417 හන්දියේ කතා..... හස රැල් කොහෙන් පටන් ගන්නදැයි හිතාගන්නට බැහැ.ඒ තරම් දේවල් ඔළුවට එනවා.අපේ ලමාකාලයේ සුන්දර ,අසුන්දර,භයානක,දුක හිතෙන,සතුට දැනෙන ගොඩක් දේවල් මතකෙට එනවා.කෝකටත් එහෙනම් පටන්ගමුකෝ......මේ රටේ 417 හන්දි තියෙන්නේ එකකි.ඒ වෙන කොහෙවත් නොව අපේ ගමේ අපේම ගෙදර ලග හන්දියයි.හැබැයි මේක බලන කෙනෙක් අපේ ගමට ඇවිත් 417 හන්දිය කොහේදැයි ඇහුවොත් උත්තර දෙන කෙනා අනුව උත්තර දෙකක් ලැබෙන්නට පුළුවන.ගමේ සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවොත් "එහෙම හන්දියක් ගැන ඇහුවෙත් අදයි"යනුවෙන් ...
දුප්පත් අපගේ බයිසිකලේ - Going Solo 6 හස රැල් ඕන්න එහෙනම් ඊළඟ කොටසටත් ආව.කලින් පොස්ට් එකේ අපේ අලි පැන්නිල්ල ගැන අපේ බ්ලොග් ලියන අවතාර් කොලුවා සුන්දර මඩ ප්‍රහාරයක් එල්ල කරලා තිබුනනේ.ඒවා බලල දැන් හිනා ගියත් ඇත්තටම ඒ සිද්දියට මූනපාපු වෙලේ දැනිච්ච මර බියනම් පොඩ්ඩක්වත් අමතකවෙන එකක් නෑ.එහෙනම් අද කතාවට.අද ඉතින් කියන්න යන්නේ මගේ පලවෙනි ගමන් සගයා වෙච්චි මගේ දුප්පත් බයිසිකල් කට්ට ගැන.පොළොන් කතාවලදී මං කිව්වනේ පයින් ගමන අවදානම් නිසාම ...
බට්ටාගේ පලහිලව්ව - Spirit of the game හස රැල් හී...ඊ..ඊ...ඊ..ඊ..බට්ටෝ .....මොකෝ මගේ සුදු පුතේ....හී...ඊ..ඊ.. අනේ අම්මේ මන්නම් ආයි අර පින්වත්තේ කොල්ලෝ එක්කනම් ක්‍රිකට් ගහන්න යන්නේ නෑ....ඊ..ඊ....ඊ...ආ..නාඩ..නාඩ හිටපන් මගේ රත්තරනේ...මොකක්ද ඒ අසමජ්ජාතියෝ මගේ බට්ටට කරේ....අනේ අම්මේ උන් අද අපිත් එක්ක ක්‍රිකට් ගහන්න ඇවිත් හොර කරලා මාව අවුට් කළා....ඊ..ඊ..ඊ...අනේ මේ උඹලගේ ඔය කිරිකොට් කෙරුවාව ගැන මට ඒ හැටි තේරෙන්නේ නෑ...තාත්තා ආවමවත් කියහන්කෝ...දැන් ඉතින් නාඩ ඉඳින් තාත්තා එනකල්....----------මේ මැණිකේ...හරිම මහන්සියි...හදමුකෝ හොඳවයින් තේ ...
තර්කය ... හස රැල් දැන් කොහොම.....දැන් ඉතින් කොහොම වුනාම මොකද.අපිට ඕවා වලක්වන්න බෑනේ.අපි කිව්වය කියලා ඕවා වෙනස්වෙන්නෙත් නෑ.ඇමෙරිකාවේ ජනාධිපතිකමට බ්රූස් ලී පත්වෙනකොටම අපි ඕක හිතුවා.මොකද අපේ රටෙත් නැහැනේ හරි හැටි කතාවක් කරගන්න එකෙක්.ඔන්න ඉතින් හූ ජින්තාවොනම් නම් ඉන්නවා.මිනිහා මහනුවර නගරසභාවට ඉල්ලනකොට අපි හිතුවේ නෑනේ මෙහෙම දෙයක්වෙයි කියලා.අනිත් එක මං අහන්නේ අපේ මිනිස්සුන්ට මොලයක් නැද්ද ඔය තුට්ටු දෙකේ ගායකයෝ පස්සේ යන්න.හොදට සින්දු කියන්න ඇහැකි වුනු ...
