මරණ බිය - Going Solo 12 හස රැල් මනුස්සයෙක් ජීවිතයේ වඩාත්ම අසරණ කරන හැගීම මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබේ උත්තරේ මොකක් වෙයිද? මරණ බිය ..... ජීවිතයේ අපි ගොඩක්ම අසරණ කරන හැගීම...මටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුනා...මේ ඒ අඳුරු යුගයේ කතාවයි.....දිනය - 2008.01.16 ස්ථානය - බුත්තල වෙනදා වගේම දවසක්...බදාදා....හම්මේ පොළ දවස.....බුත්තල ටවුමට වැඩියෙන්ම මිනිස්සු එන දවස.... හේනේ වවාගත්තු දෙයක් විකුණගන්න, ලයිට් බිල ගෙවාගන්න...නැත්නම් ගෙදරට ඕන අඩුම කුඩුම ටික ...
චේ ගුවේරා සහෘද ඇසින් හස රැල් ඔබ ගැන ඔබගේ සහෘදයින් පොතක් ලියුවහොත් එය කෙසේ වනු ඇතිද ?ආර්ජන්ටිනාවේ උපන් "අර්නස්ටෝ රෆායෙල් ගුවේරා ඩි ලා සර්නා" නොහොත් අපි කවුරුත් දන්නා නමින් කියතහොත් "අර්නස්ටෝ චේ ගුවේරා" එම දුලභ වාසනාව ලද්දෙකි.Guerrillero HeroicoPicture taken by Alberto Korda on 5 March 1960, at the La Coubre memorial serviceඑහි විශේෂත්වය නම් ඔහුගේ ජීවිතය # තම මිතුරෙකුගේ ඇසින්# තම බිරිදගේ ඇසින්# තම පියාගේ ...
Helsinki Diaries -1st page හෙල්සින්කි දිනපොත - පලමු පිටුව හස රැල් හෙල්සින්කි දිනපොත ලියලා තිබුනට මුලින්ම කියන්න ඕන මේක මගේ දිනපොතක් ලිවීමක් නොවෙන විත්තිය.කාලෙකට පස්සෙ විවේකී කාලසීමාවක් ආපු නිසාත් අලුත් රටක වාසයට ඇවිත් අලුත් අත්දැකීම් ගොඩකුත් දිනපතා එකතුවෙන නිසත් ඒ අත්දැකීම්වලින් ලියන්න තරම් වටිනවා කියල හිතෙන දේවල් ගැන ලියන්න හිතුනා.බ්ලොග් කෙරුවාවට සමුදීලා අවුරුදු 10 ක් විතර වෙන්නත් ආවා.බ්ලොග් ලිවිල්ල නිසා හමුවුන පාඨකයෙක් ජීවන සහකරු වුන නිසා බ්ලොග් ලිවිල්ලත් එහෙම්මම නැවතුනා.බලන්න නයනී ...
අපිට සහනාධාර ඕනද ? හස රැල් අපි දන්නා කියන කාලේ ඉදලම ලංකාවේ මිනිස්සුන්ට සහනාධාර ලැබුනානේ. ජනසවිය හරි සමුර්ධි හරි දැන් ඔය දෙන්න යනවයි කියන දිවිනැගුම හරි යනාදී විවිධ නම් වශයෙන්.දැන් ඉතින් ඔය දෙන සහනාධාරෙන් ජීවිතේ ගොඩනගාගත්ත කීදෙනෙක් ඉන්නවද ?මං හිතන්නේ එකෙක්වත් නැතුව ඇති.මන්නම් හිතන්නේ අපි මේ නිකම් දෙන සහනාධාර නවත්වන්න ඕන.ඇත්තටම මෙහෙම සහනාධාර දීමෙන් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ පිටකොන්ද කඩලා දාන එක.දුප්පත් මිනිස්සු කියලා ඒ අය වෙන්කරන ...
චෙක් ගනුදෙනු කරලා තියෙනවද ? බැංකුවයි ඔබයි 2 හස රැල් පලවෙනි පන්තියට ආපු නැති අය ඒ පාඩමත් බලල එන්නකෝ.ඔන්න අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කරනකොට ඔයාලා අවධානය යොමුකරන්න ඕන සහ ඔයාලට වැදගත්වියහැකි කරුණු කිහිපයක් පිලිබදවයි .චෙක්පත්රයක් කියන්නේ මුදල් වගේම ගනුදෙනු කරන්න පුළුවන් දෙයක් ,ඔයාලා ගොඩදෙනෙක් චෙක් ගැන ඉස්කෝලෙදි ඉගෙනගෙන ඇතිනේ .ඒක නිසා මං අද ඔයාලට චෙක් ගැන කියලා දෙන්නේ සාමාන්‍ය ජීවිතේදී බැංකුවක් එක්ක ගනුදෙනු කරනකොට ඔයාලට ...
