් තමයි ආදරේ කියන්නෙ. මොන්ටිසෝරි ...