ලේබල්..... රොබරෝසියා වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬනඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමකසොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපනයුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන..අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණබිය සැක ඇතිව ගෙවුනා දින සති මාසමව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමිනපැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ..මව බොදු කතකි කතෝළිකය පියාසිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදාවෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදාපන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා..කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළුතල් ...
සිත අද්දර .... රොබරෝසියා ජීවිතේ දිගු ගිමන් කාලය නිමවෙනා සිහිනය ලඟයි. . .මටම මා ගැන යළි සිතන්නට දෑස දුන් කැඩපත ඇයයි. . .සරසවියෙ තුරු ලතා සෙවණට සෙනෙහසේ සුව අපමණයි. . .රොබරෝසියා මල් සුවඳ පිරිලා වසන්තය හෙට මට ගෙනෙයි. . ...
සිරිපොදක .. රොබරෝසියා කළු වලා සේද සළු අතුරමින් විටින් විට. . . වගුරුවයි සිහිල් පොද වසන්තයෙ ඇරඹුමට. . දළු දමා තුරු ලතා ඇහැරෙනා සෙනෙහසට. . හිරු එබෙයි හෙට උදේ මල් පිපෙන උණුසුමක. . .
ගං කබර ඇටේ . .. රොබරෝසියා ගං කබරයො .. ගං කබරයො ..මැදමුලනම ගං කබරයොතුනෙං දෙකත් ගං කබරයොඋසාවියෙත් ගං කබරයොඡන්දෙ දීපු තොපි ඔක්කොම . . . . ගං කබරයො .. ගං කබරයො..ඉතින් කොහෙද අයිසෙ මුතු ඇටයක්මේක දැන් තනිකරම ගං කබර ඇටයක් . . . ...
හෙටවත් එන්න පුළුවන් ද .. . . රොබරෝසියා සැලෙන තුරුපත් අළුත් දළු දැක සිනාසී සුභ පතන අලුයම. .රුවැති කුසුමන් පිපෙන සුවඳට මුවා වී හිරු නැගෙන ලස්සන . .කියන රහසක රැඳෙන නෙත් යුග සොයාවී නුඹ හෙටත් හෙමිහිට. .ලියන කවිපද අතර සැඟවෙන ප්‍රියාවී හෙට එන්න තනිවම. . . .මිල්ක් බාර් එකට. . . චුට්ටක් කතා කරන්න ;) ...
මිතුරියකි ඔබ කිසිදා මවෙතින් ආදරය නොලද රොබරෝසියා හිනැහෙන සඳ අතර තරුවකි නුඹ ගිම්හානේ.. සුවඳෙන මන බඳින කුසුමය ඇය වස්සානේ...කිමිදෙන රස සයුර රහසකි එම ලොවමාගේ..ඉනුමැන සුභ සදන මිතුරිය ලෙස පෙරවාගේ...
ඇයට.. . . රොබරෝසියා සුවහස් තිළිණ මල් කලඹක සුවඳ ගෙන..නිදහස් හරිත විල් ගොමුවක පිපුණු මල..සඳරැස් බරිත නිල් අහසක සොඳුරු වුන.. .සෙනෙහස් හොවන සිත් දහසක පැතුම නුඹ.. . .
රහසින්. . . රොබරෝසියා වල ගැහෙන දෙකම්මුල් සිනිඳු සුරතේ රුවා..හද රැදෙන සුවඳමල් පිනිඳු පහසේ දොවා..පිස හමන පවන්-රැල් බිඳඳු සහනේ හොවා..ඇය ගෙනෙන සිතුම්විල් පිබිදු රහසේ නුරා .. .
වන්දනා . . . රොබරෝසියා ගලන දියරැළි සිඹින මඳනල මිහිරි සිහිලස සුව ගෙනෙයිවෙහෙර පාමුල අතුල වැලි මත වැතිර හිඳිනට හිත කියයි. . .දහම් සුවඳින් නිවුන සැනහුන සිතැඟි හෙමිහිට අවදිවෙයිසසර සයුරෙහි අඳුරු සත්‍යය උතුම් නිවනට මඟකියයි. . . . ...
