Sunday, November 18, 2012

මම කවි ලියනවා...!




රෑ අහස කළුවරයි...දෙනෙත සඳ සොයනවා...
ඔබේ නෙතු දුක්බරයි...මට ඒක දැනෙනවා...
මම නුඹට කියනවා කියා මම සිතාගෙන....
දුක නිවනු බැරි නිසා...මම කවි ලියනවා..

දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා....
ඒ මතින් පා තියා දිව යන්න හිතෙනවා...
නුඹේ දුක නොපෙනෙන්න සැඟවෙන්න හිතෙනවා...
නුඹටවත් නොපෙනෙන්න..මමම ඒ කවි කියනවා...!


කවිකාරි <3

3 comments:

  1. ලස්සනයි නංගෝ....
    "දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා
    ඒ මතින් පා තියා දිවයන්න හිතෙනවා.... " (Y)

    ReplyDelete
  2. රෑ අහස කළු වෙලා අහසෙ සද නැගෙද්දෙන්
    දුක නිවී හිත් මලේ පින් පාට පිරෙද්දෙන්
    කවි වුණත් වාරුවක් ජීවිතේ ගෙනියන්න
    මේ සොදුරු කවිවලින් මැවෙයි නුඹෙ ආදරේ..

    ReplyDelete
  3. ප්‍රාර්ථනා අක්කි- ගොඩාක් ස්තූතියි..! :)

    වැස්ස-
    එහෙව් සිත් සිහිනවල සිත මෙසේ නිවිද්දෙන්..
    තවත් කවි ගීත අකුරු වී ලියවෙද්දෙන්...
    ස්තූතියි...! :)

    ReplyDelete