අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself තහනම් වචන * සටහන: ඡායාරූප උපුටා ගැනීම, අපේ සහෝදර බ්ලොග්කරුවකු වන සමකය වටේ ලියන නලීන් දිල්රුක්ෂ ගෙනි. සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තර සහිත නලින්ගේ මුල් ලිපිය මෙතැනින් කියවන්න.* පසු සටහන: මේ ලිපියට අප විසින් ලියන ලද පසු සටහන මෙතැනින් කියවිය හැකි ය.උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ...
විශාඛා පාගමන සහ ගෙරි පාගමන | The Visakha walk and Cattle walk තහනම් වචන විශාඛා විද්‍යාලයීය වාර්ෂික පාගමන මේ මස එනම් ජුනි පළමුවන දින පන්දහසකට අධික ශිෂ්‍යාවන් සහ ආදී ශිෂ්‍යාවන් ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදි. ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ලක් සඳහා මුදල් සම්පාදනය කිරීම පිණිස විද්‍යාලයීය ආදී ශිෂ්‍යා සංගමයේ සහ පාසැල් සංවර්ධන සමිතියේ මෙහෙයවීම යටතේ, විද්‍යාලයීය විදුහල්පතිනිය, ආදී විදුහල්පතිනිවරුන් සහ වෙනත් බොහෝ සම්භාවය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණි.විශාඛාවන් පාගමන ගිය එක ගැන හොඳම ඉස්ටෝරිය වාර්තා ...
ග්‍රෑන්ඩ්පාස් මගෝඩිය | Grand Scam in Grandpass තහනම් වචන ඊයේ දිනයේ දී රටම කැළඹු අලුත්ම ආරංචිය වන්නේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ල වී ඇතැයි කියන ප්රහාරයකි. මෙකී සිද්ධිය ලිපියක් ලිවීමට තරම් වැදගට් දෙයක් යයි අපට සිතෙන්නේ නැතත්, මේ සිද්ධිය හා පසුබිම් වන දේශපාලන සන්දර්භය සැලකු විට ඒ ගැන යමක් නොලිවීම පාඨකයා හට කරන අසාධාරණයක් යයි සලකන බැවින්, උතුරා යන අපුලෙන් යුතුව මේ ටික ලියමු. ඡායාරූපය මවුබිම අඩවියෙන්සිද්ධියට ...
තුවක්කුවෙන් පුකේ ඇරීම | Rifle Butt in Yo Butt තහනම් වචන කොළඹ නුවර පාරට ආසන්නව රතුපස්වල කියා දේශද්‍රෝහී ගමක් තිබේ. ඒ ගමේ වෙසෙන දේශද්‍රෝහියෝ එසේ දේශද්‍රෝහී වී ඇත්තේ මේ මෑතකදීය. ඊයේ පෙරේදා වනතුරු ඒ මිනිස්සු ද ආසියාවේ ආශ්චර්යයේ ආඩම්බරකාර පුරවැසියෝ ව සිටියහ. රතුපස්වල පිහිටි "වින්ග්‍රෝ" නම් කම්හලකින් මුදාහැරෙන අපජලය නිසා ප්‍රදේශවාසී මිනිස්සුන්ට බොන්නට වතුර නැති වීම මෙසේ දේශද්‍රෝහී වන්නට හේතුව යයි කියති.(පසුබිමින් සජීව ආවරණය: https://www.youtube-nocookie.com/embed/5ScVz9AwJL4)අපේ රටේ මිනිස්සුලාට මොන දේ කළත් ගුණයක් ...
ඔවුහු චෝ ගම් ගා අලවාගත්හ. | They stuck CHOGM up their asses තහනම් වචන සුද්දා ආවේය. මෙහෙ එව්වෝ සද්ද දැම්මෝ ය. සුද්දා ඒවා පඩේකට ගණන් ගත්තේ නැත. සුද්දා යාපනේ ගියේ ය. සුද්දාට එරෙහිව නඩු පවරනවා ය කී, මේ රටෙන් අල්ලාගත් වැලි කැටයක් කැටයක් ගණනේ වන්දි ලබාදෙනවා ය කී උන්දෙලා පශ්චාත් භාගයේ තාර ගාගෙන ඇඳන් යටට වී එබිකම් කළෝ ය. සුද්දාට මුන් කියන කතා දැනගන්න ලැබුණේ නැත. දැනගත්තත් පඩේකට ගණන් ගන්නේ ද නැත. සුද්දා මෙහෙ ...
