අද ක්‍රිකට් පිටිය (මැයි 18) cowkorner Clairmonte Depeiaza සහ Denis Atkinson හත්වන කඩුල්ලේ ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසු 1955 අද වගේ දවසක බාබඩෝස් හිදී පැවති ඕස්ට්‍රේලියා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී කොදෙව් පිතිකරුවන් වන Denis Atkinson සහ Clairmonte Depeiaza හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 347ක සබඳතාවක් පැවැත්වූවා. කොදෙව් ලකුණු පුවරුව 147/6 සිට 494/7 දක්වා ඉහළ දැමීමට සමත්වූ මෙම සබඳතාව අදටත් හත්වන කඩුල්ලේ ලෝක වාර්තාව ලෙස පවතිනවා. ...
අද ක්‍රිකට් පිටිය (මැයි 22) cowkorner දන්නවද අද තමයි සර් ආතර් කොනන් ඩොයිල් ගේ උපන්දිනය. ගොඩක් දෙනෙක් දන්නෙ නැතිව ඇති අපි කවුරුත් ආදරය කරන ශර්ලොක් හෝම්ස් නවකතා රචකයා වන ඩොයිල් දක්ෂ පළමු පෙළ පිතිකරුවෙකු බව. ඒ විතරක් නෙවෙයි ඔහු තම කතානායකයා වූ ශර්ලොක් හෝම්ස් හට එම නම යොදා ඇත්තෙත් තම සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නමක් ඇසුරින්. පළමු පෙළ තරග 10 කට ක්‍රීඩා කර ඇති ඩොයිල් ක්‍රීඩා කළේ ...
අද ක්‍රිකට් පිටිය (මැයි 14) cowkorner මයිකල් හසී පන්දු 24 කදී නොදැවී ලකුණු 60 බටහිර ඉන්දීය දූපත් හි පැවති 2010 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර ශාන්ත ලුසියා හිදී පැවැත්වුණේ අද වගේ දවසක. ඒ වනවිට ලෝක ශූරයන් වූ පකිස්ථානය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 191ක් රැස්කරන්නට සමත් වුණා. කෙසේ වෙතත් ඉතා තියුණු තරගයකින් අනතුරුව අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවෙන් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 21) cowkorner නවසීලන්තයේ රිචර්ඩ් හැඩ්ලි එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයින් කිහිප දෙනා අතුරින් එක් අයෙකු වන නවසීලන්තයේ රිචර්ඩ් හැඩ්ලි තම ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව (151*) වාර්තා කළේ 1987 අද වැනි දිනකයි. ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹදී තමයි ඔහු මේ දස්කම සිදු කළේ. ඒ වගේම හැඩ්ලි ලබාගත් දෙවන සහ අවසාන ටෙස්ට් ශතකයත් මෙයයි. ටෙස්ට් කඩුළු 413ක් ලබාගත් හැඩ්ලි ව බොහෝ ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 01) cowkorner ජූලි පළමු වෙනිද ක්‍රිකට් පිටියේ සිදුවූ සිදුවීම් ගැනනම් කියන්න විශේෂ යමක් නැහැ. නමුත් ක්‍රිකට් ලොව දැවැන්තයින් දෙදෙනෙකු මෙලොවින් සමුගත් දිනයක් ලෙස අද දිනය හඳුන්වන්න පුළුවන්. එදා මෙදා තුර ක්‍රිකට් ක්‍රීඩාකළ සුපිරිතම පිතිකරුවන් අතරින් එක් අයෙකු ලෙස සැලකෙන එංගලන්තයේ වොලී හැමන්ඩ් අභාව ප්‍රාප්ත වුණේ 1965 අද වැනි දිනකයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 62 යි. අදටත් 58.45 ක් වන හැමන්ඩ් ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 16) cowkorner K.S. රංජිත්සිංජි හෙවත් රංජි ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් අවධියේදී බිහිවූ සුපිරි පිතිකරුවන් වන දුලිප් සහ රංජි ගැන මීට කලින් දවසකත් “අද ක්‍රිකට් පිටිය” තුළින් කතා කළා. ඒ අතරින් රංජි හෙවත් K.S.