සැඳෑවේ ලියමන රොබරෝසියා වසන්තය පසුකර එන මේ සුලඟෙහි පැහැයක් නැත. එහෙත් මිහිරිය, එක් මලක් හෝ තිලිණ දුන් සුවඳ සිහිවටන සේ එහි තිබෙනු මට දැනෙයි. දිය කඩිති විල්ගොමු අතරින් සිපගත් වස්සානයේ සැමරුම් එහි තවමත් හරිම නැවුම්ය. සිහිලස්ය. කටුක ගිම්හානයේ පවා මම ඉන් වසන්තය ලබමි. හරි හැටි පැහැයක් දෙන්නට නොලැබුණු අපේ මතකයනුත් මේ සුලඟ වාගේම යැයි විටෙක මට සිතේ. වෙනසකට ඇත්තේ වසන්තය සමග එහි ...
වීරත්වයේ හා පරිත්‍යාගයේ දිනය, ජුනි 20 රොබරෝසියා නිදහස් අධ්‍යාපනයෙහි උන්නතියත්, නූපන් පරපුරෙහි එහි උරුමයත් වෙනුවෙන් සටන් වැද සත්‍යයේ අල්තාරය මත අභීතව සිය දිවි කුසුම පුදකල ආදරණීය විරු සොහොයුරන් සමරා දිවයින පුරා සරසවි පරිශ්‍රයන්හි මහත් හරසරින් විවිධ සැමරුම් වැඩසටහන් සන්විධානය වෙමින් ඇත.ලෙයින් යකඩින් මර්ධනය කරමින් ධවල භීෂණයේ රුදුරු කරදඬුවෙන් ගෙල සිඳලන්නට තැත්කලද ගලාගිය රුහිරු ගංගා මතින් වුව නැවත නැවතත් සන්විධානය වෙමින්, ශක්තිමත් වෙමින් දිදුලන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ...
වස්සානය.... රොබරෝසියා එක් මලක් හෝ නොපිපි ගිම්හාන කාලයකතුරුලතා පණපොවා අලුත් දළු ඇහැරවනනිලන නිල් වසන්තය හරිත පැහැයෙන් ඇන්දමේ ඒ වස්සානයමයි මතකයිද ස්නේහය...බොරැල්ල සුසානයේ ශ්වේත උස චිතකවලප්රතාපවත් මිනිසුන් දැවෙන කළු සැඳෑවලමතක අළු පොඟවා තිලිණ සේ පසට දුන්මේ ඒ වස්සානයමයි මට මතක විදියට..අම්මගේ අතේ එල්ලී යනෙන විට කුඩාකලඅනෝරා ඇදහැලී අහස ගුගුරන විටෙක මා නොතෙමෙන්නට මුවාකොට සාරියෙන් සඟවාගත්අම්මාව තෙමූ නපුරු වස්සානයමයි මතක විදියට...විභාගය අවසන්ව ඉකුත් දින ...
දෙසැම්බරයක කවි.... රොබරෝසියා ලදළු පත් නැළවෙනා මුදු සුලඟකිනිසුවඳ සුදු අරවින්ද පිපි ලෙසිනිනිලන තුරු සිරසි මත සඳ පිරුණිඔබෙ නයන දිගු බැල්ම සිත ඇඳුණි...ළයාදර සිහින අග රැඳි සුසුම්වැනිඅහිංසක සඳ මුහුණ වදනක සිනාසුණිදයාබර සිතුවමක පැහැ ගෙන මල් සැළුණිසෙනෙහෙබර දෙසැම්බරයක තව කවි පිපුණී...-රොෂාන් නයනජිත් හේවාවිතාරණ- ...
එක දවසක . . සවසක . . . රොබරෝසියා ගංදියට එබෙන සඳ ඉඟි කරන නිහඬ රැය නිශාවේ අන්තයට උදාවෙමින් තිබිණ.දුහුල් වලා රොදකින් මුවාවුණ සඳ යන්තමින් කිරණ විහිදුවද්දී බටහිර අහසේ දිස්වූ එකම තනි තරුවත් වළා අතර සැඟව ගොස් අපැහැදිලිව ඇත. ළඟ ළඟම එන වැහිකෝඩයට අත වනන මහවැලිය වෙනදා මෙන්ම සන්සුන්ව ගලා යයි. හන්තාන අද්දරින් හමාඑන නැවුම් සුලඟේ සිහිලස ගත දැවටෙද්දී ඈස් පියාගන්නට සිතේ. පස්වරුවේ ශිෂ්‍ය සංගමය රැස් වන්නට මත්තෙන් ...
