සසරේ යළි යළිත් හමු වෙමු මිනිසි වෙසින්.... කුරුටු ගෑ ගී පොත අපේ පූස් ආච්චි ගැන ඔයාල දන්නව නේද? දන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් මෙතැනින් ගිහින් බලන්නකෝ. මෙයා අපේ ගෙදරට ආවෙ 2002. 10. 01 වැනිදා. එදා ඉඳන් බැලුවොත් අවුරුදු 13 මාස 3ක්, එනකොට මාස 2,3ක් ඇති. පොඩි කාලෙ හුරතල් වැඩ කරනකොට, දඟ කරනකොට අපේ පවුලේ සුරතලිය වුණේ මෙයා. නම රෝසි වුණාට කට්ටිය කතා කළේ "පූස්" කියලා තමා. මහත හින්ද මම නම් ...
තව ම මම බලන් ඉන්නවා, අවුරුද්ද උදා වෙනකන්.... කුරුටු ගෑ ගී පොත දවල් දොළහටත් කිට්ටු වෙලා තියෙද්දි මේ කියන්නේ මොකද්ද කියල බලන්න එපා. මම බලාගෙන ඉන්නවා තව ම, අවුරුද්ද උදා වෙනකන්.... ඊයෙ රෑ ආගන්තුකයාට යවන්න ඕනෙ කියලා කවි අටක් හැදුවා. ඒත් ඒ අට ම මගෙ හිතට ඇල්ලුවෙ නෑ. මොකද කියනව නම් කලින් යවපු කවි වගේ ම යි. ඊට පස්සෙ හිතුවා රටාව වෙනස් කරලා පොඩි කවි දෙකක් හදනවා කියලා. ඉතින් හැදුවා, හදල ...
සුපින් බෝවා! කුරුටු ගෑ ගී පොත විසුළ සිතුමන් පිඬු ව කීවා නො දන්නෙමි අන් කුම් කියම් සඳසුදුල වදනට සුපින් බෝවා අස්වසෙක් මැ යි කන්කටුල් මැදතුමුල ලෝ සත සතන් ගාවා සහන් එළියෙන් විදා සුසුවඳසුපුල නඳුනුයනක් මැ වේවා ඔබේ දිවිමග සදා මනනඳ ...
හැම දා ම.... ( උණ විකාරෙන් ලියමි. ) කුරුටු ගෑ ගී පොත පියෙන් පිය හිණිපෙතේ පියනගමි එක්ටැමටලොවේ නෙත් බැලුම් වුව හදට වෙහෙසක් නිසාසුසුදු හිස් අහස් කුස රාමු වෙයි කවුළුවටමතක පොත පෙරළේ ය අතේ ඇති පොත් වසාඔබේ මුදු සිනා මල් පෙති විදූ සැටි පෙනේමහද සනහා වැයුණු තෙපුල් වෙණ සර ඇසේපින් නිමා වූ යුගය හදේ ගැඹරත ඇනේසුසුම් සුළඟක් හමා නෙත් පියාපත් වැසේයගුළියක් බැසි විලස පුරුදු රිදුමක් විඳිමිමියෙන තුරු ඔබෙ නමට සෙත් පතන හදවතින්උපන් උණු ...
ජංගමය නිහඬ කර නිඳා ගැනීම කුරුටු ගෑ ගී පොත පහු ගිය දවස් ටිකේ ඔයාල ගේ බ්ලොග් සටහන් බලන්න එන්න විවේකයක් තිබුණෙත් නෑ. අද නම් ඉඳ ගත්තේ මග හැරුණු කතා ටික හෙම කියවන්න ඕනෙ කියලා හිතාගෙන ම යි. කාලෙකින් කුරුටු ගෑවෙත් නැති හින්දා මොනව හරි කුරුටු ගාල ම ඒ පැත්තෙ යන්න හිතුණා. ඔන්න පහු ගිය ටිකේ එල්ල වෙච්ච දෝෂාරෝපණයක් ගැන කියන්නම් කෝ. මේ මාතෘකාව අදාළ අයටත් ඔය වගේ දෝෂාරෝපණ ...