රංජිත්සිංජි ටෙස්ට් වරම් ලබාගත්තේ 1896 අද වගේ දවසක. ඒ මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගකදී. මෙහිදී රංජි මුල් ඉනිමේ ලකුණු 62ක් හා දෙවන ඉනිමේ නොදැවී ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 15) cowkorner අද දවසෙ මුලින්ම කියන්න යන්නෙ 1995 එංගලන්ත දේශීය සීමිත ඕවර් තරගාවලිය වූ බෙන්සන් සහ හෙජස් කුසලාන අවසන් තරගය ගැන තොරතුරු. මේකෙ ඇති විශේෂත්වය මොකද්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෙන්ට් හා ලැංකෂයර් ප්‍රාන්ත කණ්ඩායම් අතර ලෝඩ්ස් පිටියේ පැවති මේ තරගයේදී ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා පිත්තෙන් දැක්වූ දස්කම් අපි නොදන්නව වුණාට බොහෝ ඉංග්‍රීසි ජාතික ක්‍රීඩා ලෝලීන්ට අදටත් අමතක නැහැ. මෙහිදී මුලින් පන්දුවට ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 12) cowkorner ජාවෙඩ් මියැන්ඩාඩ් අද මුලින්ම කියන්න යන්නෙ 1983 ලෝක කුසලානයේ මුල් වටයේ තරගයක් ගැන. මේ තරගය පැවැත්වුණේ එවකට ලෝක ශූර කොදෙව්වන් හා ඕස්ට්‍රේලියාව අතර හෙඩිංලි හිදී. මෙහිදී ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් ලකුණු 151කට දැවී ගියා. මෙහිදී කොදෙව් ක්‍රීඩක වින්ස්ටන් ඩේවිස් ලකුණු 51 කට කඩුළු 7ක් දවාගන්නට සමත් වුණා. පකිස්ථානයේ අකීබ් ජාවෙඩ් විසින් 1991 දී බිඳ හෙළන තුරු මෙය හොඳම ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 19) cowkorner සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෆ්‍රෙඩ් ටෲමන් අද මුලින්ම කියන්න යන්නෙ 1952 අද වගේ දවසක එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවති එංගලන්තය හා ඉන්දියාව අතර ටෙස්ට් තරගයක සිදුවූ සුවිශේෂී සිදුවීමක් ගැනයි. තුන්වන දිනයේ උදෑසන එංගලන්තය තම පළමු ඉනිම අත්හිටවූයේ කඩුළු 9 කට ලකුණු 347ක් රැස්කිරීමෙන් අනතුරුවයි. මෙහිදී ලෙන් හට්න් ශතකයක් රැස්කළා. ඉන් පසුව ක්‍රියාත්මක වූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෆ්‍රෙඩ් ටෲමන් ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 04) cowkorner Colin Croft පසුගිය අවුරුද්දෙ මාර්තු 4වෙනිදා ක්‍රිකට් ලෝලීන්ට අහන්න ලැබුණෙ කණගාටුදායක ආරංචියක්. ඒ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රුනාකෝ මෝර්ටන් රිය අනතුරකින් කිය ගිය පුවතයි. ක්‍රිකට් තරගයකට සහභාගි වී නැවත නිවෙස බලා යමින් සිටි රුනාකෝගේ මෝටර් රථය මාර්ගය අසළ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. 33වන වියේදී මියයන විට ඔහු ටෙස්ට් තරග 15කට හා එක්දින තරග 56කට ක්‍රීඩා කර තිබුණා. බටහිර ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 03) cowkorner ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිතව ක්‍රීඩාංගනයෙන් පිටත්ව ගිය අකාරය අද දවස නම් ක්‍රිකට් ක්ෂේත්රය පමණක් නොවේ, මුළු මහත් ක්‍රීඩා ලෝකයම කම්පාවට පත්කළ දිනයක්. 2009 අද වගේ දවසක තමයි ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වුණේ. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම තුවාල සිදුවුණත් වාසනාවකට (සහ කණ්ඩායම ගමන් ගත් බස් රථ රියැදුරාගේ දක්ෂතාවය නිසා) ජීවිත හානි සිදුවූයේ නැහැ. 1972 ජර්මනියේ ...
