එස් 6 Vidula Children\'s Radio සාමුහික සමාජ වගකීමතිරසාර සංවර්ධනය ලබාගැනීමේ සංකල්පය විශ්වීය මට්ටමෙන් වැදගත් කොට හා සුවිශේෂී කොට සලකනු ලබයි. පාරිසරික සමාජික හා ආර්ථීක තිරසරභාවය සඳහා ලොව පුරා සිටින සංවේදී කොටස් හිමියනගේ සාමූහික දායකත්වයේ වටිනාකම වැඩිවෙමින් පවතී. මෙම උත්සහයන්ගෙන් බලාපොරොත්තු වන ප්රතිලාභ දැනට පීඩාවට පත්ව සිටින වර්තමාන පරම්පරාවට වඩා අනාගතයේ පහළ වන ඉදිරි පරම්පරා වල තිරසාර සමෘධිමත් භාවයත් හා සුරක්ෂිත අනාගතයක් සහතික කිරීම සඳහා ඉවහල් ...
ලොව වටිනාම සම්පත - "ළමයින්" Vidula Children\'s Radio ලොව වටිනාම සම්පත වන ළමයින්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම අපගේ ප්‍රබල වගකීමයි.ජාතික ළමා අරක්ෂක අධිකාරියෙන් ළමා ආරක්ෂාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරණය කළ බව එම අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.එය ඩිප්ලෝමා පාඨමාලාවක් දක්වා සංවර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.සහතික පත්‍ර පාඨලාමාව ආරම්භ කිරීමට අදාළ මූලික කටයුතු මේවන විට සිදු කරමින් පවතින අතර තවත් නොබෝ දිනකින් එය ආරම්භ කිරීමට ...
සුපිපෙන මල් Vidula Children\'s Radio හලාවත රදගුරු පදවියට අයත් වයික්කාල, පරණ පාර (ජුසේවාස් මුනි මාවත අසල) 2006 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රවණ ඌනතාවූවන් සඳහා වූ දේව සංරක්ෂණයේ දියණියෝ නිකායේ අධ්‍යාපනය ලබන දූ දරුවෝ 7 දෙනෙක් 2012 වසරේ පැවැති අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව උසස් පෙළ හැදැරීමේ වරම් ලබා සිටිති. මෙම විදුහලින් අ.පො.ස. (සා.පෙළ) විභාගයට වාඩිවූ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම මෙය වෙයි. ශ්‍රවණ ඌනතා ඇති ...
බොරු කියලා කුඩා දරුවන් බය කරන වැඩිහිටියන්ට Vidula Children\'s Radio බොරු කියලා කුඩා දරුවන් බය කරන වැඩිහිටියන්ටඅද හුඟක් අම්මලා කරන ඉතාම නරක වැඩක් තමයි පුංචි ළමයින්ව බය කරන එක. කෑම කවාගන්න, නිදි කරවාගන්න බැරි වුණාම, අම්මට රූපවාහිනී බලා ගන්න බැරි වුණාම අම්මලා කරන්නේ පුංචි ළමයාව බය කරනවා. නැතිනම් රවට්ටනවා. මේක ඉතාම නරක වගේම, ළමයා ලොකු වුණාමත් එයාට ඒක නරක විදියට බලපාන දෙයක් බව අම්මලා හොඳින් තේරුම් ගන්න ඕනේ.ළමයින්ගේ තීරණ ගැනීමපොඩි ...
ගුවන් විදුලි ළමා පිටිය දෙසැම්බර් 01 දා සිට යළි සජීවීව Vidula Children\'s Radio ගුවන් විදුලි ළමා පිටිය දෙසැම්බර් 01 දා සිට යළි සජීවීව ඉදිරිපත් කිරීමට ළමා අංශය කටයුතු කර ඇත.Fm 91.7 ---- Fm 91.9ඔස්සේ දිනපතා සවස 4 සිට 5 දක්වා ඔබට ළමා පිටිය ශ්‍රවණය කළ හැක.ඔබ ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියේ සිටි අයෙක් නම් ඒ මතකය අවදි කර මෙහි සටහනක් තබා යන්න.සිංහල ස්වදේශීය සේවය සහ විදුල ළමා ගුවන් විදුලිය ...
මියුසියස් දියණියන්ගේ "මතුදා ප්‍රතිභා ප්‍රභා"ගුවන් විදුලි සංස්ථාවෙන් Vidula Children\'s Radio "මතුදා ප්‍රතිභා ප්‍රභා" පෙබරවාරි 09 වැනිදා සවස 5ට ස්වදේශිය සේවයෙන්fm 91.7 or 91.9 මියුසියස් විද්‍යාලීය ජනමාධ්‍ය ඒකකයේ සිසු දැරියන් සමග.........
ජාතික හැඳුනුම්පත ගැන දැනගන්න Vidula Children\'s Radio ස්තුතිය කතෘ ට.. ඊමේල් එකකින් ආවේ....අණ්ඩර දෙමල වෙබ් අවකාශය.