හඬන්නට අමතක වුණා! කුරුටු ගෑ ගී පොත සොයා යන විට මගේ එක්ටැම පුරුදු මුහුණක් හමු වුණාවදන් පත් නැගි ලතාවක් ඉම ඔබට ගුණ මල් පිබිදුණාකෙලෙස යන්නේ දියක් නො ඉස ම ''ඇත්ත ඇත්ත'' යි පැවසුණාඑමල් විහිදූ සුවඳ හින්ද ම හඬන්නට අමතක වුණා!ප.ලි. එක්ටැම් ගෙයි ඉඳන් රූං ගාලා අයි.ටී. සෙන්ටරේට ඇවිත් ගාපු කුරුට්ටක්. පහු කරන්න තරම් ඉවසීමක් තිබුණෙ නෑ. ඒක යි එක කවියකට සීමා වුණේ. ...
සදා සොත්ථි භවන්තු තෙ! කුරුටු ගෑ ගී පොත රොස් බසක් වපරැසක් හදේ ගැටෙනා සමේනැගෙන හැම සුසුමක් ම හඬ හඬා කවි කරමිපාරමී බිජුවටක් හිඳුවාන සිත් බිමේඋනන හැම කඳුළක් ම ඒ මුලට වත් කරමිදස සහස් සිතුම් කැන් කැටි කරන් හද බැතින්ගැහි ගැහී ගැට ගැසූ අත් අකුරු සිහි වේ යපර නො වේ මා මතක ඔබේ දෙනෙතින් මුවින්එදා පිපි සිනා මල් අදත් හද ඇමිණේ යකෙළි කවට ගොළු වුණේ මන්ද අදටත් නො දැනඅසන්නට ...
වේදනාවෙන් ලියමි කුරුටු ගෑ ගී පොත දැන් මෙය කියවා මට පිස්සු යැයි නොසිතන මෙන් ඉල්ලා සිටිමි. එසේ සිතුවද මෙය නො ලියා සිටියනොහැකි තරමේ වේදනාවක් මට දැනෙයි. එක්තරා කටයුත්තක් කළ යුතු ව ඇත. ජීවිතය හැර නොයන්නට නම්, එවැනි මාවතක් තනා ගත යුතු ය. මක් නිසා ද යත්, මා ජීවත් වන්නේ ආගන්තුකයා වෙනුවෙන් පෙරුම් පුරන්නට ඉඩ ලැබෙන අවසාන තත්පරය වන තෙක් පමණක් වන හෙයිනි. එය මා තීරණය ...
Pen එකට තොවිලයක්! කුරුටු ගෑ ගී පොත පහු ගිය දවස්වල pen එකේ තිබුණු ලොකු ප්රශ්නයක් වුණේ folders ඔක්කොම shortcuts වෙන එක. මේක මහ ම මහ වදයක් වුණාට පස්සෙ ගූගල් සීය ගෙන් ඇහුවා මොකද කරන්න ඕනෙ කියලා. උන්දෑ දුන්නා Shortcut virus remover කියල එකක්. ඔන්න ඉතින් ඒකෙ පිහිටෙන් දවස් දෙකක් විතර pen එක කරදරයක් නැතුව තිබුණා. දැන් ආයෙමත් ලෙඩ වෙලා. ඔය පින්තූරෙ උඩ තියන විදිහට Folders පෙන්නනවා. ...
හමුව (කැණීමකින් ගොඩ ගන්නා ලදි.) කුරුටු ගෑ ගී පොත තැන් තැන්වල විසිර ඇති ජීවිතයේ මතක සටහන්, මම මේ දිනවල එක්කාසු කරමින් සිටිමි. මේ, එබඳු කැණීමක දී හමු වූ කතාවකි."ඔයා නවල්ස් කියවනවද?"වදන් පෙළක් දුවගෙන අවුත් කර්ණ පටහ පටලයේ එල්ලුණේ ය." නෑ. මං කියවන්නෙ කවි පොත්."මම දමා ගැසුවෙමි. දුම් දමන කෝපි කෝප්පය තුළට වැටුණු ඒ වචන ඔහු ගේ උගුරු දණ්ඩ දිගේ ගමන් කරන්නට ඇත. කනප්පුවෙහි වූ පුවත්පත මත ඈඳිගෙන සිටි බැල්ම ...
සැරයටියෙන් අපි යනෙන තුරා.... කුරුටු ගෑ ගී පොත මේ කහ පාටට ඉන්නෙ කවුද දන්නව ද? ඒ තමයි අපේ පූස් ආච්චි. ආච්චි කිව්වේ මෙයාට දැන් අවුරුදු 13ක් වයස යි. පූස් වයසින් බැලුවොත් සැරයටියෙන් යන කාලේ. මෙයාට දැන් අසනීප වෙලා එකතැන් වෙලයි ඉන්නේ. මුලින් මුලින් මට පිළිකුලක් දැනුණත් එයා ව සුද්ද පවිත්ර කරලා කන්න බොන්න දීලා ගන්නකොට හිතට ඇති වුණේ අනුකම්පාවක්.එතකොට කවුද මේ කළු පාටට ඉන්නේ? මේ ඉන්නේ එහා ...
