ක්ලයන්ට්ගේ පොරගේ වද මල් තේ එක. . . අතීත ගමන් මඟ . . . ලියන්න ගත්තේ පවුල ගෙදර යැව්වම . ආවම නවතුනානෙව.පහුගිය සතියේ සංගීත එහෙකදී හැබැහින් නොදැක්ක , දුකා ලොක්ක හමු උනා හැබෑවට . පොඩිම පොඩි එකාවත් අරගෙන ඇවිදින් උන්න. ඉතින් මොනා හරි කියල ලියන්න ඕන උනා.ඇත්තටම වැඩේ උනේ, මගේ රැකියා ඉස්තානය මාරු උන නිසා මෙව්වා ලියන්න බැරි උනා එතන. සමාජ ශාලා අඩවි බ්ලොක්. බ්ලොගර් බ්ලොක්. ගෙදර ගියාම දෙන්නෙක් ඉන්නවා ඉතිරි කාලේ ගන්න. ඉතින් ...
කසාද ජීවිතේ ලමයගෙ ඉස්කෝලෙ මගෙ ඊසි ලයිෆ්. . . අතීත ගමන් මඟ . . . දෙදහස් පහේ හයේ මගෙ ජීවිතේ ටිකක් අමාරු කාලයක් කියල මම හිතාගෙන උන්නේ. ඒ මම හොදම අමාරුවක වැටුන දෙදාස් අට නමය වෙනකල්.එයිට පස්සෙ මේ ජොබ් එකට ඇවිත් යන්තම් ඔලුව උස්සගත්ත.දුව හම්බවෙන්න පව්ල ලන්කාවට යවල මම මෙහෙ හිටිය කාලෙ ඉවර වෙන්න යන්නෙ.පහුගිය මාසෙ දෙකේ මම නොහිතපු විදියට ගෙදර එක්ක කොකු.සතියකට සැරයක් රන්ඩු.රන්ඩු නම් මොනවද. . . ලන්කවෙ ඉන්නකොට නම්.මෙහෙ ඉදල රන්ඩු වෙනකොට ...
හූනු පලාපල,ලොක්කා,සහ මයේ කරුමය. . . අතීත ගමන් මඟ . . . ඊයේ රෑ නිදා ගන්නකොට දොළහත් පහු වෙලා.ආපහු උදේ තුනට ඇහැරුනා මහා භයානක හීනයක් දැකල.මාව දාල හෙන කාන්තාරේ මැද ප්‍රොජෙක්ට් එහෙකට.මම කොහොම හරි ඒකෙන් පැනල යන්න ට්‍රයි කරනවා.අපි හිටිය තැන වටේටම මහා ලොකු වැටක් ගහල තිබුනේ.ඉතින් මම ගෑස් කටර් එකක් අරන් ඇවිත් වැට කපල පනින්න කියල හිතාගෙන මම ඉඳපු පොර්ටකැබින් එකේ දොර ඇරගෙන එලියට ආව.එතකොට මගේ බොසා මට කියනවා ඇහෙනවා.“මගියෝ මේ ...
ක්ලයන්ට්ගේ ඩයල් එක . . . අතීත ගමන් මඟ . . . මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.අර බුකියේ ඈයෝ නම් දන්නවා ...
බ්ලැක් ලේබල්, ක්‍රිකට් සහ අටෝරාසියක් කතා . . . අතීත ගමන් මඟ . . . නිදි නැති රැයේ මගේ සිත කල්පනා සාගරයක ගිලින.සිත ඉතා තදින් වෙහෙසට පත් ඌයේ මේ මේ කාරනා නිසා යයි ටක්කෙට කිව නොහැක.සෙමින් සෙමින් මගේ කල්පනාවන් පැය කීපයක සිට දින තුනක් පසුපසට ගමන් කරන්නට විය.සතියේ අවසාන දිනය වන ගුරුදා උදේ මගේ මිත්‍ර xxx මා හට ඇමතුමක් එවන ලදින් එයට ප්‍රතිචාර දැක්වුයෙමි.xxx : "අන්න බන්ඩ යනවලු පාර්ටියක් දෙන්නෙ නෑ?????"මම: "අම්මද බොල !!! එහෙමද ...
කැරපොත්තෝ. . . අතීත ගමන් මඟ . . . කැරපොත්තෝ යනු අප පරිසරයේ ජිවත් වන තවත් සත්ත්ව කොට්ටාශයකි.විද්‍යාත්මක නම නොදන්නා අතර ඒ ගැන සෙවීම දිවට එතරම් සුවදායක නොවෙන බැවින් අපි ඒ ගැන මග ඇර කතා කරමු.අප ජීවත් වන පරිසරය ජයිව විවිදත්වයකින් හෙබි පරිසරයකි.රටින් රට ඒ විවිදත්වය වෙනස් වන අතර ඒ ඒ රටවල එය රැකීම සදහා විශේශයෙන් පිහිටුවා ඇති ආයතන පවතී.මේ විවිදත්වය ආරක්ශාකර ගනිමින් සන්වර්ධන වැඩ කටයුතු කිරීමට වෙනම වචනයක් ...
