සදානන්දකර වූ.... (15) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සවස දේශන නොමැති වූ හෙයින්, යෙහෙළියන් සමග දිවා ආහාරය ගත් මා බසයට නැගුණේ වෙසක් දින කිහිපය ගත කිරීමට නිවස බලා යෑමේ අටියෙනි. ජනේලය අසල අසුනකට වී ජංගම දූරකථනය සවනතට කර ගත් මම, දේශනය නැවත වාරයක් ඇසුවෙමි. නිවසට පය තැබූ වහා මා සිදු කළේ මෙම නව ආරංචිය අම්මාට දැනුම් දීම යි."අම්මේ අද දේශනේදි ...
නුඹට මම හිස නවමි! කුරුටු ගෑ ගී පොත අමෝරා නැණ'වි අත්හදක් දවනා ලොවේකඳුළු වැටුණා අදත්ඒත් දුකකට නො වේපස් වසක් ඉම ඔබේනෙතේ අදිටන් කැලුම්විහිද අද සත්නුබේමවයි දස අත දිලුම්එකැල්මෙන් ඇහැරවතබුහුසු සිත් කොඳ කැකුළුවැජඹෙනා ඔබට නැතඉදින් තව ගිරිදුදුළුසතුටු කඳුළැල් මුසු වපිපි සිතුම් අපමණ යඔබට උවසර වනුවඒ සියල් වුව මඳ යනොනිවෙනා සඳු සේ මසුදිලෙනා බව දනිමිසුබපතන්නේ කෝමනුඹට මම හිස නවමි!- අද මගේ ජීවිතයේ සතුටු ම දවස් කීපයෙන් එකක් - ...
සදානන්දකර වූ.... (14) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සුපුරුදු පරිදි අප කලාගාරයේ පසුපස ම පෙළ ඈඳිගෙන සිටියේ අලුත් සර් ගේ දේශනය නිමිත්තෙනි. හෙතෙම වේදිකාවට ගොඩවත් ම මා ගේ ජංගම දුරකථනය දකුණු අත අසලින් තැන්පත් විය. ඒ මත රැඳුණේ අත්ලේන්සුව යි. යාබද යෙහෙළියට පවා නොහැඟෙන ලෙස අලුත් සර් ගේ සුගැඹුරු වදන් එකිනෙක උකහා ගන්නට එය සමත් වෙයි.දේශනය අවසානයේ විනාඩි පහළොවක් පමණ ...
පස් වසක ඉම.... කුරුටු ගෑ ගී පොත දොළොස්මස් පහනක් ය මතකයකඳුළු - හසරැලි වැටි දිලුම්පස් වසක ඉම සොඳුරු දිනයකසොඳුරු මොහොතක් සිහි කරම්දෙතුන් දින නුඹ නොදුටු විට දීලොවට නොදැනෙන්නට හොරෙන්සෙවූ මා මට පෙනේ අදටත්මතකයේ සිතුවම්පටින්තුඟු තුරක් සේ දිලෙන සඳ නුඹකුමට අන් ජයපැන් බඳුන්අබිමනක් වී දිනාවා ලොවසදා ආසිරි පද බඳිම්ලොවේ ගල්මුල් වැදෙන විට දීමසිත නො රිදෙනවා නො වේහදේ මේ කුළු වියන් ඇහිරීකඳුළු නො වැටෙනවා නො වේනුවන්පැන් ඉස පැතුම් කුසුමන්පුබුදුවන්නෙමි ...
සදානන්දකර වූ.... (13) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)අලුත් සර් ගේ ලිපිය කියවන්නට නොලැබීම මහත් වේදනාවක් වූ බව සැබෑ ය. එහෙත් එයටත් වඩා වේදනාවක් වූයේ තමා නූතන හයිකු නිර්මාණ පිළිබඳ ව ජාතික පුවත්පතකට ලිපියක් සැපයූ බවත් එක් පිරිමි සිසුවකු පමණක් එය කියවා තමාට දැනුම්දුන් බවත් අලුත් සර් දේශනයේ දී පැවසීම ය. මට කළ හැකි ව තිබුණේ ඒ වදන් අසා සිටීමත් ...
මසිත් පුදසුන රකිමි කුරුටු ගෑ ගී පොත කටොර බස් මිණිකොඬොල් ලෙසින් සවනත රඳමිඅතැර හිතවත් දනා විටෙක රහසින් හඬමිඅසර නැති දිවි අරණ එකලා ව වස් වසමිසසර පෙරුමන් පතා මසිත් පුදසුන රකිමි
සදානන්දකර වූ.... (12) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න :-)සැඳෑවේ දී නවාතැනට පැමිණි මම, කාමරයට ගොස් පුවත්පත ගෙන කඩිනමින් පෙරළන්නට වීමි. එබඳු ලිපියක් නැත. මම නැවත සෙමෙන් සෙමෙන් පිටුවෙන් පිටුව පෙරළීමි. එහි සාහිත්‍ය අතිරේකයක් හෝ නොමැත. නෙතට කඳුළක් නැඟිණි."ආන්ටි මං ටක්ගාල පහළට ගිහින් එන්නං.""ඇයි දෝණි?""නෑ මේ පත්තරයක් ගන්න."පහළ කඩයෙහි ඉතිරි ව තිබුණේ 'ප්රබෝධය' පුවත්පතත් තවත් පුවත්පත් දෙකකුත් පමණි. එය ...
