නුඹ විතරක්'මැයි...! කවිකාරි සඳ'මැයි...රෑ අහස ලඟ තනියට උන්නා... කඳුළු'මැයි නෙතු ලඟ තනියට උන්නා... සිනා'මැයි...ඒවි යැයි තනියට මුව මඟ බලන් උන්නා... නුඹ ඒවියැයි හිත බලන් උන්නා... එනමුදු කවිය නුඹ විතරක්'මැයි... තනියට... පොත පුරා... හිත පුරා...ලියවෙමින් හිඳිනා...! ...
කෙලවර ඉවසුමේ....! කවිකාරි දුරින් හිඳ හෝ මා දකින්නට ඔබ වරම් ලද හන්දා..දුරින් හිඳ වුව ඔබ නෙතු මා සොයන වග මාද දන්නා හන්දා..නෙතින් ගිලිහෙනු මං සොයන කඳුළැල් මදක් නැවතී උන්නා...එනමුදුදුරින් හින්ද වුව මා දකින්නට වරම් ලැබුණැයි සැනසුනු නුඹ...දුරින් හිඳ වුව ඔබ නෙතු මා සොයන වග දැන මම...යන්තමින් හිනැහී...නෙතු බැල්මෙන් දුක සැප අසා ගෙන...යන ගමන නිමක් නැති බැව් දැන...සිත අසයි කෙලවර ඉවසුමේ..ඔබ මා නොදකින...මාද ඔබ ...
හිනාවෙන්න කියාදෙන්න (දෙවන කොටස) කවිකාරි ඔහු හිනැහුනා."අතාරින්න...අතාරින්න..." ඒත් මාව තවත් ඒ අත් වලට හිරවුණා විතරයි.ඔහු මගේ ඇස් වලට එබුණා. දඟලලා වැඩක් නැති තැන මම නතර වුණා."ඔයා මගෙ හොඳම යාලුවා...ඒ වගේම මගේ ආදරේ...ඔයා ඒක දන්නවා..ඒත් දන්නෑ වගේ ඉන්නවා..මඟ අරිනවා..රඟපානව..." ඔහු කියාගෙන කියාගෙන ගියා."මං බලාන් හිටියා..අවුරුදු ගාණක්..තවත් බෑ....I know I know you also love me..!""අහස් අහස් මාව අත අරින්න...මොනවද මෝඩයෝ මේ කරන්නේ..."මං දැඟලුවා."කියන්න කියන්න..." ඔහු මාව අල්ලලා ...
එකම තනුවයි වැයෙනා...! කවිකාරි නෙක බසින් පබැඳී..නෙක හඬින් ගැයෙනා..එනමුදු...මුළු විශ්වයම..එකම තනුවයි වැයෙනා...හදවතේ මියුරුසරින්..ඒ නම්..ආදරේ...!කවිකාරි
පන්හිඳ මා අත උනා නම්...! කවිකාරි නවකතාවක් වගේ...අකුරු කරන්නට...පන්හිඳ මා අත උනා නම්...සත්තමයි...ලියනවා මම මහ පුදුම ලස්සන කතාවක් ජීවිතේ..ඔච්චර හිනා වෙන්න එපා...ඔබ කියාවි...කඳුළ මොකක්ද ඔබ අසාවි...නිමා වෙනකම්ම එක හුස්මට කියොගෙන යාවි..ඒ කතාව....පන්හිඳ මා අත උනා නම්..සත්තමයි මම ඒ කතාව ලියාවි...! ...
