සදානන්දකර වූ.... (27) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)විශේෂ උපාධියෙහි පළමු දෙසුම පැවති දින මා සිටියේ තනි ව අසුන් ගෙන ය. එහෙත් යෙහෙළියක හමු වීමත් කෙමෙන් තවත් කිහිප දෙනෙකු ඇසුරට වැටීමත් සමග ඒ හුදෙකලා බව දුරු වන්නට විය. සිසුන් තෝරා ගැනීම භාර වී තිබුණේ අලුත් සර්ට ය. නැතක් කන්නලව් අසමින්, ප්‍රශ්න විසඳමින් ඔහු හිසට ගෙන ඇති කාර්යභාරය ඉටු කරන ...
සදානන්දකර වූ.... (26) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සඳුදා උදෑසන අට වන විට මා සිටියේ ජපන් අධ්‍යයනාංශයේ දොරටුව අසල ය."තාම ඩිපාට්මන්ට් එක ඇරලත් නෑනෙ... ටිකකින් එමු."පැය භාගයකට පමණ පසු මම මනීෂා සමග නැවත පැමිණියෙමි. එහි සිට පිටතට පැමිණි අලුත් සර්, අධ්‍යයනාංශයට එන ලෙස මට පැවසුවේ ය. "මොකද්ද ඔයාගෙ අංකෙ?""තිස් හතර සර්""ලිස්ට් එකේ නම නැද්ද?""නෑ...""හරි... මං බලන්නං"පැයකට පමණ පසු මා මනීෂා ...
සදානන්දකර වූ.... (25) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)ජපන් අධ්‍යයනාංශයේ දැන්වීම්පුවරුවෙහි අංක තිස් හතරකින් යුතු නාම ලේඛනයක් විය. එහෙත් එහි මගේ අංකය වූයේ නැත.අපි සුපුරුදු බංකුවෙහි හිඳ සිටියෙමු. "දැං අඬල වැඩක් නෑනෙ සරසි... අනිත් එක සයිකො තේරිලා ජපන් කරන්න අඬනව කියන්නෙ පිස්සුනෙ....""කීයද වෙලාව? කාල ඉන්නකො....""ඔයාල කන්න.""එන්න අපි ටිකක් කවන්න... පිස්සු නැතුව ඉන්න දැං...."සරසවියට පිවිසි දින සිට මේ වන තුරු මා ...
අතීතයෙන්.... කුරුටු ගෑ ගී පොත දිනපොත කියවමින් සිටින විට කවි පන්තියක් මතක් විය. මේ ඒ කවි පන්තියේ නිමිත්ත යි.මේ, 2009. 12. 18 යි. පසුදිනෙක ලියවුණු මේ කවි පන්තියෙන් කියැවෙන යළි නොපිපෙන මල අහුලා ගන්නට මම අදත් එතැනට ගියෙමි....පොත් ගුල හිණිපෙළින් බසිනා විට දි දිනක්නෙත් නැවතුණේ පියගැටයක් අසල මඳක්අත්ලට අරන් බැලුවෙමි එහි වැටුණු දෙයක්පෙත්තෙන් පෙත්ත විදහන විට පුංචි මලක් මිලින ව තැළී පොඩි වී ගිය නමුදු ...
සක්වළ තලයේ සොයා බලා.... කුරුටු ගෑ ගී පොත කල්පනා කරමින් සිටින විට මතක් වූ සොඳුරු ගීතයක්... මේක බා ගන්න ලින්කුවක් දන්න කෙනෙක් කියලා යන්න. මට හොයා ගන්න බැරි වුණා.සක්වළ තලයේ සොයා බලාසැපතැයි කියනා කිසිවක් ඇත්නම්පවසව හඳුනා ගනු රිසියෙම්නීලාකාසේ නිල්ල මුළාවකිධවල වලාවේ සුද ද මුළාවකිනොලැබුණු ලෝකය සැපතැයි සිතු මුත්ලද පසු එලොව ද කඳුළු ගුළාවකිචන්ද්රාලෝකේ පැහැය මුසාවකිඅඳුරු අගාධේ කළුව මුසාවකිසැපතේ සිහිනය හෙට දින සතු මුත්වත්මන වන විට හෙට ද අපායකි ...
සමහරු.... කුරුටු ගෑ ගී පොත සමහරු මග දී දුටු විට අහක බලාගෙන යා යුතු නිසා දුරකථනය දෙස බලමින් යති. කතා කළ විට රැස්වීමක බව කියා කෙටි පණිවුඩයක් එවන ලෙස කියා එවති. එවන් දිනවල අපි පැයක් හමාරක් හඬමින් දිනපොත ලියමු. සමහරු අද බොහෝ දුර ගොසිනි. විද්වතුන් ගේ කිත්පැසසුම් මැද, නව ලකුණක් සටහන් කරන දීර්ඝ ගමනකට මුලපුරමින් සිටිති. ඒ වෙනුවෙන් අපි හැම මොහොතක ම හදවතින් ආශිර්වාද කරමු. ...
