සදානන්දකර වූ.... (19) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)අලුත් සර් වෙත භාර දිය යුතු නිබන්ධයක් මා නිම කළේ උපරිම උත්සාහයෙන් සහ මහත් බැතියෙනි. එය භාර දීමට නියමිත දිනට පෙර දින ය, පසු දින පැවැත්වෙන විජයග්‍රාහී සමරුව නිසා විශ්වවිද්‍යාල වසා තැබෙන බවට රාවයක් පැතිර ගියේ. පුස්තකාලයෙන් පොත් තෝරාගෙන ඉදිරියට පැමිණෙන විට අලුත් සර් හමු විය."සර් මේ... හෙට නිවාඩුද?""ආ... ලබන සතිය ...
සදානන්දකර වූ.... (13) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)අලුත් සර් ගේ ලිපිය කියවන්නට නොලැබීම මහත් වේදනාවක් වූ බව සැබෑ ය. එහෙත් එයටත් වඩා වේදනාවක් වූයේ තමා නූතන හයිකු නිර්මාණ පිළිබඳ ව ජාතික පුවත්පතකට ලිපියක් සැපයූ බවත් එක් පිරිමි සිසුවකු පමණක් එය කියවා තමාට දැනුම්දුන් බවත් අලුත් සර් දේශනයේ දී පැවසීම ය. මට කළ හැකි ව තිබුණේ ඒ වදන් අසා සිටීමත් ...
සිනා මල්වැසි වසීවා! කුරුටු ගෑ ගී පොත සවන නොවැකෙන ලෙවන් පැන - බස් ඉසව්වක දිවි ගෙවේවාසහස් සුවහස් දවස් - සති - වස් අසුරු සැණකින් ඇදේවාසතන සැඬගිම් නිවා සනහා වසත් සෙවණැලි වැටේවාසසර මංපෙත මංසලක් අස සිනා මල්වැසි වසීවා! ...
බලා ඉමි වන තුරු උදා.... කුරුටු ගෑ ගී පොත සතුටු පිනිදිය දස'ත විසිරීසිනා පිපුණත් මග තොටේහදේ මේකුළු වියන් ඇහිරීලොවට රහසින් වැසි වැටේඑවැසි දිය වී ගඟුල් ඇල්ලක්හදවතට සිහිලස සදයිදැවෙන සැඬරැස් සියක් දහසක්දරා ගන්නට මග කියයිඑසෙව් රැස් ගිනියම් ව ඇවිළීමහද නො රිදනවා නො වේඑහෙත් මහ සන්තාප වැළලීඑක ම පැතුමෙන් සිත නිවේසසර මතු අත්බවෙක නිකැළැල්සිනා කුසුමක් පෙති විදාඑකලු කරනා දිනය මනකල්බලා ඉමි වන තුරු උදා ...
සදානන්දකර වූ.... (21) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සමාසිකය අවසන් වන දින අලුත් සර් කලාගාරයට පැමිණියේ නිබන්ධ එකතු කිරීම සඳහා ය. "නිවේදන කිහිපයක් නිකුත් කරන්න තියනව. එකක් තමා... අනිත් එක තමා සරසි සිත්සදා සිසුවිය ගිහින් සිංහල අංශාධිපති මුණගැහෙන්න."නිබන්ධය භාර දී කලාගාරයෙන් පිට වූ මසිතෙහි වූයේ චකිතයකි. යෙහෙළියන් ගේ උපදෙසින් නැවත කලාගාරයට පිවිසි මම, ඒ කවුරු දැයි අලුත් සර් ගෙන් විමසුවෙමි."සර් ...
සිත් ගත් ගී :-) කුරුටු ගෑ ගී පොත පුළුවන් නම් මේ ගීත පහේ මා කැමති අනුපිළිවෙළ තෝරන්න!නවාතැන්පොළ ඔබ යි....දෙවියන් විසින් දුන්....ළා දලු බෝපත්....බිරිඳ මගේ ඔබ....උන්මාද සිතුවම්....
