අද ක්‍රිකට් පිටිය (ජූනි 21) cowkorner ලෝක ශූරතාව කොදෙව්වන්ට 1975 පැවති පළමු ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වුණේ අද වගේ දවසක එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියාව අතර. මුලින් පන්දුවට පහරදුන් කොදෙව්වන් සිය පන්දුවාර 60 තුළදී කඩුළු 8 කට ලකුණු 291ක් රැස් කරන්නට සමත් වුණා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ක්ලයිව් ලොයිඩ් පන්දු 85ක් තුළදී වේගවත් ලකුණු 102ක් රැස්කළා. පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාවට පන්දුවාර 58.4ක් තුළදී ...
අද ක්‍රිකට් පිටිය (මැයි 16) cowkorner ජිම් ලේකර් 2010 T20 ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුණේ අද වගේ දවසක. ඒ ක්‍රිකට් ලොව බලවතුන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර. ඒ බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී. එහිදී මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලබාදුන් ලකුණු 148 ක ඉලක්කය කරා ළඟා වීමට එංගලන්ත පිතිකරුවන්ට වැයවූයේ පන්දු වාර 17ක් පමණයි. එහිදී කඩුළු 3ක් බිඳවැටුණු අතර ක්‍රේග් කීස්වෙටර් ලකුණු 63ක් හා කෙවින් පීටර්සන් ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (මැයි 30) cowkorner තවත් දරුණු කඩාවැටීමක් – Cardiff 2011 ශ්‍රී ලංකා කණ්ඩායමේ 2011 එංගලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගය අවසන් වුණේ අද වගේ දවසක. කාර්ඩිෆ් හිදී පැවති තරගයේ අවසන් දිනයේ ලකුණු 96ක් පිටුපසින් ලංකාව තම දෙවන ඉනිම ආරම්භ කරද්දි බොහෝ දෙනා සිතුවේ තරගය අනිවාර්යෙන්ම ජය පරාජයෙන් තොරව අවසන් වෙයි කියල. ඒත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ විදිහට පන්දු වාර 25ක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 82කට ...
අද ක්‍රිකට් පිටිය (මැයි 26) cowkorner ගැන්ගුලි සහ ඩ්‍රාවිඩ්ගෙන් දැවැන්ත සබඳතාවක්… 1996 ලෝක ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව එංගලන්තයේ පැවති 1999 ලෝක කුසලානය ආරම්භ කළේ තම කිරුළ රැකගැනීමේ අරමුණින්. කෙසේ වෙතත් අද වැනි දිනක සමර්සෙට් හිදී පැවති මූලික වටයේ තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමත් සමගම ඒ බලාපොරොත්තු අතහැර දමන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා. මෙහිදී සව්රව් ගැන්ගුලි සහ රාහුල් ඩ්‍රාවිඩ් දෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 15) cowkorner ප්‍රවීණ ක්‍රිකට් විචාරක රිචී බෙනෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායමක් මුලින්ම බටහිර ඉන්දීය දූපත් වල ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 1997 දි, ඒ කියන්නෙ ටෙස්ට් වරම් ලබා වසර පහළවකට විතර පස්සෙ. මෙම තරගය 1997 අද වැනි දිනක නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාව කඩුළු 6ක පරාජයකට ලක්වෙමින්. කෙසේ වෙතත් සනත් ජයසූරිය (පළමු ඉනිමේ ලකුණු 85) සහ මුත්තයියා මුරලිදරන් (34/5 හා 72/3) ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 22) cowkorner ජූනි 22 ගැන කියද්දි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම තමන්ගෙ මංගල ටෙස්ට් තරගයේදී සිදුකළ සුවිශේෂී දස්කම් ගැන නොකියාම බැහැ. ඉන් පළමුවැන්නා ඕස්ට්‍රේලියාවේ රොබර්ට් මැසී. 1972 දී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් හිදී පැවති අළු බඳුන තරගයකදී ටෙස්ට් වරම් ලද දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මැසී මංගල තරගයේදී ක්‍රීඩකයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව දිනාගන්නට සමත් වුණා. ඒ ඉනිම දෙකේදී ලකුණු 84 කට කඩුළු 8ක් හා ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 13) cowkorner දැනට එක්දින ක්‍රිකට් වලින් අංක එක ස්ථානයේ සිටින ඉන්දියාව මුල්වරට එක්දින තරගයකට සහභාගි වූයේ 1974 අද වගේ දවසක. එංගලන්තය සමග හෙඩිංලි හිදී පැවති මේ තරගයෙන් ඉන්දියාවට හිමිවුණේ කඩුළු 4ක පරාජයක්. අමතක නොවන තරගයක් ඊට හරියටම වසර 28 කට පසු එනම් 2002 අද වැනි දිනක මේ කණ්ඩායම් දෙකම ලෝඩ්ස් හිදී මුණගැහෙන්නෙ Natwest කුසලාන අවසන් මහා තරගයේදී. එහිදී එංගලන්තය ලබාදුන් ලකුණු 326ක ඉලක්කය ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 07) cowkorner පුදුමයි නේද ? අද දවස නම් වෙන් වෙන්නෙ එක් ඓතිහාසික තරගයක් ගැන කියන්න. ඒ තමයි 1996 සිංගර් කුසලාන අවසන් තරගය. තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර සිංගප්පූරුවේදී. ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ආරම්භක පිතිකරු සනත් ජයසූරිය අතිශය ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුණා. පන්දු 17ක් තුළ අර්ධ ශතකය වාර්තාකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට ජයසූරිය සමත් වුණා. ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 15) cowkorner අද දවසෙ මුලින්ම කියන්න යන්නෙ 1995 එංගලන්ත දේශීය සීමිත ඕවර් තරගාවලිය වූ බෙන්සන් සහ හෙජස් කුසලාන අවසන් තරගය ගැන තොරතුරු. මේකෙ ඇති විශේෂත්වය මොකද්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෙන්ට් හා ලැංකෂයර් ප්‍රාන්ත කණ්ඩායම් අතර ලෝඩ්ස් පිටියේ පැවති මේ තරගයේදී ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා පිත්තෙන් දැක්වූ දස්කම් අපි නොදන්නව වුණාට බොහෝ ඉංග්‍රීසි ජාතික ක්‍රීඩා ලෝලීන්ට අදටත් අමතක නැහැ. මෙහිදී මුලින් පන්දුවට ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 19) cowkorner රංගන හේරත් අද කොළඹදී අවසන් වුණු ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගයේදීත් විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවුණා. නව නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය යටතේ ලැබූ පළමු ටෙස්ට් තරග සහ තරගාවලි ජයග්‍රහණය තමයි අද වාර්තා වුණේ. අද 35 වෙනි උපන්දිනය සමරන රංගන හේරත් තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 89 කට කඩුළු 7ක් දවා ගනිමින් තම ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඒ වගේම ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 30) cowkorner සුභ උපන්දිනක් ! අද තමයි සනත් ජයසූරියගෙ උපන්දිනය. අද සනත් සමරන්නෙ ඔහුගෙ 44 වන උපන්දිනය. ඒ විතරක් නෙවෙයි, ටෙස්ට් පිටියේ වාර්තා වූ පස්වන කඩුළු ත්‍රිත්වය (hat-trick) වාර්තා වූයේ 1899 අද වැනි දිනක. ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙඩිංලිහිදී මේ දස්කම සිදුකළේ එංගලන්ත පන්දු යවන්නෙකු වූ ජැක් හර්න්. මෙහිදී දැවීගිය පිතිකරුවන් තිදෙනාම ලකුණු නොලබා දැවීයමත් සුවිශේෂී කරුණක්. 1924 අද වගේ දවසක ලෝඩ්ස් හිදී පැවති එංගලන්ත දකුණු ...
අද ක්‍රිකට් පිටිය (මැයි 24) cowkorner නසාර් හුසේන් මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරගාවලිය දැන් අවසන් අදියරටම ළඟාවෙලා. ඇඩම් ගිල්ක්‍රිස්ට් ගේ නායකත්වයෙන් යුත් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම 2009 පැවති දෙවන ඉන්දීය ප්‍රිමියර් ලීග් කිරුළ දිනා ගන්නට සමත් වුණේ අද වගේ දවසක. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවති අවසන් තරගයේදී ඔවුන් අතින් පරාජයට පත්වුණේ අනිල් කුම්බ්ලේ ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 03) cowkorner ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෝකයේ ඇති දර්ශනීයම ක්‍රිකට් ක්‍රීඩාංගන කිහිපය අතරින් එකක් ලෙස සැලකෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පළමු වරට ටෙස්ට් තරගයක් පැවැත්වුණේ 1998 අද වගේ දවසක. එය ලෝකයේ 79 වෙනි මෙන්ම ලංකාවේ 7 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස ඉතිහාසගත වෙනවා. මංගල තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර. ශ්‍රී ලංකාව තරගය ඉනිමකින් හා ලකුණු 16කින් ජයගත් අතර ක්‍රීඩාංගනයේ පළමු ටෙස්ට් ශතකය ...