දෙසැම්බරයක.. රොබරෝසියා තුහින පිණි පා දොවන දෙසැම්බර් අහස යටදීර්ඝම දවස් ඇත සඳත් හෙමිහිට නිවෙන..නිදිබරම තුරු කිණිති නිසොල්මන් සෙවනැලි සදනරැය ගෙවෙයි, බලා ඉමි ඔන්ලයින් එයිදැයි සොඳුර..පහන් තරු මග හැරුණු ජීවිතේ අඳුර ලඟසහන් එළි දල්වමින් ඔබ හිඳියි බොහෝදුර..ඉඳහිටක හමාඑන මඳනලක මල් සුවඳ මුසුකරආස කවියක් පා කරමි ඔබව සිපගනු පිණිස..සිතින් මම මවාගෙන ඔබේ රුව ගුණ වරුණඅහිංසක සිනහවක දිගහරිමි ජීවිතය..මිහිදුමට තුරුළුවී අඳුරු වෙයි මුළු හන්තානවැහි වලා ...
සිහිනයක අග ... රොබරෝසියා අත වනන සුලඟකට හාදු එක එක තියාවසන්තයෙ එරබදුත් පිපෙනවා ඔබ එයි කියා ...අරුණෝද මිහිදුමෙහි සුසුම් උණුසුම තියා නොඑන ඔබ දිලෙනවා ඈත තරුවක් වෙලා ....නිවී නිවී යලි දිලෙන දෑස් අග නැවතිලාහෙමි හෙමින් ඔබේ දෙතොල් පෙති අතර මුව තියා ...උණුසුමෙහි ගෙවුනු යුග මතක සැමරුම් වෙලා ගලා එන කඳුළු බිඳකින් මගේ ඇස් බොඳවෙලා .... ...
සවන්දෙන්න.. හදවතින්... රොබරෝසියා සුහදිණියඔබ කියූ වදනක දෙකකමම ජීවිතයලියූවෙමි..ඔබේ එක් නෙත් සැරයකඅහම්බෙන් හෝ මදෙස බැලූ ඇසිල්ලෙකමතක මල් පිපීවසන්තය ඇහැරවන බවක් මට දැණිනි..සඳ කිණිති හැමදාමත්ඔබේ සුදු මුහුණවසාගෙන තිබුණි..කැන්ටිමේ මේසයකඔබ දකින හැම අරුණෝදයකමදේදුණු සිහිනයක පාට අතරජීවිතය අතරමන් වන බවක් මට හැඟුණි...සිතින් තනිවන හැම මොහොතකමමට ඔබව මතක් විය...සිරිපොද වැසි සරසවිය සිප ගනිද්දීත්දෑල දිග රොබරෝසි රැළි අතර දඟකරද්දීත්සිහිලාර මිහිදුමක හන්තාන සැඟව යද්දීත්කොහේදෝ සිට හමාඑන මල් සුවඳකඔබ මා සමගම ...
ඔබ දන්නවනම් . . . රොබරෝසියා තරු දහසක් මැද ඔබ සඳවී සිනහ සලා ..මල් පිපිලා සිත ලඟ සුවඳක් හමලා ..දැල්වෙන හැඟුම් ගොළුවී සුලඟක එතිලා ..රහසෙම නිමෙයි සුසුමක උණුසුම තියලා .. .
ඇය නැතිව ඇය එක්ක.. රොබරෝසියා සියක් මංපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයිඅදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයිපෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයිතවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි ...
සුගත් ගේ කවිය . . රොබරෝසියා ඔබ වන් දුවක ලද මව්පියො නිවුනා වේ..බැතිබර සෙනෙහෙ සිතුවම් රූ ඇඳුනා වේ..නිති ඔහු සමග යන මග මල් පිපුණා වේ..ජීවන සුවඳ නුඹ මගෙ මතකයෙ රැඳුණා වේ.. .