සොබාදහමට ප්‍රේම කළ කවියා Vidula Children\'s Radio සොබාදහමට ප්‍රේම කළ කවියා මීමන ප්‍රේමතිලකයන්ගේ 49 වැනි ගුණානුස්මරණය වෙනුවෙනිමෙරට ජනතාව අතර සිංහල කවිය වඩාත් ප්‍රචලිත වූයේ කොළඹ යුගයේ දී ය. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, එච්.එම්.කුඩලිගම, විමලරත්න කුමාරගම, චන්ද්‍රරත්න මානවසිංහ මේ යුගයට ඇතුළත් කැපී පෙනෙන කවීහු වෙති.මේ අතරින් ආදරය, ස්ත්‍රිය හා ස්වභාව සෞන්දර්යට මුල් තැනක් දුන් මීමන ප්‍රේමතිලක ද කිසියම් මට්ටමකින් සිංහල කවියේ උන්නතිය උදෙසා දායක වෙයි. මීමන ප්‍රේමතිලක පොදු ...
සේකර ‘හෙවණැලි ඇද මිනිස්සු’ කවරේ ඇන්දෙ ගිනිකූරකින් Vidula Children\'s Radio මහගමසේකරයන් බහු විවිධත්වයෙන් යුත් නිර්මාණකරුවෙක්. මේ සුවිශේෂී බව පිළිබඳ ඔබේ අදහස.සේකරයන් බහු විවිධත්වයේ යුතු වීමට බලපෑ හේතුකාරණා 4 ක් මම දකිනවා. එකක් තමයි ඔහු ප්‍රාචීනවාදී සාහිත්‍යයේ කෙළවරට ම ගිය නිර්මාණකරුවකු වීම. උදාහරණ වශයෙන් ජාතක පොත ථෙර, ෙථිරී ගාතා, ධම්මපදය, මහාභාරතය, රාමායණය, ජන කතන්දර ආදී සාහිත්‍යාංග ඔහු කියවලා ඇසුර ලබලා තියෙනවා. ඒක පළවෙනි රේඛාව. දෙක මේ ආකාරයෙන් ම සේකර පෝෂණය වෙලා ...
කොටියා මෙල්ල කළ හැටි Vidula Children\'s Radio කොටියා මෙල්ල කළ හැටිඑක් කාලයක එක් පළාතක ඉතා අලංකාර ගම්මාන දෙකක් තිබුණා. ඒ ගම්මාන දෙක අතර විශාල වනාන්තරයක් තිබුණු අතර ගම් දෙක යා කරන අඩිපාර තිබුණේ මේ වනාන්තරය හරහා. එක් ගමක ඉඳන් අනිත් ගමට යන්න මේ ගම්මුන්ට තිබුණු එකම පාරත් මේ වනාන්තරය හරහා තිබෙන පාරමයි. වනාන්තරේ හිටියා මහා භයානක කොටියෙක්. ඌ හැමදාම මේ අඩි පාරේ යන මිනිසුන් මරාගෙන කනවා. ඉතින් ...
නොමියෙන, "සේකර" Vidula Children\'s Radio මහගමසේකර කවියෙකි. ගීත රචකයෙකි. නාට්යවේදියකි. සිනමාකරුවෙකි. මේ සා පැතිරුණු ඉතා විසල් ක්ෂේත්රයන් කිහිපයක් ආවරණය කරන ලද ඔහුගේ නිර්මාණ දායකත්වය පිළිබඳ කවියකු, ගීත රචකයකු, හා සාහිත්‍යධරයකු සමඟ සිදුකරන කෙටි සාකච්ඡාවක් ඇසුරින් මේ සටහන සැකසුණි.සේකර තරම් පසු පරම්පරාවට බලපෑ වෙන කෙනකු නොමැති තරම්ඩබ්. ඒ. අබේසිංහසේකරයන්ගේ සාහිත්‍ය නිර්මාණයන්හි පොදුවේ ඔබ දකින විශේෂ ලක්ෂණ මොනවාද?ලංකාවේ බිහිවූ සාහිත්‍යධරයන් අතර මහගමසේකර ඉතා සුවිශේෂි පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණයන්හි ...
පාඩම් කරන හැටි.... Vidula Children\'s Radio ඕනෑම විභාගයක් සඳහා සූදානම් වෙන ඕනෑම කෙනෙකුට මතක තියාගන්න ක්‍රමයක්. විභාගෙකට විතරක් නොවෙයි යමක් මතක තියාගන්න ඕනෙ ඕනෙම අවස්ථාවක මේ ක්‍රමය අත් හදා බලන්න.මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ...
Fun Maths and Science Vidula Children\'s Radio http://www.sundaytimes.lk/130421/funday-times/fun-maths-and-science-3-41058.html
“එකෝමත් එක රටක පුංචි කැලෑවක හා පවුලක් ජීවත් වුණා." Vidula Children\'s Radio සමාජයෙන් සමාජයට මවුවරු වෙනස් වුවත් ඒ දයාව කරුණාව එකමයි“එකෝමත් එක රටක පුංචි කැලෑවක හා පවුලක් ජීවත් වුණා. ඒ හා පවුලේ හිටියා පුංචි හා පැටියෙක්. හා අම්මා මේ පැංචට හැමදාම කියනවා අම්මට නොකියා ගෙදරින් පිට කොහේවත් යන්න එපා කියලා. හා අම්මයි හා තාත්තයි එහෙම කියලා පුංචි පැංචව ගෙදර තියලා කෑම සොයන්න යනවා. ඒත් එක දවසක් හා පැංචට හිතුණ මේ ලෝකේ ලස්සනම ...
