අමුවෙන් ගිය ට්‍රිප ... අතීත ගමන් මඟ . . . ගිය පාර ඊද් නිවාඩුවට ලෑස්ති උනේ සති කීපයක ඉඳන්.කන්නේ මොනවාද ගෙනියන්නේ මොනවද හැමදාම කතා කළා.මේ ගමනට ළමයි ඉන්න පවුල් දෙකකුත් සම්බන්ද උන නිසා වාහන බෙදා ගන්න සිද්ද්ද උනා මොකද හැසිරීම ගැටළුවක් නිසා.ඉතින් නියමිත විදියට කලින් දවසේ බඩු ටික ලෑස්ති කරලා තියල ෂොට් එකක් එහෙම දාල පහුවදා බොන්න දේවල් ලෑස්ති කරා.බොන එකනේ අපේ මූලික අරමුණ ගමනක් යනකොට.ඉතින් බියර් විතරක් බොන ඈයෝන්ට ...
තවත් මරු ඩයල් එකක් ... අතීත ගමන් මඟ . . . මේකත් ඔය ක්‍රයිසිස් එකට ටිකක් කලින් සහ ඒ කාලේ කතාවක්.අපේ එක යාලුවෙක් උන්නා.ඔය අපි වගේ ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමේ මෙයා.බොහොම සංයමයෙන් හීන් නූලෙන් වැඩ කර ගන්න ඩයල් එකක්.ආර්ථික විද්‍යාව විශ්වාස කරන පුත්ගලයෙක්. ඉතින් අවශ්‍යම දේකට ඇරෙන්න පොඩි පොඩි වියදම් නෑ මිනිහගේ.ඇත්තටම ඔක්කොම නැතත් ගන්න දෙයක් තියනව ඒ ජිවන රටාවේ.අපි හිතනවට වඩා ලොකු ගානක් වියදම් වෙනවා ඔය පොඩි පොඩි ...
ගමන් බලපත්‍රය . . . අතීත ගමන් මඟ . . . පින්තුරය http://en.wikipedia.org/wiki/Sri_Lankan_passportමට කෙනෙකුගෙන් අහන්න ලැබුන කතාවක් අද කියන්න ඕන කියල හිතුව. මේ කතාව මට අහන්න ලැබුනේ 2009 වගේ.ලංකාවේ කෙනෙක් රට ඇවිත් සිදු උන සිදුවීම්. ඔය කාලේ මම රැකියාව කලේ නගරයෙන් ටිකක් ඈතට වෙන්න තිබුන සයිට් එකක.ගමනාගමනය අති දුෂ්කරයි.ඒ පළාතට බස් යන්නෙත් නෑ ඒ කාලේ.ටැක්සි විතරයි යන්නේ.උදේට යන්න එන්න ටැක්සි වලට ලොකු ගානක් යන නිසා ඒ කිට්ටුවෙන් නතර වෙන්න තැනක් ...
හූනු පලාපල,ලොක්කා,සහ මයේ කරුමය. . . අතීත ගමන් මඟ . . . ඊයේ රෑ නිදා ගන්නකොට දොළහත් පහු වෙලා.ආපහු උදේ තුනට ඇහැරුනා මහා භයානක හීනයක් දැකල.මාව දාල හෙන කාන්තාරේ මැද ප්‍රොජෙක්ට් එහෙකට.මම කොහොම හරි ඒකෙන් පැනල යන්න ට්‍රයි කරනවා.අපි හිටිය තැන වටේටම මහා ලොකු වැටක් ගහල තිබුනේ.ඉතින් මම ගෑස් කටර් එකක් අරන් ඇවිත් වැට කපල පනින්න කියල හිතාගෙන මම ඉඳපු පොර්ටකැබින් එකේ දොර ඇරගෙන එලියට ආව.එතකොට මගේ බොසා මට කියනවා ඇහෙනවා.“මගියෝ මේ ...
