බැංකු ණයක් ගමුද ???? හස රැල් අපේ බැංකුවයි ඔබයි පාඩම් එහෙම්මම නැවතුනානේ.ඔන්න ඒක නිසා අද මං අලුත් පාඩමක් ලියන්න හිතුවා.අද මං කියලා දෙන්න යන්නේ බැංකු ණය ගැන.ඉතින් වෙනදට වඩා වෙනස් විදිහකට ලියන්න හිතුනා.මගෙන් ගණුදෙනුකරුවන් නගපු ප්‍රශ්න සහ ඒවාට මං දුන්නු උත්තර විදිහට මේ පොස්ට් එක ලියනවා.බලන්න මේ ප්‍රශ්න ඔයාලටත් තියෙන ඒවාද කියලා....බැංකු ණයක් ගන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද?මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.ඔබ ස්ථිර රැකියාවක් කිරීම ණයක් ...
රැකියා ස්ථානයේ උසස්වීමක් - Going Solo 7 හස රැල් කොහොමින් කොහොමහරි මං කියාගෙන ආපු සිද්දි කරුණු කාරනා අතරේ මාස 5 ක් 6 ක් විතර ගෙවුනා.ඔන්න ඊට පස්සේ දවසක උදේ මාව තමන්ගේ ගාවට කැඳවපු මැනේජර් මහත්තයා මට රැකියා ස්ථානයේ උසස්වීමක් සහිත ලිපියක් බාරදුන්නා.ඊළඟ සතියේ ඉදන් එතන වැඩකරන්න කියලා.සාමාන්යෙන් උසස්වීමක් ලැබෙනවා කියන්නේ පාටි දාලා සමරන්න ඕන වැඩක්නේ.ඒත් ඉතින් මේ උසස්වීමනම් මගේ හිතේ පොඩ්ඩක්වත් සතුටක් ඇති කලේ නෑ.මොකද මේ උසස්වීම මට ලැබුනේ ...
රයිස් කුකර් එක සහ කුකරි කතා - Going solo 3 හස රැල් රස්සාවේ පලවෙනි දවස ගැන කස්ටියම කියවන්න ඇතිනේ.ඔන්න ඔහොම ඉතින් ටික දවසක් යද්දී අපිත් ඉතින් සුපුරුදු පීල්ලටම වැටුනා.උදේට නැගිටිනවා, කනවා, වැඩට යනවා, දවල්ට කනවා, ආයේ ආපහු එනවා, ඇගපත හෝද ගන්නවා, රෑට කනවා, නිදාගන්නවා.ඔතනින් ඉතින් ටිකක් විතර හැමදාම වෙනස් වෙන්නේ ඉතින් කෑම වේල තමයි.උයන වැඩේ එච්චර සාර්ථකව ක්‍රියාත්මක වුනේ නෑ.විශේෂයෙන්ම උදේට උයන්න ඉන්න කෙනා මරනවා වගේ තමයි නැගිටින්නේ.ඉතින් ගොඩක් දවසට උදේටයි දවල්ටයි ...
රස්සාවේ පලවෙනි දවස - Going Solo 2 හස රැල් ජීවිතේ ඉස්ඉස්සෙල්ලාම රස්සාවට යන දවස.....ඒත් මට කිසිම අමුත්තක් දැනුනේ නෑ.උදෙන්ම චමරියේ අනිත් අයත් එක්ක වැඩට ගියා.අපේ චමරිය තිබුනේ බැංකුවට වඩා සෑහෙන්න දුරින්.කිලෝමීටරයක් විතර දුර මම ඇවිදගෙනම ගියා.ටයි එකක් දාගෙන යන්න ඕන කියලා හිතුනත් වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන නිසා ඒ අදහස අතහැරියා.ඒ දවස්වල අපේ බැංකුව ඒසී කරලා තිබුනේ නැහැ.උදේ පාන්දරම මැනේජර් මහත්තයා වැඩට ඇවිත් තිබුනා.මම වැඩට ගියේ සුමති අය්යත් ...