විසිතුරු මනස - Beautiful Mind හස රැල් ඕන්න එහෙනම් දීර්ඝ විරාමයකට පස්සේ ආයෙත් බ්ලොගේ ලියන වැඩේට අතගැහුවා.මංවත් පහුගිය දොහේ මේ පැත්තේ ගොඩ නොවැදුනාට සෑහෙන පිරිසක් ඇවිත් ගිහින් තිබුනා.ඒකනිසා මේක වල්වැදෙන්න දෙන්න හොද නෑ කියලා හිතුනා.ඕන්න විරාමයෙන් පස්සේ අද ලියන්න යන්නේ චිත්තරපටියක් ගැන.මං ඔයාලට ගෙනෙන ගොඩක් කතා වගේම මේකත් ටිකක්විතර ඇත්ත කතාවක්.චිත්තරපටිය තමයි A Beautiful Mind. 2001 වර්ෂයේදී තමයි තිරගතවෙලා තියෙන්නේ.චිත්තරපටිය ගැන කියන්න කලින් ඒකට මුල්වුණු කෙනා සහ ...
අපේ ගමේ බස් එක සහ 417 හන්දියේ කතා ... හස රැල් චායාරූපය -sltbus.blogspot.comපහුගිය දොහේ බ්ලොග් ලිවිල්ල එපාවී තිබුනේය.ඒත් ඉතින් එහෙම ඉදලාත් බැරිය.පස්සෙන් පන්නන උන්ගේ මඩ ප්‍රහාර දරාගැනීමට හොද හයිය හිතක් තිබිය යුතුය.අලුත්ම මඩ ප්‍රහාරය දේශකයාගෙනි.ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බැවින් පෝස්ට් එකක් දමන්නට සිතුනි.අද ඉතින් ලියන්නේ අපේ ගමේ බස් එක ගැනය.ඒක ඔය උඩ තියෙන පින්තුරේ ජාතියේ එකක්ය.60 දශකයේ ඉස්සෙල්ලාම ගමට බස් එකක් ලැබුණි.එතකොට අපි ඉපදීලාවත් නැත.ඊට කලින් අපේ තාත්තලා සීයලා මාතර ගියේ ...
Year- End පාටි සහ තවත් කතා - Going Solo 10 හස රැල් හප්පේ.... ඒ අවුරුද්දත් අහවරයි නේද....මටත් බ්ලොග් එකක් කියලා දෙයක් තියෙනවා කියලා මතක්වුනේ ඕන්න අද ගෙදර ආවම තමා ඕන්.මමවත් මේක පැත්තපළාතේ පස්නොපෑගුවාට ගොඩක් උන්දැලා මගේ අඩවියේ දිනපතා කරක්ගහපු බවනම් පේන්න තියෙනවා.පහුගිය දොහේනම් පුල් නස්තාර් වෙන්න වැඩකරලා ඕන්න අද තමයි යාන්තම් හුස්මක් කටක් ගත්තේ.වෙන අවුරුදුවල වගේ නෙමෙයි මේ අවුරුද්දේ වැඩකරන්න වුනෙම ණය අංශෙ.ඉතින් වර්ශාවසානේ කියන්නේ යුද්ධයක්ම තමා.ඔය බැංකුවල වැඩකරන උන්දැලා ඕවා දන්නවා ...
