මහින්දට බෑ නෙමෙයි පුළුවන් | Who says Mahinda can't? තහනම් වචන "මහින්දට බෑ...!"කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් ...
මාලක ආලත්තිය | The Malaka Prayer තහනම් වචන මාලක සිල්වා නම් එකෙක් 2013 දී ඔඩෙල් එක ඉස්සරහදී හමුදාවෙන් අම්බානක කාපු වෙලේ, එකී රණවිරුවන්ට සෙත්පතා ලියන ලද පැරැණි කන්නලව්වකි මේ.. එය එදා මෙන්ම අදට ද ගැළපේ යැයි සිතමු.. "ඕං නමෝ නාරායන හනුමා මාර්තණ්ඩ වර වරේස්වාහා.. එදා මිහිඳු රජුන් කල ජම්බුද්දීපයට දකුණින් මූද මැද්දේ ආසියාවේ ආස්චරියාවේ උපන් සහෝදර තුංකට්ටුවේ ආනුභාවයෙන් හඬගසා වදාරන්නේ, අහස ගුගුරුවාගෙන වර වර, මුහුද දෙබෑ කරගෙන වර ...
නලින් මාමා සහ බෑණාවරු | Uncle Nalin and his Nephews තහනම් වචන (ප්‍රවීණ ලේඛක චානුක වත්තේගම විසින් සිය වත්පොතේ තබන්නට යෙදුණු සටහනකි.)නලින් ද සිල්වා මාමාට ෆේස් බුක් බෑනාවරු බොහෝ වෙති. මේ බෑනාවරුන්ගේ දැනුමේ වපසරිය කෙතෙක් සීමාසහිතද යත් ඔවුන් සිතා සිටින්නේ 'ජාතික චින්තනය' යනු මාමාගේම, තනිව මාමාගේම වැඩක් බවය. මාමාගේ උදාහරණ, අදහස්, යෙදුම් නැතිව වාක්‍ය දෙකක් වත් ලියා ගන්ට බැරිකමින්ම එය පැහැදිළි වේ.අද අප 'ජාතික චින්තනය' නමින් දන්නා ඊනියා දර්ශනයක් වේද (එහි වලංගු ...
එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න | Come, let us modernize your posterior තහනම් වචන එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න!ඡායාරූපය උපුටාගත්තේ "ගොඩේ බයියා" ලියු සටහනකිනි... ඔක්කාරය දනවන තරමේ අප්‍රසන්න මාතෘකාවක් වුවද, පසන් කොඩිකාරගේ මරණය සහ ඉන් පසුව සිදු වූ යම් යම් කාරණා පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුව තිබේ.. එසේ වන්නේ පසන් කොඩිකාරවත්, ඔහුගේ නික්මයාමෙන් අනතුරුව තමන් පොරවල් යැයි සිතාගන්නා උදවියවත් ළඟ ඇති අමුතු බක්කක් නිසාවත් නොවේ.. මේ විප්‍රකාර බලං ඉන්නා පොඩි එව්වෝ "මේ මොකක්දැයි" අපෙන් ...
ෂර්ලොක් හෝම්ස් සහ ගොක්කොල සිරි | Sherlock Holmes and Gokkola Siri තහනම් වචන කතාව නිර්මාණය දිමුත් මධුශංක උපුටා ගැනීම සිංහලෙන් Tricks & Tipsෆේස්බුක් පිටුවෙන්"සුභ උදෑසනක් මිත්‍රයා""හෝම්ස්, පැමිණියේ මා බව ඔබ දැනගත්තෙ කොහොමද?""ඔබ පැමිණියේ පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන් නේද?""ඔව්, ඒත්......""මේකයි, ස්ටේෂන් එකේ තියන අශ්ව කරත්ත වලින් පීටර්සන්ගෙ අශ්වයගෙ සීනුව ටිකක් වෙනස්, ඒක හඳුනගන්න පුළුවන් ලේසියෙන්ම, නෝර්විච් පැත්තෙ ඉඳල එන කෝච්චියෙන් බහින කෙනෙකුට ඉස්සෙල්ලම මුණගැහෙන්නෙත් පීටර්සන්..... ඔන්න නෝර්විච් පැත්තෙ ඉඳල කෝච්චියෙ ආපු කෙනෙක්, පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන්, ...
ෂර්ලොක් හෝම්ස්ට එරෙහිව හිස්.බී. | Mr. Ass Bee vs Sherlock Holmes තහනම් වචන (by Chithru de Silva)මොර සූරන වැස්සේ පාර පනිනා විට, ඇඟේ ළාවට ගෑවී නොගෑවී ගිය ත්‍රීවීලරථයේ රියදුරාගේ මව සහ පියා සිහිපත් කරමින් බේකර් වීදීයේ (නොබෝ දිනකින් මද්දුම බණ්ඩාර හෝ වීර පුරන් අප්පු වීදිය ලෙස නම් වනු ඇත ) නොම්බර 221 කරා පියමන් කෙළෙමි. මා යනවිට හෝම්ස් සිටියේ Assassin's Creed: Brotherhood ගසමිනි. බාගෙට කා තිබූ චිකන් කොත්තුවක්ද පසෙකින් දක්නට ලැබිණි. කෙසේ නමුත් ...