සිංහයා සහ ගොරිල්ලා . . . අතීත ගමන් මඟ . . . මම මේ වගේ එව්වා මේකේ කියන්නේ නම් නැහැ.නමුත් පට්ට ජෝක් එකක් නිසා ලියලම දැන්නම්.ලියල කීවට මේක මට ආපු මේල් එකක් ඔන්න.මට ආව වගේ අනික් උන්ටත් ඇවිල්ල ඇති.එක නිසා මේක " මගේ නිර්මාණයක් නොවේ " පැහැදිලිව කියන්න එපයි. . .+======================================================================+පින්තුරේ ගත්තේ www.dreamstime.com ඔන එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක් ගහක් උඩට වෙලා ඉන්නවලු.. . . මූ හෙන වලත්ත ගොරිල්ලෙක්ලු.. . ...
සුළුදිය කරුමය ගෙව්වෙමි . . . අතීත ගමන් මඟ . . . ඔපිසියට අලුතෙන් ආව කෙල්ල(කාන්තාව) හැලුව කෝච්චි ඉස්ටෙසම ලගින්.දාල මම ගියා චමරියට අමතක වෙල අරගෙන ආපු ගෙදර ඩොන්ගල් එක ලන්කාවට යන එහෙකුට දෙන්න ගෙදෙට්ට යවන්න.ගියාම මෙන්න අලුත්ම රසකාරක බෝතල් වගයක් පුරවල පැන්ඩගෙ ඇදුම් අල්මාරියෙ.වයිවාරන එව්ව වගයක් ඇන්න ඇවිත් කවුරුහරි.දැන් ඉතින් මෙව්ව මෙහෙම ඉදුල් නොකර යන එක කාට කාටත් හොද නැති නිසා වෙලාව සවස 5උනත්,බෝතලයක් කඩල කැරපොත්තො දගලපු වීදුරුව හෝදල නමාගත්ත සෙන්ටිමිටර් ...
ඉස්කෝලෙ කාලෙ ලව්. . . අතීත ගමන් මඟ . . . මම 10 වසරේ ඉන්නකොට ඉන්ගිරිස් වලට ලකුනු 35යි.මම ගෙදර යනකොට පෑනෙන් ඒක 85 ක් කරගෙන ගියේ. අම්ම නම් සැක කලේ නෑ.නමුත් අප්පච්චි කෝටුවක් අරගෙන රිපොර්ට් එක කියෙව්ව නිසා ආපහු 85 බැස්සා 35 ට.ඕක තමා මගෙ ඉතිහාසගත ඉන්ගිරිස් පන්තියට යන්න මූලික උනේ.පන්තිය තිබුණෙ අපේ ගෙවල් තියන පාරෙම තියන සර්ගෙ ගෙදර.බන්කු හතරක් පහක් සෙට් දෙහෙකට තිබුණ.එහෙක කෙල්ලො අනිකෙ අපි. එදා මම පන්තියට ...
ටිපිකල් ලාංකිකත්වය . . . අතීත ගමන් මඟ . . . ඔන්න ඉස්සර එක කාලයක් එහෙම නැත්නම් එකෝමත් එක කාළෙක අපේ ගමේ තිබුණ වඩු මඩුවක්.ඔය වඩු මඩුවේ බොහොම දක්ෂ වඩු මහත්තයෙක් ගමට ඕන කරන වඩු කර්මාන්තය කරගෙන බොහොම දැහැමෙන් සෙමෙන් කාලය ගත කරා.ඉතින් ඔය ගමේ හැමෝම යන්තම් ඉලන්දාරි වෙන කොට දෑතේ වැඩක් ඉගෙන ගන්න එක සාමාන්‍ය දෙයක්.මේ ගමේ හිටපු ඉලන්දාරි ටිකත් ඔය තිබුන එකම වඩු මඩුවේ බාසුන්නැහැ ලග වඩු වැඩ ඉගෙන ...