කන්‍යාවන් අවශ්‍ය කර තිබේ (18+) | Virgins wanted (18+) තහනම් වචන අද සමාජයේ පවතින විවාදාපන්න ම සහ පිළිකුල් දනවන සුළුම මාතෘකාවන්ගෙන් එකක් ගැන කතාකරන්නට ය, මේ සැරසෙන්නේ. ලිපියට ආරම්භයක් ලෙස අපි අපේ සහෘද බ්ලොග් රචිකා "සිත්තරී" ලියු "සංස්කාර විනිවිද" බ්ලොගයෙන් "ලේ" නම් වූ ලිපිය උපුටා දක්වමු.ඉස්කෝලෙන් පස්සෙ ආපු අළුත් ජීවිතේ, විවාහයත් එක්ක තවත් විභාග ගණනාවක් මගේ ඉස්සරහ දිගහැරුණා. අම්මගෙ අතින් එදා සුදු රෙද්ද මගේ ඇඳුම් බෑග් එකේ උඩින්ම ඇතිරුණේ අළුත උපන් ...
නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism තහනම් වචන ප්රවිෂ්ටයමේ දිනවල සමාජ ජාල වල වැදගත්ම මාතෘකාව වන්නේ හරක් මස් විරෝධයයි. හරකා සහ අනිත් සතුන් අතර වන මේ වෙසෙස් වෙනස අපට නම් වැටහෙන්නේ නැත. මේ ටික කී විට හරකාට කිරි අම්මා යයි කියන අයට සැහෙන්නට රිදෙනු ඇත. එහෙත් අපේ නම් අදහස, මේ කතාව ඇත්ත නම්, මුළු රටේම කිරි අම්මාවරු දැන් සිටින්නේ එක්කෝ ඕස්ට්‍රේලියාවේ නැතිනම් නව සීලන්තයේ බවයි. හරකාට අම්මා යයි ...
ඉන්දරතන හිමි සහ අපි | Thero Indarathana and Us තහනම් වචන එකම මාතෘකාව නැවත නැවත පට්ට ගැසීම අපේ සිරිත නූනත්, මේ මෑතක සිදු වූ සිද්ධිය වවාගෙන කෑමට සමහරුන් දරන කූට උත්සාහය පරාජය කරනු වස් මේ වචන ටික ලියා තබනු රිසි වෙමු. අවැසි කෙනෙක් වේනම් කලින් ලිපිය මෙතැනින් කියවිය හැකි ය. (ඒ වන විට මාධ්‍ය වාර්තා වල වැරදියට නම සටහන් ව තිබුණේ ඉන්දසාර හිමි ලෙස බව සළකන්න.)ප්රස්තුතයප්රස්තුතය නම්, හැමෝම දන්නා පරිදි, මහනුවර ...
විදුලි වේසකම | Electricity in Prostitution තහනම් වචන අවවාදයයි! මේ පොස්ටුවේ සමහරුන් කුණුහරුප සේ සළකන වචන තිබිය හැකිය.මුලින්ම කියන්නට ඕනේ දෙයක් තිබේ. එනම් වේසකම යනු හරි සිංහලෙන් බැලුකල, කුණුහරුපයක් නොවන බවයි. වේස යන වචනය හැදෙන්නේ "වේශ්‍යා" යන සංස්කෘත වචනයෙනි. බොහෝ දෙනා මෙය "වෛශ්‍යා" යනුවෙන් වැරැදියට වහරති. "වෛශ්‍යා" යනු "වෛශ්‍ය" හෙවත් වෙළෙන්දා ගේ ස්ත්‍රී ලිංග පදයයි. ගණිකාව යන අරුතක් ඊට නැත. ගණිකාව හෙවත් වේශ්‍යාව යන අර්ථය දෙන නියම සිංහල ...
හලාල් දෙවන වටය | Halal Take Two තහනම් වචන එක්තරා කාලෙක සෑහෙන කතාබහට ලක් වූ "හලාල්" සහතිකය ගැන අපේ බොහෝදෙනා හට ඉක්මණින්ම අමතක වී ගියේ ය. එය පුදුම වන්නට හේතුවක් නොවේ. අප මීට කලින් ලිපියක කියා ඇති සේ, හලාල් යනු ද එක්තරා "පෙත්තකි". පෙත්තේ ආයු කාලය එය ඉලක්ක කරන රෝගයට සාපේක්ෂව වෙනස් වේ. උදාහරණයක් ලෙසට උණට බොන පැරසිටමෝල් පෙත්තේ බලය තියෙන්නේ උපරිමව පැය හයකි. මේ නිසා රටේ ජනතාවට දිගින් ...