බලා ඉමි වන තුරු උදා.... කුරුටු ගෑ ගී පොත සතුටු පිනිදිය දස'ත විසිරීසිනා පිපුණත් මග තොටේහදේ මේකුළු වියන් ඇහිරීලොවට රහසින් වැසි වැටේඑවැසි දිය වී ගඟුල් ඇල්ලක්හදවතට සිහිලස සදයිදැවෙන සැඬරැස් සියක් දහසක්දරා ගන්නට මග කියයිඑසෙව් රැස් ගිනියම් ව ඇවිළීමහද නො රිදනවා නො වේඑහෙත් මහ සන්තාප වැළලීඑක ම පැතුමෙන් සිත නිවේසසර මතු අත්බවෙක නිකැළැල්සිනා කුසුමක් පෙති විදාඑකලු කරනා දිනය මනකල්බලා ඉමි වන තුරු උදා ...
සදානන්දකර වූ.... ( 11 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)ඒ අලුත් සර් ය."කොහොමද සරසි ජී. පී. ඒ. එක?""තුනයි දශම අටයි අටයි සර්""මගේ උණුසුම් සුබපැතුම්!""උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට...." දුරකථනය නාද වෙයි. මම තිගැස්සුණෙමි. අලුත් සර් සුබ පතා ඇත්තේ සිහිනයෙනි. අම්මා කතා කරයි."අම්මේ ඇයි?""තාම නිඳිද?""නිඳාගෙන හිටියෙ. ෆෝන්නෙක ඕෆ් කරන්න අමතක වෙලා. ඇයි?""ලොක්කොත් එක්ක මොකටද හැප්පෙන්න යන්නෙ?" ...
සදානන්දකර වූ.... (10) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)හයිකු දේශන මාලාව ද ඇරඹුණේ ය. අලුත් සර් ගේ දේශන පැය ද මට දැනුණේ සුඟකින් හුඟක් කී හයිකුවක් මෙනි. බහුතරය කැට ව්‍යාපාරයේ නියැලුණු දිනෙක, යළිදු ඉදිරි පෙළ නියෝජනය කිරීමේ වරම අපට හිමි විය."මොනවද අපි ගිය සතියෙ කළේ?"මම බිම බලා සිටියෙමි. සියල්ලෝ නිරුත්තර ය."මතක නෑ?""සර් අර හයිකුවලින් සොබාදහම නිරූපණය වෙන ...
සදානන්දකර වූ.... (09) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)නව සමාසිකයේ ආරම්භය සනිටුහන් වූයේ සරසවි කතා පුවතෙහි නැවුම් පරිච්ඡේදයක් වශයෙනි. එම පරිච්ඡේදය කියවන්නට සැදීපැහැදී අපි යළිදු වගබැඳ ගතිමු. එහෙත් ඒ හිස් අතින් නම් නො වේ, සතියක වතගොත පොදි බැඳගෙන ය. සනාතන මන්දිර පියසට රොක් වී අපි සය දෙනා ඒ පොදි ලිහන්නට වීමු."අද වැඩ කෙරෙන එකක් නෑ වගේ ...
බලා ඉමි.... කුරුටු ගෑ ගී පොත යසස් නෙක් මුව රැව් දෙවා කිත් සරින් දිවි දෙනුවන සරාපුන්සඳක් වී උදුල තරු මැද ඔබ විසල් ගුවනත අරානො වේ ලක්බිම, විපුල මෙදියත යම් දිනෙක සුසුවඳ පුරාතුඟු තුරක් වී පිපෙනු දකිනට බලා ඉමි පැතුමන් දරා ...
සදානන්දකර වූ.... ( 08 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)එය සරසවි ජීවිතයේ ප්‍රථම විභාග අද්දැකීම විය. විභාග ශාලාව තුළ දී සිතට දැනුණේ සියුම් තැතිගැන්මකි. ඉතා දිගු කාලයක් පෙරුම් පිරූ සිහිනයක ආරම්භක පියවර මෙය යි.පිළිතුරු සැපයීමට නියමිත පොතෙහි විභාග අංකය වැනි තොරතුරු සටහන් කළ මා, ප්‍රශ්න පත්‍ර ලැබෙන තුරු මෙබඳු සිහින ලොවක නිවසන අතර ය, විලවුන් සුවඳක් දැනෙන්නට ...
