ජීවන පියගැට පෙළේ....! කවිකාරි පියමැන අවුත් ජීවන පියගැට පෙළේ....නැවතී හැරී බැලුවෙමි... පෙනුනේ නුඹේ රුවයි... අවුදින් මහ දුරක්...නොදැනීම... යළි යාම් නම්..නැති... ගමනාන්තයද ඔබමය... ඉඳින්...පියමනිමි හිනැහී... සෙනෙහසේ චාරිකාවේ... සමාවෙන්න...මේ නිම් නැති සෙනෙහසට... මම නුඹේ...සෙනෙහසේ හිතුවක්කාරි...! කවිකාරි ♥ ...
මම කවි ලියනවා...! කවිකාරි රෑ අහස කළුවරයි...දෙනෙත සඳ සොයනවා...ඔබේ නෙතු දුක්බරයි...මට ඒක දැනෙනවා...මම නුඹට කියනවා කියා මම සිතාගෙන....දුක නිවනු බැරි නිසා...මම කවි ලියනවා..දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා....ඒ මතින් පා තියා දිව යන්න හිතෙනවා...නුඹේ දුක නොපෙනෙන්න සැඟවෙන්න හිතෙනවා...නුඹටවත් නොපෙනෙන්න..මමම ඒ කවි කියනවා...!කවිකාරි <3 ...
නුඹ සිතට පෑමිනි දා සිට...! කවිකාරි වෙලාවක් ඒවි ජීවිතේ ඔබට හිතෙන නිහඬකම සුන්දරයි කියලා හිතෙන...ඒ හිතිවිලි නැති නිසා නෙවේ....හිතේ තියන සිතිවිලි කියාගන්න සුදුසු වචන හරියට ගලපගන්න බෑ වගේ කියල දැනෙන නිසා...එහෙමත් නැති නම්....එහෙම ගලපගෙන කිව්ව්ට අනික් අය තේරුම් ගනීවිද දන්නේ නැති නිසා...එහෙව් මොහොතක ඔබට ඇහෙනවා ලස්සන ලස්සන පබැඳුමක්...හරියටම ඔබේම හිත කියනවා වගේ...ඔබේ හිත ගයනවා වගේමේ එහෙම ගීයක්..."කලර්" සිංහල චිත්රපටයෙන්.....!*************************************නුඹ සිතට පෑමිනි දා සිටනෙතු දකිනු රිසි ඒ ...
සමාවනුමැන පන්හිඳ...! කවිකාරි අමතක කලා නොවේ...කාලය....වෙනසකම් ජීවිතේ වෙන් කලා මදක් ඔබ මගෙන්..අමතක කලා නොවේ...කාලය....වෙනස්කම් ජීවිතේ වෙන්කලා මදක් ඔබ මගෙන්..ජීවිතේ අමාරු කාලවල...ජීවිතේ සොඳුරු තැන් හැඩ කලා ඔබ...පන්හිඳ...ඔබ තරම් දන්නේ කවුද මේ හිත...සිපගන්නට ඔබ සෙනෙහසින් අවසරයි යළි...! ...
කඳුළු වලට කළින්..! කවිකාරි කඳුළු වලට කළින් වචන වලට එන්න පුළුවන් උනා නම්..සත්තමයි...මට කියා ගන්න තිබුනා....මතකෙට එන හැමවෙලේම ඇස් වල කඳුළු එන්නෙ ඇයි කියලා...
කාලයේ සීමාවෙන් බැඳී...! කවිකාරි කාලයේ සීමාවෙන් බැඳී...ජීවිතේ ගලා යන ඉසව්වේ...සොයමි...අරුත්බර...නැවතුමක්...නිස්කාන්සුවක්...හිනාවක්...සෙනෙහසක්...දෙන්නටත්...ගන්නටත් වෙලාවක්...!
වදන් ඔබ නොදෙඩූ... කවිකාරි වදන් ඔබ නොදෙඩූ...වදන් ඔබ නොලියූ...සිරගතව සිතේ...දහස්වර ඔබද...තවකෙකුද රිදවූ...!"You never know the hearts you silently break with the words you never say." Bryant McGill-
නොම අසන් මගෙන්...! කවිකාරි දෙනෙත් කවුළු හැර පියා...බලා ඉන්නම් මඟ...නොම අසන් මගෙන්...මේ නෙතට එබී බලා...නුඹ දකී නුඹේ රුව...වදනින් නොකී මගේ නිම් නැති සෙනේ....!- කවිකාරි -