කළු ජනවාරියට වසර පහයි. ප්‍රගීත් කෝ..? රොබරෝසියා උණු රුහිරු සුවඳයිද නිජබිමක සාරය මැරූ හැටී සුදු වෑන් ඉගිළුණිද පපු සොයා තබමින් අමු වෙඩී පන්හිඳක් ගොළුවෙයිද ආදරෙන් අඳුරෙහි ලියූ එඩී ජනවාරි එලියයිද මිනිහෙක්ව මතකයක් වුන දැඩී...-රොෂාන් නයනජිත් හේවාවිතාරණ- ...
ත්‍රිමා... රොබරෝසියා සැලෙන සෙලවෙන සිත් දරාගෙනසටන් පෙරමුණු වුනි මලානිකඑකම සිහිනෙක ජයම පත පතත්රිමා ඔබ විය රතු පියාපත...දැවෙන දැල්වෙන අඳුරු යුගයකටයර් සෑ දුම් නැහැය හකුළනසටන් සගයින් මියෙන විට තවසටන සියතට ගත් පහන විය නුඹ...පෙනෙන නොපෙනෙන ජයක පෙරමඟකුරිරු වධයක උපරිමය විඳදිවිය අතහැර ගියද මිලිනවනොමල මිනිසා නුඹයි බබලන...පිපෙන හිනැහෙන අළුත් මල් වලසුවඳ කොයිබද ගියේ අතහැරමියෙන උපදින බොහෝ දිනවලඔබෙ රුහිරු ඇත සැඳෑ අහසක...නැඟෙන පිබිදෙන යෝධ පෙම ...
රහසකට රහසින්.... රොබරෝසියා හේමන්ත උයන වෙත සුළඟ හෙමිහිට එන්නවිලෝ තුරු හෙවණ යට මල් කිණිති අතුරන්නදුක දැකපු දෑසකින් ජීවිතේ දැකගන්නසුළඟ ඔබ නොකියන්න විඳගන්න ඉඩදෙන්න...කදෝකිමි එළි අතර නිවෙන තරු දිදුලන්නවැහිවලා සේද සළු සෙමින් ඉවතට යන්නඇදවැටුණ මිනිසකුගේ ආදරය දල්වන්නනොවැම්බර් සුසුමකට උණුසුමින් ලංවෙන්න...සඳඑලියෙ නැහැවෙමින් සෙනෙහසින් සැනහෙන්නවසන්තය හමා එන සිහිනයෙහි නවතින්න දුක පිරුණු සිනහවක සොඳුරු බව වැටහෙන්නකවියකට තුරුළු වී හාදු එක එක දෙන්න...විලෝ තුරු පත් සැලෙන සිලිසිලියෙ තනිවෙන්නහිතන්නට ...
ප්‍රාර්ථනාවක සිසිරය... රොබරෝසියා ගිනිදැල් පවා මෘදුව දැල්වෙන පහනකමලානික එළියෙහි සැලෙන සෙවනැලි අතර අඩක් ලියැවුණු කවියක් දෙකක් තුරුළු කරගෙන සිසිරයෙහි රාත්‍රිය යළි යළිත් නිමාවිය...තෙතබරිත අහස්කුස සෙමින් සුසුමන් සලනපත් සිඳුණු තුරු පවා මතක උණුසුම සොයනතබා ගිය සළකුණුත් හිම වලින් මැකී යනසිසිරයෙහි හිමිදිරිය යළි යළිත් උදාවිය...එහෙත් සුහදිනිය..,දැක නැතත් ඔබේ ඔය පුංචි ඇස් පියවි ලෙස වසන්තය ගෙන එතැයි බොහෝ විට මට සිතිණ.... ...
සිහිවටන... රොබරෝසියා පියවෙමින් ඇති සඳක මඳ එළියක..මල් බඳුන් පැහැයෙන් ඇඳෙන සැඳෑ අහසක..චෙරි මලක මෘදු පියල්ලක දෙකක..දිගු සෙවනැලි සදන උයන් තුරු සෙවණක..හුරු පුරුදු සුළඟක සිහිවටන මුසුකර..ඔබට කියවන්නට බොහෝ දේ තබා ඇත මම..අහම්බෙන් හෝ ඔබට මුණගැහෙන කවියක දෙකක..ගිලිහුණේ අතිනත් නොවේ ජීවිතය බව ලියා ඇත....-රොෂාන් නයනජිත් හේවාවිතාරණ- ...