වීරාතල් විනාශනය | Busting the Heroes තහනම් වචන ඔබට ජාතියේ පිනට උපන් ( සහ පිනට ජීවත් වෙන ) ෆේස්බුක් වීරයෙකු මුණ ගැසුණු විට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය:~~සටහන දමිත් කේතක ගෙනි.1. එකම වචන සෙට් එකක් පුන, පුනා දැකීම සඳහා ඔබේ දෑස් සූදානම් කර ගන්න - "යකෝ, උන්, මේක, අල්ලනවා, දවසක, උඹලට, තේරෙයි, බහුතරය, වෙච්ච, දාට, අපේ, වීර, අතීතය, දෙන්නෙ නෑ, යකෝ, ලේ කකියනවා, යකෝ, අපිට විතරද, යකෝ" වැනි ...
එන්න මහත්වරුනි, අපි නෝනිස්ගෙ කරේ යං | Come Sir, Let's All Ride Chris Nonis තහනම් වචන චෝගම් නමැති මනාලයා නැති මගුල් කෙළිය අවසානයේ අපේ උන්දෙලා විහින් රෙද්ද ගලවගත්තා පමණක් නොව, ඉස්සරහ පස්ස වංගෙඩි දෙකම උකස් කරගෙන ආපසු ආ හ. සියලු පරාජයන් හමුවේ විඳි එකම ජයග්‍රහණය වුණු නිසා ම, සියල්ලෝම සිත්සේ ක්‍රිස් නෝනිස් මහතා විකුණාගෙන කෑ හ. ඔබ තාමත් ඒ වීඩියෝව බලා නැතැයි අප සිතන්නේ නැත. එහෙත් ලිපිය සම්පූර්ණ වනු පිණිස එය මෙසේ පළකරමු.මේ එක්කම ඔබ නැරඹිය ...
භික්ෂුව සහ දේශපාලනය | Bhikku Politics තහනම් වචන භික්ෂුව දේශපාලනය කිරීම ගැන බොහෝ තැන්වල අප විසින් මතුකරන ලද අදහස් කීපයක් එකට එකතු කර දක්වන්නේ, නැගී එන ජනපතිවරණ ඡන්ද උණුසුම සමග බොහෝ දේ වෙනස් වී ඇති නිසා ය. මෙසේ වෙනස් වී ඇති බොහෝ දේ අතර, ප්‍රධාන තැනක් ගන්නේ භික්ෂු චර්යාව වන අතර, ඒ අනුව භික්ෂු චර්යාවේ ජනයාට කැපී පෙනෙනම ලක්ෂණය වන බණ කියන ශෛලියේ වෙනස් වීම ම හොඳ අධ්‍යයන ...
එන්න, අපි කතන්දර අහමු | Come, let's hear some stories තහනම් වචන ~ ~ ~ පළමු කතාව ~ ~ ~යටගිය දවසැ මියුළු නුවරැ වේදේහ නම් රජ කෙනෙකුන් රජ කරන කල්හි, රජ තෙම මහෞෂධ නම් වූ සිය පඬිතුමන් සමග ඇතුළු නුවර උයනට යන්නා හ. උයන දොරැ තොරණෙහි වසන බොහොඬා, රජ්ජුරුවන් වඩින්නා දැක, හිස නමා ආචාර කෙළේ යැ. රජුද ඒ දැක තුටුපහටු වූ සිතැත්තේ, "රජුට කරන සේවය නොමිලේ නම් නොකළ යුතුය"යි දවස් පතා දෙවියට ...
වැලිවේරියේ පච හැලිය | Cauldron of Lies at Weliweriya තහනම් වචන පසුගියදා වැලිවේරියේදී සිදු වූ අමානුෂික හමුදා ප්‍රහාරය සම්බන්ධව ඔබ දැනුවත් නැතැයි අප සිතන්නේ නැත. එසේ වන්නට නම් එක්කෝ ඔබ මෙතෙක් කල් එක්ටැම්ගෙයක, ළිං පතුළක හෝ ගල්ගුහාවක වසන ලද අයෙක් විය යුතුය; නැතිනම් දුමියාට වගේ ඔලුවට වෙඩි පාරක් කා තිබිය යුතුය. කෙසේ වෙතත් ඔබේ මතකය සති දෙකකට වඩා පරණ විය නොහැක. එය ඔබේ වරදක් නොව, සමස්ත ලාංකික ප්‍රජාවගේම පොදු ලක්ෂණයකි. එබැවින් ...