කීකරු වීමට නම්.... කුරුටු ගෑ ගී පොත කටු ගෙට වදින්නටහද දුක දිය කරන්නටහැම දා ම හවසටතිබෙන පැය වෙයි අස් කරන්නටසෙනේහය වෙනුවටලුණු දුරු මිරිස් මුසු කොටයුතුකමක් විලසටපුරුදු වන්නට වෙයි පිසින්නටමිනිසකුට වෙනුවටමැඳුරකට අල්ටොවකටලෙවනට පෙනෙන්නටඉගෙන ගන්නට වෙයි බැඳෙන්නටසිනා සිත්තම් කොටතෙපුල් අමුණා එක් කොටහදවතට බොරු කොටසිතින් සිදු වෙයි සුසුම් ලන්නටමා හද රවටමිනඅනෙක් පෙරුමක් පුරමිනකීකරු දැරිය මෙනරඟනු සුදුසු ද කියා දෙනු මැන ...
දරු සුරතල් බැලූ අයටත් බලන්න බලාපොරොත්තු වන අයටත්.... ( එසේ නොවන අයටත් අදාළ යි.) කුරුටු ගෑ ගී පොත පහුගිය ටිකේ බ්ලොග් ලෝකෙ සැරිසරද්දි අපි කවුරුත් දැකපු දෙයක් නේ මේ මාතෘකාවෙ තියනව වගේ දරු සුරතල් බැලූ අයත් බලන්න බලාපොරොත්තු වෙන අයත් ඒ අතර ඉන්න බව. ඉතින් මගේ නිබන්ධයක වැඩ කටයුතු සඳහා පොඩි තොරතුරු වගයක් ඕනෙ වෙලා තියනවා. මට දැන ගන්න ඕනෙ කරන්නේ දරුවන්ට තියන නම් ගැන. මාතෘකාව ගැන ඔයාලට දැන් ම කියන්නෙ නෑ. මොකද කිව්වොත් මේ වැඩේ සාර්ථක ...
පව් ද මන්දා.... කුරුටු ගෑ ගී පොත මුලින් ම කියන්න ඕනේ මේ පෝස්ටුවේ අකුරුවල තැනින් තැන අඩුපාඩු තියෙන්න පුළුවන්. අද යුනිකෝඩ් පිස්සු නටනව වගේ පේන හින්දා එහෙම කිව්වෙ. හැබැයි මට මෙහෙම පෙනුණට ඔයාලට ප්රශ්නයක් නැති වෙන්නත් පුළුවන්. මේ කුරුට්ටට මග පෑදුවේ මගෙ කලින් කුරුට්ටට වැටුණු කමෙන්ටුවක්. කලින් කුටුට්ට මම ලිව්වේ ' සාර සැකි කප් කෙළක් දුර වුව....' කියලා බව මතක ඇතිනේ. ඉතින් මේ කමෙන්ටුවෙන් ප්රශ්න කරල ...
සාර සැකි කප් කෙළක් දුර වුව.... කුරුටු ගෑ ගී පොත සුපුල මනනඳ පියුම් රොන් සුළි හමාවා දිවිපෙත දියෙන් දියපතළ කිත් නද පිදුම් යළි යළි වැකේවා ලෝ සත මියෙන් මියඋදුල ඔබ හද පැතුම් සිතුවිලි දිනේවා හිමි වෙත ජයෙන් ජයවිසුළ සුසුවඳ කුසුම් පියවිලි පිපේවා මාවත පියෙන් පියතෝර ගනු බැහැ වරද සිදු වුව තඩාගය හද කුසුම් පැන් ඉසමීර පැතුමෙන් පුදත අබිමුව කුඩා වනු නැත සසර සරතැසනෑර පෙරුමන් බවුන් වඩනුව හඬා වැටුණත් ලෝ බැණුම් ...
