ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble) බස්සිගේ නවාතැන ඔබේ ජීවිතයේ සතුටුදායක නිමේෂයන් (moments of happiness) තියෙනවාදැයි මම ඇහුවොත්, ඕනෑම කෙනෙක් 'ඔව්' යැයි පිළිතුරු දේවි. නමුත් ඔබ කොපමණ කාලයක් ඒ සතුටුදායක නිමේෂයන් නොනැසී පවත්වා ගන්නට සමත් ද? සතුටුදායක නිමේෂයන් උදෑසන උඳුපියලි ගොල්ලක වැතිරගත් පිණි බිංදු වාගෙයි. තුනී හිරු රැස් දහරක්, සිහින් සුලං රැල්ලක් හෝ වැනි ඉතා කුඩා බාහිර බලපෑමකින් ඒවා බිඳී, විසිරී යා හැකියි. ඔබේ සතුට බාහිර බලපෑමකට නතුව ...
විරාම ලකුණු බස්සිගේ නවාතැන "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක හදවත මත. වීදුරු බිත්ති හරහා ඔෆිස් එක ඇතුලට ගලාගෙන එන්න තතනන වැහි කළුවර, දීප්තිමත් විදුලි බුබුළු තුන්සිය ගණනක එළිය හමුවේ පැරදිලා, වීදුරු මත ඇතිල්ලි ඇතිල්ලි තාවර වෙමින් උන්නා."ම්හ්" "රායා?" ජේසන්, අංශ ප්‍රධානියා මගේ මුහුණට එබුනා. මගේ ඇස් නැවතුනේ ඔහුගේ කඩවසම් ...
කුරුළු පිහාටුව බස්සිගේ නවාතැන ඒකි තනිකරම විකාර කවිකාර වකාරයක්. අපාර සංසාරෙ පුරාම මගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවයි කියල හිතවන්න පුලුහං විදියෙ පුදුමාකාර සැහැල්ලු කුරුලු පිහාටුවක්. හීනියි සුදුයි ඇබිතිල්ලං කෝලමකට බෙල්ලෙන් අල්ලලා ඉසකුඩිච්චියක් දාන්න වෙන තරමේ දඟකාරකමකුත් එක්කහු උනාම කොහොමද සනීපේ? ඒ තමයි මං ඔය කියපු කුරුළු පිහාටුව. මගෙ කුරුලු පිහාටුව.මං මෙහෙම ‘පපු කුහර කුස්තුර’ පිරෙන්න දිග හුස්මක් කාරිය අරගෙන ‘මගේ කුරුලු පිහාටුව’ කිව්වට මොකද, ...
විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ පහ බස්සිගේ නවාතැන රොමානා අත් පරිගණක තිරයෙන් දෑස මෑත්කර හිස වමට, දකුණට, යලි වමට කැරකෙව්වාය. පුවත්පත් කාර්යාලය, ‘පුවත්සල’ බවට රූපාන්තරණය වූයේ දශක දෙකතුනකට පෙර වුවද, රාජකාරියේ වෙහෙස පෙර පරිදිමය. දැන් සෝදුපත් යන්ත්‍ර ද, පිටු සැකසුම් රොබෝවරු ද සුළු බීප් නාද කිහිපයකින් පසු පුවත් සකසා, සංසරණයට සුදුසු තත්වයට නිමවා දෙන බැව් සැබැවි. නමුත් දවසින් බාගයක් අහවර වෙන්නටත් පෙර උරහිස් දෙපසින් ඇරඹී කොඳු ඇට පේලිය ...
චරපුරුෂයෝ බස්සිගේ නවාතැන හාත්පස වසාගත් අළු අඳුරය. රෑසියන්ගේ ගුරුගුරුවත්, නින්දට වැටෙන්නට පමා වූ ගෙම්බෙකුගේ සිහින් බකබකයත් හැරුණුකොට නිහඬතාවය ඝනකම වූල් පොරෝණාවක් බඳුව පරිසරය වෙලාගෙනය. ලැරීගේ සුපැහැදිලි නීල වර්ණ දෙඇස මත කළු ඉංගිරියා පිපී එමින් තිබුණි. ඇය ඉතා උපේක්ෂා සහගතව සුදු පැහැ තාප්පය මත වාඩිගෙන දකුණුදිග අහස දෙස ඇහිපිය නොහෙලා බලා ඉන්නට විය.එක්වනම දුඹුරු පැහැ ලොම් ගුලි දෙකක් තාප්පය මත ප්රාදුර්භූත වූහ. ලැරී තිගැස්මෙන් ...