හම්බන්තොට Island 1st වීම නොහොත් ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිඳවැටීම හස රැල් පින්තුරය ගත්තේ - http://www.shilpasayura.orgශ්‍රී ලාංකීය දේශපාලනයේ බමුණු කුලය බිඳවැටුනේ 1956 දීය.1956 සිදුවුණු ආණ්ඩු පෙරලිය මාර්ටින් වික්‍රමසිංහ දුටුවේ බමුණු කුලයේ බිදවැටීම ලෙසය.එලෙසම ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ බමුණු කුලය බිදවැටුණු අවුරුද්ද ලෙස 2012 සටහන් වනු ඇත.මා එසේ කියන්නේ 2012 උසස්පෙළ ගණිත සහ විද්‍යා අංශයන්ගෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගැනීමට හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ විදුහලේ රුසිරු ගම්භීරආරච්චි සහ කසුන් ලක්මාල් සමත්ව තිබීම නිසාවෙනි,එහෙත් දිස්ත්‍රික්කය හම්බන්තොට වීම ...
මොකක්ද මේ ක්ෂුද්‍ර මූල්‍ය [Micro-Finance] කියන්නේ ? හස රැල් "ඈ බං සොපි අක්කේ මේ පාර අවුරුද්දට පොඩිවුන්ට රෙදි කෑල්ලක්වත් අරන් දෙන්නේ කොහොමදැයි කියලා මං මේ කල්පනා කරේ" කරුණාවතී කිව්වේ දවල්වරුවේ වැවට ගොස් රෙදි සෝදන අතරතුරේය...."ඉතින් බං උඹ ඔය කැවිලි පෙවිලි රහට හදන්න දස්සයා වෙච්චි,හදලා දාපන්කෝ ටවුමේ කඩවලට කැවුම් ,අතිරහ ටිකක්.කීයක් හරි හොයාගන්න බැරුවය""ඒකනම් එහෙම තමා,ඒත් ඉතින් මුලින් පිටි සීනි ටික ගන්නවත් මයේ අතේ කීයක්වත් නැහැ නොවැ,කඩේ මුදලාලි අපිට දැන් ...
ඉතින් මැතිතුමනි - ඔබට නිවන්සුව හස රැල් මා පළමුවෙන්ම ඔබට කියාසිටින්නේ අද මාමෙහි සදහන් කරන්නේ ඩබ්.කරුණාජීව නම් දේශපාලන චරිතය ගැනනම් නොවන බවයි.එබැවින් මා මෙහි සදහන් කරනදෙයක සමග ඔබ එකග නොවන්නේ නම් මේ මිනිසාට අගෞරවයක් නොවන පරිදි ඔබගේ අදහස් දක්වන පරිදි ඉල්ලා සිටිමි.ඔබ මේ වනවිටත් දන්නා පරිදි මහජන බැංකුවේ සභාපති ධූරය ඉසුලු ඩබ්.කරුණාජීව මහතා අදදින ජීවතුන් අතරින් සමුගෙන ඇත.2007 දී මහජන බැංකු සභාපති ධූරයට පත්වූ කරුණාජීව මහතා 2010 ...
මහත්තයා ගෙවන්නේ Credit Card එකෙන්ද ??.... හස රැල් පින්තුරය ගත්තේ -http://finance.yahoo.comටික දවසකින් මුකුත් ලියන්නවත් බ්ලොග් කියවන්නවත් වුනේ නැහැ.ඔන්න ඉතින් අද පොස්ට් එකක් දාන්න ඕන කියලා හිතුනා.අපේ බැංකුවයි ඔබයි පන්තියත් එහෙම්ම නැවතුනානේ.අද මං කියලා දෙන්නේ Credit Card ගැන.ඔන්න සමහර අයනම් දැන්ම පොස්ට් එක කියවන එක නවත්තලා දාවී නේද?හෝව් ..හෝව් .. පොඩ්ඩක් ඉන්න මං කියන්න යන්නේ Credit Card පාවිච්චි කරන හැටිනම් නෙමෙයි.මං කියන්න යන්නේ කොහොමද Credit Card ආරම්භ වුනේ සහ ...