සියලු බ්ලොග්කරුවන් ගේ සහ බ්ලොග්කාරියන් ගේ අවධානය පිණිස යි - Say NO to FAKE PROFILES!!! කුරුටු ගෑ ගී පොත මිනිසුන් වර්ග කළ යුතු ය. සියල්ලන් සමානත්වයෙහි ලා සැලකීම කිසි සේත් නොකළ හැකි සහ නොකළ යුතු දෙයකි. තමනට ගැළපෙන පුද්ගලයන් පමණක් ආශ්‍රය කළ යුතු ය. එහෙත් මිනිසුන් වර්ග කළ යුත්තේ ද ආශ්‍රිතයන් තෝරා බේරා ගත යුත්තේ ද ඔවුන් ගේ ක්‍රියාවන් ගෙන් විනා අන් කිසිදු සාධකයක් මත පදනම් ව නො වේ. බාල බොලඳ අතදරුවන් හයක් හතරක් නො දැන කරන ක්‍රියාවන් ...
විඩා නොම හැඳින්නෙමි.... කුරුටු ගෑ ගී පොත නිවා ගතගිම් හදේ හසරැල් පවන් සලනා කණිසමේනොදුටු මුත් ඔබ සහස් සුවහස් කුසුම් පිබිදුණි සිත්බිමේඔබ තෙපුල් අස ඉබෝ කලෙකින් රැඳෙන්නට පින් ලද සමේගිමන - සරතැස - විඩා කිසිවක් නොම හැඳින්නෙමි ඒ බිමේ ...
සදානන්දකර වූ.... (15) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සවස දේශන නොමැති වූ හෙයින්, යෙහෙළියන් සමග දිවා ආහාරය ගත් මා බසයට නැගුණේ වෙසක් දින කිහිපය ගත කිරීමට නිවස බලා යෑමේ අටියෙනි. ජනේලය අසල අසුනකට වී ජංගම දූරකථනය සවනතට කර ගත් මම, දේශනය නැවත වාරයක් ඇසුවෙමි. නිවසට පය තැබූ වහා මා සිදු කළේ මෙම නව ආරංචිය අම්මාට දැනුම් දීම යි."අම්මේ අද දේශනේදි ...
සදානන්දකර වූ.... (10) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)හයිකු දේශන මාලාව ද ඇරඹුණේ ය. අලුත් සර් ගේ දේශන පැය ද මට දැනුණේ සුඟකින් හුඟක් කී හයිකුවක් මෙනි. බහුතරය කැට ව්‍යාපාරයේ නියැලුණු දිනෙක, යළිදු ඉදිරි පෙළ නියෝජනය කිරීමේ වරම අපට හිමි විය."මොනවද අපි ගිය සතියෙ කළේ?"මම බිම බලා සිටියෙමි. සියල්ලෝ නිරුත්තර ය."මතක නෑ?""සර් අර හයිකුවලින් සොබාදහම නිරූපණය වෙන ...
කෙල්ලන් හට නිදහස අකැප ද? කුරුටු ගෑ ගී පොත දස දහස් වරක් පියපතර ගැටුණු ඉසව් අද පසු කර යන්නේ තනි ව නො වේ, නැගණිය ද සමග ය. සිත අතීතයට දිව යන්නේ නිරායාසයෙනි. මෙසේ කිසිවකු මා සමග යන යන තැන එනවාට මම කැමති නො වීමි. මේ වයසේ දී මේ මාවත් මේ ස්ථාන කොපමණ වරක් නම් දකින්නට ඇද්ද? නුගේගොඩ පුස්තකාලය, සරසවි පොත්හල, බම්බලපිටියේ තෝසේ කඩය.... අට වසරේ සිට ම නිදහසේ ...