දොළොස්දාහක්! - Scifi බස්සිගේ නවාතැන "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා ඇස් ගෙඩි ඩොගිත්තාගෙන බලාගත් අත බලාගෙනය. නිල් පැහැ ඇඳ ඇතිරිල්ල තැනින් තැන රැළි නැගී ඇති හෙයින්, ලා රෝස රෑ ඇඳුමකින් සැරසුණු යුවතිය දිස්වන්නේ දියපෙතක පිපි නෙළුමක් ලෙසිනි."ඒ ගමන කන්න වගේ බලන් ඉන්නවා. ඇයි අනේ ඔයා විසඳුමක් ගැන නොහිතන්නේ. අපි අන්තිමට ...
සුදු පසුබිමේ හඬලන උදාරම් නිල් කුකුළා - GLF2017 බස්සිගේ නවාතැන සුදු පසුබිමක උදාරම් ලීලාවෙන් නැගී සිටින්නේ නිල් පැහැ කුකුළෙක්. ඒ තමයි අපි ගාලු කොටුවට ඇතුල් වූ තැන. කුකුළත් අතෙන් අරගෙන හතටත් කලින් අපි පාදුර්භූත වී තිබුනේ ගාලු සාහිත්‍ය උළෙලට.පාර දෙපැත්තේ ඉහළ නැගුණු විසිතුරු කොඩි. ඒ අතරේ ගුම් නගන්නේ නිල් පැහැ ටී ෂර්ට්වලින් සැරසී උදැහැනැක්කේම වැඩ ඇල්ලූ, ගැටවර පොදි. ගාලු සාහිත්‍ය උළෙලට ඇදෙන රසවතුන් එන්න එන්නම ගණනින් වැඩි. ඒ නොදැක්කා වගේ ...
වීදුරු බුජම බස්සිගේ නවාතැන සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි දොඩම් පෙති සහ රතු ඇපල් ස්ටෙෆනිගේ තුරුණු අතැඟිලි අතරින් මිදී පයිනස් රිකිලි මත සීරුවට ලැගුම් ගනිමින් සිටියහ. උඳුනෙන් බට ඉඟුරු පාන් සුවඳ සාලය නහවමින් ඔබමොබ හමා යන්නට විය. ජනෙල් තිර මෑත් වූ හිදැසක් අතරින් කවුළුවෙන් පිටත හිම පියලි පතිත වනු දිසෙයි. කවුළු පඩිය මත ...
නත්තල් තොප්පි! බස්සිගේ නවාතැන “දෙසැම්බර් මාසය පුරා 70% දක්වා වට්ටම්!” කියලා රතුපාට ලොකු අකුරෙන් ලියපු කොලයක් මගෙ අතේ හැප්පිලා නවතිනවා. දිවිල්ලේම කොලය අත්මිටට ගුලි කරන ගමන් මම බෙල්ල පිටිපස්සට කරකවලා බලනවා. දූවිලි තැවරුනු විසාල කළු බූට් සපත්තු දෙකක් ළඟ ඉඳලා ඉහලට දුවන ඇස් දෙක රතුපාට නත්තල් තොප්පියක් ගාවින් නතර වෙනවා. නත්තල් තොප්පියෙන් බාගෙට මුවාවුන රැළි වැටුන පළල් නළලක් ඇස් දෙක අහකට ඇදගන්න තත්පරේදි මට ...
ඇත්ත වුනොත් තිත්ත වෙන නත්තල් බොරුව බස්සිගේ නවාතැන නත්තල් සීයා එදාමෙදාතුර කුඩා දරුවනුත්, වැඩිහිටියනුත් සමෝසමේ අදහන්නට කැමැති මිත්‍යා විශ්වාසයක්. නත්තල් උත්සව දිනයේදී එකිනෙකා අතර සිදුකෙරෙන තෑගි හුවමාරු කිරීම් නත්තල් සීයා අතින් සිදුවෙනවායැයි කියන විචිත්‍ර මනංකල්පිතය මහත් ආශ්වාදයක් දනවන්නක් ලෙසිනුයි සැලකෙන්නේ.නත්තල් සීයා හෙවත් සැන්ටා ක්ලෝස් පිළිබඳ වන ප්‍රවාදය ඇරඹෙන්නේ පුරාණයේ ජීවත්වුන සාන්ත නිකුලස් දේවගැතිතුමා දිළිඳු දරුවන්ට නත්තල් දිනයේදී තෑගි බෙදා දුන් බවට වන පුරාවතක් සමඟයි. නත්තල් සීයාගේ රූපය නිර්මාණය ...
