රාත්‍රී ආහාරය.... ~ පාශා ~ "ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...."හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි." ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න හැබෑට ම... හැම වෙලේම ඔෆිස් ප්‍රශ්න, ටෙලිෆෝන් ...
කවුළුවෙහි රැඳි මල.... ~ පාශා ~ පෙම්වතුනි අමතක කර දමා ඔබේ ආලයසවන්දෙන්න මේ ආදර කතාව ට,ඈ කවුළුවෙහි රැඳි මලකි,ඔහු වනා හි ශිශිරයේ සුළඟ...කවුළුව සරසන තුහින වේලයඉරමුදුනත් කල විලීන වෙද්දී,කූඩු වූ පඬු කුරුල්ලාඇයට ඉහලින් තාලය හසුරුවද්දීඔහු ඇයට සන් කොටයාවි ඈ පසු කොට,නැවත එන්නට ගොම්මන් අඳුරත් රැගෙන...ඔහු වූ කලි ශිශිරයේ සුළඟයි...ආදරයක් නොදන්නාහිම කැට, තුෂරමියැදුන තුරු හා හුදෙකලා සියොතුන්ඔහු හා සම්බන්ධයිඑනමුත් ඔහු සුසුම් හෙලයි.එලිපත්ත මත හිඳඇතුලත සිටියන් හට පවාදැනෙන්නට ...
ත්‍යාගයය ~ පාශා ~ ප්‍රිය වල්ලභය, මේ බලන්නමා නුඹට මාව ලබා දෙන්නෙමි.මාගේ වදන් කුඩා බඳු වැනියනුඹට ගෙන රඳවා තැබීමටරුවට රාක්කයක් මතඒවා හැඩැතිය, චමත්කාරජනකයකාන්තිමත් වර්ණයන්ගෙන් අලංකාරයඔවුන්ගේ සුවඳින් නුඹ කුටිය පුරවාලනු ඇත.කුසුම් හා තණ පත් වලවල මාධුර්ය මාගේ අවසාන වදනද නුඹට පුදන්නෙමි දිනෙකනුඹ සතු වනු ඇත මා සම්පූර්ණව එදිනනමුත් ඒ මාගේ අවසාන හුස්මද වනු ඇතA Gift by Amy Lowell ...
මිෂන් හොට්ටා ~ පාශා ~ ඒකි මගේ බව මේ මොන්ටිසෝරියේ කවුරුත් දන්නේය. ඒත් මේ අළුතෙන් ආපු හොටු කොල්ලෙක් ළඟකදී ඉඳන් ඒකිත් එක්ක ඔන්චිල්ලාව ළඟ ඉඳන් මුකුළු කරනවා බටුවා දැක ඇත.මගේ වයස තාම අවුරුදු වලින් 5යි මාස 2ක් උනාට මේ මොන්ටිසෝරියේ, "සුදු බබා" කිව්වාම නොදන්න කොනෙක් ඉන්නවා කියන්න බැරිය.අපේ අම්මාගේ හුරතල් එකා වෙච්ච මට ගෙදර කවුරුත් කිව්වේ ඒ නමය. මොන්ටිසෝරියේ ලොකු ටීචර් අපේ අම්මාගේ හොඳ යාළුවෙක් ...
දෙසැම්බර් විසි එකට ලියමි ~ පාශා ~ ආදරණිය දෙසැම්බර් විසි එක,නුඹගේ එළැඹීම නතර කරන්නට මට නොහැකිය. නුඹ ලෝක අවසානය අරන් එනවාද කියා මම දන්නේද නැත. එ නමුත් මම නුඹ නිසා කලබල වන්නේද නැත. මේ ලැබුනු ජීවිතය තුළ, මම මිනිස් හැසිරීම් රටා ප්‍රගුන කලෙමි. ඇවිදින්නට ගොස් වැටි වැටි ඇවිද පසුව නොවැටී ඇවිදීමට උගත්තෙමි.අකුරු කියවන්න, ලියන්න ඉගෙන ගතිමි. ලියූ විභාග සමත් මෙන්ම අසමත් වී ද ඇත්තෙමි. කථා කරන්නට, වදන් ...