ඉතුරුම් ගිණුමක් විවෘත කරමු - බැංකුවයි ඔබයි පාඩම් අංක 1 හස රැල් ඔන්න යාලුවනේ අද මං හිතුවා තවත් අලුත් වැඩකට අතගහන්න ,මගේ රාජකාරි ක්ෂේත්රය වන බැංකු ක්ෂේත්රයෙන් ඔයගොල්ලන්ගේ එදිනෙදා ජීවිතයට ලබාගන්න පුළුවන් පොඩි පොඩි කරුණු ටිකක් ලිපි මාලාවක් වශයෙන් ගෙන එන්න මං බලාපොරොත්තුවෙනවා .එහෙනම් අද හා හා පුරා මං කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට ඉතිරිකිරීමේ ගිණුමක් තිබිය යුත්තේ ඇයිදැයි කියලත් ගිණුමක් ආරම්භකිරීම සහ පවත්වාගෙන යන හැටි ගැනත් කියලා දෙන්නයි .අපේ රටේ මේ වෙනකොට ...
කුරුම්බැට්ටි මැෂිමක් හදමු - Weekend Project හස රැල් ඕන්න අද මං අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන්ගන්නයි යන්නේ මගේ බ්ලොගේ .මේක ඉතින් ඔයාලට සති අන්තයේ නිකම් ගෙදරට වෙලා ඉන්න වෙලාවට හදාගන්න පුළුවන් පොඩි පොඩි නිර්මාන ගේන වැඩසටහනක් ,එහෙනම් ඉස්ලෙල්ලාම පලවෙනි වැඩසටහනට ආපු ඕගොල්ලන්ව "ආයුබෝවන්" කියලා පිලිගන්නවා.මම අද ඕගොල්ලන්ට කියලා දෙන්නේ කුරුම්බැට්ටි මැෂිමක් හදාගන්න විදිය ,ඕන්න එහෙනම් ඉස්සෙල්ලාම අවශ්‍ය දේවල් .1.කුරුම්බැට්ටියක් - කුරුම්බැට්ටියක් තොරාගන්නකොට අලුත් එකක් ගන්න ඕන ,නැත්නම් ගහයට වැටිලා ...
මුල් කාලයේ ටෙලි නාට්‍ය සහ මෙගා ටෙලි නාට්‍ය -Old Tele drama vs Mega Tele drama හස රැල් ඔන්න දැන් ඉතින් බනින්නෙපා අලුත් අවුරුද්දේ පරණ දේවල් ගැනම පොස්ට් දානවා කියලා .මන් අද කියන්න යන්නේ අපේ රටට රුපවාහිනිය හදුන්වලා දුන් මුල් කාලයේ ටෙලි නාට්‍ය සහ දැන් සතියේ දවස් අටේම (සොරි සොරි දවස් හතේම ..අටක් තිබුනනං අටේම පෙන්නනවා )පෙන්නන මෙගා ටෙලි නාට්‍ය ගැන .සංසන්දනය කරලා කතාකරන්න කලින් මන් කැමතියි පැරණි ටෙලි නාට්‍ය ගැන ටිකක් මතක අවදි කරන්න .මොකටද නිකම් පොස්ට් ...
අලුත් අවුරුද්දට පැරණි රසාංග - Old hits for New year හස රැල් එහෙනම් ඕන් ඉස්ඉස්සෙල්ලාම ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කිව්වා ,වෙහෙසකර මාසෙකින් පස්සේ යාන්තම් ටිකක් හොදින් හුස්ම ගන්න පුළුවන් මාසයක් ආව ,ඉතින් බලමුකෝ මේ අවුරුද්දේ මේ බ්ලොග් කෙරුවාව කොහොම කොහොමහරි කොරගෙන යන්න .ඕන්න අලුත් අවුරුද්දේ හා හා පුරා කියල මං ලියන්න යන්නේ පැරණි රසාංග ගැන ටිකක් ,පැරණි රසාංග කිව්වට මන්නම් හිතන්නේ මේවා කවදාවත් පැරණි වෙන්නේ නැහැ කියලා ,මට මේ ගැන ...
2012 ටටා බයි බායි හස රැල් 2011 වසරේ ආරම්භ කලාට එක ලිපියක් විතරක් ලියපු බ්ලොග් එක මේ 2012 අවුරුද්දේ ඔක්තෝබර් අග නැවත පටන්ගන්න හිතුවා ,මේ මාස දෙකට දැනට ලිපි - 23 ක් හිට්ස් - 2047 ක් කොමෙන්ට්ස් - 175 ක් (මගේ කොමෙන්ට් ඇතුළුව )ෆලෝවර්ස්ලා - 32 ක් යාළුවො - ගොඩක් දැනුම - හුගක් සිනාවන් - කප්පරක් බ්ලොග් අවකාශේ නිසා ලැබුනා ,එළබෙන 2013 අවුරුද්දේ මගේ ලොකුම බලාපොරොත්තුව ...