පිටරට ඉඳන් ගෙදරට සල්ලි එවන්නේ කොහොමද? බැංකුවයි ඔබයි 3 හස රැල් ඔන්න යාලුවනේ අපේ පාඩම් මාලාවේ තුන්වෙනි පන්තියත් අද පැවැත්වෙනවා.පාඩම පටන්ගන්න කලින් කියන්න ඕන මං මේ පාඩම් වලින් අරමුණු කරගන්න දේ.ඇත්තටම මගේ අරමුණ තමයි බැංකු කටයුතු ඔයාලගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් විධි සහ බැංකුවක් මගින් ඔයාලට ලබාගන්න පුළුවන් දේ ඉතා සරලව පැහැදිලි කරලා දීම.ආ...කියන්න අමතක වුනානේ අද ඉදලා හසරැල්ලක් මූණු පොතෙත් ඉන්නවා.දැන් අපි පාඩම් දෙකක්ම කලානේ,ඒවා බැලුවේ නැති අය පල්ලෙහා ...
යතුරු පැදි දින සටහන්..- Motorcycle Diaries හස රැල් අර්නස්ටෝ චේ ගුවේරා....අපේ කාලයේ විසු සොදුරුතම විප්ලවවාදියා.කවුරුත් වගේ අහලා ඇති.ඒත් ගොඩ දෙනෙක් ඔහුගේ තරුණ ජීවිත කාලය ගැනනම් අහලා නැතුව ඇති නේද?මං අද කියන්න යන චිත්‍රපටය ගලායන්නේ චේ ගේ තරුනකාලය හරහා.දොස්තර කෙනෙක් වෙන්නට පෙර චේට අවුරුදු 23 පමණ වන කාලයේ සිට ඉදිරියට ගලායන සත්‍ය කතාවක්.මේ චිත්‍රපටියේ කියවෙන්නේ 1952 දි චේ තමාගේ යහළුවෙකු වන අර්බර්ටෝ ග්රෙනාඩො සමග යතුරු පැදියකින් දකුණු ඇමෙරිකාව හරහා ...
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්.... හස රැල් ආ....කොහොමද සිරා ඩයල් එක නේද?කොහොමවුනත් හෙඩිම වගේ ඉස්සර කිව්වේ ලේසියෙන්ම අන්දන්න පුළුවන් උන්ට තමා.ඒත් ඉතින් චීනු කියන්නේ ලොකුම ජනගහනයට හිමිකම් කියන රටනේ.ඒ වගේම ලෝකේ වැඩියෙන්ම භාවිතා වෙන්නෙත් චීන මැන්ඩරින් භාෂාව තමා.ඉංග්‍රීසිත් ඒකට දෙවනිවෙලා තියෙනවා.තව ටික දොහකින් ලෝකේ ලොකුම ආර්ථිකෙට හිමිකම් කියන්නෙත් චීනා තමයි බොලව්.කොහොමවුනත් චීනේ කියන්නේ ඉස්සර ඉඳලම දඩාර සයිස් නිර්මාණ කරපු පොරවල් තමා.හොදම උදාහරණය චීන මහා ප්‍රාකාරය.අපේ රටෙත් මෑත ...
ගණන්කාරයෙක් වෙන්නේ කොහොමද ? how to become genius හස රැල් ඔන්න ඉතින් අද ඔයාලට කියලා දෙන්නේ ගණන්කාරයෝ ගැන.සිංහලෙන්ම කිව්වොත් Maths ගැන.ඔන්න මට පේනවා සමහර අයගේ මුහුණු මැලවෙනවා.පොඩි කාලේ ඉස්කෝලේ යනකොට ගොඩක් අයගේ (අ)ප්‍රියතම විෂය වෙන්නේ ගණන් නේ.හැබැයි ඉතින් ඔය අස්සේ ගණන් පිස්සොත් ඉන්නවා.ඔන්න ඔය දෙකොට්ටාෂෙන් මං අයත්වෙන්නේ දෙවැනි ගොඩට.අදටත් මගේ ප්‍රියතම විෂයක් තමා ගණිතය.ගොඩ දෙනෙක් නොදන්නවා වුනාට මේ ගණිතය කියන්නෙත් එක්තරා කලාවක්.හැබැයි ගානට කරන්න ඕන.නැත්නම් ඉතින් පිස්සු තමා.ඉතින් ඔය කාට ...
බලල ඉවරවෙලා මටත් දෙනවද..... හස රැල් ඉතින් යාළුවනේ අද ටිකක් වෙනස් දෙයක් ගැන ලියන්න හිතුනා.අපි කාටත් දායකවෙන්න පුළුවන් දෙයක් ගැන.ඒ නිසා මේක කියවලා අමතක කරලා දාන්නේ නැතුව පොඩ්ඩක් ඒ ගැන ක්රියාත්මකත් වෙන්න.ඉතින් ඔයාලට අද උනත් දායකවෙලා සතුටුවෙලා පුළුවන් දෙයක් ගැන තමා මේ කියන්නේ.ඒ ඇස් දන්දීම ගැන.තමන්ගේ මරණින් පස්සේ තමන්ගේ දෙනෙතින් මේ ලෝකේ දකින්න තවත් කෙනෙකුට අවස්ථාව ලබලා දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක් නේද?ඉතින් ලංකාවේ වාසය කරන අපි ...
එකම කතාවක දෙපැත්තක් ..... හස රැල් අළුත් අවුරුද්දේ ඉස්සෙල්ලම ලියන්න හිතුනේ මේ වගේ දෙයක් නම් නෙමෙයි.ඒත් අද [අප්‍රියෙල් 15] පටන් ගනී කියලා අනාවැකි පලකරලා තිබ්බ කොරියන් යුද්ධය නිසා මට මේ කතාව මතක වුනා .ඉතින් මං අද මේ කියන්න යන කතාව අදාළ වෙන්නේ දෙවැනි ලෝක යුද්ධ කාලෙට.iwo - jima කියන දූපත වෙනුවෙන් ජපානය සහ ඇමෙරිකාව අතර ඇතිවුණු බිහිසුණු සටනක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ.ඒ වගේම මේ ඇත්ත ...
ඉස්කෝලේ කාලේ රසකතා හස රැල් අපි කවුරු කවුරුත් තමන්ගේ ජීවිතේ ගතකරපු සුන්දරම කාලය මොකක්ද කියලා ඇහුවොත් හැමකෙනෙක්ම වගේ දෙන උත්තරය තමයි ඒ තමන්ගේ පාසල් කාලය කියලා.ඉතින් ඒ වගේම මගෙත් පාසල් කාලය සුන්දර මතකයන්ගෙන් පිරුණු එකක්.ඉතින් ඒ පාසල් කාලේ සිදුවුණු රසවත් අත්දැකීම් කිහිපයක් තමයි මං අද ලියන්න හිතුවේ.ඔයාල දන්නවා ඇතිනේ මං මාතර කියලා.ඉතින් මං පාසල් ගියෙත් ඒ මාතර තියෙන මුල් පෙලේ බාලක විදුහලකට.අපේ පාසල අසලින් මාතර ...
අධිවේගයේ සන්ත්රාසය - The Fast and The Furious හස රැල් ඔන්න යාලුවනේ අද මං ලියන්න හිතුවේ මගේ හිතගත් චිත්‍රපටි මාලාවක් ගැන.දක්කගමන් ඔයාලවුනත් අදුන ගන්න ඇතිනේ.ඔව් මේක තමයි සුප්‍රසිද්ද The Fast and The Furious කතාමාලාව.ලතින් ඇමෙරිකානු රටවල සුලබ සිද්දියක් වන street racing කරන සහ මංකොල්ලකාරී කටයුතුවල යෙදෙන තරුණ කණ්ඩායමක් වටා තමයි මේ කතා මාලාව ගලායන්නේ.මේ වෙනකොට චිත්‍රපටි 5 ක් පිටවෙලාතියෙනවා.6 වෙනි එකත් ලගදීම බලන්න පුළුවන් කියන ආරංචිය නිසා තමයි මේ පොස්ට් ...
සුබ අළුත් අවුරුද්දක් වේවා ! හස රැල් ලැබුවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබ සහ ඔබේ පවුලේ සැමට එළකිරි සහ ජලය පිරි සතුට සොම්නස සහ ආතල් පිරිජල්බරි ,ගුස්ති ,තොප්පි නැති පොලුවලින් ලණුවලින් තොර සමබර සහ සොමිබර ආතල් කිතල් පොල්තෙල් පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ....!පින්තුරේ ඉස්සුවේ බුකියෙනි. ...