සඳ මතක . . රොබරෝසියා පළා පැහැ අතු රිකිළි අග දිලිසෙනමල් පියලි පිනි බිoදු සිහිලස සදන සවසක සිනාසෙන සරත් සඳ දුටුවා මමඒත් ඒ ඔබ නික්ම යන්නට පලමුව. . .අදත් මම සැඳෑවට ඇවිද යමි සරසවියෙ ඉඳහිටපායා ඇතත් එදා මෙන් සඳ - හන්තාන වසාගෙනනොගිලිහුණ කඳුලක් ඇති නිසා තවම ඇස් අගඅනෝරා වැසි වට කලෙක මෙන් බොඳව ඇත සඳමට. . හැමදාම. . . . ...
හෙට උදෙන්ම අවදිවන්න.. රොබරෝසියා පිණිකැට පියළි විසිරී පය ගැටෙනු දැනේ..මයිනක ගයති කවිගී හඬ දැනුදු ඇසේ...හනිකට ලඳුනි පිබිදී ලොව දකිනු මෙසේ..අරුණට සුවැති සමවී මම ලියනු කෙසේ....
මිහිරිය .. . රොබරෝසියා විල් තෙර සුලඟ සිහිලෙන් ගත නැහැවෙද්දී..කඩුපුල් සුවඳ පියුමන් තව සුපිපෙද්දී..සිතුවම් මවන සඳකැන් රැය නළවද්දී..සැමරුම් මතක සුවඳයි ඇය සිහිවෙද්දී. . .
අනියම්.. ඇරයුම්.. රොබරෝසියා සිහිලාරේ උණුසුම්ව සැඟවෙන්න දැවටෙන්න..ඔබ මාගේ රහසක්ව විඳගන්න සිපගන්න...ඇය වාගේ කුළුඳුල්ව සැතපෙන්න රොන්ගන්න.. නිල්දෑසේ කඳුලක්ව ගිලිහෙන්න ඉඩදෙන්න...
සසර ඔසු . . . රොබරෝසියා රැළි රැඳි සයුරු තෙර නොපෙනෙන තටාකෙක. . .බිඳි සිඳි නැඟෙන පෙණ පිඬුලෙස දරාගෙන . . රිවි සැරි සරණ ලොව සරතැස නිවාගෙන. . .එමි යමි සසර තව බුදුබණ පතාගෙන . .
බ්ලොග්කාරී . . . රොබරෝසියා සඳවත සඟවා වෙන නමකින් හිඳසුනිල සිතුම් සෙවනැලි ගෙත්තම් කරමුතුකළ ඔබෙ ඔය බ්ලොගය පුරා මමරහසෙම සැරුවෙමි..................විනිවිද නුඹේ සිත දැනෙන තුරාවටසිතිවිලි සයුරේ රුවල මුදාහැරදේදුණු අහසේ දෑස පියාගෙනපාවෙන, ඉගිලෙන ලොවට වෙලා මමදැන්-තව හිනැහෙමි............ස්වර තත් වැයෙනා සොඳුරු සැඳෑවකසෙනෙහෙ සිහින හැඟුමන් දෝතට ගෙනසඳ දිය ගඟුලේ මුසුකර තනිවමමිහිඳුම් අහසේ වළා වියන් අගරඳවා ඉවසමි.............ඒ වැසි දහරේ තෙමෙන තුරා නුඹ ...
ආරාධනා . . . රොබරෝසියා දේදුණු සඟවා සිහිනෙක . . . සුසුමක තැවරූ සඳවත . . .මහවැලියේ නිල් දියවර අතර පෙනෙනවා . . . .සෙවනැලි අතුරා එකිනෙක . . . සීතල රෑ මිහිදුම් මැද . . .හන්තානම බලා ඉඳන් සුවඳ සොයනවා . . . .දළුලන හිම වසන්තයක . . . සමනල් තටුවක නැoවුනඉඳුනිල් නෙත කඳුළු මතක අතර දිලෙනවා . . . .මල්පෙති විසිරුණු සුලඟට . ...
නිහඬවම.. . . රොබරෝසියා පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්නමලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්නසැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක...
ගැමි අරුණක අම්මා . . . රොබරෝසියා පිපි මහනෙල් මල් සුවඳකි මඳ නල හා මුසුවන්නේ. .සුව සිහිලැල් පිනි වැස්සකි ගම්දොර පා පිසලන්නේ. . .රිවි අරුණැල් රැඳි අහසකි දස අත රෑ දුරලන්නේ. .මුව හසරැල් පිපි උදයකි පින්සර ඈ සරසන්නේ. . . ...