"ආදරේ" නම් "දැරීම" යි කුරුටු ගෑ ගී පොත මේ උපුටනය මහාචාර්ය දර්ශන රත්නායකයන් ගේ දූත ගීතයෙනි. කවි 185ක් උපුටා දැක්විය නොහැකි නිසාවෙන් කිහිපයකින් නවතිමි. අදහසක් පළ කරන්නට කලබල නො වී පොඩ්ඩක් හිතන්න, මා ගැන, ඔබ ගැන, අප ගැන...මම නිහඬ වෙමි. තව මත් සිතමි. ගිම්හානෙන් සිත් කැකුළු වී ගිනියම් වී දිවා රෑ මුළුල්ලේඅම්මා කෝ කෝ අසති දරුවෝ හුන් පියා ගේ තුරුල්ලේකම්පාසෙන් ඈ බැඳ රැගෙන ගොස් එක් සොරෙක් ආ නිදැල්ලේගම්මානෙක්හී ...
ආගන්තුකයා 3 (නිමාව සහ වචනයක්) කුරුටු ගෑ ගී පොත ආගන්තුකයා 1 වෙත මග ආගන්තුකයා 2 වෙත මග දොරටුව වනාහි කිසිදු දිනෙක විවර කරන ලද්දක් නො වී ය. මම දිනක් ගැහෙන දෙපයින් යුතු ව ගොස් අගුළට අත තැබීමි. අගුළ විවර කළ නොහැකි ලෙස දෑත සැලෙන්නට වෙයි. මම ආපසු ආවෙමි. සුපුරුදු ලෙස ම මල් සිටුවීමි. මෙසේ කිහිප වාරයක් සිදු විය. අන්තයේ දී අවිඤ්ඤාණය, උපවිඤ්ඤාණය පසු කොට සවිඤ්ඤාණය කරා සංක්රමණය විය. මම ...
කෙල්ලන් ගේ බ්ලොග් අඩවිවල කමෙන්ටු කොටන්නේ ආවේග මුදා හැරීම සඳහා ද? කුරුටු ගෑ ගී පොත 'චමින්ද ප්රදීප් සිල්වා ගුණරත්න' නමැත්තාට එක අතකින් ස්තුතිවන්ත විය යුතු ය. මක් නිසා ද යත්, බ්ලොග් අවකාශයේ සිදු විය යුතු කාලීන සංවාදයකට මුල පිරීම සම්බන්ධයෙනි. එහෙත් එක් අතකින් ඔහු සමග ඇති වන්නේ මහා තරහකි.ඒ, ආගන්තුකයා කතාවේ අවසන් කොටස තව දුරටත් පමා කිරීම හේතුවෙන් සහ බ්ලොග් සහෘද මධුරංග ගෙන් ලැබුණු මහරජ ගැමුණු ලින්කුවට පිවිස එය කියැවීමට තිබුණු වටිනා කාලය සොරා ...
ඉකි ගසා හඬන අතීතයක නාස්මීය තුවාලය කුරුටු ගෑ ගී පොත ආගන්තුකයා කතාවේ අවසාන කොටස ලියා නිම කළ යුතු ව ඇත. එහෙත් පොර කමින් සිනමා ශාලාවට ඇතුළු වී 'ශ්රී සිද්ධාර්ථ ගෞතම' නැරඹූ රටේ දී ම පුද්ගලයන් සත් දෙනෙකු ගෙන් යුත් සිනමා ශාලාවක දී 'සමනල සංධ්වනිය' නැරඹීමේ අද්දැකීමෙන් උත්තේජිත ව එයට පෙර මෙම සටහන තබමි. (චිත්රපටිය ප්රදර්ශනය ඇරඹුණේ දින කිහිපයකට පෙර වීම එයට හේතුව දැ'යි නො දනිමි.) 'කුරුටු ගෑ ගී පොත' ...
ඉස්කෝලේ දවසක් කුරුටු ගෑ ගී පොත එදා...."මාස කීයද විබාගෙට?එක්කෙනෙක් කලා උළෙලෙතව එක්කෙනෙක් ගීත නාටකේඅනිත් එක්කෙනා තව මොනව හරිගුරුවරය දැක්කහමරිංගනව මේසෙ යටඔහොම පුළුවන් ද ළමයි?එපා වෙනව පන්තියමකෝ යුගාන්තෙ විචාරෙ?""හෙට දෙන්නං මිස්"(ඇසට කඳුළු නැගෙයි.)අද...."මේ බලන්න ළමයිමේ අක්කල පේරාදෙණිමේ අක්ක රජරටමේ අක්ක ජපුරරට පුරාම මගේ ගෝලයොඒක තමයි අපේ සතුටඋසස්පෙළ මගේ හොඳම පන්තියවැඩ කරන්න ඕනෙ ඔයාලත්මේ අක්කල වගේ හොඳට""අපි ගිහිං එන්නං මිස්"(ඇසට කඳුළු නැගෙයි.) ...