නිමක් නැති...! කවිකාරි කවදාවත්ම සමුගැනීමක් නොමදී...නිමාවක් නැතිව නවතින..ඔබේ මාහැඟි කෙටි පණිවිඩය මට....නිහඬව මුමුණන..."නිමා වුව නිමා නොව්...ඔබේත් මගේත්..සමුගැනීමක් නැති කතාව"
හිනාවෙන්න කියාදෙන්න..! (පළමු කොටස) කවිකාරි නව වසරේ පළමු නිර්මාණය...කවිකාරිට දෙන..විභාගය ඉවර උනා...නිවාඩුවක් ඇවිත් ඉතින් ආවා මේ පැත්තට...මේ කතාව උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ ලිව්ව එකක්.මතක එකතුවේ(කතා ටික,කවි ටික තියන පොතෙන්)තිබිලා හොයා ගත්තේ.. මේ මුල් කොටස..කියවලා අදහසත් කියලාම යමු...! :)*****************************************සීතල මුහුදු සුලං සැඳෑ අහස පිසගෙන ඇවිත් ඇඟේ හැපුණා..සීතලයි...මම හෙමිහිට දෑත් බැඳගෙන ඈත පෙරළෙන මූදු රළ දිහාවට නෙත් යොමු කලා.උස රළ පුංචි රළ පස්සෙ ...
සිහින දකිමි..! කවිකාරි අදහමි..සිහින දකිමිඔබ මා යැයි සිතාගෙන..මා ගන්නා හුස්ම පොද පවා ඔබ යැයි සිතාගෙන..ගෙවන දිවියක්...වදනින් කියන්නට බැරි වනු ඇත...වදන් ගලපා ගත නොහේ..එනමුදු දෙනෙතට එබී බලනු මැන..ඔබම මිස වෙන යමක් ඔබ නොදකිනු ඇත..ඔබටම පතමි..ඔබේම ජය..ඔබේම ප්‍රීතිය..කඳුලු මම ගනිමි...ඔබේ සිනහවෙන් ජීවිතය දකිමි...සුහදාණනේ...මේ දෑඟිලි තදින් අල්ලා ගන්න...කෙදිනකුදු අත නොහරින සේ සිතා...මඟ හසර කටු අකුළු තිබුණත්..හිනැහෙමින් පිය නඟමු කියා...මම එමි..ඔබද එනු ඇතැයි සිහින දකිමි..වසන්ත උදා වනු ...
වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවී...! කවිකාරි කාලය වේගයෙන් ඉගිල ගියේය.වසරක් ගත විය.එනමුදු කල්පයක් සේ දැනිණි.වින්දේ දුකම පමණක් බවත්..හිත නම් හැදුනේ නැති වගත් අවසන පසක් කර ගතිමි.සත්තමය ඔබෙන් සිත මුදා ගන්නට නොහැකි විය.වසා ගත් නෙතු සේම අවදි නෙතුද දැක්කේද සෙව්වේද ඔබම විය.ඉඳින් තීරණයක් ගතිමි.අවදානමක් ගන්නට දුබලව හුන් ගෑණු සිත හයිය ගත්තාය.ඔබ සොයා ගියෙමි.තනිව ඉන්නා ඔබ දකින දකින වාරයක් පාසා පිලිස්සෙන සිත විවර කර සියල්ල කියා දමන්නට ඔබ ...
පුරුද්දක් වෙලා දැන් මට...! කවිකාරි දෙනෙත් පෙති රිදෙනමුත්...සත්තයි තවම මග බලාගෙන මම...නොවිමසන් මගෙන්...පුරුද්දක් වෙලා දැන් මට....වැහි බර අහසේ...තරු කැකුළු යලි පීදෙනකන්..නෙතු කඳුළු වැස්සේ මග බලා ඉන්නම් මං...නොවිමසන් මගෙන්...පුරුද්දක් වෙලා දැන් මට...නුඹ...නෙතු පියන් රිදුම් දෙනකන් මග බලාගෙන මම....!-කවිකාරි- ...