අළු බඳුනේ කතාව – 2 cowkorner අළු බඳුනේ කතාව – 2 තුළින් කතා කරන්නෙ අළු බඳුනේ ආරම්භය ගැනයි. තරගාවලිය ගැන හැඳින්වීමක් ලබදෙන කලින් පළවූ ලිපිය මෙතැනින් බලන්න. 1882 අගෝස්තු 28 ආරම්භ වුණේ ටෙස්ට් ඉතිහාසයේ 9වන තරගය. ලන්ඩනයේ ඕවල් පිටියේ පැවති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලැබුණේ ලකුණු 85ක පහසු ඉලක්කයක්. නමුත් ඔවුන් ලකුණු 77කට දැවී ගියේ ඕස්ට්‍රේලියාවට ලකුණු 7ක තියුණු ජයක් ලබා දෙමින්. Death of English ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 20) cowkorner සංගක්කාරගේ ආගමනය අද දවස ගැන කියනකොට මුලින්ම අද පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගය ගැන නොකියාම බැහැ. මෙහිදී කුමාර් සංගක්කාර විශිෂ්ඨ ඉනිම නම් හැමෝම බලන්න ඇතිනෙ. ඔහු පන්දු 137 කදී රැස්කළ ලකුණු 169 ශ්‍රී ලංකාවේදී වාර්තා වූ හොඳම එක්දින ඉනිමයි. ඔහු විසින් බිඳහෙලන ලද්දේ ඉන්දියාවේ ගෞතම් ගාම්භීර් ලකුණු 150ක් රැස්කර තබා තිබූ වාර්තාවයි. එමෙන්ම එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 02) cowkorner ප්‍රභාකර්ට දරුණු ප්‍රහාරයක් අද නම් නියම දවසක්. 1996 ලෝක කුසලානයේ මූලික වටයේ තරගයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ දිල්ලියේදි. මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුළු 3කට ලකුණු 271ක් ලබා ගත්තා. මීට සචින් ටෙන්ඩුල්කාර් රැස්කළ ලකුණු 137ත් ඇතුළත්. නමුත් ඉන්දීය පන්දු යවන්නන් වෙත දැඩි ප්‍රහාරයක් දියත් කළ සනත් ජයසූරිය සහ රොමේශ් කළුවිතාරණ මුල් පන්දුවාර 3 අවසාන වනවිට ලකුණු 42ක් රැස් කරන්නට ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 01) cowkorner බන්දුල වර්ණපුර 1992 අද වගේ දවසක ඇඩිලේඩ් හිදී පැවැත්වුණේ පකිස්තානය සහ එංගලන්තය අතර ලෝක කුසලාන තරගයක්. මුලින් පන්දුවට පහරදුන් පකිස්තානයට සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 74 පමණයි. නමුත් වර්ෂාව නිසා කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් ලබාදී තරගය අතහැර දමන්නට සිදු වුණා. පකිස්තානයට තරගාවලියේ අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට හැකිවූයේ මෙම ප්‍රසාද ලකුණ නිසයි. කෙසේ හෝ ලැබූ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ...