ප්‍රීති චිකිත්සා බස්සිගේ නවාතැන සුපිරිසිදු සුදු ටයිල් පොළොව, මොහොතකට පෙර විශබීජ නාශක දියරයෙන් පොඟවන ලදුව, දීප්තියෙන් බැබලෙමින් තිබිණ. නැහැතුඩග හැපෙන සිඟිති විලවුන් බිඳිති ලැවැන්දර සුවඳකින් කර-පාන් පෙති සුවඳකටද, උණු කෝපි සුවඳකින් අළුත කැපූ තණ බිස්සක සුවඳකටද වේශාන්තරණය වෙමින් පැවතිණ. හොලොග්රැෆික සමනල්ලු සහ නන් පැහැ තුරු පත් එක්වනම පැනනැඟ, හිස් අවකාශය සිසාරා ඔබමොබ ගමන් කර, ඇසිල්ලකදී කොහේ හෝ තැනෙකින් අතුරුදන් වන්නට යෙදිණ.සිහින් සරින් සායනය වසාගත් ...
රට්ටු කියන කතා බස්සිගේ නවාතැන පහුගිය දවසක, උදේ පාන්දරම මගේ ඉන්බොක්ස් එකට ලින්ක් එකක් එනවා. ඒ එවන්නේ, සෞම්‍ය සඳරුවන් ලියනගේ. එච්චරයි. වෙන මොකුත්ම කියලාවත් නැහැ. ඉතින් මම ලින්ක් එකට ගිහින් බලනවා.මගේ පොත ගැන ලියැවුනු, මා මෙතෙක් කියැවූ හෘදයාංගම බවෙන් ඉහලම ලිපිය ඒක."මම මේක බ්ලොග් එකේ ශෙයාර් කරගත්තට කමක් නැද්ද?""ඕනෙ තැනක ෂෙයා කරගන්න ඉතින්. ඒකට තමා ලින්ක් එක එව්වෙ."ඉතින්, පහලින් තියෙන්නේ 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කිවියර, ...
මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ? බස්සිගේ නවාතැන ලවණ බිඳු ඇහිපිය අතර තවරා දුවන තෙත් මුහුදු සුළඟකිඔබේ කෙහෙ කැරැල්ලක අගිස්සෙන් මගේ ගෙල සෙමෙන් කිතිකැවෙන්නේරළුම රළු අත්ලතක මුදු රෝස පෙති ඇඟිලි තිය තියාමොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?"ඔව් ඉතින් ඔයා කවි ලියන්නේ නෑ තමයිකිව්වාම මොකද අර රතු වළාකුලත් කවියක් වගෙයිකැන්වසය මත ඇඳෙන හැම ඉරක තිතකමත්පින්සලෙන් වෑස්සෙන වර්ණ තලියක වුනත්හැංගිලා තියෙන්නේ නොලියාපු කවියක අපැහැදිලි හෙවනැලියි"රළ නැගෙන - යළි බිඳෙන'යුරු දැක පොල් ...
තොරණෙන් බැස සිල්ගන්නා මකරු – "මකර තොරණ" බස්සිගේ නවාතැන සාහිත්‍ය මාසය සහ කියවීමේ මාසය වෙනුවෙන්, අලුත් පොත් ගැන පෝස්ට් කිහිපයක් එකතු කරන්නයි බලාපොරොත්තුව.“2016 වසරේ නිකුත්වුන හොඳ කෙටිකතා පොත් මොනවද?” මම පහුගිය දවසක ‘පොත් කියවන අය’ FB සමූහයෙන් ප්‍රශ්ණයක් ඇහුවා. ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ කෙටිකතා පොත ගැන මම මුලින්ම දැනගන්නේ එවිටයි.‘මකර තොරණ පොත කියවන්න. මම ඒකෙන් අදහස් කරන්නේ එහෙව් කෙටිකතා නොකියවන ඇස් මොකටද වගේ දෙයක්’ කාංචනා අමිලානි කියද්දි, ‘මකර තොරණට ...
පම්පෝරි සහ කයිවාරු බස්සිගේ නවාතැන ඇත්තටම නම් මේක ස්තූතියක්, දැනුවත් කිරීමක් සහ සතුට බෙදාහදාගැනීමක්. හැබැයි ඒ වගේ අරමුණකින් ලියැවෙන ලිපියක් වුනත් සිරිලංකන් ස්ටැයිල් එක ඇතුලේ “පම්පෝරි සහ කයිවාරු” විදියට හඳුනා ගන්න ඇති ඉඩකඩ වැඩියි.පසුගිය අගෝස්තු නමවැනිදා 2016 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශිත ග්රන්ථ නාම ප්‍රකාශයට පත් කලා. එහි කාව්‍ය කැටගරිය යටතේ මගේ පළමු කෘතිය දක්නට ලැබීමම මට මහත් සතුට දනවන කාරණයක් වුනා.ගොඩගේ ...