වර්ජනය අසාර්ථකයි | The Failed Strike තහනම් වචන වර්ජනය අසාර්ථකයැයි ද, ආණ්ඩුව සාර්ථක යැයි ද මේ දිනවල මහා ගෝසෙට කතාව යනු පෙනේ. මේ "ජයග්රහණයෙන් මත්වී උද්දාම වන උදවියගේ ආතල් කැඩීමට අපට සිත් නොදෙතත්, උන්ගේ ආතල් වලට ගෙවන අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ වචන ටික කිව යුතුමය. මේ ඔබ දකින්නේ අපට ඉතිරිව ඇති එකම විමධ්‍යගත මාධ්‍ය වන අන්තර්ජාලය ඔස්සේ පළවූ අදහස් කීපයකි.රජු දිගා වේවා!අපේ ඉතිහාසයේ ඈත ඉඳන් පැවත එන එක්තරා ...
සත්තයි සහතිකයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි! විදුලිය වගේ! | Works like a Flash තහනම් වචන විදුලි බිලේ උණුසුම ජනතාවට දැනීමත් සමග, 21 වැඩ වර්ජනයට දහස් ගණනින් සෙනග ඒකරාශී වන බවට තොරතුරු ලැබීමත් සමග, අපේ මාධ්‍ය නඩ සිය වැඩ කිඩ පටන් ගෙන තිබේ. මෙන්න මැයි මස 09 වන දින ඒ ගැන බුකියේ දමිත් කේතක සොයුරා විසින් කරන ලද සටහනක්.පුරෝකථනයවිදුලි මංකොල්ලයට එරෙහි වැඩ වර්ජන දිනය ලං වනවිට, ඒ වැඩ වර්ජනයේ සහාභාගීත්වය උද්යෝගිමත් බව පෙනෙන්නට තිබුණහොත් මෙන්න මේ ...
ඩෑන් බ්‍රවුන් සහ මොනාලීසා | Dan Brown & Mona Lisa තහනම් වචන සටහන: මේ ලිපිය මුලින් පල කෙරුණේ, පාප් වහන්සේ සහ අලුත් සාන්තුවරු යන මැයෙන් අප ලී පැරැණි ලිපියක කොටසක් ලෙස ය. එහෙත් මෙහි දැක්වෙන යම් යම් කරුණු, බොහෝ පාඨකයන් හට නුහුරු නුපුරුදු හෙයින් දෝ, ඒ ගැන මීට වඩා සවිස්තරව ලියන මෙන් පාඨක ඉල්ලීමක් ලැබී තිබිණි. ඒ ඉල්ලීම සපුරා ලමින්, මේ ලියැවෙන්නේ එතෙක් මෙතෙක් කතෝලික පල්ලිය සම්බන්ධ තහනම් ම වචනය ගැනයි. එනම් ...
පාප්තුමන් සහ අලුත් සාන්තුවරු | Pope and the New Saints තහනම් වචන විශේෂ සටහන: පාඨක අදහසක් අනුව, මේ කතාවට ම අදාළ, Dan Brown සහ මොනාලීසා ගැන කතාව, වෙනම ම ලිපියක් ලෙස, වඩා සවිස්තරව ඉදිරිපත් කෙරෙනු ඇත. මන්දයත් මොනාලිසා සහ පල්ලිය ගැන කියන්නට සෑහෙන දිග විස්තරයක් ඇති බැවිනි. මෙතෙක් කතාවXVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ හදිසි සහ අනපේක්ෂිත ඉල්ලා අස්වීම පිටුපස ඇති ප්‍රසිද්ධ රහසක් ගැන අපි මීට පෙර ලිපියකින් සාක්ෂි සහිතව කරුණු ගෙන ...
පාප් වහන්සේ ඉල්ලා අස්වුණේ ඇයි? | Why the Pope Resigned තහනම් වචන මේ වසරේ සිදු වූ ලෝක ආගමික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධීන් අතරින් ඉහළම වැදගත්කම ඇති සිද්ධිය කුමක්දැයි විමසුවහොත්, ඊට අවිවාදයෙන්ම දිය හැකි එකම පිළිතුර වන්නේ, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම යන්නයි. මේ සිද්ධියේ ඇති බරපතළකම වටහා ගනු පිණිස අපි කෙටි පෙරදැක්මකට යොමුවෙමු.පාප් වහන්සේ යනු කවරෙක් ද?පාප් වහන්සේ යනු කතෝලික ලෝකයෙහි ආගමික නායකයාණෝ වෙති. ලොව වැඩිම පිරිසක් ...
විරාමයෙන් පසු | After the Break තහනම් වචන විරාමයකින් පසු...දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව යළිත් බ්ලොග විවෘත කොට යමක් ලියන්නට වෙර දරමි. එසේ කරන තුන්වෙනි සතිය මේ ය. මේ වන විට ලියන්නට පටන් ගෙන ලියා අහවර නැති ආටිකල් ම තුනක් තිබේ. ලියන්නට යන එව්වා කලින් කීම දැන් කාලයේ ආතල් එක වී තිබෙන බව පෙනෙන නිසා ඔන්න ඒ ටික මෙසේ ලියා දක්වමි.1. මා-තැලී (මාතලන් හට කිණ්ඩියක් නොව) අහවරක් නැති රථවාහන තදබදය ...