තුන්වැන්නිය ~ පාශා ~ "ඔයාට වෙන කවුරුහරි කෙනෙක් ඉන්නවා එහෙම නේද? "මා දෙස කොලින් බලමින් යුකිකෝ ඇසුවා.මම හිස වැනුවා.ඇගේ වචන වල ස්ථිර හැඩයක් සහ බැරෑරුම් බවක් තිබුනා. මේ මොහොතට සූදානම් වෙන්න කොපමණ වරක් මේ වචන ටික ඇගේ මනස තුළ ගමන් කරන්නට ඇතිද?"ඔයා එයාට ඇත්තටම කැමතියි. ඔයා නිකන් සෙල්ලමට කරන එකක් එහෙම නෙමෙයි"ඔයා හරි මම කිව්වා. "ඒක නිකන් කොටු පැනිල්ලක් නෙමෙයි. ඒත් ඒක හරියටම ඔයා ...
පිළිසිඳගැනීම ~ පාශා ~ යහනේ එහා පැත්තේ නිදා සිටින තම ස්වාමියා දෙස ඈ මදක් වේලා බලා සිටියා ය.තම සිව් අවුරුදු ප්‍රේම සම්බන්ධතාවයෙන් පසු කසාදයකින් එක් වුනු ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය හැල හැප්පීමෙන් තොර වූ සාමකාමී එකක් බව ඈට මතකය. එක සමාන පවුල් පසුබිම් වලින් පැමිණි ඔවුන් තම වරිගයාගේ ආශිර්වාදය මැද දීග ගිය හැටි, ඔහු තම කෙසඟ සිරුර වටා නිළමේ ඇඳුමේ රෙදි යාර ගණනක් ඔතාගෙන අපහසු ...
La Figlia Che Piange (The Weeping Girl) ~ පාශා ~ පියපෙල හිනිමත්තේ සිට,ගෙවත්තේ උස් වූ මල් පෝච්චියට හේත්තුවෙයන් නුඹ,හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි,වේදනාබර හදින් දෑතේ හිර කරගත් මල් පොකුර දමාගසමින් ,ඉවතට හැරියන් ,නුඹේ ක්ෂණික වූ කෝපාන්විත බැල්මකින් නෙත සරසා,නමුත්, හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි..ඔව්... මම ඔහුට යන්නට කියමි...ඉතින් මම ඇයට හිද ශෝකවන්නට සලස්වමි....ඉතින් ඔහු යන්නට යාවි..ආත්මය, ශරීරය තලා ඉරා දමා යන කල්හී,මනස, භාවිතා කල ...
තාවකාලික හමුවීම ~ පාශා ~ එන්න…අපි හමුවෙමු යලි යලිදු මේ සොදුරු නවාතැන් පලේ…ලැගුම් ගමු අපි තාවකාලික හමුවීමක සුවය අත්විද ගැනුමට..ඉඩහසර ලබා ගමු අපි මේ තාවකාලික හමුවීම රසවත් කර ගැනුමට,ඔබද මා ද එක්ව අපේම වූ ලොවක තනිවෙමු.උනුන් දෙස බලා සැනසෙමු හිනැහෙමුස්නේහයෙන්… උදාවන එක් අලුත් අලුයමක වෙන්ව යමු අපි නැවත නොහදුනන්නන් ලෙස වෙස් ගෙන…කිමද සෝ සුසුම්,කුමටද විරහ වේදනාවන්…නුඹ නොමැති මගේ ලොවට මම යන්නෙමි තුටින්.. අපි අපේ කරගත් ...
වෙඩින් Talk... ~ පාශා ~ ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ! රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති..කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ? අහ්! රමණි ද? බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද? අයියෝ තෝරගෙන තියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි... සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ...සරසලා මදි වගේ නේ.. කවුද දන්නේ නෑ මල් කරේ? මේ වෙල්කම් ඩ්‍රින්ක් එක ...