මැයි ගොන්නු | The May Oxen තහනම් වචන වසරේ හොඳම රංගොජාට හිමි ස්වර්ණ වෘෂභ සම්මානය සඳහා හේතු පාඨය: වසරේ තුන්සිය හැටපස් දවසේ ම ආණ්ඩුවට බණිමින් එහෙත් කියන කියන හැටියට පටි තද කර ගනිමින් එදා වේල කා ජීවත් වීම වෙනුවෙන්ද, ප්‍රශ්න අමතක කරවන්නට පෙන්වන හලාල්, නයි කෙල්ල, පොල් කෙල්ල, කටුගේ කඩුව, කන්ගැට්ටා, වැලිකඩ ප්‍රිසන් බ්රේක්, මට මතක නැහැ, අයිය පව්, ඉසෙඩ් ස්කෝර්, තෙල් බාලා වැනි සම්භාව්‍ය ගණයේ සෝප් ඔපෙරාවක්ම ...
වැලිවේරියේ සැඟවුණු මරණ | Untold Deaths at Weliweriya තහනම් වචන රතුපස්වල කරන ලද අමානුෂික මර්දනයෙන් මියගිය පිරිස මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, ඒ සම්බන්ධව සත්‍ය දත්ත මේ වන තුරුත් පිට කර නොමැති බව වාර්තා වේ. මේ ඒ සම්බන්ධව අප වෙත එවන ලද පාඨක ඉ-ලිපියකින් සකසන ලද්දකි. ලිපියේ සියලු වගකීම එවනනා සතු අතර, කිසිදු හේතුවක් මත ඔහුගේ/ඇයගේ අනන්‍යතාව හෙළි නොකරන බව කරුණාවෙන් සළකන්න. වැලිවේරියේ සිදුකළ ජනමර්දනයේදී මියගියා ...
ජනතාවගෙන් වසං කළ "සටන" මෙන්න | "Satana" (full video of censored political program) තහනම් වචන පූර්විකාව (මංජුල සමරසේකර විසිනි)සිරස අද සටන දේශපාලන වැඩසටහන පැවැත්වීමේන් කලේ ඉතා හොද දෙයකි.මේ හරහා කරුණු කීපයක් සාක්ෂාත් වුණි. මට තේරුණ කාරණාවලට අමතරව ඔබට යමක් වැටහුණා නම් මෙහි සටහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.1. මහින්ද රාජපක්ෂ යනු තව දුරටත් යුද්ධය මෙහෙයවූ අභීත නායකයා නොව, විරුද්ධ මතවාද ජනතාවට ලගා වීම වැලැක්වීම සදහා නිර්ලජ්ජිතව තාක්ෂණික කඩා කප්පල් කාරි ක්‍රියා සිදු කරවන බියගුළු ගොඩේ බයියෙකු ...
දෙපෙත්තෙන් දැනේ | The Two Pills තහනම් වචන "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ""හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියා පිරුළක් තිබේ. බොහෝ දෙනා මෙය, "හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ" කියා වැරැදියට පාවිච්චි කරනු පෙනේ. එහෙත් සත්‍ය වශයෙන්ම මෙහි අර්ථය වන්නේ දෙපියලි බීජයක් රෝපණය කළවිට එය කවරාකාරයෙන් වැඩේ ද යන්න, එහි මුලින් මතුවන දෙපියල්ලෙන් කිව හැකි බවයි. අද කාලයේ "පෙත්ත" යන්නට විවිධාකාර අර්ථ තිබේ. උපත් පාලන පෙත්ත, මත් පෙත්ත, මෝදක පෙත්ත, ආතල් පෙත්ත, ...
පැරැණි රසාංග (2) - ඔබත් කෑල්ලක් නැතිව කරවෙනවාද? | Are you a loser too? තහනම් වචන අපේ මුහුණුපොත් පිටුවේ මීට කලකට පෙර පළකරන්නට යෙදුණු, එහෙත් බ්ලොග් අවකාශයට මුදා නොහරින ලද පැරැණි ලිපියකි. ***මෙතෙක් කල් ජාතිවාදී පෝස්ට් සහ මෙලෝ යකෙකුට වැඩක් නැති කාලකන්ණි ෆොටෝ කෑලි ෂෙයාර් කරමින් කරවෙවී සිටි ඔබට මෙන්න අනගි අවස්ථාවක්!ළඟදී අවසන් වූ / වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය අහවර කළ කොල්ලන් / කෙල්ලන් මේ දිනවල බුරුතු පිටින් සිය ප්‍රොෆයිල ඇක්ටිවේට් කරගනිමින් සිටින බවට ...