සෙනෙහසක පහන්.. රොබරෝසියා මඳක් ඉස්සී බලන විට ඇස් මඟහරිනඅකුරු නැති කවි අතර ගොළු බවදරන්නට නොහැකිව වසන්තය නික්මිණ..එහෙත් මිතුරිය,ඇස් වසාගෙන අවදියෙන් සිටි ප්රේමයදැල්වූ පහන් වෙයි තවත් අපමණජීවිතය නිවෙන තුරු දැල්වෙන...-රොෂාන් නයනජිත් හේවාවිතාරණ- ...
ගඟ අද්දර . . . රොබරෝසියා සුදු ඇතුරුණු හිම සීත ඉවුරු දිගනිල් දියරැළි නෙක සිත් තෙමුවා. .සිසිර වසන්තෙක දුහුල් වළා මැදමල් මඳවැසි කඳුලැලි සැළුවා. . .විහඟ ගීත පිරි සිහිල් සුලo රැළිආසිරි චාමර ඇද වැටුනා. .දෙනෙත් බොඳව ගිය මතකය අද්දරමම තනිවම සිහිනෙක සැරුවා. . .මගෙ අතැඟිලි අග රැඳුණු උණුසුමකඔබ උන් හැටි සිහියට නැඟුණා. .ගිලිහුණ සුරතෙහි ජීවන සුස්මනඅයදින සෙනෙහස සිත පෙළුවා. . .සක්මන් අහසෙහි සුදු සඳ සෙවනැලිතරු කැටයම් ...
ඔයාගේ හදවතේ ලියපු කවියේ......ලිව්වද..... රොබරෝසියා තරු පිරි අහසේ සඳ ඔබ කිව්වමතරු හිනැහී ඔච්චම් කල තරහටඅරගෙන හෙමිහිට තරු එක එක මමඔය දිගු වරලෙහි ගැසු හැඩ....ලිව්වදසේපාලිකා මල් අහුරක් අරගෙනසඳවතුරින් පිණි සිහිල දොවාගෙනපිණිබිඳු බේරෙන සුවඳැති පෙති මතසැතපුනු තුරුලේ උණුසුම...... ලිව්වදඔය නිල් ඇස් දෙක වහලා අඳුරෙමඋඳුපියලිය කන හාවකු අරගෙනහැඩ ඔබේ උකුළේ නිදිකර හෙමිහිටඇස් දෙක අරින්න කිව්වා.....ලිව්වද ...
ආයෙමත් ආදරෙන්. . . රොබරෝසියා ලා සඳු හිනැහී අහසේ දිලෙනකොටතරු පොඩි හැoගී රහස් කියනකොට..කඩුපුළ් මල් පිපි සුවඳ හමනකොටමා ගැන ඇය ගැන තවම හිතෙනවද. . . අතීත මතක සැමරුම් මම මිටින් ගෙන එක එක තබා පෙළකට ඔබේ සවන් මත. .ඇත්තම මිසක එහි කිසි අඩුවකුත් නැතනුවණැති සිතක මහිමය කෝ කොහි ගියෙද. . .යෙහෙළිය විලස සිටි ඈ මට පෙම් කළදඒ බව දැන දැනත් මඟහැර මම නුදුටු ලෙස. .දුර ...
පෝදා පාළුවෙන් රොබරෝසියා හෙට අලුත් දළු ලෝකය දකින්නට බෝපතුත් එකිනෙක සැලෙයිපහන් වැට ලඟ දිග කතාවක් කියන සිළුවක් සුලඟට නිවෙයි. .තරු පෙළින් පෙළ නැන්ගුරම් ලා සඳත් අහසේ පැහැදිලියිනුඹ නැතිව මේ ගෙවෙන පැය වුව මහමෙරක තනිකම ගෙනෙයි. . . ...
ප්ලේන්ටිය.. රොබරෝසියා ඔයාගේ අතින්මට හදනප්ලේන්ටියේකූඹියෙක් දෙන්නෙක්හිටියටපුදුමයක් නෙවෙයි මටදන්නවා කලින්මකූඹි කොහොමත්ඔයාගේ වටේබව......