සදා ඔබම දකින්නම්...! කවිකාරි අවසන දෙනෙත් විදහා...මෙතෙක් සඟවාලූ සියල්ල වදන් කර ගතිමි..ඉඳින්...ඔබ නෙතු දිලිහුනාවේ...ඒ ඇසිල්ලේ මා නිවෙන්නම්...ඔබ සිත උදම් ඇනුවාවේ...ඒ ඉසව්වේ මා රැඳෙන්නම්...ඔබේ සිත මගේ සිත උනාවේ...සිතින් සියවර කවි පද බඳින්නම්...මගේම වූ මගේ අවිහිංසක සිහිනයේ සදා ඔබම දකින්නම්...!කවිකාරි ...
ඈ නොදත්... නුඹ...! කවිකාරි මහා ගොඩාක් දේවල් තනියම හිතලා...වද වෙලා... වද වෙලා.....නුඹ හිත...මහා ගොඩයි දුක්.... එත් තනියම විඳපු.ඈ බිඳකුත් නොදත්....ඈට තාමත් සිතා ගත ගන්නට බැරිවූ....නුඹ..නුඹේ නිහඬ පෙම....ඈට දොසක් කියන්නට එපා....නුඹ නොකිව්.....ඈ නොදත්...නුඹ...නුඹේ පෙම....! ...
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....! (ආදරය විඳින්නට මිස විඳවන්න නොවන නිසා.. ආදරය ජීවත් වන්නට මිස ගෙල වැලලා මියෙන්නට නොවන නිසා) කවිකාරි හුඟ කාලෙකින් මොකවත්ම ලියන්න බැරි වුණා..මතක් වෙන හැමවෙලාවම මුමුණ ගත්තත් ඇත්තටම ලියාගන්න බැරි වුණා හිතට දැනෙන දෙයක්.කාලය..කාර්යබහුලකම්... වයස මේ හැමදේම එක්ක කවිකාර හිතත් දුරස් වෙලා යනවද...?? අනේ එහෙම වෙන්න දෙන්න බෑ...."මොනා හරි ලියමු" ඔබත් කිව්වා."හා ලියමු.." එහෙම ලියන්න ගත්තා.ඒත් ඔබ ගැනම තමයි.තුන් හිතේම තියෙන දේවල් ලියන එක මිහිරියි.තව එකක්..දැන් වෙන මාතෘකා හිතට එන්නෙ නෑ..(තත්වෙ නම් දරුණුයි තමයී) O.oවාන් දොරටු බැඳන් ...
සංවේදිනී කවිකාරි නිදි වරන...හීන අහුලන...සිනාසෙන්නට මං සොයන්නී...නෙතේ කඳුලැල් කොහෙන් ආවද නොදැන කඳුලැල් පද බඳින්නී..සෙනේකම් කරන්නී...මා ලඟම ඉන්නී..තනි නොතනියට උපන් දා සිට සදාදර සිතැත්තී...!"සංවේදිනී...මගේම ගැහැණු හිත...! ...
යන්නට මග බලා ඉන්නා අයට සහ..යන්නට බයේ ඉන්නා අයට... ලෝක විනාසය...! කවිකාරි වෙනදා මෙන්ම ඔබ ජීවන අරගලයේද...මම විභාගයට පොතේද...දේශපාලකයා මඩිය තරකර ගනිමින්ද..සිඟන්නා සිඟා කමින්ද හෙට දින එන තුරු බලා හිඳිනු ඇත...පසුව:-ආවොත්..යන් එකය..නාවොත් අද නිකා උන් පාඩුවට දවස ගාණක් විඳවන්න වෙන එකය..එහෙයින් මෙහෙම හොඳය...!පාර්ටි දමමින් අද දින සමරන අය ඔනේ තරම් ඉන්නට පුලුවන්..අන්න එතනදී...අවසන බිහිවූ මේතාක් යථාර්තයන්...අධ්‍යපනයන්...විද්‍යාවන්...සියල්ල පරයා...මායාවරු සහ සිනමා කරුවා ජය ගනී.ඒ ලොව විනාස වූ හෙයින් නොව... ඒ වනතුරු දෑස් දල්වා බලා ...