මොළේට ව්‍යායාමයක් - පිස්සු වැටෙන වැඩක් හස රැල් ඔන්න ඉතින් ටික දොහක් බ්ලොගේ පාළුවට යන්න ඇරියා.ඔන්න විරාමයට තිත තියලා අද ඉතින් පොස්ට් එකක් දාන්න හිතුනා.ඔන්න උඩ රූපේ තියෙන බඩු ගැන තමයි මං අද ලියන්නේ.දන්නා නොදන්නා ඔක්කොම දැනගන්න මේවට තමයි Rubik's Cube කියන්නේ.ගොඩක් කස්ටියනම් දැකලා ඇති නේද.මේක ප්‍රෙහෙලිකාවක්.එකපාට කැට එකපැත්තක එන විදිහට මේ කැටේ හදන්න ඕන.අපි මුලින්ම බලමුකෝ මේක හොයාගත්තේ කවුද කියලා.මේකේ ආරම්භයනම් සිද්දවෙලා තියෙන්නේ 1974 දි.හන්ගේරියන් ජාතික මහාචාර්යවරයෙකු ...
ඡන්ද ඔට්ටුව සහ අලි පැන්නිල්ල - Going solo 5 හස රැල් සතියක්ම ගතවුනත් මොකුත්ම ලියන්න වුනේ නෑ.මුණු පොතේ කරක් ගහගහ හිටියා මිසක් මේ පැත්තේ එන්නවත් බැරිවුනා.ඒත් ඉතින් ගොඩක් අය කියෝලා මඩ එහෙමත් ගහලා තිබුනා.අනේ අපිනම් ඕවා පයිසෙකටවත් ගණන් ගන්නේ නෑ ආයුබෝවන්ඩ.ඒක නෙමෙයි දැන් අපේ ගෙදර නාකිත් දනගාන්න පටන් අරං තියෙන්නේ.මේ තියෙන්නේ ඒ ගොල්ලොන්ගේ වැඩ...කළු සුදු - අපේ අක්කන්ඩිගේ බ්ලොගේ හරියටම වැරදියි - අපේ අය්යන්ඩිගේ බ්ලොගේඒ පැතිවල ගිහිල්ලා නැති අය ඒ පැත්තේ ...
පොල්පිති හරකෙක් හදමු - Weekend Project හස රැල් ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Project වැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]පොල් කට්ටක්ලණු ...
ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වච්චා ... හස රැල් ඔන්න යාළුවනේ බ්ලොගේ ටිකකාලයක් පාලුවට යන්න ගියා.වෙන මොකුත් හේතුවක් නිසා නෙවෙයි මේ දවස්වල මගේ අතේ ඇතිවෙලා තියෙන පොඩි ආබාධ තත්වයක් නිසා.ඒක නිසා වැඩිපුර අකුරු කොටන්න අමාරුයි.දැනුත් ඉතින් ටිකක් අමාරුයි,ඒත් එහෙමෙයි කියලා මේක පාලුවට ඇරලා පුළුවනෑ.ඔන්න ඒක නිසා අද පොඩි දෙයක් ලියන්න හිතුවා.අද ලියන්නේ අපි ඔක්කොම හොදට දන්න ඒත් ඒකෙ තේරුම ගැන කිසිත් නොදන්නා දෙයක් ගැන.කවුරුත් වගේ අහලා තියෙනවනේ ගින් ගැන් ...
අම්මාගේ මතක පොතෙන් ..... හස රැල් අපේ අම්මා .....මට මේ ලෝකේ හම්බවුනු සුන්දරතම මනුස්සයා.අද ගෙවල් දොරවල් අස්පරස් කරද්දී අම්මගේ පරණ සමරු සටහන් පොතක් හමුවුනා.අපේ අම්මා විද්‍යාලංකාර සරසවියේ [දැන් කැළණි සරසවිය] උපාධිධාරිනියක්.ඉතින් විදුබිමෙන් සමුගන්නා දවස්වල බැචාලා තියපු සටහන් තමයි ඒ සමරුපොතේ තියෙන්නේ.ඒ 1971 කාලේ.දැනට අවුරුදු 42 කට විතර ඉස්සර.මට ඉතින් හිතුනා ඒ සටහන් කිහිපයක් ඔයාලටත් බලන්න දාන්න.මේ සමරු සටහන් ලියපු අය දැන් රටේ ලෝකේ විවිධ තැන්වල ඇති.සමහර ...