කාඩ් සෙල්ලම. . . අතීත ගමන් මඟ . . . පින්තූරෙ:http://www.funchatcam.com/shop/playing-card-draw/කලින් කතාව ලියනකොට මතක් උනා තව එකක්.ඔය අපි සාමාන්‍යපෙල කරන කාලෙ.අපි පොඩි පොඩි ඔට්ටු දාල පෑන්ගෙම් ගහනව.ඔය අතර හිටිය එකෙක් දවසක් ගෙනාව කාඩ් කුට්ටමක් පන්තියට.ගෙනල්ල දැන් බූරුව ගහනව විශේශ ආරක්සක වැඩපිලිවෙලක් යටතේ.ඒ ගැනත් ඩින්ගක් කියන්නම් මොකද ඒකත් මරු කේස් එක.අපේ පන්තිය තිබුනේ ඕපන් කොරිඩොර් එහෙක පන්ති පෝලිමක. කොරිඩොව පැත්තේකොට බිත්තිය උඩ ලී දැල් ගහල.ඔය බූරු ගහන එක පටන්ගන්න කලින් අපි ...
උගත් මෝඩ මනමාලයෝ ... අතීත ගමන් මඟ . . . මේ ඔක්කොම පටන් ගත්තේ මේ දවස් වල රාමසාන් හින්ද ඔෆිස් කලින් ඉවර වෙන නිසා චමරියට යන්න ගත්ත එක නිසා.ඔකේ ඉන්නවා අකලට නාකි වුන ඩයල් එකක්.දැන් වයස හතළිහකට කිට්ටුයි.මම ගිහින් හිටියේ ඔය හාදය ඉන්න කාමරේ.මම මිනිහ දැනගෙන දැනට අවුරුදු හතරක් විතර වෙනවා.පිටින් පේන විදියට හොද මනුස්සයෙක්.අවුලකට තියන්නේ තාම කුලෑටි ගතිය.ඉතින් මම චමරියට ගිය වෙලාවක මිනිහ මුඩ් ගහල හිටිය.මමත් මනුස්සකමට ඇහුව මොකද ...
ආතල් රැයක්... අතීත ගමන් මඟ . . . අද දවසින් බාගයක්ම නිදි.අද නිවාඩු දවස නිසා ඊයේ කල වැඩේ අද දවසින් බාගයක්ම අඳුරු උනා.යාලුවෝ ටිකක් එකතු වෙනවා කියල පණිවිඩය ආවේ මමත් පොඩ්ඩක් අනුමත වෙන්න පටගන්න කොටමයි.ඒ වැඩේ පැත්තකින් තියල මමත් මම ගෙනපු බෝතලයයි ග්‍රිල් කරපු කුකුලෙකුත් කඩෙන් අරන් යන්න පිටත් උනා.යනකොට සාජා තියන ඔක්කොම වාහන පාරේද කොහෙද.හිමින් හිමින් ඇදී ඇදී මම යනකොට මුන් වැඩේ පටන්ගෙන.පින්තුරේ ගත්තේ:eujeenbevermix.blogspot.comමමත් වාඩි වෙලා පටන් ...
පුතා විස්කි ගනන්. . . අතීත ගමන් මඟ . . . පින්තුරෙ ගත්තෙhttp://www.crownwineandspirits.com/brands/Glenfiddich-Whisky.htmlමගෙ හාමිනෙගෙ තාත්ත නැති වෙලා අදට සති තුනයි.ගොඩක් හොද මනුස්සයෙක්. ජිවිතේ හොදටම තෙරුම් අරගෙන සරල විදියට ජිවත් උනේ.මේ කතාව තාත්ත නැති වෙන්න මාසෙකට විතර කලින් උනේ.මම ගෙදර ගිහින් හිටියෙ දවස් තුනකට.තාත්ත මෙහෙ ඇවිත් ඉදල ආපහු ගිහින් හිටියෙ අපේ ගෙදර.මම කුලියට අරගෙන ඉන්න තැන.ඔය ගෙදර තියෙන්නෙ හාමිනේගෙ අක්කගෙ ගේ ඉස්සරහමයි.එ ගෙදර ඉන්නෙ අක්කයි අයියයි, ඒ අයියගෙ අම්මයි තාත්තයි. ඔය මස්සිනාගෙ ...
