ආගන්තුකයා 2 (ලොකු සතුටක් මහා වේදනාවක් බවට පත් වන්නට....) කුරුටු ගෑ ගී පොත ආගන්තුකයා 1ට පාර ආගන්තුකයා විසින් සිටුවන ලද මල් පඳුරක් මා ඇස ගැසුණි. "ඔබේ මල් පඳුර සුන්දර යි" මම කීවෙමි. "ඔබ විසින් සිටුවන ලද මල් මම දැක්කා. ඔබේ මල් වගාව ප්රශස්ත යි. තවත් මල් සිටුවන්න. අපි දවසක පුංචි උද්‍යානයක් හදමු." ආගන්තුකයා පැවසුවේ ය.ආනන්දයේ මර්යාදා පෘථුල වෙමින් පරමානන්දයක් කරා සම්ප්‍රාප්ත විය.මල් සිටුවීමේ අග්‍ර ඵලය මම ලැබ සිටියෙමි. එය මා ප්‍රාර්ථනා කළ ඒකායන ...
ආගන්තුකයා 1 (මෙගා නො වේ) කුරුටු ගෑ ගී පොත දුරාතීතයේ අනියත නිමේෂයක මවිසින් සිටුවන ලද සුඟු පැළෑටියක පුංචි කැකුළක් ඇස් හැර සිටියේ ය. වැටට ඔබ්බෙන් වූ මාවතේ පියවර මැනි ආගන්තුකයා එය ඉතා මනහර යැයි කී ය. වඩා හොඳින් මල් පිපෙන්නට නම් මේ මේ දේ කරන්නට යැයි කී ය.* * * මල් සිටුවීම ආත්මය කර ගත් මට ආගන්තුකයා ගේ වදන් දැනුණේ අධ්‍යdත්මයේ සංධ්වනියක් මෙනි. මා සිටුවන ලද මල් පැළ ...
කල් අසර ලැබේවා පියැවෙනා තුරා නෙත කුරුටු ගෑ ගී පොත කව් පේළි ඔබ එවූ පියාපත් සේ සැහැල්ඉවුර මා මතකය යි අතීතය වේ ගඟුල්මැවු වරද මගේ මැ යි ගල් කුළෙක බර විසල්සව් කටුල් නිවා ලයි ඔබ සුහද සිත සුපුල් නන් දෙසින් වදන් සැත් සවන්න ඇමිණෙනා විටඑක් බවෙක මහ පවක් කරන්නැති සිතෙයි මටදුක් නිවයි අමා ඔසු පුරුදු ලෙස මොහොතකටමක් කරමි තව දුර ද සොයන්නෙමි සැනසුමටමල් පොකුරු පසෙක ලා ඇදෙමි ගල් බොරළු මතදුල් ...
ලොව සහ ඔබ කුරුටු ගෑ ගී පොත ලොවේ නොතැකුම් මඳ පවන් වීහිඳින සිත මහ පව්ව විලසේඔබේ මුනිවත සැඬ නලක් වීළදල්ලක් සේ සැලෙනු කෙලෙසේලොවේ වපරැස් රජස් නො වැටීදෙනෙත් සෝදා හරිනු සිරිත යමදැක ගිය ඔබ ඇසේ දැවටීතව ම ඒ නෙත් කෙවෙනු අරුම යලොවේ ඇනුමන් හදින් දුරු වීදෙ ඇස පෙර මෙන් දිදුළනා සඳඔබේ වදනත් මේ කුළක් වීඅකාලේ වැසි වැටෙනු කෙලෙස දලොවේ නෙක දම් තර්ක ඔවදන්සිතේ නොරැඳුම නො වේ පුදුමයඔබේ මොහොතක ...
අනේ මම වැරදි ද කියන් කුරුටු ගෑ ගී පොත වදන් කුසුමක් සිනා කිරණක්සලයි චාමර ගිම් නිවාතෙපුල් ඊයක් නිහඬ'සිපතක්දැනෙයි අදටත් හද දවාකටුගෙයට හැම දා ම ගොඩ වැදමතක නටබුන් පුදනෙමීනෙතේ නොවනට දුරින් සිටිය දසතත සිහිනෙන් දකිනෙමීසුපිපි පියුමක් පුදන හැම වරදිවිය සුපිපෙනු පතන්නෙම්සිනා සෙන්නට සසර සැරිසරසදා පෙරුමන් පුරන්නෙම්අකීකරු වනු සැබැයි මා සිතඅන් සිතක් තළනට නො වේමිලින නොවනට සදා මිණිමුතඑක ම කුසුමකි මා ලොවේරොස් පරොස් බස් ඇනුම් බැණුමන්ගී වගෙයි දැන් නම් හුරු යිකිසිත් ...