මට වෙච්ච දේ ..... හස රැල් අද මම මේ ඔබට කියන්නට යන්නේ මට වෙච්ච පුද්ගලික අත්දැකීමක්.මම මේ බ්ලොග් එක ලියන්න පටන් අරන් දැන් සැහෙන කාලයක්වුනත් මගේ ජීවිතේට සම්බන්ද පොස්ට් ලියලා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.ඒකට විශේෂ හේතුවක් නැතිවුනත් කොහොම කොහොමහරි ඒවා කිසිම දෙයක් ලියවුනේ නෑ.පහුගිය දවස්වල මට බ්ලොග් පැත්තේ පයගහන්න වුනෙත් නෑ.ඒකට හේතුවුණු දේ තමයි මං අද මේ ඔයාලට කියන්න යන්නේ.කොහොමවුනත් මේවගේ දේකට පස්සේ ඇතිවෙන මානසික ...
සඳ ගමන - Trip to the moon හස රැල් මගේ ජීවිත කතාව හොදින් මුද්‍රා තබන ලද පොතක් වැනිය.එහි සමහර කොටස් මාගේ සමීපතමයින් පවා හරිහැටි නොදනී.එහෙත් මගේ බ්ලොග් අඩවියට ගොඩවදින ඔබ වෙනුවෙන් මගේ ජීවිත අත්දැකීම් ලියාතැබිය යුතුයැයි මම තීරණය කලෙමි.ඒ අනුව අද ලියවෙන්නේ එහි කොටසකි.කුඩා කල පටන්ම සඳ තරු ගැන මට තිබුනේ අමුතුම කියවීමකි.කුඩා කල ආච්චී සස ජාතකයේ පරිදි හඳේ හාවා ගැන කියූ කතා මගේ සිතේ මුල් බැසගත්තේය.තරු අහසේ තියෙන්නේ ...
නිකං ඉන්න බැරුවට කොරපු වැඩක් - 2 හස රැල් කෝමද මේ දවස්වල දවල්ට රස්නේ...සනීපයිනේ..ඉරිදා ගෙදර ඉන්නකොට දවල්වෙද්දී ටික ටික රත්වෙන්න ගත්තා.කරුමෙට ගෙදරටම තියෙන්නේ ෆෑන් එකයි.දැන් ඉතින් මේ හදිසියට කොහෙන් ෆෑන් හොයන්නද...ඔහොම හිතනකොට තමයි මතක් වුනේ අපේ ගෙදර ඉස්සර තිබිච්ච National ෆෑන් එක.කලින් හොදට වැඩකලත් ටික කාලෙකට ඉස්සර වැඩ කරන්නැතුව ගිය නිසා පැත්තකට දාලා ගබඩා කාමරේ මුල්ලක තියලා තිබුනා.මේක හදලා ගන්න පුලුවන්නම් හරිනේ කියලා හිතුනු නිසා ඔන්න මං වැඩේට අත ...