නිහඬව බලාගෙන ඉන්න...! කවිකාරි ජීවිතේ කියන්නේ නිහඬව බලාගෙන ඉන්න එක කියලා...මහ හුඟක් කියෝපු කෙනෙක් දවසක කියාවි...ඒක හරි සැනසීමක්...හැමදේම අත්තිවාරම් බැඳ බැඳ ගොඩනගන්න බැරි වෙයි...පොඩි එකෙක් වගේ චුට්ටක් හිනා වෙන්න...ඒ කියන්නේ...අහුවෙන වෙන වෙන දේ....පොඩි කරලා විසික් කරලා දානවා කියන එක නෙවේයි...ලොකු දේවල් වලින් හෙම්බත් වෙච්ච හිත් පොඩියට හීන් සැනසීමක් දෙනවා කියන එකපොඩි එකෙක් වගේ හිනා වෙලා...පොඩි එකෙක් වගේ අඬලා...හෙට දවස දිහා බලාගෙන ඉමු...අළුත් ඉරක් පායගෙන ...
නොකිව් කවි...! කවිකාරි නෙතු කෙවෙණි යට උණු කඳුළු එක්කාසු වෙලා...උල්පතක් වගේ රැස්පොදි කනකොට...තද කරලා ඇස් වහා ගන්නම්ද මම....එතකොට දෑස් අග්ගිස්සෙන් උණු කඳුළු ගලාගෙන යයි....අඬන්නෙ මොකටද...??මන් ගාව කඳුළු තියෙන හින්දා....පපුවට දැනුණු දේ වෙනුවෙන් ගලාගෙන යන්නෙ නැති ඒ කඳුළු මොකටද....මුවඟින් පිට කරගන්න බැරි වුණු වචන කඳුළු වෙලා ගලා ගියාදෙන්....කැතවෙයි ඔයා...කැත වුණාවේ....හිතේ හයියක් නැති...මෙලෝ හසරක් තේරෙන්නැති දේකට ලස්සනක් මොකටද....නින්ද එන්නැතුවම තද කරලා වහ ගන්න ඇස් ආයෙමත් ...
ජීවිතය දුටිමි...! කවිකාරි සියගණන් මිනිසුන් මැද...දුටිමි.....එකීනෙක පැටලී ජීවිතය සොයා යන...විසල් හදවතක් තියන...ඇස් දෙකක් නැති...අත් දෙකක්....නෙත් අගට කදුලක් උනා ආවා...එත් නුඹේ මුව...මල් පිපුණ හිනාවක්... දුම්'රිය පළේදී මගේ නෙත් ඉමට හසුවූ, සුදු සැරයටියෙන් ජීවිතය සොයා ගිය... ***ඇය සහ ඔහු වෙනුවෙන්..-***(2010 මුල් සටහන සැප්තැම්බර් 26 මූණු පොතෙන් ) ...
සද නැති නම් අහසේ ගණදුර දුරු වේද..! කවිකාරි 2010 ඔක්තෝබර් 27 මූණු පොතේ පළ කරපු සටහනක් තමයි මේ කවිකාරිට දෙන්න යන්නේ...එදා ජීවිතේ හමුවුණු සෙනෙහෙබර මිතුරු හිත් වෙනුවෙන් දරාගන්න බැරි සෙනෙහසින් තමයි මේක අකුරු වුණේ..අද කාලය ගත වෙලා...මිතුරුකම එක්කම ඉටත් එහා ගිය නමක් දෙන්න බැරි බැඳිමක් වෙනුවෙන් අද මේ පද පෙළ අවකාශෙට එක්කාසු වේවි...සත්තයි...එක දවසක් ඒවි ජීවිතේ ගන්නෙ නැතුව දෙන්න තරමට හිත පරිත්යාගශීලීවෙන..ඒක ගැළපෙන නමක් ඔයාලම යෝජනා කරන්න...දැන් කා ...