කෙල්ලන් හට නිදහස අකැප ද? කුරුටු ගෑ ගී පොත දස දහස් වරක් පියපතර ගැටුණු ඉසව් අද පසු කර යන්නේ තනි ව නො වේ, නැගණිය ද සමග ය. සිත අතීතයට දිව යන්නේ නිරායාසයෙනි. මෙසේ කිසිවකු මා සමග යන යන තැන එනවාට මම කැමති නො වීමි. මේ වයසේ දී මේ මාවත් මේ ස්ථාන කොපමණ වරක් නම් දකින්නට ඇද්ද? නුගේගොඩ පුස්තකාලය, සරසවි පොත්හල, බම්බලපිටියේ තෝසේ කඩය.... අට වසරේ සිට ම නිදහසේ ...
"කුකුළෝ කවදා වත් පියාඹලා නැහැ" කුරුටු ගෑ ගී පොත ඔන්න එකමත් එක මේ වගේ අබුද්දස්ස නැති කාලෙක ගොවිපොළක් අසල ගහක කුරුලු කූඩුවක් තිබුණා.ඒකුරුලු කූඩුවේ හිටියේ උකුස්සන් යුවළක්.මොවුන් ඉතා ආදරයෙන් ඔවුන්ගේ බිත්තර ආරක්ෂා කළා.එහෙත් ජෝඩුව නැති වෙලාවක හදිසියේ හමාගෙන ආ සුළඟකට හසුව උකුසු කූඩුව බිමට වැටුණා.වාසනාවකට වගේ උකුසු කූඩුව කඩාගෙන වැටුණේ ගස මුල තියෙන ගොවිපොළේ පිදුරු කන්දකට.බිත්තර සී සී කඩ විසිරුණත් අනේ එකක් වත් බිඳුණේ නැහැ.මේ අතරේ එක බිත්තරයක් ...
ආයුබෝවන් ඉදින්.... කුරුටු ගෑ ගී පොත කිත් පසස් කොදෙව් මැද බුහුසු සදතුන් රැඳූයාත්රා අහවර යි - වෙහෙස හින්දා නො වෙයිතෙපුල් සුපැතුම් කිරණ දී දුහුන නෙත් සැදූපහන් ගේ කළුවර යි - නවතින්න අවසර යිඅගේ කොට දිරි දුන්නු සිනා පද වැල් ලැබුණුහොඳ යි කිව් ඔබේ ජය මගේ පැතුම යි ගෙතූවටියි වැදගත් කීව ලිපි අතර පින් ගෙවුණුනිසාවෙන් ලිපි කබල එවිමි ඊයක එතූමතක සිඳු කිමිදියෙමි වන තුරා උදේ තුනපින් තිබූ ...
දෑස කුරුටු ගෑ ගී පොත ඈ තමා අඳ බැවින් ඔහුට හැර මුළු ලොවට ම ශාප කළා ය. ඔහු ඇගේ සියලු කටයුතු වෙනුවෙන් ඇප-කැප වී ක්‍රියා කළේ ය. ඇය පැවසුවේ තමා පෙනීම ලද හොත් පමණක් ඔහු විවාහ කර ගන්නා බව යි. දිනක් එක්තරා තැනැත්තකු විසින් ඇයට දෑසක් පරිත්‍යාග කරන ලදි. ඉන්පසු ඇයට තමා නුදුටු ලොව දැක ගත හැකි විය. " ඔබ මා විවාහ කර ගන්නවා ...
හැම දා ම සැඳෑවේ ගොඩවදිමි කටුගෙයට කුරුටු ගෑ ගී පොත ඔබ තෙපුල් සෙත් පිරිත් සවන් දෝතින් නැමඳපෙති විදා විකසිත ව දිලෙන සඳ සිත් කුමුදගෙතූ කවි පිටු ගණන් නෙතින් ගද්දී ඇහිඳමගෙ ම අත් අකුරු අද හිනා වෙන්නේ මට දඔබේ මුදු පද පේළි සදා රැක ගමි කිවිඳඒ සිනා වදන් වැල් මහ කවකි මට නිබඳපතන්නට නොවටිනා මහා පැතුමක කිමිදමගෙ ම සිත් පහන් පැල අඳුරු කෙරුවේ මම දසිනා මල් තෙපුල් කැන් එදා පිපි පියගැටකඒ ...
