අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 16) cowkorner 1986 අද වගේ දවසක බටහිර ඉන්දීය කොදෙව්වන් අතින් එංගලන්තය තරග 5-0 ක් ලෙස ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබුවා. මෙය ටෙස්ට් ඉතිහාසයේ තරග 5කින් සමන්විත තරගාවලියක් whitewash එකකින් අවසන් වූ 6වන අවස්ථාවයි. ඒ වගේම කොදෙව්වන් එංගලන්තයට එරෙහිව මේ දස්කම පිට පිටම සිදුකළ දෙවන අවස්ථාවයි. මෙහිදී කොදෙව් වේග පන්දු යවන්නන් වන ජොයෙල් ගාර්නර් සහ මැල්කම් මාර්ෂල් කඩුළු 27 බැගින් දවාගත් අතර ඩෙස්මන්ඩ් හේන්ස්, ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 02) cowkorner අද දිනය නම් ක්‍රිකට් පිටියේ එතරම් විශේෂ සිදුවීම් කිසිවක් සිදුවූ දවසක් නෙවෙයි. හැබැයි ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම අද දවසේ උපන්දින සමරනවා. ඒ අතරින් පළමු වැන්නා ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ත්මාන නායක ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස් අද සමරන්නෙ ඔහුගෙ 26වන උපන්දිනය. ඕස්ට්‍රේලියාවේ වෝ සොහොයුරන් ඒ වගේම ක්‍රිකට් ලොව ජනප්‍රියතම නිවුන් සොහොයුරන් යුගලය වන ඕස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ සහ මාර්ක් වෝ උපත ලබා ඇත්තේ ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 07) cowkorner Super sub – තවත් අසාර්ථක අත්හදාබැලීමක්? ICC එක ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ඉහළ නංවන්න කාලෙන් කාලෙට නීති පොත් අළුත් කරනවනෙ. හැබැයි ඉතින් මේ වෙනස්කිරීම් කොතරම් දුරට සාර්ථක වුණාද කියන එකනම් ප්‍රශ්නයක්. Super sub කියන්නෙත් මේ වගේ අත්හදාබැලීමක්. Football වලදි වගේ තරගයේ ඕනෑම අවස්ථාවක එක් ක්‍රීඩක ආදේශනයක් (substitution) කරන්න අවස්ථාව දීපු එක තමයි මේකෙන් වුණේ. මේ නීතිය ගෙනාවේ 2005 දි. එය පළමුවරට තරගයකදී ක්‍රියාත්මක ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 14) cowkorner 1979 ලෝක කුසලානයේ අද වැනි දිනක මැන්චෙස්ටර් හිදී පැවති එංගලන්තය හා කැනඩාව අතර තරගයේදී කැනඩාව ලකුණු 45 කට දැවී ගියා. මෙය ඒ වනවිට එක්දින ඉනිමක වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාවයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ලකුණු 45 වාර්තා කිරීමට කැනඩාවට පන්දු වාර 40.3ක් වැය වීමයි. ඒ වගේම අංක 3 පිතිකරුවා වූ ෆ්රෑන්ක්ලින් ඩෙනිස් (ලකුණු 21) හැර අන් කිසිවෙකුට ලකුණු 5 ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 09) cowkorner හිටපු එංගලන්ත ආරම්භක පිතිකරු ජෝන් එඩ්රික් 1965 අද වගේ දවසක හෙඩිංලි හිදී එංගලන්තය හා නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයකදී අදටත් නොබිඳුණු වාර්තාවක් බිහිවුණා. එංගලන්ත ආරම්භක පිතිකරු ජෝන් එඩ්රික් නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළේ එදා මෙදා තුර ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හතරේ පහර සංඛ්‍යාවට හිමි වාර්තාව සියතට ගනිමින්. ඔහු එල්ල කළ හතරේ පහර ගණන 52ක්. ඊට අමතරව හයේ පහර ...
අද ක්‍රිකට් පිටිය (මැයි 25) cowkorner මුරලි විජේගෙන් වේගවත් ඉනිමක් පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ දෙවන තරගය (2nd qualifier) චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම් අතර චෙන්නායි හිදී පැවැත්වුණේ අද වගේ දවසක. මෙහිදී මුලින්ම පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුළු 5ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 222ක් රැස්කළා. ආරම්භක පිතිකරු මුරලි විජේ හතරේ පහර 15ක් හා හයේ පහර 4ක් ඇතුළුව පන්දු 58කදී ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 06) cowkorner ක්‍රිකට් විචාරක ඩේවිඩ් ලොයිඩ් ජනප්‍රිය ක්‍රිකට් විචාරකයෙකු වන ඉංග්‍රීසි ජාතික ඩේවිඩ් ලොයිඩ් දන්නව නේද? ටෙස්ට් තරග 9 කට පමණක් ක්‍රීඩා කර ඇති ලොයිඩ් තමන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 214* ලබාගත්තේ අද වැනි දිනක. ඒ එංගලන්තය සහ ඉන්දියාව අතර බර්මිංහැම් හිදී පැවති ටෙස්ට් තරගයකදී. ලොයිඩ් රැස්කළ මේ ද්විත්ව ශතකය සුවිශේෂී වන්නේ ඔහු ලකුණු 50 සීමාව පසුකළ එකම අවස්ථාව මෙය වන නිසයි. ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 11) cowkorner ශක්ලේන් මුෂ්ටාක්ට hat-trick එකක් පකිස්ථානය හා සිම්බාබ්වේ අතර එංගලන්තයේ ඕවල් පිටියේදී පැවති 1999 ලෝක කුසලාන super six වටයේ තරගයේදී පකිස්ථානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ශක්ලේන් මුෂ්ටාක් කඩුළු ත්‍රිත්වයක් ලබා ගන්නට සමත් වුණා. ශක්ලේන් මෙහිදී දවාගත්තේ සිම්බාබ්වේ ඉනිමේ අවසන් කඩුළු 3 වන අතර ඉන් මුල් කඩුළු 2ම stump කිරීම් වීමත් විශේෂයි. මෙම කඩුළු ත්‍රිත්වය ලබාගැනීමත් සමගම ඔහු එක්දින කඩුළු ත්‍රිත්ව ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 26) cowkorner 90 දශකයේ එංගලන්තය නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ ඩොමිනික් කෝක් තම මංගල ටෙස්ට් තරගයේදීම ලෝකයේ අවධානය දිනා ගන්නට සමත් වුණේ 1995 අද වැනි දවසක. කොදෙව්වන්ට එරෙහිව ලෝඩ්ස් හිදී පැවති ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී කොදෙව් දෙවන ඉනිමේ කඩුළු 7ක් ලකුණු 43කට දවාගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට කෝක්ට හැකිවුණා. මේ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය හිමිවුණෙත් ඔහුටමයි. එංගලන්තයෙන් බිහිවූ ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 08) cowkorner ටෝනි ග්‍රේග් ශ්‍රී ලංකාවේ අපි කවුරුත් ආදරය කළ එංගලන්තයේ ටෝනි ග්‍රේග් ටෙස්ට් වරම් ලබා ගෙන ඇත්තේ 1972 අද වගේ දවසක. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව අළු බඳුන කුසලානයේ මැන්චෙස්ටර් හි පැවති තරගයකදී. තරගයේ ඉනිම් දෙකේදීම අර්ධ ශතක වාර්තා කරමින් සහ කඩුළු 5ක් දවාගනිමින් තම කණ්ඩායම ලකුණු 89ක ජයග්‍රහණයක් කරා ගෙන යෑමට ටෝනි ට හැකි වුණා. මෙහිදී ඉනිම දෙකේදීම එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (මැයි 13) cowkorner කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක් 2003 මැයි 13 වෙනිද කියන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ නව ලෝක වාර්තාවක් බිහිවූ දවසක්. එදින බටහිර ඉන්දීය දූපත් සහ ඕස්ට්‍රේලියාව අතර ඇන්ටිගුවා හිදී අවසානයට පත්වූ තරගයේදී ජයග්‍රහණය සඳහා හඹායනු ලැබූ වැඩිම ඉලක්කය වාර්තා කිරීමට කොදෙව්වන් සමත් වුණා. ඒ දැවැන්ත ලකුණු 418 ක ඉලක්කයක් හඹායමින්. ඔවුන් ජයග්‍රහණය කරා ළඟා වූයේ කඩුළු 3ක් පමණක් අතැතිවයි. මෙහිදී ශිවනරීන් චන්ද්‍රපෝල් සහ රම්නරේෂ් ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 12) cowkorner කාලෙකට පස්සෙ… 2009 මුත්තයියා මුරලිදරන්ගේ සමු ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ හරියටම මීට වසරකට පෙර. මෙරටදී පැවති තරග 3 කින් සමන්විත තරගාවලියේ පල්ලෙකැලේදී පැවති අවසන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය 1-0 ක් ලෙස ජයගත්තා. ජයග්‍රහණය සඳහා ලකුණු 270ක් ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව ඒ ඉලක්කය කරා යනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 06) cowkorner 1970 දශකයේ මැද භාගයේ සිට 1990 දශකය දක්වා කාලයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සැලකුණේ ලොව ප්‍රභලතම කණ්ඩායම ලෙසයි. 1988 අද වගේ දවසක ගයනා හිදී පැවති ටෙස්ට් තරගයකදී මේ ප්‍රභල කණ්ඩායම පරාජය කිරීමට ඉම්රාන් ඛාන් ප්රමුඛ පකිස්ථානුවන් සමත් වුණා. කොදෙව්වන් සිය මවුබිමේදී මෙලෙස ටෙස්ට් තරගයක් පරාජය වුණේ වසර 10කට පමණ පසුවයි. හිටපු සුපිරි ඉන්දීය පිතිකරු දිලිප් වෙන්ගසාකර්, ශ්‍රී ලාංකීය වමත් වේග පන්දු ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 26) cowkorner ෂෝන් පොලෝක් 2007 ලෝක කුසලානයේදී ලසිත් මාලිංග පිට පිට කඩුළු 4ක් දවාගනිමින් කළ දස්කම මතකයි නේද? අන්තර්ජාතික මට්ටමින් මේ දස්කම කළ එකම ක්‍රීඩකයා මාලිංග වුණත් දේශීය එකදින තරග (List A) වලදී ක්‍රීඩකයින් 3 දෙනෙකු මාලිංගට