සදානන්දකර වූ.... ( 07 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)එය ජපන් කෙටිකතාකරුවන් ගේ විදේශීය ආභාසය පිළිබඳ ව ලියැවුණු පොතක් විය. මට එය කියවන්නට වුවමනා විය. එහෙත් පුස්තකාලයෙන් පොත් ලබා ගත යුත්තේ ප. ව. 3. 30ට පෙර ය. පසු ව එය ගන්නට අදිටන් කර ගනිමින් මම ශුද්ධ භූමියෙන් පිට වීමි.වැහි පොද එකිනෙක ගිලිහෙමින් තිබේ. අහස මුළුල්ලේ කාල වර්ණ ...
සදානන්දකර වූ.... ( 06 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)සුපුරුදු පරිදි අප ඈඳිගෙන සිටියේ කලාගාරයේ පසුපස පෙළක ය. දේශනය අවසානයේ අලුත් සර් ශාලාවෙන් පිට වූ වහා මම මනීෂාත් චතුරිත් සමග ශාලාවෙන් පිට වීමි. අප පඩිපෙළ අසලට පියමැන්නේ ඉක්මන් ගමනිනි. ජපන් අධ්‍යයනාංශය වූයේ දෙවැනි තට්ටුවේ ය."සර් උඩට යන්න ඇති."චතුරි පවසත් ම පඩිපෙළ බැසගෙන ආවේ අලුත් සර් ය. අධ්‍යයන ...
මන්දැයි නො අසන්න. කුරුටු ගෑ ගී පොත පිපුණ හිනැහුණ මලට රිදුණ ද තෙවසකට පෙර දිනක දීතැළෙන පොඩි වන මියෙන බැව් කොද එමල චණ්ඩාතප ඇදීදිලෙයි හිනැහෙයි නෙතේ පිනි මැද උපදිනා සැඬ රැස් වැදීපතන පුදසුන සසර මතු දින පිදෙන්නට පිබිදී හිඳී2011. 06. 03 වෙනුවෙනි. මන්දැයි නො අසන්න. ...
මගේ iWriter අද්දැකීම් සහ PaidVerts කුරුටු ගෑ ගී පොත පාසල් වයසේ ඉන්න අය මේ කුරුට්ට නොකියෙව්වට කාරි නෑ කියලා මුලින් ම පටන් ගන්නම්. මොකද කියනවා නම් අද පාසල් වයසේ අය, බොහෝ විට පුරුෂ පාර්ශ්වය මේවට ඇබ්බැහි වෙලා විභාග පැත්තකින් තියලා මේවගෙ එල්ලිලා ඉන්න බවක් පේන නිසා.ඔන්න කතාව පටන් ගන්නම්. බොහෝ කාලයක ඉඳන් මගේ හිතේ කුතූහලයක් තිබුණ දෙයක් තමයි e-money කියන්නෙ. මං හිතන්නෙ උ/පෙළ කරලා ගෙදර හිටපු කාලෙ ඉඳන් ම ...
සදානන්දකර වූ.... (05) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)සනාතන මන්දිරයේ ගල් කණුවකට පිට දී හිඳ සිටි මා ගේ දෙනෙත් වැසී ගියේ සුපුරුදු දෑතකිනි. මම එම ඇඟිලිවල ස්වරූපයෙන් දෑත හැඳින්නෙමි."මහීකා""හරි හරි" ඈ ද පැමිණ මා අසලින් ඈඳි ගත්තා ය."මොනව කල්පනා කරනවද මන්ද.""නෑ මං අර ප්‍රශ්නෙ ගැන කල්පනා කර කර හිටියෙ.""මොන?""අර මං කිව්වෙ සොන්කෙයිගො කෙන්ජෝගො ගැන.""දැං සති කීයක් ...
කොහොම ද මගෙ කැත කූඩුව? :-D කුරුටු ගෑ ගී පොත පාවෙන කූඩු ගැන මෙන්න මෙහෙම කියැවෙනකොට, කූඩු ජාතකේ ගැන මෙහෙම කියැවෙනවා. ඉස්සර අපි හිටපු දිහෑ තිබුණා හෙන කැලයක්. ඔය කැලේ අයිනෙ තිබුණු පඳුරෙන් මම බට කපන් එන්නෙ අවුරුදු ඉවර වුණු ගමන් ම වගේ. ඒත් ඉතින් ඒ කැල එළි වුණාට පස්සෙ මොන බට ද? ඔන්න ගිය සතියෙ මම නුගේගොඩ පහු කරගෙන ගමනක් ගියා. කෙදිනක කූඩු හදන්න ද කියල හිත හිත හිටපු ...
සදානන්දකර වූ.... ( 04 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)"අදත් පිරිස අඩුයි නේද? කමක් නැහැ. එදා අපි කාලය සම්බන්ධ යෙදුම් මතකයට නගා ගත්තනෙ. අපි අද බලමු ඒ යෙදුම් සමග අතීතයත් අනාගතයත් කොහොමද සම්බන්ධ කරන්නෙ කියල. මේවා ඔබ උසස් පෙළටත් කරල තියනව. ඒත් ඒ පිළිබඳ නිරවුල්, නිවැරදි අවබෝධයක් අවශ්‍යයි.""හොඳයි. ඔය කෙළවරේම එක්කෙනා කියන්න බලන්න අද සඳහා යෙදෙන වචනය ...