අපේ කම . . . අතීත ගමන් මඟ . . . එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ.මේ ඒකෙ දෙවෙනි කොටස.ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිට නිමිල ගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුන කාර්යභාරයක් ඉතිරි කරමින්.මෙයිට වසර කිහිපයකට පෙර එක දක්ෂ වඩු කාර්මිකයෙක් අල්ලපු ගමක ඉදන් මේ ගමට පය තිබ්බ.බොහොම ...
කළු ලේබල් සමග පරණ මතක . . . අතීත ගමන් මඟ . . . කාලය: 2006ස්ථානය: කොලඹ කොටුව දුම්රිපොලඋදෑසන 5ට පමණ කොලඹට පැමිනි නගරාන්තර බස් රථය කොටුව දුම්රිය ස්ථානය පිටුපස නවත්වන ලදින්, දෙපාමුල තිබූ ගමන් මල්ල දකුණු කරට ගෙන බැස ගතිමි.නිදිමත කොතරම් දැඩීවීද යත් යා යුත්තේ කිනම් දිසාවකටදැයි යන්න මනසට කාන්දු වූයේ සෙමින්ය .ගාල්ලෙන් ගත් වතුර බෝතලේ ඉතිරි වී තිබුන වතුර ටික උගුරෙන් පහලට දමා ගත් විට යම් පමණක ප්‍රකෘති ගතියක් ලැබුණි.පෙරදින වැඩබිමේ පඩි ...
රැස් විහිදල ප්‍රොපෙසනල් උන හැටි . . . අතීත ගමන් මඟ . . . 2013 ගෙවිල ගියා.කරන්නම් කියල හිටි වැඩ වලින් වැඩි කොටහක් නොකෙරුන නිසා 2014 කරන්න කියල වෙනම වැඩ දා ගත්තෙ නෑ.දෙසැම්බර් අන්තිම වෙනකොට සුපුරුදු මහා වන්චාව සෙට් උනා.ඔඩිට් එක. ඕකට මම වන්චාව කියන්නෙ නිකන් නෙමේ.ඔඩිට් එකෙන් කරන්න තියෙන අරමුන කෙසේ වෙතත් ඉන්වොයිස් නැතිව ගත්ත බඩු වලට ඉන්වොයිස් හදන එකයි, සල්ලි දීල අරගත්තට ඉස්ටොරුවෙ නැති බඩු විකුන්න කියල ඉන්වොයිස් හදන වගෙ මහා බරපතල ...
ඉස්කෝලෙ කාලෙ ලව්. . . අතීත ගමන් මඟ . . . මම 10 වසරේ ඉන්නකොට ඉන්ගිරිස් වලට ලකුනු 35යි.මම ගෙදර යනකොට පෑනෙන් ඒක 85 ක් කරගෙන ගියේ. අම්ම නම් සැක කලේ නෑ.නමුත් අප්පච්චි කෝටුවක් අරගෙන රිපොර්ට් එක කියෙව්ව නිසා ආපහු 85 බැස්සා 35 ට.ඕක තමා මගෙ ඉතිහාසගත ඉන්ගිරිස් පන්තියට යන්න මූලික උනේ.පන්තිය තිබුණෙ අපේ ගෙවල් තියන පාරෙම තියන සර්ගෙ ගෙදර.බන්කු හතරක් පහක් සෙට් දෙහෙකට තිබුණ.එහෙක කෙල්ලො අනිකෙ අපි. එදා මම පන්තියට ...
රෙෆරන්ස් ටු දේශකයාස් පොස්ට් ඩේටඩ් 02/11/2013 අතීත ගමන් මඟ . . . දවස ගිය අවුරුද්දේ ඊද් නිවාඩුවට කලින් දවස.ඒ කියන්නේ අගෝස්තු 17.ඔය දවස් වල මගියාගේ හාමිනේ දුව හම්බවෙන්න හිටපු කාලේ.ජුනියර්ට වයස තුනයි.ඉතින් ඊද් දවස් වල ශෝපින්ග් මෝල් වල හොදටම සෙනග.මම හවස තුනට විතර ගියා මෙහෙ තියන සාප්පු සන්කීර්ණයකට.නම ඩුබායි මෝල් කියල.එකේ තියනව ලෝකේ ලොකුම මාලු ටැංකිය.ඉතින ඕක පටන් අරගෙන අවුරුදු කීපයක් ගියත් මම බලන්න ගිහින් තිබුනේ නැහැ.පින්තුරෙ http://sharememe.org/dubai-mall-aquarium-diving-7-hd-wallpapers/dubai-mall-aquarium-diving-7-hd-wallpapers-2/මෝල්එක හෙන ලොකුයි.එහෙං මෙහෙං යන්න ...