ඇඳට නගින්නට පෙර - 2 කොටස බස්සිගේ නවාතැන ඇඳට නගින්නට කලින්, නින්ද වෙනුවෙන් ඔබේ මනස සූදානම් කරවන්නට ගත්හැකි පියවර පහක් ගැන මම කලින් පෝස්ටුවේදී කතා කලා. ඒ වගේම, තවත් පොයින්ට්ස් පහක් ගැන පැය හතලිස් අටක් ඇතුලත පල කරන බවට පොරොන්දුවකුත් වුනා.අපේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙමෙයිනෙ. ඉතින් මම පොරොන්දුව ඉටු කරන්නයි හදන්නේ.පළවෙනි කොටස නොකියවපු ළමයි ඉන්නවද? යන්න යන්න. මෙතනට ගිහින් කලින් දවසෙ පාඩම කියවගෙන එන්න.6. පාද සත්කාරපාද සත්කාර, ...
ඇඳට නගින්නට පෙර – 1 කොටස බස්සිගේ නවාතැන වැදි බණ කියල තියෙනවද? නැත්නම් වැදි බණ අහල තියෙනවද? අද මම කියන්න යන්නෙ බණක් වුනත් වැදි බණක්නම් නෙමෙයි, මමත් පිලිපැදලා, යහපත් ප්‍රතිඵල ලැබෙන බවට ප්රත්යක්ෂ කරගත් බණක්. නින්දට කලින් ඔළුව ඉහිල් වෙන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක්.මගේ sleeping habits කියන එව්වා ගැන කතා කරල වැඩක් නැහැ. ඒ තරමටම කුජීතයි. ගොඩක් දවස්වලට ෆෝන් එක උඩ, ෆේස්බුක් යන අතරෙදිත්, ලැප් එක උඩ, ෆිල්ම් ...
ඉන්දික සහ බාර්-පූසෝ බස්සිගේ නවාතැන ඉන්දික ගුණවර්ධන ගැන නොදන්නා කෙනෙක් මේ සයිබර් අවකාශයේ නැතිව ඇති.ඔහු, මා දුටු නිර්මාණශීලීම මිනිසුන් කිහිපදෙනා අතරින් කෙනෙක්. අන්තර්ජාලයේ කවිය විශේෂයෙන්ම ෆේස්බුක් කවිය අද දක්වා පැමිණි දිගු ගමන් මගේ පළමු පියවර සලකුණු අතර ඉන්දිකගේ බර අඩි සටහන්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්.මීට වසර කිහිපයකට ප්‍රථම, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වෙනස්ම ආරක අපූරු පිටකවරයක් ඇති පොතක් මගේ නෙත ගැටෙනවා. ඇති වූ කුහුල නිසා, රැස්කකා ...
උලලේනාගේ පරපුරේ අපි - බකමූණාගේ පරපුරේ අපි බස්සිගේ නවාතැන බ්‍රහස්පතින්දා හවස්වරුව වෙන් කරගෙන තිබුනේ ෆිල්ම් එකකට. ඒත් අනපේක්ෂිත රාජකාරියක් හරියටම හවස පහට විනාඩි හයක් තියෙනකොට හිස මතට කඩාපාත්කරවීම නිසා ඒක මිස් උනා. සිකුරාදාත් හවස්වරුව ඒ විදියටම විසඳෙන්න ඔන්න මෙන්න තියෙනකොට ලැප් එකත් අකුලගෙන පහමාර වෙද්දි එලියට පැනගන්න තරමට ලක් එකක් වැඩකරපු නිසාත්, හයිලෙවල් එකේ මහරගම පැත්තට පහලවෙන කුජීත ට්‍රැෆික් එක අස්සෙන් රිංග රිංගා යාත්‍රා කරන්න බස්සට පුලුවන් වීම නිසාත්, ...
කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස බස්සිගේ නවාතැන ඇයි දැන් ලියන්නේ නැත්තේ? පහුගිය කලෙ හැමෝම අහපු ප්‍රශ්ණයක් ඒක. දෙදාස් දාසය අවුරුද්ද පටන් ගන්නකොටම ජොබ් එකේ ස්වභාවය වෙනස් වීමත් එක්ක (ඔව් ඔව් බොලව් මම බ්ලොග් ලිවිල්ලටයි කවි ලිවිල්ලටයි අමතරව තවත් රස්සාවක් කරනවා) ලියන්න වගේම කියවන්නත් තිබුන කාලය බොහෝම සීමාසහිත වුනා.Ice breakers මුණගැහුනේ නැතුවා නෙමෙයි. කාලයක් ලියන්නේ නැතුව ඉන්නකොට ලිවීමේ හැකියාව ගල් ගැහෙනවා. ඉයන්ගේ සිංදු දාසයේ අභියෝගේ බ්ලොග් අවකාශයේ සුනාමියක් ...