පෙර මේ දස්කම සිදුකොට තිබෙනවා. ඒ අතරින් දෙවැන්නා වන දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලෝක් මෙලෙස පන්දු 4ක් තුළ කඩුළු 4ක් දවාගත්තේ 1996 අද වැනි දවසක. එංගලන්තයේ ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 25) cowkorner චමින්ද වාස් එක්දින තරගයකදී කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා වුණේ අද වගේ දවසක. 2004 හරාරේ හිදී චමින්ද වාස් ප්රමුඛ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ලකුණු 35 කට මෙසේ දැවී ගියේ සිම්බාබ්වේ කණ්ඩායමයි. මෙහිදී කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළඟා වීමට හැකිවුණේ නැහැ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම බිඳ හෙළුවේ ඊට වසරකට ඉහත දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලානයේදී තමන් විසින්ම කැනඩාව ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 27) cowkorner ඉම්රාන් ඛාන් 1982 අද වගේ දවසක පකිස්ථානයේ ලාහෝර් වල පැවති ටෙස්ට් තරගයකදී ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිම දෙකේදී කඩුළු 14ක් (8/58 සහ 6/58) දවාගන්නට සමත් වුණා. ඔහුගේ මෙම පන්දු යැවීම ටෙස්ට් තරගයකදී පාකිස්ථානු පන්දු යවන්නෙකු දැක්වූ හොඳම දස්කම වන අතර දකුණු ආසියාවේ පැවති ටෙස්ට් තරගයක වාර්තා වූ හොඳම වේග පන්දු යැවීමද වෙනවා. 1991 මාර්තු 27 වෙනිදා ගයනාවේදී බටහිර ඉන්දීය ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 09) cowkorner සනත්ගෙන් වේගවත් ඉනිමක්… 1996 විල්ස් ලෝක කුසලානයේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය (quarter final) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පකිස්ථානයේ ෆයිසලාබාද් වලදි පැවැත්වුණේ අද වගේ දවසක. මෙහිදී සනත් ජයසූරිය පන්දු 44කදී රැස්කළ වේගවත් ලකුණු 82 කාටත් අමතක නැහැ. එදාම තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරගයක් බැංගලෝරයේදී පැවැත්වුණේ ඉන්දියාව සහ පකිස්ථානය අතර. මුල් ඉනිමේ අවසන් පන්දු වාර කිහිපයේදී ක්‍රියාත්මක වූ ඉන්දියාවේ ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 24) cowkorner සචින් ටෙන්ඩුල්කාර් සර් ඩොන් බ්‍රැඩ්මන් ගෙන් පසු බිහිවූ සුපිරිතම පිතිකරුවා ලෙස සැලකෙන ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් අද තම 40 වෙනි උපන්දිනය සමරනවා. සචින් ගැන නම් ක්‍රිකට් ලෝලී ඔබට අමුතුවෙන් හැඳින්වීම් කරන්න ඕනෙ නැහැනෙ. ටෙන්ඩුල්කාර් ගෙ සමකාලීනයන් වන හිටපු ශ්‍රී ලාංකික දඟ පන්දු යවන ක්‍රීඩක හා වර්තමාන ජාත්‍යන්තර විනිසුරු කුමාර් ධර්මසේන, හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේමියන් ෆ්ලෙමිං සහ හිටපු සිම්බාබ්වේ ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 31) cowkorner මාර්තු 31 වෙනිද ක්‍රිකට් පිටිය ගැන නම් විශේෂයෙන් කිවයුතු දෙයක් නැති තරම්. 1997 අද වැනි දවසක ඉන්දියාව පරදා විශිෂ්ඨ ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා. බාබඩෝස් හිදී පැවති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දියානුවන්ට අවශ්‍ය වුණේ ලකුණු 120ක් පමණයි. ඒත් කර්ට්ලි ඇම්බ්‍රෝස්, ඉයන් බිශොප් සහ ෆ්රෑන්ක්ලින් රෝස් යන වේග පන්දු යවන්නන් එක්ව ඉන්දියානුවන් ලකුණු 81 කට දවාගන්නට සමත් ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 03) cowkorner ජූලි තුන්වෙනිදා කියන්නෙ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම උපත ලැබූ දවසක්. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ගැන කතාකරන කොට නොකියාම බැරි නමක් තමයි ඕස්ට්‍රේලියාවේ චාල්ස් බැනර්මන්. 1877 මෙල්බර්න් හිදී පැවති ඉතිහාසයේ මුල්ම ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුල්ම පන්දුවට මුහුණ දුන්නේ බැනර්මන්. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මුල්ම ලකුණ රැස්කළ ක්‍රීඩකයා මෙන්ම මුල්ම අර්ධ ශතකය/ ශතකය රැස්කළ ක්‍රීඩකයා ලෙසත් ඔහු ඉතිහාසගත වෙනවා. බැනර්මන්ගේ උපත ලබා ඇත්තේ ...