කරවිලේ කතාව - Going Solo 11 හස රැල් කෝමද ඉතින්? දැන්නම් අපිව මතකත් නැතිව ඇති නේද ගොඩක් අයට..යාළු මිත්ත්රයෝන්ගේ කොතෙක් අවවාද අනුසාසනා තිබ්බත් සමහර අයට හැදෙන්න නම කෙලවෙන්නම ඕනලුනේ..ආන්න ඒ වගේ..මාත් කොච්චර අය කිව්වත් ලියන්නේ නැතිව අතැරදාල තිබ්බ බ්ලොගේ මතක්වුනේ කකුලේ වළලුකරට පොඩි අතුරු ආන්තරාවක් වෙලා ඇඳට වැටුනම තමා ඕන්න.වයිද්ද උපදේසේ සතියක් ඇඳට වෙලා හිටු කියලා.ඒ කිව්වට බොලන් එහෙම කොහොමෙයි ඇඳට වෙලා සතියක් ගතකොරන්නේ.ඒක නිසා ආයෙත් එන්න ...
කොස් මහත්තයාගේ කතා 2 හස රැල් ඔන්න මන් අදත් කියන්න යන්නේ අපේ කොස් මහත්තයා සම්බන්ද රසවත් සිද්දි ටිකක්.මුල් කතා ටිකබැලුවේ නැති අය මෙතනින් ඒක බලලා එන්නකෝ.ඔන්න මේ කියන්න යන සිද්දිය වුනේ 2006 අවුරුද්දේ විතර.එතකොට අපේ බ්‍රාන්ච් එකේ නියෝජ්‍ය කලමනාකරු විදිහට වැඩකලේ ගුණවතී (නියම නම නොවේ)කියලා මිස් කෙනෙක්.ගුණවතී මිස් මැදි වයස පහුකරලා හිටපු දරුවන් තුන් දෙනෙකුගේ මවක්.මේ මිස්ට දියවැඩියාව එහෙම තිබුනා.ඒ කියන්නේ හිටිගමන් ඇඟේ සීනි අඩුවෙන තත්වයක් ...
ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් .... හස රැල් පින්තුරය ගත්තේ - http://wallybastiansz.com/ඔන්න අද ලියන්න යන්නේ රජෙක් ගැන.නිකම්ම නෙමෙයි බයිලා රජෙක් ගැන.ඒ තමයි ලංකාවේ බයිලා රජු ලෙස විරුධාවලි ලත් වොලී බැස්ටියන් ගැන.එහෙනම් වටේ යන්නැතුව කෙලින්ම කතාවට වැටෙමුකෝ නේද...1914 ජුනි 9 වෙනිදා ගාල්ලේ පියදිගමදී තමයි වොලී බැස්ටියන් උපත ලබා තිබෙන්නේ.වොලී බැස්ටියන් නමින් ප්රසිද්දවුනත් ඔගස්ටස් මර්තෙනිස් බැස්ටියන් නමින් තමයි බවුතීස්මය ලබලා තියෙන්නේ.පවුලේ සහ ලග නෑදෑයන් ආදරයට "ඔලී" යනුවෙන් ඇමතීම තමයි පසුකාලේයේදී ...
සීයාගේ දිනපොතින්.......... හස රැල් ඔන්න ඉතින් මං අද දාන්න හිතුවේ මගේ සීයාගේ දිනපොත්වලින් ගත්ත පොඩි විස්තර ටිකක්.මට මේක දාන්න හිතුනේ අපේ සිරා කොලුවාගේ සීයාගේ පත්තර කොලෙක්ෂන් එකේ පින්තුර ටික දැක්කමයි.කාගේ වුනත් දිනපොත් ,ලියුම් කියවන එක හොද වැඩක් නෙමෙයි,ඒ මොකද ඒවයේ ජීවිතේ කාටවත් නොකියපු අතිශය රහසිගත දේවල් පවා තියෙන නිසා.ඒත් ඉතින් ලෝකේ ගොඩක් ප්‍රසිද්ද වුනු අයගේ දිනපොත් පොත් විදිහට පවා මුද්‍රණය වෙලා තියෙනවා.ඒවායෙන් අපේ ජීවිතවලටත් ...
ගලිවර්ගේ සුවිසැරිය හස රැල් අපේ තාත්තට රහස් සිතියමක් හම්බවුනා..ඒකෙ තිබුනේ නිදන් දූපතක් ගැන විස්තර ...මේ සිතියම තාත්තාගෙන් ලබාගන්න අපි ගමන්කළ නැවේ නියමුවා දඟ දැම්ම...තාත්තට බොහෝම හිරිහැරකරන්න ආව..ඔය අතරේ තමයි නැව කුනාටුවකට අහුවුනේ...නැව සුන් වුනා....තාත්තට මොනවා උනාද දන්නේ නැහැ ..මමයි වයිටයි කොහොමහරි පාවෙලා ආව ලිලිපුට් දූපතට ..ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ...ඒ අය හිතුවේ මං හතුරෙක් කියල...ඒ වුනත් කුරුමිටි රජ්ජුරුවෝ උකුස්සගෙන් බේරගත්තුනිසා ඒ අය මාත් එක්ක යාලු උනා..දැන් ඉතින් ...
අපි කවුරුද ????? හස රැල් සීසීකඩ විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන පෙණකැටි වාගේ ..... නැතිවෑහුදකලාවේ තනිවී සිටියමසිහින ආකරේක වැටුනා වාගේ ..... නිමක් නෑමොහොතින් මොහොතට ගෙවෙනා කාලයදැනෙනවා කාටත් එක විදිහටගිනියම් ඉර සඳ සිසිලසඅතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව සිතුවම් කල අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද ඉර බැසයන ගොම්මන් යාමේතරු එක දෙක දිලිසෙන කළු ආකාසේ ගලාහැලෙන රිද්මේ නැහැවී ඇදී යන්නේ ඈතින් ඈතට පාවී... සුළග ...
නිකම් ඉන්න බැරුවට කොරපු වැඩක්.... හස රැල් ඔන්න ඔය පහුගිය සතියේ පොඩි අසනීප ගතියකින් හිටපුනිසා ගේ ඇතුලටමවෙලා තමයි ඉන්න වුනේ.ඔහොම ඉදිද්දී ඉතින් නානාප්‍රකාර දේවල් හිතෙනවනේ.මට හිතුනා අපේ ගෙදර පැත්තකට දාලා තියෙන පරණ රේඩියෝ එකට ආයෙත් පණ දෙන්න පුලුවන්ද කියලා බලන්න.මේක මේ 1960 විතර පරණ රේඩියෝ එකක්.හරියටම නිෂ්පාදිත අවුරුද්ද දන්නේ නෑ.වර්ගය Siemens.Model එක Batteriesuper 440b.ආ .....මේක මේ ජරුමන් රටේ හදොපු එකක්.සිංහලෙන් කිව්වොත් Made In Germany.ඔන්න ඔය විස්තර විතරයි ...
නිදහස අහිමි අපේ දරුවෝ හස රැල් අද රටම අපේ අභිමානවත් 65 වෙනි නිදහස් සමරුව සමරනවෙලේ මට ටිකක් වෙනස් අදහසක් ආව.ඉතින් ඒක ඔයාලත් එක්ක බෙදාහදාගන්න ඒක හොදයි කියලා හිතුනු නිසා සටහන් කරනවා.ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද?මං එහෙම කෙනෙක්ගෙන් ඇහුවොත් විවිධ අය විවිධ අදහස් දක්වන්න පුළුවන්.ඒත් මං හිතනවා අපි මේ නිදහස කියලා සමරන්නේ මුලික වශයෙන්ම අපේ චින්තන නිදහස කියලා.නැත්නම් සරලව කියනවනම් ඕන කෙනෙක්ට තමන්ට හිතෙන දෙයක් කරන්න[අනිත් අයට කරදරයක් ...
ආදරයේ විරහව දැනෙන්නේ පේරාදෙණියේ උන්ට විතරද?? හස රැල් මට මේක ලියන්න හිතුනේ අද උදේ කනට වැටිච්ච සින්දුවක් නිසා.හැබැයි ඉතින් මේ ගැන ලියන්නනම් මට කිසිම සුදුසුකමක් නැහැ.අපේ බ්ලොග් අවකාශෙත් පේරේ [පේරාදෙණිය විශ්ව විද්‍යාලය]ඉගෙනගත්තු කකා වගේ කට්ටිය වගේම දැනටත් ඉන්න රත්ගමයා මගේ කට්ටියත් මගේ වැරදි ඇතොත් නිවැරදි කරත්වා.ලංකාවේ අනෙත් විශ්ව විද්‍යාලය වලට වඩා ආදරය ගැන කියනකොට කාටත් මතක වෙන්නේ පේරේ තමයි.ඒ කියන්නේ අනිත් කැම්පස්වල උන් love කරන්නේ නෑ කියන එකද...,එහෙමත් ...
මගේ සිත නිවන ගී - My Mind Relaxing Songs හස රැල් www.enhancedhealing.comමම ටිකක් කොහොමත් සංගීතෙට ඇල්මක් දක්වන කෙනෙක් බව ඔගේ බ්ලොග් එක කියවන ඔයාලට තේරිලා ඇති.ඉතින් අදත් ඔන්න මං ලියන්න යන්නේ සින්දු ගැනම තමයි.හැබැයි විශේෂ සින්දු ටිකක් ගැන.ඔයාලටත් ජීවිතේ කවදාහරි දවසක ප්‍රශ්න ගොඩක එරිලා ඉන්නකොට අහන්න ලැබෙන සිංදුවකින් මනසට සුවයක් ලැබිලා තියෙනවද?බොහෝ දෙනෙක්නම් ඒ අත්දැකීම විදලා ඇති නේද?නූතන විද්‍යාවටත් අනුව පිළිගන්න දෙයක් තමයි සංගීතය කියන්නේ මනස සුවපත් කිරීමේ හොදම ඔසුව බව.ඒ ...
ලින්කන් සහ කෙනඩි අතර පුදුම හිතෙන සමානකම් හස රැල් ඔන්න ඉතින් කීප දවසකින් පොස්ට් එකකුත් දාන්න බැරිඋනානේ.මේ දවස්වල පොඩ්ඩක්විතර බිසී.ඔන්න මං අද ඔයාලට කියන්න යන්නේ ඇමරිකාවේ හිටපු ජනාධ්පතිවරු දෙදෙනෙක් අතර පුදුම හිතෙන සමානකම් ටිකක් ගැන.කට්ටියම දන්නවනේ මේ තමයි ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සහ 35 වෙනි ජනාධිපති ජෝන් එෆ් කෙනඩි.මේ දෙන්නගේ ජීවිත කතාවල ටිකක් පුදුම හිතෙන සමානකම් ටිකක් මට අහුවුණා.ඒ ටික ඔයාලගේ දැනගැනීමටත් එක්ක ඔන්න දානවා.*ලින්කන් 1846 ...
බිව්වම කියන සින්දු මොනවද?? හස රැල් පහුගිය පොස්ට් ටික වගේම අදත් ලියන්න යන්නේ සින්දු ගැනම තමයි.හැබැයි අද ටිකක් වෙනස් සින්දු ටිකක් ගැන ලියන්නේ,හැබැයි ඉතින් අපේ ගොඩ දෙනෙකුටත් අදාළ මාතෘකාවක්.මං අද ලියන්නේ බිව්වම ඒ කියන්නේ බීලා වෙරිවුනාම කියන සින්දු මොනවද කියලා.පිටරට කස්ටිය වගේ නෙමෙයි අපේ රටේ පැරණි මහලු කට්ටිය වගේම දැන් හැදෙන සමහර තරුණ ගැටයොත් මඩු විතකින් සප්පායම් වුනාම පොඩි ආතල් එකක් ගන්න සින්දු කියනවනේ.ඒකනේ කියන්නේ අපේ ...
අධිවේගී මාර්ග සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය හස රැල් බ්ලොග් අවකාශේ ඉන්න කවුරු කවුරුත් තම තමන්ගේ බ්ලොග්වල එක එක දේ ගැන විචාර දානවනේ ඉතින් මටත් හිතුනා විචාරයක් දාන්න ,සමහරවිට මේ මාතෘකාව ටිකක් විවාද සම්පන්න වෙන්න පුළුවන් ,කොහොම උනත් මං අද කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ අධිවේගී මාර්ග ඇතුළු මාර්ග පද්දතිය සහ ලංකාවේ ප්‍රවාහන පද්දතිය ගැන ,කවුරු කවුරුත් පිලිගන්නවා ඇතිනේ ලංකාවේ මාර්ග පද්දතිය පසුගිය වසර 10 ක පමණ කාලයක් ඇතුලත සීග්‍රයෙන් දියුණු ...
අර්ධ ශතකය සමගින් දන්නා කෙනෙක් ගැන නොදන්නා දේවල් හස රැල් පින්තුරය ගත්තේ - http://reflectionscenter.comඔන්න යාලුවනේ එහෙනම් හසරැල්ලක් බ්ලොගේ 50 වෙනි පියවරට පැමිණි ඔයාලව සාදරයෙන් පිලිගන්නවා.ඇත්තටම මටත් හිතාගන්න බැහැ පොස්ට් 50 ක් මේ තරම් ඉක්මනට දැම්මද කියලා.අවුරදු 2 ක් 3 ක් විතර බ්ලොග් කියෙව්වට පස්සේ මේ බ්ලොග් එක මං පටන්ගත්තේ 2011 දී වුනත් එක පොස්ට් එකකට විතරක් සීමාවුණා.වැඩේ හරියටම නැගලා යන්න ගත්තේ 2012 නොවැම්බර් වලදී මං තවත් බ්ලොග් එකක් වුනු අපේ ...
කාලෙකට කලින් බලපු ලස්සන චිත්‍රපටියක් - Roja හස රැල් අද උදේම ටී වී එකේ යනකොට ලස්සන සින්දුවක් ඇහුනා,ඒක කාලෙකට කලින් තිරගත වුනු ලස්සන චිත්‍රපටියක් වුනු "රෝජා "චිත්‍රපටියේ ගීතයක්,ඒ වෙලාවේ හිතාගත්තා වැඩ ඇරිලා ඇවිල්ලා ඒ ගැන පොස්ටුවක් දාන්න ඕන කියලා.ඉතින් මං හිතන්නේ ඔයාල ගොඩදෙනෙක් මේ ෆිල්ම් ඒක බලලා ඇති නේද,බලලා නැති කට්ටියත් ඇති.මේක සුප්‍රකට මනි රත්නම්ගේ චිත්‍රපටියක්,මුලින්ම දෙමළ චිත්‍රපටියක් විදිහට ආවත් පස්සේ හින්දි වර්ෂන් එකකුත් ආවා.අරවින්ද් ස්වාමි සහ මධුබාලා තමයි ...
ගොන්ටා සහ නොපෝ මතකද - Do you remember them? හස රැල් ආ... කස්ටියම අදුනගන්නැති නේද?අපේ පොඩි කාලේ යාළුවො දෙන්නෙක්නෙ.මට හිටිහැටියේම මෙයාලව මතක වුනේ පහුගිය දවසක හිරු TV එකේ MAD කියන වැඩසටහන බලනකොට.ඒකත් පොඩි පොඩි දේවල් වලින් නිර්මාණ හදන්න කියලා දෙන වැඩසටහනක්.ඉතින් අපි පොඩි කාලේ අද වගේ හැටහුටාමාරක් TV චැනල් තිබ්බේ නෑනේ,කෝකටත් තිබුනේ සැළලිහිනියයි සුවාධීනෙයි තමයි,ඉතින් මතක ඇතිනේ සැළලිහිනියගේ ඒ කියන්නේ ජාතික රූපවාහිනියේ හවසට විකාශය වුනු අධ්‍යාපන සේවය,ඉතින් ඒ වැඩසටහන් අතරේදී තමයි ...
සිහින හඹායන්න - Greatest Game Ever Played හස රැල් ඔන්න අද මං කියන්න යන්නේ තමන්ගේ සිහින හඹාගිහින් සැබෑ කරගත්ත කොළු ගැටයෙක් ගැන ඇත්තම ඇත්ත කතාවක්.මෙයාගේ නම Francis Ouimet.මෙයා ඇමෙරිකන් ජාතිකයෙක්.ඉතින් මෙයා මෙයාගේ පොඩි කාලෙම ඉදල තිබ්බ සිහිනේ ජයගත්ත හැටි තමයි මං අද ඔයාලට කියල දෙන්නේ.Francis Ouimet 1893 මැයි 8 වෙනිදා ඇමෙරිකාවේදී උපත ලබනවා.ඒ බ්රූක්ලින් වලදී.Francis Ouimet ගෙ අම්මයි තාත්තයි දෙන්නම සංක්‍රමණික ජාතිකයින්.පුංචි Francis ට වයස අවුරුදු 4 ක් වෙද්දී ...
පුනරුප්පත්තිය පිළිගන්නවාද? Reincarnation - believe it or not හස රැල් මං ඔබෙන් ඒ ප්‍රශනය ඇහුවොත් උත්තරේ මොකක් වේවිද ?කෙනෙක් කියන්න පුළුවන් ඔව් කියලා,තවත් කෙනෙක් කියයි නෑ කියලා,ඒ වගේම සමහර අයගේ උත්තරේ "අනේ මන්දා "වෙන්නත් ඉඩ තියෙනවා.මනුෂ්‍ය වර්ගයාගේ ආරම්බයේ සිටම "දෙවියන්"යන ප්‍රශ්නෙට පස්සේ මිනිස්සු වැඩියෙන්ම උත්තරේ හොයපු ප්‍රශ්නේ තමයි මේක.කොහොමවුනත් අද අපි කතාකරන්නේ පුනරුප්පත්තිය ගැන.ඉතින් ඉස්සෙල්ලාම බලමුකෝ මේ පුනරුප්පත්තිය කියන්නේ මොකක්ද කියලා.ඒ කියන්නේ මිනිසෙක් හරි සතෙක් හරි තමන්ගේ මරණයට පස්සේ [biological ...
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්.... හස රැල් කලින් දාපු පොස්ටුව බ්ලොග් රෝල් වල update වෙලා නෑ...මෙතනින් ගිහින් බැලුවනම්..
රබර් ඇටෙන් රූං පෙත්තක් හදමු - Weekend Project හස රැල් ඔන්න ඉතින් මාසෙකටත් පස්සේ මේක ලියන්න ගත්තේ.පහුගිය කාලේ හරිම අවිවේකී වුනා නොවැ.තාමත් එහෙම තමයි.ඒත් ඉතින් මේක අතැරලා දාලා පුළුවනෑ.ඒක නිසා ඔන්න අද weekend project එකක් දාන්න හිතුනා.ඒකත් weekend එකත් end වෙන්න ගියාමයි ලියන්න හිතුනේ.අද වැඩට ගිහින් එද්දී (අපි ඉරිදත් වැඩ තමා අනේ )මගදී බයිසිකලේ රෝදෙට අහුවෙලා මොකක්ද මන්දා "පටාස්" ගාලා පුපුරලා ගියා.කෝකටත් කියලා බයිසිකලේ නවත්තලා බැලින්නම් රබර් ඇටයක්.ඒ විතරක්ය පාර ...