ආදීතමයා -we are not alone අවසාන කොටස හස රැල් මුල් කොටසට දෙවැනි කොටසට"කලබල නොවන්න ,සියල්ල යහපත් ආකාරයෙන් පවතිනු ඇත "මා අවට කිසිවෙකු නොමැතිබව පැහැදිලිය ,කිසිදු කටහඩක් මට නොඇසුණු වගත් සහතිකය ,එහෙත් හඬ නොනැගෙන පරිදි මාගේ සිතිවිලි වලට කතාකරන්නේ කවුද ?මම දැඩි ලෙස නොසන්සුන් වුයෙමි ,මා පමණක් නොව ඔබ උවද මෙවැනි සිදුවීමකට මුහුනදුනහොත් මෙලෙස නොසන්සුන් වනු ඇත ,ඔබ කවුද ?මා මේ සිටින්නේ කොහෙද ?මා කෑගැසුවෙමි ,ඇත්තෙන්ම මා කෑ ගැසුවාද?ඔව් මට ...
ආදීතමයා - we are not alone - 2 හස රැල් මුල් කොටසට මාගේ මග අවුරා සිටියේ දැවැන්ත මුගුරක් අතින් ගත් වානරයාය ....මට අත්වන්නට යන ඉරණම ඉදිරියේ මාගේ දෙපා පන නැතිවී යන ආකාරයක් මට දැනුනි ,සමාවන්න මුලදී මට මේ සත්වයාගේ ස්වරූපය ඔබට විස්තර කිරීමට බැරිවිය ,වානරයෙකු ලෙස මම මේ සතා නම් කලේ මා දැක ඇති සතුන් අතරින් මොහු වඩාත් සමීපවන්නේ එම සත්වයාට බැවිනි ,එහෙත් දැන් මට අඩි කිහිපයක් නොදුරින් සිටින මේ ...
ආදීතමයා - we are not alone හස රැල් මෙම කතාව කොතනින් පටන් ගත යුතුදැයි තවමත් මට සිතාගත නොහැක ,එය ඇත්තටම සිදුවුනක්ද නැතහොත් මාගේ සිතේ ඇතිවූ මායාවක්ද යන්නවත් මේ ලියන මොහොත් වනතුරුත් මට සිතාගත නොහැක ,කෙසේවුවත් එය මෙසේ ගොනු කර තැබීමට මම සිතමි ,අනාගතයේ දිනක හිටිහැටියේම මා සොයාගත් නොහැකි වුවහොත් මා මේ දැන් කියන සිද්දිය එයට කෙලින්ම වගකිවයුතු බවත් සටහන් කරතබමි ,කුඩා කල පටන්ම වනගත ප්‍රදේශවල සංචාරය කිරීමටත් වනජීවින් ...
එසැනින් පුවත් - Breaking News හස රැල් මෙන්න දැන් ලැබුණු පුවතක් ,අද දිනට නියමිතව තිබූ ලෝක විනාශය නොවැලක්විය හේතුවක් මත දින නියමයක් නැතිව කල් දමා ඇත ,ලෝක විනාශය පිළිබද මහත් බලාපොරොත්තු තබාගෙන සිටි අයවලුන් වෙත ඔවුන්ගේ කනගාටුව ප්‍රකාශකර මායාවරුන් විසින් පවත්වනලද මාධ්‍ය සාකච්චාවකදී මේ බව ප්‍රකාශවිය ,මෙන්න ඒ පුවත නැවතත් ......අද දිනට නියමිතව තිබූ ............. ...
ඔහෙලට මෙයයි මතකෙයි හස රැල් අදනම් මුකුත්ම කියන්නේ නෑ,මං අහන්නේ ඔයාලට මෙයයි මතකද කියලා විතරයි ,අන්න එයා පහුගිය දොහේ ලංකාවට ඇවිත්ලු .මතකයිනේ මෙයාගේ just another day සින්දුව ,සමහරවිට ඔයගොල්ලත් කැමති ඇති .Found at Beemp3.com ...
රොකට් කොල්ලෝ - october sky හස රැල් කාලෙකට පස්සේ හිතට වැදුණු ෆිල්ම් 1 ක් බැලුවා ,ඉතින් ඒ ගැන පොස්ටුවක් දාන්න හිතුනා ,මොකද අපි වගේම කොල්ලෝ සෙට් එකක කතාවක් නිසා ,මේක බැලුවම ඉස්කෝල කාලේ මතක උනා ,සමහරවිට ඔයාලටත් එහෙමවෙයි,මේ වගේම සෙට් එකක් තමයි අපේ සෙට් එකෙත් හිටියේ,ඇත්තටම ඒ කාලේ අපිට මොන මොන වගේ හීනද තිබ්බේ ,ඒත් අද වෙනකොට අපි මොන මොන තැන්වලද ඉන්නේ ,ඉස්කෝලේ ඒ ලෙවෙල් කාලේ ලැබ් ...