හෙට සිට ලොව පුරා Facebook තහනම්! Google වෙත පිවිසිය හැක්කේ ද උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පමණ යි.... කුරුටු ගෑ ගී පොත හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට Facebook වෙබ් අඩවිය තහනම් කෙරෙනු ඇත. මේ පිළිබඳ ව වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන්නට ද අදාළ ආයතන තීරණය කර ඇති බැවින්, ඔබට මේ බව දැන ගන්නට ලැබෙන්නේ එම නිශ්චිත වේලාවෙන් පසු ඔබේ ගිණුමට ඇතුළු වන්නට උත්සාහ කරන විට ය. වඩාත් වැදගත් කාරණය වන්නේ මෙය එක් රටක් හෝ රටවල් කිහිපයක් නොව, ලොව සියලු රටවල් එක් ව ගන්නා ...
'කොපි' කිරීම කුරුටු ගෑ ගී පොත බැලූ බැල්මට මෙය ඉතා සරල දෙයකි. කුඩා කාලයේ එක්තරා ආකාරයක ආස්වාදනීය අද්දැකීමක් වූවාට ද සැක නැත. එහෙත් මේ පසුපස සැඟ ව ඇති සිතුවිල්ල කුමක් දැ'යි මට ඊයේ කල්පනා කරන්නට සිතුණේ එබඳු සිදුවීමක් ඇසින් දුටු පසු ය. දේශනයක් වෙලාවට එස්. එම්. එස්. යවා, හොර අත්සන් ගසා අසු වූවාට, 'කොපි' කර අසු නොවීම ගැන නො ව, අසු නොවෙන අවස්ථාවල දී පවා ...
හැම දා ම සැඳෑවේ ගොඩවදිමි කටුගෙයට කුරුටු ගෑ ගී පොත ඔබ තෙපුල් සෙත් පිරිත් සවන් දෝතින් නැමඳපෙති විදා විකසිත ව දිලෙන සඳ සිත් කුමුදගෙතූ කවි පිටු ගණන් නෙතින් ගද්දී ඇහිඳමගෙ ම අත් අකුරු අද හිනා වෙන්නේ මට දඔබේ මුදු පද පේළි සදා රැක ගමි කිවිඳඒ සිනා වදන් වැල් මහ කවකි මට නිබඳපතන්නට නොවටිනා මහා පැතුමක කිමිදමගෙ ම සිත් පහන් පැල අඳුරු කෙරුවේ මම දසිනා මල් තෙපුල් කැන් එදා පිපි පියගැටකඒ ...
ආයුබෝවන් ඉදින්.... කුරුටු ගෑ ගී පොත කිත් පසස් කොදෙව් මැද බුහුසු සදතුන් රැඳූයාත්රා අහවර යි - වෙහෙස හින්දා නො වෙයිතෙපුල් සුපැතුම් කිරණ දී දුහුන නෙත් සැදූපහන් ගේ කළුවර යි - නවතින්න අවසර යිඅගේ කොට දිරි දුන්නු සිනා පද වැල් ලැබුණුහොඳ යි කිව් ඔබේ ජය මගේ පැතුම යි ගෙතූවටියි වැදගත් කීව ලිපි අතර පින් ගෙවුණුනිසාවෙන් ලිපි කබල එවිමි ඊයක එතූමතක සිඳු කිමිදියෙමි වන තුරා උදේ තුනපින් තිබූ ...
අවුරුදු හතක් දුකට සැපට හිටපු ඔයාට මං ගැන සැක හිතුණු දා.... කුරුටු ගෑ ගී පොත මම මුලින් ම විද්‍යුත් තැපැල් ලිපිනයක් හදා ගත්තෙ 12 වසරෙ දි. හදා ගන්න තේරුණේ නෑ, තාත්තා තමයි හදල දුන්නෙ. දැන් මේක කියවලා පාසල් යන වයසෙ ඉන්න අය හිනා වෙන්න එපා. අපේ නංගි හය හත වසරෙ ඉඳන් අන්තර්ජාලයට හුරු වුණත් අන්තර්ජාලය කියන එක මගෙ ජීවිතයට එකතු වුණේ 12-13 වගේ වසරවල දි. එක්දාස් නවසිය බර ගණන් නොවුණට ඒ කාලෙ එහෙම තමයි. අද ...