සදානන්දකර වූ.... (24) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)අධ්‍යයන අංශයට ඇතුළු වූ නිර්මලා, නිබන්ධ පිළිබඳ ව අලුත් සර් ගෙන් විමසී ය. පිටුපසින් සිටි මට ද ඉදිරියට එන ලෙස හෙතෙම අතින් දැක්වූ බැවින් මම ඉදිරියට ගියෙමි."මං මෙයාව දන්නවනෙ.. ඒකයි කතා කළේ. කොහොමද රිසල්ට්ස්?""බී ප්ලස් සර්... සර් මේ... නිබන්ධන...." අලුත් සර් පැවසුවේ පළමු වසර නිබන්ධ ආපසු ලබා නො දෙන බවයි. මා ගේ ...
හදේ සහසක් කටු ඇනේ.... කුරුටු ගෑ ගී පොත මතක මුවරඳ බමයි සිත් ඉමකාලයේ නල මුසු වෙලාකුමක් ලියනෙම් කියා නො දැන මකවිය මට අමතක වෙලාතෙපුල් අකුරු ම වී සිනාවත්කොහේදෝ අද සැඟවිලාපොතක් අතකින් අතට දෙන්නත්අතරමැදියකු බිහි වෙලාසසර දුරුමග මoසලක් අසසිනා වැසි වැටෙනා තුරාදිවිය පෙරුමන් පුරා ඉනු මිසලෝ දහම් - ඔවදන් වරාහසක් පිපුණැයි බසක් දෙඩුවැයිකැළැල් නො කරමි කිසි දිනේදැනෙද්දී නුඹ එසේ සිතතැයිහදේ සහසක් කටු ඇනේ.... ...
සදානන්දකර වූ.... (23) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)පසුදින මම අදාළ ජපන් භාෂා සංවිධානය ඇමතීමි. මා ගේ ලිපිවලින් පළ වූ අදහස් පිළිබඳ සංවාදයකින් අනතුරු ව ජංගම දුරකථන අංකය ඉල්ලා ගන්නා ලද්දේ එම සභාපතිතුමන් වෙත ලබා දීම සඳහා ය. ඉතිරි ව තිබූ ප්‍රශ්නපත්‍රය වෙනුවෙන් නැවත සරසවියට යෑමට සිදු විය. එදින ද අලුත් සර් පැමිණ සිටියේ නැත. යෙහෙළියක සමග පානදුර බසයට නැගුණු ...
සිත් ගත් ගී :-) කුරුටු ගෑ ගී පොත පුළුවන් නම් මේ ගීත පහේ මා කැමති අනුපිළිවෙළ තෝරන්න!නවාතැන්පොළ ඔබ යි....දෙවියන් විසින් දුන්....ළා දලු බෝපත්....බිරිඳ මගේ ඔබ....උන්මාද සිතුවම්....
සදානන්දකර වූ.... (22) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)ඒ සමාජවිද්‍යා ප්‍රශ්නපත්‍රය යි. පිළිතුරු ලිවීමට නියමිත කාලයෙන් මිනිත්තු පහක් පමණ ඉතිරි වී තිබිණි. මම පිළිතුරු නිවැරදි දැ'යි යළිත් වරක් කියවමින් සිටියෙමි. අලුත් සර් දකුණු පස අපට පිටුපසින් සිටගෙන සිටියේ ය. පිළිතුරුපත වසා දමා, ලියා අවසන් බව හඟවන්නට මට සිතිණි. "කොහොමද සරසි පේපර් එක?"මා කිසිදු ප්‍රියතාවක් නොදක්වන එම විෂය පිළිබඳ ව කුමක් ...
සදානන්දකර වූ.... (21) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සමාසිකය අවසන් වන දින අලුත් සර් කලාගාරයට පැමිණියේ නිබන්ධ එකතු කිරීම සඳහා ය. "නිවේදන කිහිපයක් නිකුත් කරන්න තියනව. එකක් තමා... අනිත් එක තමා සරසි සිත්සදා සිසුවිය ගිහින් සිංහල අංශාධිපති මුණගැහෙන්න."නිබන්ධය භාර දී කලාගාරයෙන් පිට වූ මසිතෙහි වූයේ චකිතයකි. යෙහෙළියන් ගේ උපදෙසින් නැවත කලාගාරයට පිවිසි මම, ඒ කවුරු දැයි අලුත් සර් ගෙන් විමසුවෙමි."සර් ...
විඩා නොම හැඳින්නෙමි.... කුරුටු ගෑ ගී පොත නිවා ගතගිම් හදේ හසරැල් පවන් සලනා කණිසමේනොදුටු මුත් ඔබ සහස් සුවහස් කුසුම් පිබිදුණි සිත්බිමේඔබ තෙපුල් අස ඉබෝ කලෙකින් රැඳෙන්නට පින් ලද සමේගිමන - සරතැස - විඩා කිසිවක් නොම හැඳින්නෙමි ඒ බිමේ ...