ගුණේගේ ඇඟට වැටුණු කරුමේ සහ තවත් පොළොන් කතා - going solo 4 හස රැල් කස්ටියම ආසාවෙන් මගේ Going solo කතා පෙළ කියවන බව පේනවා.ඒක නිසා මේක දිගටම ඇදගෙන යන්න ඕන කියලා මට හිතුනා.මෙහෙම රස්සාව කරගෙන ඉන්නකොට අපිට හතුරුකම් කරන්න ආපු කස්ටියක් ගැනයි අද කියන්න යන්නේ.වෙණ කවුරුවත් නෙවි ඔය උඩ තියෙන පින්තුරේ ඉන්න කස්ටිය ගැන.අපි හිටපු පැත්තේ මෙයාලගෙන්නම් අඩුවක් තිබුනේ නෑ.ඒක ඔයවගේ පැතිවල හිටපු dude,කෙන්ජි එහෙමත් දන්නවා ඇතිනේ.උදේ වැඩට යනකොට පාරපුරාම ස්ටිකර් ගැහුවා වගේ දෙතුන් ...
අපේ ගම මාතර - ආනයනය කරන ලදී ...... හස රැල් ඔයාල දන්නවා ඇතිනේ මගේ තව බ්ලොග් එකක් තිබුනා අපේ ගම මාතර කියලා.ඒත් ඉතින් මගේ අතින් පොස්ට් ලියවෙන්නේ නැති නිසාම ඒක අභාවයට ගිහින්.ඒක නිසා ඒකෙ තියෙන වැදගත් පොස්ට් ටික මේ බ්ලොග් එකට ගේන්න මං තීරණය කළා.කියවලා නැති අය කියවලා අදහසක් දාන්නකෝ.....මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියාමාතර කිව්වම ඉස්සෙල්ලම මතක්වෙන්නේ කවුද ?මාතර අපි කාගේත් සුන්දරී - රුහුණු කුමාරිනිවාඩුවට travel එකක් - මාතර නගරය ...
අපි කෑ හැටි මොකා දනී.... - Going Solo 9 හස රැල් මනුස්සයාගේ ප්‍රධානම අවස්සතා වෙන්නේ කෑම,ඇදුම් සහ වාසස්තානනේ.ඔව්...ඔව්...තවත් එකක් තියෙනවා තමයි....හරි...හරි...ඕන්න අද කියන්න යන්නේ රස්සාවට ගිහින් අපි කාපු බීපු කෑම ගැන තමා.මේ කියන්න යන්නේ අර රයිස් කුකර් කතාවේ කියපු අමුතු කෑම ගැන එහෙමනං නෙවෙයි.කෝමත් ඉතින් ලංකාවේ පැත්තෙන් පැත්තට ඔය කෑම ජාති එහෙමත් වෙනස්වෙනවනේ.ඕන්න ඉතින් ඔය අපි රාජකාරි කොර පැත්ත ගැන කියනකොටම ගොඩක් උන්දලාට මතක්වෙන්නේ ඉතින් දඩමස් නෙව.ඒකනම් ඇත්ත ආයුබෝවන්ඩ වැඩිපුර මස්මාන්ස ...
සැන්ඩි දූපත..... හස රැල් මිනිසුන්ව ඉපදුනු අපි හැමටම සිහින ඇත්තේය.....කුඩා කල කෙනෙකු ලොකුමහත්වී දොස්තර කෙනෙකු වන්නට සිහින දකින අතර තවකෙකුට ඇත්තේ ඉංජිනේරුවකු වීමේ සිහිනයකි..කුඩාකල පටන්ම මා සතුව පවතී සිහිනය වුනේ කවදා කෙසේ හෝ මේ කරදිය වළල්ලෙන් එපිට රටකට පය ගැසීමේ සිහිනයයි....දිගුකාලයකට නැතත් කෙටි සංචාරයකට හෝ පිටරටකට යමියි මා අදිටන් කරගෙන සිටියෙමි.නොබෝ දිනකින්ම මා හට ඒ සඳහා අවස්තාවක් ලැබුණු අතර එය තායිලන්ත සංචාරයක් විය...මගේ සංචාරය ...