රෙෆරන්ස් ටු දේශකයාස් පොස්ට් ඩේටඩ් 02/11/2013 අතීත ගමන් මඟ . . . දවස ගිය අවුරුද්දේ ඊද් නිවාඩුවට කලින් දවස.ඒ කියන්නේ අගෝස්තු 17.ඔය දවස් වල මගියාගේ හාමිනේ දුව හම්බවෙන්න හිටපු කාලේ.ජුනියර්ට වයස තුනයි.ඉතින් ඊද් දවස් වල ශෝපින්ග් මෝල් වල හොදටම සෙනග.මම හවස තුනට විතර ගියා මෙහෙ තියන සාප්පු සන්කීර්ණයකට.නම ඩුබායි මෝල් කියල.එකේ තියනව ලෝකේ ලොකුම මාලු ටැංකිය.ඉතින ඕක පටන් අරගෙන අවුරුදු කීපයක් ගියත් මම බලන්න ගිහින් තිබුනේ නැහැ.පින්තුරෙ http://sharememe.org/dubai-mall-aquarium-diving-7-hd-wallpapers/dubai-mall-aquarium-diving-7-hd-wallpapers-2/මෝල්එක හෙන ලොකුයි.එහෙං මෙහෙං යන්න ...
චරිත තුනක් . . සහ අවුරුදු 6 ක් . . . අතීත ගමන් මඟ . . . පහුගිය දවසක මට හම්බ වෙලා කතා කරන්න ලැබුන පරණ යාලුවෝ දෙන්නෙක් එක්ක.අන්තිමට හම්බ උනේ අවුරුදු දහයකට කලින්. ඒ කාලේ අපි ඉස්කෝලේ යන අන්තිම කාලේ.අපි හැමෝටම එක එක කාලෙට ෆිට් වෙන යාලුවෝ ඉන්නවනේ උසස්පෙළ පන්ති යනකොට, ඉස්කෝලේ බස් එකේ, කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හදන කොට උදව්වට සෙට් වෙන උන් වගේ කාලයක් හොදටම ඉදල පස්සේ සම්බන්දකම් අඩු වෙන ආවෝ ගියෝ ඈයෝ උබල ...
කසාද ජීවිතේ ලමයගෙ ඉස්කෝලෙ මගෙ ඊසි ලයිෆ්. . . අතීත ගමන් මඟ . . . දෙදහස් පහේ හයේ මගෙ ජීවිතේ ටිකක් අමාරු කාලයක් කියල මම හිතාගෙන උන්නේ. ඒ මම හොදම අමාරුවක වැටුන දෙදාස් අට නමය වෙනකල්.එයිට පස්සෙ මේ ජොබ් එකට ඇවිත් යන්තම් ඔලුව උස්සගත්ත.දුව හම්බවෙන්න පව්ල ලන්කාවට යවල මම මෙහෙ හිටිය කාලෙ ඉවර වෙන්න යන්නෙ.පහුගිය මාසෙ දෙකේ මම නොහිතපු විදියට ගෙදර එක්ක කොකු.සතියකට සැරයක් රන්ඩු.රන්ඩු නම් මොනවද. . . ලන්කවෙ ඉන්නකොට නම්.මෙහෙ ඉදල රන්ඩු වෙනකොට ...