විසකුරු තුර ( A Poison Tree) ~ පාශා ~ මා සබඳ හා මා උරණ වීමගේ ද්වේශය උන් හට කීයෙන්නිමා කලෙමි මමමා උන් කෙරේ වූ ද්වේශයමගේ රුපු කෙරේ ඇති ද්වේශය මා තුලගොඩ නැඟෙන්නට වියනොපල හැඟුමක් ලෙසටරාත්රීන්හී දී මාගේ චින්තාවන් දිය කොටඅළුයම මගේ කඳුළු දිය කොටවත් කෙරුයෙමි මාගේ ද්වේශයටප්රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන්සෞම්ය ප්රයෝගයන් දැවටාලූදිවා රෑ දළු ලියලා වැඩින මා ද්වේශයඵල දරා ලෝහිත වර්ණයෙන්මා රුපු දකින ලද ඔහු එය මගේ බව ...
ඕවර් ටයිම් භාවනාව... ~ පාශා ~ ටික්...ටික්...ඔරලෝසුව සෙමින් සෙමින් තම ගමනේ යමින් මගේ ජීවිතයේ තත්පර,මිනිත්තු,හෝරාවන් ගණනය කරමින් සිටී. වේලාව දහවල දොලහේ කණිසම වැදී හෝරා හතක් පසුව ගොස් ඇත. නිවසට යාමට නියමිත ව තිබූ කාලය පසුවී ඒකේ කෑලිත් නැතිව ගොස් ඇත. වැඩ කන්දරාව ඔරලෝසුවත් එක්ක කිසිම ඇයි හොදයියක් නැති බව මට දැනී දැන් ගොඩක් කාලයක් ගතව ගොස් ඇත. ගෙදර ගෑනි මම එනකන් ඇහැරගෙන ඉන්නවා ඇති.පව්!ඒකී මට ගොඩක් ...
අවසන් මං නැවතුමට එපිටින්.. ~ පාශා ~ ඔවුහූ ඔහුගේ බිත්ති හුණු පිරියම් කරමින් සිටිති; ඔහුගේ බඩු බාහිරාදිය එළියට ඇද දමමින් සිටිති. අතීතයේ වූ සුපුරුදු කිසිවක් දැන් ඉතිරි වී නැත.සදාකාලික කාලය විසින් ලුහු බැදිනු ලැබ නිවසෙන් පලා යන ඔහු තම ජීවිතයේ වඩාත්ම දුෂ්කර කාලපරිච්ඡේදය ගත කළ තැනට කඩා වදී.පසුපස පියගැට, තුන්වෙනි මහල,දෙවැනි දොරකියවා ගැනීමට තරම් පැහැදිලි නැති නාම පුවරුව මත වියැකුනු නම, " විසි අවුරුද්දක් ගෙවිල ගිහින්- අනේ ...
(අ) සුන්දර අවසානය ~ පාශා ~ චුරු චුරු වැස්ස...උදේ ඉඳන්ම එකදිගට නොනවත්වා හඬා වැටෙන අහස, මේ වැහි අඳුර, මගේ හිතත් වෙලාගෙන..."අදත් මගේ පොත ඉවර කරන්න වෙන එකක් නෑ" ඔහුට සිතින."පොත ඉවර කරලා, පෲෆ් රීඩින් යවන්න ඕනේ" , ඔහු තමාට කිහිප වතාවක් මේ සතිය තුරාවට මතක් කර දුන්නත්... වැහි කළුවරත් එක්ක එන මූසල සිතිවිලි රාශිය ඔහුගේ සිත වෙලාගෙන, ඔහුගේ ධ්‍යානයන් බිඳහරින විට, ඔහුගේ කෙටි සටහන් වල, මාස ...
රතු වත ඇඳි ඈ ,වෘකයා හා දැව කපන්නා ~ පාශා ~ දරුවා නුඹ ගමනක් යා යුතුයි...තමාට ලැබුනු නව රක්ත වර්ණ පිළියෙන් සැරසුනු තුරුණු ගැහැනු ලමයා ඇමතූ මව පවසයි. නුඹ දැන් රතු වතක් හිමි දැරියක්, නුඹ ගමන් ගන්නා අඳුරු වන මාර්ගය ගැන සැලකිලිමත් වෙයන්... නුඹට මා කියා දුන් උපදෙස් අනුව ක්‍රියා කරපන්... මා පෙන්වා දුන් මාර්ගයෙන් එපිට ට නොයා හොඳ ලමයෙකු ලෙස නුඹ නුඹව රැක ගන්න ක්‍රියා කරපන්...ඒ වන මගේ බියකරු සතුන් ...