සත්තු ගැන විත්ති හස රැල් http://www3.canisius.eduඅපි ජීවත් වෙන මේ ලෝකේ අපිත් එක්ක ජීවත්වෙන අපේ පාළුව කාන්සිය මකාගන්න ඉන්න යාළුවෝ ගැන අපි නොදන්නා තොරතුරු ටිකක් තමයි අද මං ලියන්න හිතුවේ.බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා,පැස්බරාට අශ්වයාට වඩා වේගයෙන් දුවන්න පුළුවන්.ඒ වගේම තමයි පිරිමි පැස්බරුන්ට සිංහයෙක් වගේ ශබ්ද කරන්නත් පුළුවන්ලුපියාඹන්න පුළුවන් එකම ක්ෂීරපායී සත්වයා තමයි වවුලා.අලින්ට වතුරේ ඉව සැතපුම් 3 ක් දුරට පවා දැනෙනවලු.කිඹුලෙක්ට අහුවුනොත් උගේ කට ...
බජ්ජන් දමනය.... හස රැල් බජ්ජන් ඉස්සෙල්ලාම අපේ ගමට ආවේ මට මතක හැටියට 2001 අවුරුද්දේය.බජ්ජන් අපේ ගමට කඩාවැටුනේද අහම්බෙනි.බජ්ජන්ලාගේ තාත්තා අපේ ගමට අල්ලපු ගමක කඩයක් කළේය.කුමක් හෝ හේතුවකට බජ්ජන්ලාගේ තාත්තාට හදිසියේම කඩය වසා නැවත භාරදෙන්නට සිද්දවුනේය.බඩු මුට්ටු ටිකත් ගෙන පාරට බැස්ස බජ්ජන්ලාගේ තාත්තා කඩකාමරයක් හොයමින් අහල පහල ගම්වල කරක් ගහද්දී අපේ මුත්තාගේ වසාදමා තිබු කඩකාමරය දැක අපේ ආච්චි හමුවී කඩය දමාගන්නට කඩකාමරය ඉල්ලා ගත්තේය.බජ්ජන්ලාගේ තාත්තාගේ ...
යකා බාස්ගේ කතා වස්තුව - Going Solo 8 හස රැල් කොහොම කොහොමහරි අලුත් තැන ජීවිතෙත් පටන්ගන්න වුනා.හැබැයි ඉතින් සමහර දේවල් අපහසුවුනා වගේම සමහර දේවල් ඉස්සරට වඩා පහසුවුනා.මං කලින් කිව්වනේ අලුත් තැන තිබ්බේ අපේ සබ්බ්රාන්ච් එකක් කියල.ඉතින් ඒ හින්දම සේවකයින් දෙන්නෙයි ආරක්ෂක මහත්තයයි විතරයි රාජකාරි කෙරුවේ.පහසුකම් එහෙමත් සෑහෙන්න අඩුවෙන් තමයි තිබුනේ.හැබැයි තනියම හිතලා මතලා වැඩකරන්න නිදහසනම් ලැබුනා.පහසුකම් අතින් කිව්වම ඉස්සෙල්ලම මතක්වුනේ කරන්ට් එක ගැන.ඕයි කාලේ ඒ පැත්තේ නිතරම කරන්ට් එක යනවා.ඉතින් ...
කොස් මහත්තයාගේ කතා හස රැල් කොස් මාමා කිව්වමනම් කාටත් මතක වෙන්නේ ආතර් වී දියෙස් මැතිතුමානේ.හැබැයි ඔන්න අද මං ලියන්න යන්නේ එයා ගැනනම් නෙමෙයි.මේ අපිත් එක්ක රාජකාරි කරපු බොහොම සුන්දර නිර්ව්‍යාජ මිනිසෙක් ගැන රසවත් කතා කීපයක්.එයාගේ නම කොස්ගහකුඹුර.මුල් නම මට මතක නැහැ.මුල් නම අපිට ඕන වුනෙත් නැහැ.අපි එදා ඉදලම එයාට කිව්වේ කොස් මහත්තයා කියලා.නම වගේම එයාගේ ගමත් වුනේ කැප්පෙටිපොල කොස්ගහකුඹුර ගම්මානය තමයි.බොහොම උස්සාහවන්ත මනුස්සයෙක්.දරුවන්ට බොහොම ආදරේ ...