කැරපොත්තෝ. . . අතීත ගමන් මඟ . . . කැරපොත්තෝ යනු අප පරිසරයේ ජිවත් වන තවත් සත්ත්ව කොට්ටාශයකි.විද්‍යාත්මක නම නොදන්නා අතර ඒ ගැන සෙවීම දිවට එතරම් සුවදායක නොවෙන බැවින් අපි ඒ ගැන මග ඇර කතා කරමු.අප ජීවත් වන පරිසරය ජයිව විවිදත්වයකින් හෙබි පරිසරයකි.රටින් රට ඒ විවිදත්වය වෙනස් වන අතර ඒ ඒ රටවල එය රැකීම සදහා විශේශයෙන් පිහිටුවා ඇති ආයතන පවතී.මේ විවිදත්වය ආරක්ශාකර ගනිමින් සන්වර්ධන වැඩ කටයුතු කිරීමට වෙනම වචනයක් ...
කළු ලේබල් සමග පරණ මතක . . . අතීත ගමන් මඟ . . . කාලය: 2006ස්ථානය: කොලඹ කොටුව දුම්රිපොලඋදෑසන 5ට පමණ කොලඹට පැමිනි නගරාන්තර බස් රථය කොටුව දුම්රිය ස්ථානය පිටුපස නවත්වන ලදින්, දෙපාමුල තිබූ ගමන් මල්ල දකුණු කරට ගෙන බැස ගතිමි.නිදිමත කොතරම් දැඩීවීද යත් යා යුත්තේ කිනම් දිසාවකටදැයි යන්න මනසට කාන්දු වූයේ සෙමින්ය .ගාල්ලෙන් ගත් වතුර බෝතලේ ඉතිරි වී තිබුන වතුර ටික උගුරෙන් පහලට දමා ගත් විට යම් පමණක ප්‍රකෘති ගතියක් ලැබුණි.පෙරදින වැඩබිමේ පඩි ...
ප්‍රින්ටින් මිස්ටේක් ..... අතීත ගමන් මඟ . . . Image from gowhereyougrow.wordpress.com මම මගේ කලින් පොස්ට් එකේ කීවා නේද රැකියා අයදුම්පතේ තිබුන මුද්‍රණ දෝෂයක් දුර දිග ගිය හැටි.ඔය කර්මය මට ඔයිට කලිනුත් පල දීල තියනවා.ඒ කියන්නේ ඒක මගේ දුර්වල තැනක්... ඔයිට පස්සෙත් කීප ගමනක් ඔහොම උනා එක එක තැන වලදී.ඒවගෙන් විනොදාස්වාදයක් තියන කතා ටිකක් විතරක් කියන්නම් අද එකක් කියන්නම්.ඔන්න මම කැම්පස් එකේ 3 වැනි අවුරුද්දේ ඉන්න කාලේ.3 වැනි අවුරුද්ද ...
රැස් විහිදල ප්‍රොපෙසනල් උන හැටි . . . අතීත ගමන් මඟ . . . 2013 ගෙවිල ගියා.කරන්නම් කියල හිටි වැඩ වලින් වැඩි කොටහක් නොකෙරුන නිසා 2014 කරන්න කියල වෙනම වැඩ දා ගත්තෙ නෑ.දෙසැම්බර් අන්තිම වෙනකොට සුපුරුදු මහා වන්චාව සෙට් උනා.ඔඩිට් එක. ඕකට මම වන්චාව කියන්නෙ නිකන් නෙමේ.ඔඩිට් එකෙන් කරන්න තියෙන අරමුන කෙසේ වෙතත් ඉන්වොයිස් නැතිව ගත්ත බඩු වලට ඉන්වොයිස් හදන එකයි, සල්ලි දීල අරගත්තට ඉස්ටොරුවෙ නැති බඩු විකුන්න කියල ඉන්වොයිස් හදන වගෙ මහා බරපතල ...
ක්ලයන්ට්ගේ ඩයල් එක . . . අතීත ගමන් මඟ . . . මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.අර බුකියේ ඈයෝ නම් දන්නවා ...