අද ක්‍රිකට් පිටිය (මැයි 10) cowkorner ක්ලැරී ග්‍රිමට් පසුගිය දවස් කිහිපයේම ඉනිමකදී කඩුළු 10 ම දවාගත් අවස්ථා ගැන කතා කරන්න වුණා. ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂ ගුග්ලි පන්දු යවන්නෙකු වන ක්ලැරී ග්‍රිමට් පළමු පෙළ ඉනිමකදී කඩුළු 10 ම දවා ගැනීමට සමත් වුණේ 1930 මැයි 10 වෙනිදාවක. ඒ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යෝක්ෂයර් ප්‍රාන්ත පිළට එරෙහිව ෂෙෆීල්ඩ් හිදී. ඔහු මෙහිදී ලබාදුන්නේ ලකුණු 37ක් පමණයි. ටෙස්ට් තරග 37 කදී කඩුළු 216ක් දවාගෙන ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 16) cowkorner ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු වරට එක්දින තරගයක් ජයගත්තෙ කවදද කියල දන්නවද? 1979 ලෝක කුසලානයේ අද වැනි දිනක අසල්වැසි ඉන්දියාවට එරෙහිව පැවති තරගයකදී තමයි ලංකාව තම පළමු ජාත්‍යන්තර තරගය ජයග්‍රහණය කළේ. එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවති මේ තරගයේ විශේෂත්වය වන්නේ එහි ඉනිම් දෙක ජූනි 16 සහ 18 දිනවල දී පැවැත්වූ නිසා. (ඒ කියන්නෙ ඇත්තටම මේ තරගය එක්දින තරගයක් නෙවෙයි!) මීට හේතු වූයේ ...
අද ක්‍රිකට් පිටිය (මැයි 23) cowkorner හිටපු එංගලන්ත පිතිකරු ග්රැහැම් හික් ඇමරිකා එක්සත් ජනපදයේ පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ගැන ඊයෙ කිව්වනෙ. මේ තරගාවලියේ දෙවන සහ අවසාන තරගය ජයගනිමින් තරගාවලිය සම කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එහිදී මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 81 කට සීමා කිරීමට නුවන් කුලසේකර, ලසිත් මාලිංග ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඉන් අනතුරුව කඩුළු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 01) cowkorner ඩේවිඩ් ගවර් මුල් යුගයේ සුපිරි එංගලන්ත පිතිකරු වොලී හැමන්ඩ් නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ් හිදී නොදැවී ලකුණු 336ක් රැස් කළේ 1933 අද වගේ දවසක. හතරේ පහරවල් 47ක් හා හයේ පහර 10ක් සමග හැමන්ඩ් රැස් කළ ලකුණු සංඛ්‍යාව එකල ටෙස්ට් ලෝක වාර්තාව ලෙස ඉතිහාසගත වුණා. අප්‍රේල් පළමුවෙනිදා හෙවත් මෝඩයාගේ දවසෙ උපන්දිනය සැමරීම නම් එතරම් ආඩම්බරයට කරුණක් නෙවෙයි. ඒත් අද දිනයේ උපන්දින සමරන ලොව ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 30) cowkorner බ්‍රයන් ලාරාගේ හොඳම ඉනිම බ්‍රයන් ලාරා ගැන හැමෝම දන්නවනේ. ලාරා රැස්කළ ලකුණු 375, 400* හා 501* ආදී ඉනිම් කාටත් අමතක නැහැ. ඒ වුණත් 1999 අද වගේ දවසක ඕස්ට්‍රේලියාවට එරෙහිව බාබඩෝස් හිදී ලාරා නොදැවී රැස්කළ ලකුණු 153 ඔහුගේ විශිෂ්ඨතම ඉනිම බවට සැලකෙනවා. තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 309 ක ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව් පිළේ කඩුළු දිගින් දිගටම දැවී යද්දී තම අන්තය ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 02) cowkorner අයර්ලන්තය කියන්නෙ ක්‍රිකට් ලෝකයේ මුල් පෙළේ කණ්ඩායම් අතරට ගැනෙන කණ්ඩායමක් නම් නෙවෙයි. හැබැයි පසුගිය වසර කිහිපය තුළදී කිසිවෙකු නොසිතූ පරිදි අයර්ලන්තය විසින් ප්‍රභල කණ්ඩායම් ලැබූ පරාජයන් නම් බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණා. 2007 ලෝක කුසලානයේදී පකිස්ථානය සහ 2011 ලෝක කුසලානයේදී එංගලන්තය ලැබූ පරාජයන් ඒ අතරින් ප්‍රධානයි. නමුත් 1969 තරම් අතීතයේදීත් අයර්ලන්තය මෙවැනි දස්කම් සිදුකොට තිබෙන බව ඔබ දැනගෙන හිටියෙ නෑ ...
“අද ක්‍රිකට් පිටිය” ට විරාමයක්… cowkorner පෙබරවාරි මාසෙ 24 වෙනිද ඉඳල මාස 5 කට වඩා වැඩි කාලයක් නොකඩවා ලියපු “අද ක්‍රිකට් පිටිය” ලිපි පෙළට තාවකාලික විරාමයක් දෙන්න අකමැත්තෙන් වුණත් මම තීරණය කළා. හොඳින් කරුණු සොයා බලා දිනපතා ලියන මේ වගේ ලිපි පෙළක් ලියන එක විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ එතරම් දෙයක් නොවුණත් රැකියාවට ආවට පස්සෙ ඇතිවුණු කාර්යබහුලත්වය එක්ක එහෙම කරන්න හරිම අමාරුයි. නමුත් හැකි හැම වෙලාවකම “අද ...