ක්‍රිකට් වාග් මාලාව -1 (A-C) cowkorner ක්‍රිකට් ක්‍රීඩාවේ සුන්දරත්වයට එක හේතුවක් තමයි විචාරකයින් විසින් යොදා ගන්නා අලංකාර වාග් මාලාව. මේ වචන වල තේරුම් හා එවා භාවිතා වන හේතු දැනගෙන හිටියොත් ක්‍රිකට් වඩාත් හොඳින් රසවිඳින්නට හැකිවේවි. මේ ලිපිය සැකසුවේ Martin Williamson විසින් ලියා Cricinfo හි පළවූ “A glossary of cricket terms“ කියන ලිපිය ඇසුරෙන්. මේ ලිපි මාලාවේ මුල් කොටසින් අපි ඉංග්‍රීසි හෝඩියේ A සිට C දක්වා තෝරාගත් වදන් කිහිපයක ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 11) cowkorner ඇෂ්ටන් ආගාර් ජූලි 11 වැනිදා නම් ක්‍රිකට් පිටියේ වාර්තා අළුත් වූ දවසක්. ඒ අතරින් මුලින්ම කියන්න තියෙන්නෙ අද එංගලන්තයේ නොටිංහැම් හිදී පැවති අළු බඳුන තරගය ගැන. මෙහි දෙවන දිනයේදී ඕස්ට්‍රේලියානු නවක දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ආගාර් පිත්තෙන් දස්කම් දැක්වූවා. තම කණ්ඩායම 117/9 වැනි අසීරු අඩියකට වැටී සිටියදී පිල් හියුස් සමග එක්වූ දහනව හැවිරිදි ආගාර් වේගවත් ලකුණු 98ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ...
අද ක්‍රිකට් පිටිය (පෙබරවාරි 28) cowkorner අද දවස ගැන මුලින්ම කියන කතාව නම් එච්චර හොඳ මතකයක් නෙවෙයි. ඒ ගිය අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවේ තිබ්බ CB තරගාවලියෙ 11වෙනි තරගය ගැන. තරගාවලියෙ තවදුරටත් රැඳී සිටීමට නම් ඉන්දියාව මෙම තරගයෙන් bonus point එකකුත් එක්ක ජයගත යුතුව තිබුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු 320ක ඉලක්කයක් ඉන්දියාවට ලබාදුන්නා. මෙහිදී තිලකරත්න දිල්ශාන් සහ කුමාර් සංගක්කාර දෙදෙනාම ශතක වාර්තා කළා. කෙසේ වෙතත් පන්දු ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 10) cowkorner එංගලන්තයෙන් බිහිවූ දක්ෂ පිතිකරුවෙකු මෙන්ම හිටපු නායකයෙකු වන ග්රැහැම් ගුච් ටෙස්ට් වරම් ලබා ගත්තෙ 1975 අද වගේ දවසක. ඒ බර්මිංහැම් හිදී පැවති අළු බඳුන තරගයකදී. කොහොම වුණත් ගුච්ගේ ආරම්භය නම් එතරම් සුභදායී වුණේ නැහැ. ඉනිම දෙකේදීම ලකුණු නොලබා දැවී යන්නට (pair) ඔහුට සිදුවුණා. කෙසේ වෙතත් වසර 20 කට ආසන්න කාලයක් ක්‍රීඩාවේ නිරත වෙමින් ටෙස්ට් ලකුණු නව දහසකට ආසන්න ප්‍රමාණයක් රැස්කරන්නට ...
අළු බඳුනේ කතාව – 1 cowkorner ක්‍රිකට් ගැන දන්න ඕන කෙනෙක් අළු බඳුන නැත්නම් Ashes තරගාවලිය ගැන අහල ඇතිනෙ. අද cowkorner එකේ කතා කරන්න යන්නේ මේ අළු බඳුන තරගාවලිය ගැන. මුලින්ම කියන්න තියෙන්නෙ මේ තරගාවලිය පැවැත්වෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ආදිතමයන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර. මෙහෙම කියද්දි මතක් වුණේ මීට අවුරුදු කිහිපයකට කලින් එක්තරා ඉන්දීය ක්‍රිකට් ලෝලියෙක් කියපු කතාවක්. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය ...