පුවක් ලෙල්ලෙන් නයිහාමි කෙනෙක් හදමු - weekend project හස රැල් ඔන්න යාලුවනේ අපේ weekend project එකේ තුන්වෙනි වැඩසටහන අද.වැඩේ පටන් ගන්න කලින් මට ඔයාලට කියන්න පොඩි කාරණයක් තියෙනවා.මගේ අරමුණ වෙන්නේ අපි පොඩි කාලේ ස්වභාවික ද්‍රව්‍ය වලින් නිර්මාණය කරපු සෙල්ලම් බඩු අපේ ඉදිරි පරම්පරාවන්ටත් දැකගන්න පුළුවන් විදිහට වෙබ් අවකාශයේ සටහන් කර තැබීමයි.මාත් මේවා හදලා දැන් සෑහෙන කාලයක් වෙනවා,ඒක නිසා මගේ මතකයට අනුව තමයි මන් මේවා හදන්නේ.ඒ නිසා වැරැද්දක් තිබුනොත් ඔයාලට ...
ආයෙත් "ඔහේ"ලා හමුවීය ... හස රැල් අද මට නැවතත් "ඔහේ"ලා හමුවිය.ඒ අවුරුදු 8 කට පමණ පසුය.ඒ මම ආයෙත් ගමරට බලා පැමිණි නිසාය."ඔහේ"ලා හමුවන්නටනම් අපේ පැත්තේම එන්නට ඕනෑය.දැන්නම් ගොඩක් අය මේ කියන්නේ කොහේදැයි දන්නවා ඇත.දන්නැති අයට දැනගන්නට කෙටියෙන්ම කිව්වොත් අපේ ගම මාතරය.අද බැංකුවට පැමිණි "ඔහේ"ලා මට කටපුරා "ඔහේ" කීවෝය.මමද කටපුරා "ඔහේ"ලාට "ඔහේ" කිව්වෙමි.ලෝකේ කොහේ ගියත් මටනම් ගම වගේ හරියන්නේ නැත.පහුගිය දොහේ බ්ලොගේ පාලුවට ගියේද ගමරට බලා එන්නට ...
උතුරු මිතුරු යුගයේ සංඛේතය යාල් දේවි හස රැල් බ්ලොග් එක පටන් අරගෙන සෑහෙන කාලයක් ගතවුනත් මගේ ප්‍රියතම දෙයක් ගැන කිසිවක් ලියන්න බැරිවුණා.පින්තුරේ දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන්නේ.ඒ තමයි කෝච්චි.ඉතින් මං මේ ගැන නොලිව්වට අපේ බ්ලොග් අවකාශේ යාළුවෝ කිහිප දෙනෙක්ම මේ ගැනම බ්ලොග් ලියන අය ඉන්නවනේ,කොහොමවුනත් මාත් පුලුපුලුවන් හැටියට දන්නා හොයාගත්තදෙයක් කොටලා දාන්න හිතුවා.අද කියන්න යන්නේ "යාල් දේවිය" ගැන.ඇත්තටම නම ඇහෙනකොට කෝච්චියකට වඩා දෙයක් හිතට එනවා නේද?මං මේ වෙනකොට ...
ණය නොගෙව්වොත් මොකද වෙන්නේ ???? හස රැල් ඔන්න බැංකුවයි ඔබයි ලිපි පෙලේ කලින් ලිපියේ පොරොන්දුවුණු පරිදි අද මං කියන්න යන්නේ ණය මුදලක් නිසි පරිදි ගෙවාගන්න බැරිවුනොත් මොකද වෙන්නේ කියන කාරණයයි.ඒකත් කලින් ලිපියේ පරිදිම ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කරනවා ඔබේ පහසුව සඳහා.මං මේකෙදි කතාකරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම බැංකුවලින් ගන්න ණය සම්බන්දවයි.ලීසිං ,ෆිනෑන්ස් වලදී මං මේ කියලා තියෙන කාරණා ටිකක් වෙනස්වෙන්න පුළුවන් හොඳේ...ණය මුදලක් ගෙවාගන්න බැරිවෙන්නේ ඇයි?අපි ණය මුදලක් ගැනීමේදී ...
'96 සමාජ පෙරලිය සහ අපි - 96 Revolution of society හස රැල් හෙඩිම දැක්කගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං 56 වෙනුවට 96 කියලා සටහන් කරලා කියලා.මොකද 56 කියන්නෙත් අපේ රටේ හොද හොද පෙරලි වෙච්ච අවුරුද්දක්නේ.කොච්චර හොදද කියනවනම් ඒවාට වන්දි අපි තාමත් ගෙවනවානේ.කොහොම උනත් හෙඩිම හරි.මං අද කතාකරන්නේ 96 අපේ රටේ ඇතිවුණු ක්‍රිකට් වසන්තය (මේ දවස්වල නරක වචනයකි ) සහ අපේ රටේ වෙච්ච විපිරියාස ගැනයි.හිටිහැටියේම මෙහෙම ලිපියක් ලියන්න හිතුනේ අපේ 96 ක්‍රිකට් කණ්ඩායම සහභාගී ...
ප්‍රධාන ආරාධිත අමුත්තා...... හස රැල් ස්ථානය - ධවල මන්දිරය ,වොෂින්ටන් ඩී.සී. , එක්සත් ජනපදය.වෙලාව - පෙ.ව.5.30 ,2013.10.02----------------------------------------------------------------------------------------බබා... බලන්නකෝ මේ ටයි එක හොඳද කියලා...මොකද වදේ මේ උදේ පාන්දර නැගිටගෙන බෙරිහන් දෙන්නේ,තව චුට්ටක් නිදාගමුකෝ....අනේ බෑ පැටියෝ.....මෙහෙ බලන්නකෝ....ම්ම්ම්......උදේ පාන්දර නැගිටගෙන මේ කොහෙද දුවන්න හදන්නේ,අද මුකුත් විශේෂ වැඩක් නැහැනේ.අනිත් එක ඔයා ඊයේ රජයත් වහලා දැම්මානේ.....මේක විශේෂ වැඩක් බබා....මට ලැබිච්ච ආරාධනාවක්....ප්‍රධාන ආරාධිත අමුත්තා විද
සිරදම හා මිතුදම - Shawshank Redemption හස රැල් ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්තරපටියක් ගැන විස්තරයක් දෙන්න හිතුනා.අද මං කියන්න යන්නේ Shawshank Redemption චිත්‍රපටිය ගැන.මේක බලපු අයත් ඉන්න පුළුවන්...කතාව ටිකක් කියන්නම්කො....Andy Dufresne කියලා බැංකුවක වැඩකරන කෙනෙක් තමන්ගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා මරා දැමීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්වෙනවා.කතාව පටන් ගන්නේ එතැනින්.ඉතින් මෙහෙම හිරගෙදරට එන Andyට හමුවෙනවා හොද යහළුවෙක්.ඔහුගේ නම red.එයාගේ විශේෂත්වය වෙන්නේ ඔහුට තියෙනවා බලධාරීන්ට හොරෙන් හිරගේ ...
මකරා හස රැල් ඔන්න ඉතින් කියන්න දෙයක් නැහැනේ.කවුරුත් දන්නා කෙනෙක් ගැන තමයි අද ලියන්න යන්නේ.කෙටියෙන්ම කිව්වොත් සුපිරි වැඩ්ඩේක් ගැන තමයි ලියන්න යන්නේ.ඒ තමයි Bruce lee.ඉතින් ගොඩ දෙනෙක් මෙයාව දන්නවා වුනාට වැඩිවිස්තර නම් දන්නේ නැතුව ඇති නේද?ඔන්න එහෙනම් බලන්නකෝ....1940 නොවැම්බර් 27 වෙනි දින උපත ලබන මෙයාගේ මුල් නම වෙන්නේ Lee Jun-fan කියන නමයි.චීන නක්ෂත්රයට අනුව ලී ඉපදිලා තියෙන්නේ මකරාගේ වර්ෂයේ සහ එම දිනයේ මකරාගේ ...
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී.... - pursuit of happyness හස රැල් මේ ලෝකේ උතුම්ම ආදරේ මොකක්ද කියලා ඇහුවොත් කවුරුත් වගේ දෙන උත්තරේ තමයි ඒ අම්මගේ ආදරේ කියන එක.ඒත් තාත්තගේ ආදරේ ගැන කවුරුත් කතාකරනවා අඩුයි.කොටින්ම තාත්තලා පවා ඒ ගැන කතාකරන්නේ නෑ.තාත්තාලාගේ ආදරේ ගොඩක් පේන්නේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්.කොහොමවුනත් මං අද ඔයාලට ලියන්න බලාපොරොත්තුවුනේ තාත්තා කෙනෙක්ගේ ආදරේ ගැන කියවෙන ලස්සන චිත්‍රපටියක් ගැන කියන්නයි.සාමන්යෙන් බටහිර චිත්‍රපටිවල මානව සම්බන්දතා ගැන කියවෙන චිත්‍රපටි අඩුයි.ඒකට හේතුවෙන්න ඇත්තේ ඒ ...
"මා නිර්දෝෂයි ස්වාමීනි" - මහඋළු ගෙදර සිට ලියන වගනම්.... හස රැල් කාළය යන්න ආපසු හැරවිය හැකිනම් අද දිනයේ මේ ලෝකයේ වඩාත්ම සතුටුවන පුද්ගලයා මම වෙමි.ජීවිතයේ ගන්නා කුඩාම කුඩා තීන්දු තීරනයක්වුවද අපේ ජීවිතය එළියෙන් අඳුරට ඇදදමන්නට ගන්නේ නිමේෂයකි.ඊයේ දිනයේ අධිකරණය වෙත ඉදිරිපත්කරනු ලදුව දින 14 කින් රිමාන්ඩ් කාළය දීර්ගකිරීම නිසා නැවතත් මගේ සිරකුටියට කොටුවුනෙමි.ඇප ඉල්ලීමක් කිරීමටවත් මාහට කෙනෙකු නොමැති වීමත් නීතිවේදීන් මා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මා හට අද මේ ...
වෙබ් අවකාශෙන් සිංහල භාෂාවට එකතුවුණු දේවල් හස රැල් ලෝකේ ඕනෑම භාෂාවක් වගේ අපේ සිංහල භාෂාවත් එක එක කාලෙට උචිතපරිදි හැඩ ගැහෙමින් ආපු භාෂාවක්නෙ,ඒ කියන්නේ පුරාන රජකාලේ වගේම පහුකාලීනව අපේ රට ආක්‍රමණය කරපු විදේශීය ජාතින්ගේනුත් අපේ සිංහල භාෂාවට වචන එක්කහුවෙලා තියෙනවා.එහෙම එකතුවුණු වචනත් ටික කලක් යනකොට පරිනාමනයවෙලා අපේම වචනත් බිහිවෙලා තියෙනවා.බඩු භාණ්ඩ ආදිය සම්බන්දයෙන් පමණක් නෙවෙයි පුද්ගල නාමයන් සම්බන්දයෙන් පවා.දැන් ඉතින් මේ නූතන 21 වෙනි සියවසේ අන්තර්ජාල පරම්පරාවත් එක්කත් ...
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා - The First Grader හස රැල් ඔන්න ඉතින් 417 හන්දියේ කතාවලට පොඩි විරාමයක් තියලා අද වෙනත් කතාවක් කියන්න හිතුනා.අපි කවුරුත් උපන්දා ඉදලම ඉගෙන ගන්නවනේ.ඉතින් මේ ඉගෙනගැනීම කෙලවරවෙන්නේ කොතැනින්ද?කවුරුත් පිලිගන්නවා ඇතිනේ අපේ මරණ මොහොත වෙනකල්ම අපි මේ ලෝකේ යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා කියලා.ඉතින් අද කියන්න යන්නේ ටිකක් අන්න ඒ වගේ කතාවක්.ඔයාල දන්නවා ඇතිනේ අපේ රටේ නිදහස් අධ්‍යාපනය [නිදහස්ද නැත්ද කියන එක වෙනම කතාකරමු ] තිබුනට ලෝකේ ගොඩක් ...
ලොකු වුනාම කවුරු වෙන්නද හීන මැව්වේ .... හස රැල් පුංචි කාලේ අපි කාටත් පොඩි හරි හීනයක් තිබ්බා නේද මං ලොකු වුනාම මෙහෙම කෙනෙක් වෙනවා කියලා.අම්මලාටත් හීන තියෙන්නැති අපි ගැන.ලොකු වුනාම මගේ දරුවා මේ වගේ කෙනෙක් වෙයි කියලා.දැන් කාලේ අම්මලානම් දරුවෝ ලොකුවුනාම දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරන්න තමයි බලාපොරොත්තුවෙන්නේ.ඒකෙ වරද්දකුත් කියන්න බෑ.මොකද දැන් කාලේ තියෙන ආර්ථිකේ හැටියට එහෙම කෙනෙක් නොවී ජීවිතේ ගොඩනගාගන්න සෑහෙන අමාරුයි.ඒ වගේම තමයි අම්මලා තාත්තලා කැමති ...
කොස්කොල ඔටුන්නක් හදමු - Weekend Project හස රැල් ඔන්න යාලුවනේ අදත් මං ඔයාලාව හමුවෙන්න ආවේ අපේ weekend project වැඩසටහනේ තවත් කොටසකින්.අද මං ඔයාලට හදන්න කියලා දෙන්නේ "කොස්කොල ඔටුන්නක්".එහෙනම් කට්ටියම වැඩේට සුදානම් වෙන්නකෝ.ඔන්න ඉස්සෙල්ලම අපිට මේ වැඩේට අවශ්‍යවෙන දේවල්.1.කොස්කොල - අපේ වැඩේට හරියන්නේ කහපාට වෙලා ගහෙන් වැටුණු ගමන්ම වගේ කොස්කොල,අමු කොස්කොලවගේම වෙලිච්චත් මේ වැඩේට සුදුසු නැහැ,අමු කොස්කොල ඉක්මනට වේලිලා යනවා ඒ වගේම වෙලිච්චා හය්ය මදි.ඒ වගේම එකප්රමානේ කොස්කොල තෝරාගත්තොත් ...
තනිව ගිය මග - Going solo හස රැල් බස් එකේ පිටිපස්සේ සීට් එකේ යන එක ලේසි පාසු වැඩක් නෙවි.මග දිගටම පාර කැඩිලා.අනේ මන්දා අපේ රටේ පාරක් තොටක් හරියට හදන්නේ කවදද මන්දා?......හෙට තමයි මට මගේ ජීවිතේ පලවෙනි රස්සාවේ වැඩ භාරගන්න තියෙන්නේ.හෙටින් පටන්ගන්න ජීවිතේ මොන වගේ වේවිද?මීට කලින් ගෙදරින් පිටනම් ඉදලා තියෙනවා.ඒත් තනියම ඔක්කොම කරගන්න එක ලේසි වෙන එකක් නෑ.ඒත් මං බලාපොරොත්තුවෙන් හිටියේ මේ වගේ දේකට නේද ....අද ඒ චාන්ස් ...
හොල්මන් දූවේ අභිරහස - The case of haunted mangrove island හස රැල් ඒ 1891 වර්ෂයේ ජනවාරි මාසයේ දිනයක් බව මාගේ සටහන් පිරික්සා බැලුවිට මට පෙනීයයි.කවුළුවෙන් පිටත බලාගෙන සිටි මාහට බේකර් වීදියේ එහා මෙහා යන මිනිසුන් පෙනුනේ එක්වරම මීදුමෙන් මතුවී මීදුමේම සැගවී යන අවතාර මෙනි.මේ හෝම්ස් සහ මා ගතකල ඉතාමත්ම අවිවේකී කාලයක් බව මට සිහිකළ හැකිය.වසර කිහිපයක්ම එකදිගට පරීක්ෂණ කටයුතුවල නියුතුවීම හෝම්ස්ගේ ශරීර සුවතාවයටනම් කෙසේවත් සුබදායී ලෙස බලපෑවේ නැත.අවසානයට අපි යෙදුනු පරීක්ෂණ වුයේ ...
පරණ ලයිටරෙන් මෝටර්සයිකලයක් හදමු - Weekend Project හස රැල් http://www.instructables.comකාලෙකින් ඔන්න ඔයාලට සෙල්ලම් බඩුවක් හදන හැටි කියලා දෙන්න හිතුනා...මීට අවුරුදු 10 කට 15 කට කලින් මං නිතරම හදපු සෙල්ලම් බඩුවක් තමයි මේ.මීට කලින් Weekend Project වැඩසටහනෙන් කියලා දුන්නේ ස්වභාවික දේවල් වලින් හදන සෙල්ලම්බඩු වුනාට ඔන්න මේ පාර කියලා දෙන්නේ අපතේ යන කෘත්‍රිම දෙයකින් හදන චුට්ටිම චුට්ටි ඒත් ආස හිතෙන සෙල්ලම් බඩුවක්.අද තවත් විශේෂත්වයක් තියෙනවා.මට හදිස්සියට අවශ්‍යකරන දේවල් හොයාගන්න බැරිවුනා.ඒත් ...
මේ කවුද ? මොනවද කලේ ? හස රැල් ඔන්න නෝනාවරුනි මහත්වරුනි මා අද ඔබලාට ඉදිරිපත්කරන්නේ පින්තුර ටිකක් සහ ගැටළු ටිකකි.කොටින්ම කිවහොත් පහල පින්තුරවල සිටින අය නම් කිරීමයි ඔබට කරන්න තියෙන්නේ.ඔබගේ පහන් සංවේගය උදෙසා ඉඟිවැකිද සපයා ඇත.බලමු කවුද හරියට කියන්නේ කියලා....1 . අප්‍රිකානු ජාතිකයෙකි.කළු මිනිසුන් වෙනුවෙන් සටන් කල කෙනෙකි.පාපන්දු ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ අයෙකි. 2 .1926 දී උපතලබා ඇත.විප්ලවවාදියෙකි.තවමත් ජීවතුන් අතර සිටී.3. කුඩාකාලෙයෙදී කථන අපහසුතාවයෙන් පෙලුනෙකි.ජර්මන් ජාතිකයෙකි.නොබෙල් ත්‍යාග ලාභියෙකි.4. ...
චූටී..... හස රැල් චූටී අපේ ගෙදරට ඉස්සෙල්ලම ආවේ 1992 අවුරුද්දේදී.....මට අදටත් හොදටම මතකයි.කවුදෝ කෙනෙක් දවසක් රෑ අපේ සීයාගේ කඩේ ගාව පූස් පැටව් වගයක් අතැරලා ගිහින් තිබුනා.මේ වෙනකොට මාත් ඉස්කෝලේ දෙක වසරේ ඉගෙනගත්තේ.මං උදේ නැගිටලා කඩේ පැත්තට යනකොට චූටී විතරක් කඩේගාව අයිනට වෙලා හිටියා.එයාගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම පාරේ යන වාහනවලට යටවෙලා.අපි ඉස්කෝලේ යන්න බස් එකට නැග්ගේ අපේ කඩේ ගාවින්.මං ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම බැලුවේ ...
අපේ උන් විතරද උස්සන්නේ....... හස රැල් මාත්තුරුකාව දක්කගමන් කලබල වෙච්ච අය සමාවෙන්නලා.අද මට ලියන්න හිතුනේ සින්දු ටිකක් ගැන.දැන් ඔය අපේ සිරිලන්කාවෙත් පැරණි ගීත නව පරපුරේ අය ගායනා කරනවා නොවැ.[ඔව්..ඔව්...ගායනා කරනවා කියලා තමයි එකට කියන්නේ].ඉතින් ඕවා අවසර ඇතුව නැතුව හරි ගායනාකරලා ඉතින් එයාලත් කීයක්හරි හම්බුකොරගන්වනේ.ඒ ගැන වැඩිය කියන්න ඕන නෑ පහුගිය කාලේ ඇතිපදම් ඔය අයිතියන් ගැන කතාවුනානේ.ඉතින් මට අද මුණු පොතේ මං ආසාකරන පරණ ඉංගිරිසි සින්දු ටිකක් ...