සදානන්දකර වූ.... (20) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)ජපන් භාෂාවෙහි ආචාරශීලී යෙදුම් පිළිබඳ ව මවිසින් ලියන ලද ලිපියක් 'අරුණ' පුවත්පතෙහි පළ ව තිබිණි. බොහෝ කලකට ඉහත දී පඩිපෙළ අබියස සිට අලුත් සර් සමග ඒ පිළිබඳ ව දොඩන ලද වදන් කිහිපය මම මෙනෙහි කළෙමි. ඒ දැහැන බිඳී ගියේ අම්මා ගේ ඇමතුමකිනි."අද අරුණ පත්තරේ ලිපියක් තියනව අම්මෙ...""ආ ඇත්ත ද?... ළඟදි ෆේස්බුක් පැත්තෙ ...
සිනා මල්වැසි වසීවා! කුරුටු ගෑ ගී පොත සවන නොවැකෙන ලෙවන් පැන - බස් ඉසව්වක දිවි ගෙවේවාසහස් සුවහස් දවස් - සති - වස් අසුරු සැණකින් ඇදේවාසතන සැඬගිම් නිවා සනහා වසත් සෙවණැලි වැටේවාසසර මංපෙත මංසලක් අස සිනා මල්වැසි වසීවා! ...
සදානන්දකර වූ.... (19) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)අලුත් සර් වෙත භාර දිය යුතු නිබන්ධයක් මා නිම කළේ උපරිම උත්සාහයෙන් සහ මහත් බැතියෙනි. එය භාර දීමට නියමිත දිනට පෙර දින ය, පසු දින පැවැත්වෙන විජයග්‍රාහී සමරුව නිසා විශ්වවිද්‍යාල වසා තැබෙන බවට රාවයක් පැතිර ගියේ. පුස්තකාලයෙන් පොත් තෝරාගෙන ඉදිරියට පැමිණෙන විට අලුත් සර් හමු විය."සර් මේ... හෙට නිවාඩුද?""ආ... ලබන සතිය ...
සදානන්දකර වූ.... (18) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)කලාගාරයේ පැවැත්වුණු දේශනයක් සඳහා චතුරිත් මනීෂාත් මමත් සනාතන මන්දිරයේ සිට පියමං කරමින් සිටියෙමු. "මේ කලබල තව කොච්චර කල් තියෙයිද දන්නෑ නේද?""අනේ මන්ද... ඉක්මනට ඉවර වෙනවනං ලොකු දෙයක්. අහිංසක ළමයි පව්....""කොහොමත් තව මාසයක් විතරවත් තියෙයි.""ලබන අවුරුද්දෙ ඉඳන් මේ සිද්ධී ගැන විශේෂයෙන් හොයනව කියන්නෙ ඇත්තද?""පිට කාටවත් හොයන්න දෙයක් නෑ... ඇතුළෙ ඉන්න අය ම ...
.... කුරුටු ගෑ ගී පොත ... ඒ කොළ කැබැල්ලට වසර හතරකි ....නිහඬ නිසල ව දෙසනු'දෙස තතුසිතුම් සයුරේ ගිලි හදේනිඳා නො නිඳා සිටින විට නෙතුකවක් එල්ලුණි පන්හිඳේසරමි සටහන් අතර රහසින්දිනපොතේ සිතුවිලි ගෙතූමතක් වෙයි හද පිපුණු හසකැන්විටෙක කඳුළැල්ල ද එතූසිනා කුසුමන් විටෙක පර වීසුසුම් සුළඟක් සිත හැපේසසර තව හුඟ දුර යි සිහි වීපැතුම් පිනි වැද මල් පිපේජීවිතේ කටු අකුල් වුව සමුබලා ඉන්නෙමි නැත විඩාසසර නැවතුම්පොළක හමු වෙමුසොඳුරු ...
සදානන්දකර වූ.... (17) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)නිවස බලා ගොස් නැවත සරසවිය වෙත පැමිණීමට නුවර - කොළඹ බසයකට නැගුණු දිනක ය, මට රුවිනි හමු වූයේ. ඈ මා ගේ පාසල් මිතුරියක් විය."කොහෙද මෙහෙ?""නැන්දට සනීප නෑ. මාවනැල්ලෙ යනව. මේ අපේ අයිය.""ආ...."අපි සාමාන්‍ය ආ ගිය තොරතුරු කතාබහ කරමින් ගමන් ගතිමු. රුවිනි ගේ අයියා ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ පසුදින සැන්දෑවේ ය. නොහඳුනන අංකවලට ...
සදානන්දකර වූ.... (16) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සරසවි දිවිය වෙත පුනරාගමනය කළ කල අලුත් සර් ගේ දේශන ඇසීමේ වරම යළිදු හිමි විය. කලාගාරයේ පිටුපස ම පෙළ අසුන් ගෙන සටහන ලියන අතරවර මට අලුත් සර් දෙස බැලිණි.මගේ චිත්ත වීථියට එක් වර පා නැගුවේ අරුණි මිස් ය. පාසල් ජීවිතය පුරා සෙවණැල්ලක් සේ මා අසල හිඳිමින් රැකවරණ සැලසූ අරුණි මිස් ය. ...