මිලේච්ඡයෝ එනතුරු ~ පාශා ~ මට මුලින්ම ලැබෙන්නේ බොරු. ඔයාට තේරෙනවාද, ඒක තමයි වෙන්නේ. මුලින්ම බොරු.ඊළඟට පීඩනය.ඊට පස්සේ වැඩි බොරු තොගයක් වගේම වැඩි පීඩනය. ඊට පස්සේ බිඳ වැටීම. ඊට පස්සේ ආපහු වඩා වැඩි පීඩනය. ඊට පස්සේ ඇත්ත. එහෙමයි අපි ඇත්ත ලබා ගන්නේ ******************************************************************* .කිසි කලෙක ඔවුන්ගේ ආචාරය මෙතරම් ගෞරවන්විත වී නොමැත. "මම දන්නවා, අපි හැමෝම මිනිස්සු. ගෑනියෙක් නිසා ඕනම මිනිහෙක් මෝඩකම් කරන්න පුළුවන්" යැයි ඔවුනට ...
නුඹ ~ පාශා ~ සඳක් වෙන්න බැරි නම් නුඹ හටඉරක් වෙන්න හැකිදෝ මා හටවෙහෙස දැනෙන මේ ජීවිතේ...නුඹට කියන්න ට දෙයක් නැත.
ගේෂාව නම් ගැහැනිය ~ පාශා ~ ගේශාව... හැඟීම් තහනම් වූ ව්‍යාජ සිනහාවකින් සැරසී ගත් මුවින් යුතු කත, ඇයට කඳුළක් සලන්නට අවකාශයක්, අයිතියක් නැත. මිනිස් දුවක වන්නට අයිතියක් නැත. ඇය ස්වාමි දියණියක නොවේ, විලාසිනියක ද නොවේ... ඇය කලාකාරියකි. .. ශ්වේත වර්ණ වෙස් මුහුණක් පසුපස සැඟවී ගත් ඈ, පිරිපුන් රතු තොල් සඟලින්, විභාවනයෙන් තොර මුහුණින්, පුරුෂ හදවත් තුල ඇගේ ගුප්ත භාවයන් කෙරෙහි කුතුහලයක්, කැමැත්ත ඇති කරවයි.රඟන්නී ඈ, ඇගේ ...
අවුරුදු කුමරිය, මිස් ශ්‍රී ලංකා හා සුපර් මොඩල් ~ පාශා ~ අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සව එහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා. ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නන අවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ...අංක එක - අවුරුදු කුමරියමේ තරඟ වලදී ගැහනු ලමයාගේ පිරිපුන් සිරුර, පළල් උකුල හා පිරිපුන් ...
Augustus හමුවීම ~ පාශා ~ "ඉතින් මොකද්ද ඔයාගේ කතාව? "මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු, ඇසීය."මම ඔයාට දැනටමත් මගේ කතාව කියලා ඉවරනේ... මගේ ලෙඩේ හොයා ගත්තේ....""නෑ...නෑ... ඔයාගේ cancer කතාව නෙවේ, ඔයාගේ කතාව.ආසාවල්, විනෝදාංශ, ළැදියාවන් ඒ වගේ.""හ්ම්""ඔයා අර තමන්ගේ ලෙඩේ, තමන්ගේ ජීවිතේම කරගත්ත කෙනෙක් කියලා නන් කියන්න එපා.මම එහෙම ගොඩක් දෙනා දන්නවා, ඒක හරිම හිත අධෛර්යමත් කරන දෙයක්.පිළිකාවක් කියන්නේ වැඩීමක්! එහෙම වෙලා මිනිස්සුන් ව යටපත් ...