ටිපිකල් ලාංකිකත්වය . . . අතීත ගමන් මඟ . . . ඔන්න ඉස්සර එක කාලයක් එහෙම නැත්නම් එකෝමත් එක කාළෙක අපේ ගමේ තිබුණ වඩු මඩුවක්.ඔය වඩු මඩුවේ බොහොම දක්ෂ වඩු මහත්තයෙක් ගමට ඕන කරන වඩු කර්මාන්තය කරගෙන බොහොම දැහැමෙන් සෙමෙන් කාලය ගත කරා.ඉතින් ඔය ගමේ හැමෝම යන්තම් ඉලන්දාරි වෙන කොට දෑතේ වැඩක් ඉගෙන ගන්න එක සාමාන්‍ය දෙයක්.මේ ගමේ හිටපු ඉලන්දාරි ටිකත් ඔය තිබුන එකම වඩු මඩුවේ බාසුන්නැහැ ලග වඩු වැඩ ඉගෙන ...
කාඩ් සෙල්ලම. . . අතීත ගමන් මඟ . . . පින්තූරෙ:http://www.funchatcam.com/shop/playing-card-draw/කලින් කතාව ලියනකොට මතක් උනා තව එකක්.ඔය අපි සාමාන්‍යපෙල කරන කාලෙ.අපි පොඩි පොඩි ඔට්ටු දාල පෑන්ගෙම් ගහනව.ඔය අතර හිටිය එකෙක් දවසක් ගෙනාව කාඩ් කුට්ටමක් පන්තියට.ගෙනල්ල දැන් බූරුව ගහනව විශේශ ආරක්සක වැඩපිලිවෙලක් යටතේ.ඒ ගැනත් ඩින්ගක් කියන්නම් මොකද ඒකත් මරු කේස් එක.අපේ පන්තිය තිබුනේ ඕපන් කොරිඩොර් එහෙක පන්ති පෝලිමක. කොරිඩොව පැත්තේකොට බිත්තිය උඩ ලී දැල් ගහල.ඔය බූරු ගහන එක පටන්ගන්න කලින් අපි ...
පටෝන් පටෝන් . . අතීත ගමන් මඟ . . . පින්තුරේ : http://www.grammarly.com/blog/wp-content/uploads/2013/12/English.jpgමම පොඩි එකා කාලේ අධ්‍යාපන වැඩ වලට ඒ තරම් දක්ස පොරක් නෙමේ.පන්තියේ පහලොව විස්ස තමා සාමාන්‍ය පෙළ වෙනකල් හිටියේ.පිස්සු නටලත් නෙමේ, පාඩම් වැඩ කලත් එච්චරයි.මැටිකම තමා.ඔය සාමාන්‍යපෙල කාලෙ ඉන්ගිරිස් වලට හිටියේ වයසක සර් කෙනෙක්.වයස 80 ක් වගේ ඔය කාලෙ.සර්ට ටිකක් ඇත්නම් මලම පනිනව.ඉතින් අපි ඔය පීරියඩ් එකේ වැඩිපුර සද්ද නැහැ.ඉන්ගිරිස් නම් ඉතින් සුද්දගෙම වගේ.බුද්දාගම ගැන පොතක් එහෙමත් ලියල ...
යන්න කියල ගියාට යැවෙන්නේ නෑ . . . අතීත ගමන් මඟ . . . ගිය අවුරුදේ මගේ උපන්දිනේ සෙට් වෙලා තිබුනෙ සතියේ දවසක.නමුත් මට ඒ ගැන මතකයක් තිබුනේ නැහැ.මොකද දුව හම්බවෙන්න දින දවස් කීපයකින් පහු උන නිසා වගේම වයිෆ්ට එන්න එන්නම අමාරු වේගෙන ආව නිසා ඒ ගැන කල්පනා කල මිසක ඔය වගක් මතක් උනේ නැහැ.ඉතින් ඔය දවස් වල අපේ පෝරිසාද මල්ලි (මම කතා දෙකක් කියල තියෙන්නෙ 01 , 02 ) බිස්නස් කොරන්න ජොබ් එකෙන් ...