කිරි අම්මාවරුන්ගේ දානය Vidula Children\'s Radio කිරි අම්මාවරුන්ගේ දානයඅවුරුද්දට අස්වනු නෙළා ගෙට ගත් පසු අපේ ගෙදර ඒවා පළමුව දෙන්නේ කිරි අම්මාවරුන්ටයි. විශේෂයෙන් මෙම දානය දෙන්නේ බදාදා හා සෙනසුරාදා (කෙම්මුර) දවස් වලටයි. අම්මා දානයට පෙර දින සවස කැවුම්, පිසින්නීය. කැවුම් පිස අවසාන වූ පසු කිරිඅම්මලාට ආරාධනා කිරීමට යයි. එසේ ආරාධනා කරන්නේ බුලත් කොළය බැගින් කිරි අම්මලාට දීමෙනි.පසුවදා කපුටන් කෑගැසීමට පෙර කිරි අම්මාවරු හත්දෙනා සුදුවතින් සැරසී නිවෙසට පැමිණෙති.පිරිසුදුවට ...
මෙන්න අපට පාඩමක් Vidula Children\'s Radio මෙන්න අපට පාඩමක්දිනක් කාමරයේ සිටින මම මකුළුවෙකු දැලක් වියන අයුරු දුටුවෙමි.මකුළුවා සෙමින් සෙමින් උඩට ඇදෙයි. ඌ ගමන් කරන්නේ කුමක් මතදැයි මම විමසිලිමත් වීමි. ඇසට නොපෙනෙන ඉතා කුඩා සිහින් නූලක් ඌ පසු පසින් ඇදී එයි. මද දුරක් ගිය මකුළුවා ආපසු මේසය මතට වැටිණි. යළිත් ඌ ගමන මුල සිට ආරම්භ කළේ ය. අනතුරුව ඌ නැවත ගොස් ඇඳුම් අල්මාරියේ කෙළවරක රැදිණි. යළි එහාටත් ...
ගුවන් විදුලි ළමා පිටියේ විශ්ව කර්මයා - මහින්ද අල්ගම Vidula Children\'s Radio සුසානයේ සුව විඳින්නට නික්ම ගිය ගුවන් විදුලි ළමා පිටියේ විශ්ව කර්මයා මහින්ද අල්ගමදවසේ කෙළවර ගුවන් විදුලි සංස්ථාවේ සිට බෞද්ධාලෝක මාවත ඔස්සේ කොළඹ කනත්ත කරා ඇවිද ඒමේ පුරුද්දක් අපට තිබිණි. මේ හැත්තෑවේ දශකයේ මුල් කාලයයි. ගොම්මන් කළුවර කුර ගාමින් පැමිණෙන තුරු අපි කනත්ත පුරා කරක් ගසන්නෙමු. සොහොන් කොතින් කොතට යමින් ඒවායේ වාසගම් කියවන්නෙමු. තුරු සෙවණක, තණ පලසක අලසව වැතිර ඉන්නෙමු.“යමුද අපි ...
e-තක්සලාව Vidula Children\'s Radio අපගේ අධ්‍යාපන පද්ධතියට එක් වු අපූරු විශේෂාංගයක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඒ තමයි ‘e-තක්සලාව‘අපගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එක් කර ගත හැකි අපුරු මෙවලමක්. මේ වන විටත් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ආධාරක විශාල ප්‍රමාණයක් එක් කර ඇති අතර ඒ සියල්ලම ඉහළ ගුණාත්මක භාවයකින් යුක්තව සකස් කර තිබීමත් විශේෂයි.ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට ඍජුවම ක්‍රියාකාරී ලෙස සහභගී විය ...
දරුවන්ගේ මුල්ම ගණිත ගුරුවරයා අම්මා Vidula Children\'s Radio දරුවන්ගේ මුල්ම ගණිත ගුරුවරයා අම්මාපූර්ව ක්‍රියාකාරී චින්තන අවධියේ පසුවන පෙර පාසල් දරුවා තර්කානුකූලව සිතීමට අවශ්‍ය ප්‍රජනන, බුද්ධිමය දක්ෂතා එකින් එක ගෙන ඒ සඳහා මවුපියන්ට හෝ පෙර පාසල් ගුරුවරියට කළ හැකි විවිධ ක්‍රියාකාරකම් කිහිපයක් මෙහිදී කතා බහ කරමු.නිරීක්ෂණ දක්ෂතාවමේ සඳහා මවුපියන් වන ඔබට විවිධ හැඩතල ඇති උපකරණ කිහිපයක් ගෙන ඒවායේ වෙනස්කම් මොනවාදැයි සාකච්ඡා කළ හැකිය. උදාහරණයක් ලෙස රවුම් හැඩයේ එක සමාන ...