මන්දැයි නො අසන්න. කුරුටු ගෑ ගී පොත පිපුණ හිනැහුණ මලට රිදුණ ද තෙවසකට පෙර දිනක දීතැළෙන පොඩි වන මියෙන බැව් කොද එමල චණ්ඩාතප ඇදීදිලෙයි හිනැහෙයි නෙතේ පිනි මැද උපදිනා සැඬ රැස් වැදීපතන පුදසුන සසර මතු දින පිදෙන්නට පිබිදී හිඳී2011. 06. 03 වෙනුවෙනි. මන්දැයි නො අසන්න. ...
කෙල්ලන් ගේ බ්ලොග් අඩවිවල කමෙන්ටු කොටන්නේ ආවේග මුදා හැරීම සඳහා ද? කුරුටු ගෑ ගී පොත 'චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න' නමැත්තාට එක අතකින් ස්තුතිවන්ත විය යුතු ය. මක් නිසා ද යත්, බ්ලොග් අවකාශයේ සිදු විය යුතු කාලීන සංවාදයකට මුල පිරීම සම්බන්ධයෙනි. එහෙත් එක් අතකින් ඔහු සමග ඇති වන්නේ මහා තරහකි.ඒ, ආගන්තුකයා කතාවේ අවසන් කොටස තව දුරටත් පමා කිරීම හේතුවෙන් සහ බ්ලොග් සහෘද මධුරංග ගෙන් ලැබුණු මහරජ ගැමුණු ලින්කුවට පිවිස එය කියැවීමට තිබුණු වටිනා කාලය සොරා ...
අනේ මම වැරදි ද කියන් කුරුටු ගෑ ගී පොත වදන් කුසුමක් සිනා කිරණක්සලයි චාමර ගිම් නිවාතෙපුල් ඊයක් නිහඬ'සිපතක්දැනෙයි අදටත් හද දවාකටුගෙයට හැම දා ම ගොඩ වැදමතක නටබුන් පුදනෙමීනෙතේ නොවනට දුරින් සිටිය දසතත සිහිනෙන් දකිනෙමීසුපිපි පියුමක් පුදන හැම වරදිවිය සුපිපෙනු පතන්නෙම්සිනා සෙන්නට සසර සැරිසරසදා පෙරුමන් පුරන්නෙම්අකීකරු වනු සැබැයි මා සිතඅන් සිතක් තළනට නො වේමිලින නොවනට සදා මිණිමුතඑක ම කුසුමකි මා ලොවේරොස් පරොස් බස් ඇනුම් බැණුමන්ගී වගෙයි දැන් නම් හුරු යිකිසිත් ...
"කුකුළෝ කවදා වත් පියාඹලා නැහැ" කුරුටු ගෑ ගී පොත ඔන්න එකමත් එක මේ වගේ අබුද්දස්ස නැති කාලෙක ගොවිපොළක් අසල ගහක කුරුලු කූඩුවක් තිබුණා.ඒකුරුලු කූඩුවේ හිටියේ උකුස්සන් යුවළක්.මොවුන් ඉතා ආදරයෙන් ඔවුන්ගේ බිත්තර ආරක්ෂා කළා.එහෙත් ජෝඩුව නැති වෙලාවක හදිසියේ හමාගෙන ආ සුළඟකට හසුව උකුසු කූඩුව බිමට වැටුණා.වාසනාවකට වගේ උකුසු කූඩුව කඩාගෙන වැටුණේ ගස මුල තියෙන ගොවිපොළේ පිදුරු කන්දකට.බිත්තර සී සී කඩ විසිරුණත් අනේ එකක් වත් බිඳුණේ නැහැ.මේ අතරේ එක බිත්තරයක් ...