'කොපි' කිරීම කුරුටු ගෑ ගී පොත බැලූ බැල්මට මෙය ඉතා සරල දෙයකි. කුඩා කාලයේ එක්තරා ආකාරයක ආස්වාදනීය අද්දැකීමක් වූවාට ද සැක නැත. එහෙත් මේ පසුපස සැඟ ව ඇති සිතුවිල්ල කුමක් දැ'යි මට ඊයේ කල්පනා කරන්නට සිතුණේ එබඳු සිදුවීමක් ඇසින් දුටු පසු ය. දේශනයක් වෙලාවට එස්. එම්. එස්. යවා, හොර අත්සන් ගසා අසු වූවාට, 'කොපි' කර අසු නොවීම ගැන නො ව, අසු නොවෙන අවස්ථාවල දී පවා ...
නෑවිදින් හිඳින්නම් කුරුටු ගෑ ගී පොත පොතක පිටු සොයන්නට ඒ ඉසව්වට ආමිඔබේ රුව දැක නො වේ ඔබ එලෙස සිතුවාටඒ වුණත් ඇත්තට ම මට සමා වනු මැනවිඔබ නෙතේ අමංගල දසුනක් ව රැඳුණාට සෙත් කවකි ඔබ මහට ගයන්නට පින් මඳීපින් පිරෙන තුරු සසර සරන්නට පතන්නෙමිම'දැක ඉවතට යන්න ඔබට වෙහෙසක් නො දීඔබේ රුව දුටු විටෙක මම ඉවත ඇදෙන්නෙමි සුදු සමර සේසත් ම ගැටෙනු මිස නෙතු පියටඅසුබ දසුනක් කුමට සුපින් ...
ගල්මල් කුරුටු ගෑ ගී පොත උල් ගල් කැබලිති වැදී ඇනී ගොස්ලේ හැලි වැම්මෙත රිදුම් දෙවානැගී සිටින්නට අවසඟ දෙපයින්සරතැස වින්දෙමි වාරු සොයාසුසුවඳ මුවරද නෙලෙන් සැලී යනබස් මල් විකසිත සිත් අරමේලොවේ අනිස මට පසක් කරන්න දඒ සා සුවිසල් ගල් පිපුණේරිදුම් වේදනා කඳුළැල් දුන්නත්නොමැකෙන තැළුමක ලකුණු තියාමසිතට ඒ බස් ගල් නො ව ගල්මල්ඔබ සිත් අරමේ පිපුණු නිසාබර වැඩි වුව ගල්මල් එකිනෙක ගෙනසිත් පැස අසුරා තබමි බැතින්එදා වදන් මල් ...
යළි නොපිපෙන මල කුරුටු ගෑ ගී පොත පොත් ගුල හිණිපෙළින් බසිනා විට දි දිනක්නෙත් නැවතුණේ පියගැටයක් අසල මඳක්අත්ලට අරන් බැලුවෙමි එහි වැටුණු දෙයක්පෙත්තෙන් පෙත්ත විදහන විට පුංචි මලක් මිලින ව තැළී පොඩි වී ගිය නමුදු පෙතීපවනට නො විසිරී තාමත් මෙතන ඇතීනයන සතන සනහන හද නිවන නිතීදුලන පැහැය බොඳ වී ගිය වෙසක් ගතීබරක් නොමැති පෙති කැල සිනිඳු ය මුදු යසැකක් නැති ව පිපුණෙන් මල පිවිතුරු යකවක් ලෙසින් ...
අව්ව වැටිලා කුරුටු ගෑ ගී පොත මා මේ කුරුට්ට ගෑවේ මැයි විසි එක් වැනිදා ය. ඒ එදිනත් මේ කවත් මගේ ජීවිතයට සුවිශේෂී හෙයිනි.එහෙත් මොකක්දෝ අටමගලක් වී එය බ්ලොගයේ දර්ශනය වී නො තිබිණි. ඒ බව දැනුම් දුන්නාට වැස්ස වෙත තුති පුදමි. මගේ ජීවිතයේ මා වඩාත් ම සතුටට පත් කළ කව මෙය යි. ඒ මන්දැ'යි නො අසන්න.වකුටු ව නිඳන් සිටි සිත් මල් පුබුදුවමින්දරදඬු වෙසින් හිඳි පැතුමන් පණ පොවමින්සවිමත් ...