උපත මගේ මතකය 1975-නොවැම්බර් මස 04 වැනිදා කළුබෝවිල මහ රොහලේ දී පෙරවරු 09.58 ට මම මේ ලෝකයට බිහිවුනා. උක්වත්ත ලොකු ලියනලාගේ පියසීලි පෙරේරා හා වතුදුර නන්දසේන ද සිල්වා මගේ ආදරණීය අම්මා හා තාත්තා වුනා. මම මේ දේවල් ලියන්නේ මගේම ජීවිත කතාව මම ම ලියන නිසාත් එය තවමත් ජීවී ආකාරයෙන් ගලාගෙන යන නිසාත් බව කියන්න ඕනා. මට හන්ගන්න කිසි දෙයක් නැති නිසා ජීවිතය හරි ...
මගේ මතකයට පාර තැනුන හැටි මගේ මතකය මම ගොඩක් දෙවල් දන්න වගේම ඊටත් වඩා මම ගැන නොදැනගෙන සිටිය, මේ ලෝකෙ පොලොවෙ පය ගහල ජීවත් වෙන මිනිසෙක්. (ඔව් මම කියල පටන් ගත්තම ඉවර වෙන්න ඕන මිනිසෙක්මි කියල තමයි. ඒත් මම කැමතියි මගේ විදියට සිංහල වුනත් හසුරවන්න. ඒක මට ලේසියි. ඒ කියන්නෙ සිංහල ව්‍යාකරණ හරියට බෑ කියන එක තවත් විදියකට කියන්න පුළුවන් ලේසි ක්‍රමයක්.) කතාව පිට පැන්නද මන්ද ? ...