ඔන්න බලාපල්ල ඒකෙත් හැටි. . . අතීත ගමන් මඟ . . . කලින් පොස්ටුවෙ කොමෙන්ට් වලට උත්තර දෙන්න බැරි උනා.පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි උනා මේකට එන්න බැරිව ගියා.මේක මට ඔය පහුගිය දවසක වෙච්චි වැඩක්.මේ දවස් වල මම පොඩ්ඩක් රැකියාවෙ අන්සෙන් වුවමනා කරන සුදුසුකමක් අරගන්න මහන්සි වෙනව.මමයි තව මම වගේම කැලේ පැන්න එකෙකුයි තමා සෙට් වෙලා ඔය වැඩේ කර ගන්න ක්‍රමයක් හොයන්නෙ.ඉතින් ඔය වැඩෙ කර ගත්ත යාලු මිත්‍රයෝ ගොඩක් ඉන්න නිසා අපි ...
සිංහයා සහ ගොරිල්ලා . . . අතීත ගමන් මඟ . . . මම මේ වගේ එව්වා මේකේ කියන්නේ නම් නැහැ.නමුත් පට්ට ජෝක් එකක් නිසා ලියලම දැන්නම්.ලියල කීවට මේක මට ආපු මේල් එකක් ඔන්න.මට ආව වගේ අනික් උන්ටත් ඇවිල්ල ඇති.එක නිසා මේක " මගේ නිර්මාණයක් නොවේ " පැහැදිලිව කියන්න එපයි. . .+======================================================================+පින්තුරේ ගත්තේ www.dreamstime.com ඔන එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක් ගහක් උඩට වෙලා ඉන්නවලු.. . . මූ හෙන වලත්ත ගොරිල්ලෙක්ලු.. . ...
සුළුදිය කරුමය ගෙව්වෙමි . . . අතීත ගමන් මඟ . . . ඔපිසියට අලුතෙන් ආව කෙල්ල(කාන්තාව) හැලුව කෝච්චි ඉස්ටෙසම ලගින්.දාල මම ගියා චමරියට අමතක වෙල අරගෙන ආපු ගෙදර ඩොන්ගල් එක ලන්කාවට යන එහෙකුට දෙන්න ගෙදෙට්ට යවන්න.ගියාම මෙන්න අලුත්ම රසකාරක බෝතල් වගයක් පුරවල පැන්ඩගෙ ඇදුම් අල්මාරියෙ.වයිවාරන එව්ව වගයක් ඇන්න ඇවිත් කවුරුහරි.දැන් ඉතින් මෙව්ව මෙහෙම ඉදුල් නොකර යන එක කාට කාටත් හොද නැති නිසා වෙලාව සවස 5උනත්,බෝතලයක් කඩල කැරපොත්තො දගලපු වීදුරුව හෝදල නමාගත්ත සෙන්ටිමිටර් ...
මෙහෙමත් මස්සිනාලා අංක දෙක . . . අතීත ගමන් මඟ . . . මේකත් මම මේ ලගදී ගෙදර ගිය වතාවේ උන කතාවක්.ඔය මගේ පොඩිම මස්සිනා ඉන්නේ මෙහේනේ.මිනිහ ටිකක් විතර වෙනස් අනිත් උන්ට වඩා.මම කලින් කියලත් තියනවා මිනිහ ගැන .එදා උදේම මම ඔෆිස් එකට ගිය ගමන් හාමිනේගෙන් කෙටි පණිවිඩයක් ආව තාත්තට අමාරුයි, මල්ලිට කතා කරන්න කියන්න කියල.මම ඒ වෙලාවේ ඉඳන් මිනිහට ගන්නවා ගන්නවා කිසිම ප්‍රතිචාරයක් නැහැ. දැන් එන්න එන්නම තාත්තට අමාරු වෙනවා.මේ මනුස්සය නිදි.යන්තම් ...
පුතා විස්කි ගනන්. . . අතීත ගමන් මඟ . . . පින්තුරෙ ගත්තෙhttp://www.crownwineandspirits.com/brands/Glenfiddich-Whisky.htmlමගෙ හාමිනෙගෙ තාත්ත නැති වෙලා අදට සති තුනයි.ගොඩක් හොද මනුස්සයෙක්. ජිවිතේ හොදටම තෙරුම් අරගෙන සරල විදියට ජිවත් උනේ.මේ කතාව තාත්ත නැති වෙන්න මාසෙකට විතර කලින් උනේ.මම ගෙදර ගිහින් හිටියෙ දවස් තුනකට.තාත්ත මෙහෙ ඇවිත් ඉදල ආපහු ගිහින් හිටියෙ අපේ ගෙදර.මම කුලියට අරගෙන ඉන්න තැන.ඔය ගෙදර තියෙන්නෙ හාමිනේගෙ අක්කගෙ ගේ ඉස්සරහමයි.එ ගෙදර ඉන්නෙ අක්කයි අයියයි, ඒ අයියගෙ අම්මයි තාත්තයි. ඔය මස්සිනාගෙ ...