ඉවර නැති කතාවක් නຌය නຌරතන “723”ටීවී එකේ එහෙම කිව්වා. ඒ මං ඉන්න වික්ටෝරියා ප්‍රාන්තේ ඊයේ දවස ඇතුළත කොවිඩ් පොසිටිව් වෙච්චි ගාන.. මැච් එකක රිසල්ට් බලනවා වගේ හැමදාම උදේට ඇඳෙන් නැගිටින්නේ මේ අංක ටික චෙක් කරගෙන. දැන් මාස පහක වෙලේ ඉඳන් හැමදාම උදේට මේ වගේ අංක අප්ඩේට් එකක් එනවා. සීතලට බ්ලැන්කට් එක අස්සෙම ගුලි වෙලා ෆෝන් එක අතට අරගෙන ඊළඟට බැලෙන්නේ ඊ-මේල් ටික. “පේපර් සබ්මිශන් ඩෙඩ්ලයින් ...
හොලොලෙන්ස් නຌය නຌරතන මේ නාඩිය කොටන්න කියලා පටන් ගත්තේ මහා පොළොවේ ඉඳන් අඩි තිස් හතරදාහක් උඩ ඉදන්. හැබැයි ඉවර කර ගන්න හම්බුනේ මහ පොළොවේදී. පහුගිය දොහොක මං තුමා ඔබාමා ගොයියාගේ රටට ගැච්චුවා. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් නුවර රෙඩ්මන්ඩ් වල තියෙන මයික්‍රොසොෆ්ට් ප්‍රධාන ආයතනයේ තිබිච්ච Worldwide MSP Summit එකට සහභාගී වෙන්න තමා මං තුමා ගියේ. පැය 18ක ගුවන් ගමනක්. එක දිගට නෙවෙයි. ඩුබායි ...
ආෆියා නຌය නຌරතන “දැන් සෙල්ලම් කළා ඇති. හොඳටෝම හවස් වෙලා”සාරි එකතු කරලා හදපු සෙල්ලම් ගේ අස්සෙන් එළියට ආවේ අම්මාගේ සද්දෙට. ආෆියා සෙල්ලම් ගෙදර අම්මා වෙද්දී මං තාත්තා උනා. දුඹුරු පැටි. අපේ ගෙදර පූසා... ගෙදර පොඩි එකා! මයිල් ගහක්වත් හොලවන්නේ නැතිව සැපේට නිදාගෙන ඉන්න පූස් තඩියා වඩාගෙන අපි සෙල්ලම් දොස්තර ළඟට බේත් ගන්න ගියා. සෙල්ලම් ඉස්කෝලේ දාන දවසට මං ළමයා... එයා ටීචර්. අපේ ...
කෑම කතා නຌය නຌරතන කෑම එහෙමත් නැත්නම් ආහාර අපේ ජීවිතේ වැදගත්ම අංගයක් නේ.. (කාට නැති උනත් මටනං එහෙමයි :D ) සමහරු ජීවත් වෙන්න කද්දී, තවත් සමහරු කන්න ජීවත් වෙනවා. කොහොමෙන් කොහොම හරි කෑම කියන දේත් එක්ක අපි කාටත් අපූරු මතකයන් බැඳිලා තියෙනවා. අපි හැමෝම ගොඩක් වෙලාවට ආසාවෙන් මතක් කරන ගෙදර අම්මා හදන බත් එක, නැත්නම් කිරිඅම්මා උයන කිරිකොස් මාළුව, පොලොස් ඇඹුල මතක් කරද්දිත් ...
පුන්සඳ රෑට ඇවිදින්... නຌය නຌරතන පුන්සඳ රෑට ඇවිදින් ඔපීසියේ කළුව බිඳ පණ කෙදි සේම ලැප්ටොප් එක උඹේ ඉඹිනවදතනියම හින දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන් කඳ තාම ඔපීසියේ කෝඩින් කරනවද ක්ලයන්ට් ලා රෑන කරදර කරන තුන් තිස් පැයම රෑටත් කෝල් කර කර වද කරනවදනෙස්කැෆෙ එහෙම වැඩිපුර බොන්න එපා පණ...වැඩ කෙරුවාට මාසේ පඩිය නැද්ද තවපුන්සඳ රෑට.... මැරුණා වාගේ බෝඩිම් ඇවිදින් නිදන විට මදුරුවෝ රෑන කණ ...
Scholarship විස්තරේ නຌය නຌරතන මේක බුකියේ දැම්මා.. කවදාහරි මටම කියෝගන්න හරි කියලා මේකටත් ඔබන්න හිතුනා. PhD එක ඉවර වෙලා සේප්මන්ට් එකේ ගෙදරට වෙලා ඉන්න දවසක යාළුවෙක් කතා කරලා ඇහුවා “උඹට හෙන free එකක් ඇති නේද දැන්” කියලා… ප්ලේන්ටියක් ගහන ගමං පහුගිය අවුරුදු දහය පහළව ගැන පොඩි review එකක් දාද්දී හිතුනා අඩේ ඇත්තට වැහැලා වැහැලා පෑව්වා වගේ සීන් එකක් තමා දැන් තියෙන්නේ කියලා. මගේ ...
නොනවතින නຌය නຌරතන රෑ මැදියමට පැය තුනයි ඉර තාමත් උඩ වැඩ දහඩිය පෙඟුණු පුටුවක කැරකෙමි එක තැනක අපි වැඩ විටෙක දුරබනුව නද දෙයි ඒ තව ‘ටාස්කයක්’ එන හඬලිස්ට් එක නම් එහෙමමයි ඕටී නැතිවමත් අපි වැඩ මීටිම් කැලැන්ඩර් පුරවයිහොය හොයා ඉඩකඩ ලන්ච් ප්ලෑනින් කැචප් දැම්මයි කන්නත් වෙලාවක් නැති හැඩඇස් කෙවෙණි තදට කකියයිමොනිටරේ දිස්නයට තදජනේලෙන් එළිය බැලිමි මඳකට හිටියා කුරුල්ලෙක් පොඩි හරි හැඩ ...
ආලය නම් වූ අග්නිය - Ashiqi Angar නຌය නຌරතන සංගීතය විශ්ව භාෂාවක්. සප්ත ස්වරයට දේශ සිමා නෑ. සුදු කළු බේද නෑ.. පකිස්තානය කිව්වහම මුලින්ම අපිට මතක් වෙන්නේ බෝම්බ පිපිරෙන රටක්.. හා නැද්ද? හැබැයි ඒ අළු පාට කඳුළු අස්සේ හරි අපූරු සුන්දරත්වයක් මං දැක්කා. පහුගිය දොහේ පාකිස්තානේ ගච්චපු නාඩියා අහපු දැකපු අපූරු දෙයක් බෙදා හදා ගන්න හිතුවා.පාකිස්තානයේ චිත්‍රාල් කඳුකර ප්‍රදේශයේ කෝවර් (Khowar) භාෂාවෙන් ලියවුනු මේ ගීතය විශ්වීය ආදරය ගීතයක්...Noor, Shujaat... ...
මං ඔබේ කීකරු කුක්කා නຌය නຌරතන දයාබර වැම්පයර්තුමනි, අපි ඔබතුමාට මෙසේ රපෝර්තු කරමු! හය හතරක් නොදන්නා මෝඩ ගුණමකු රැළක් ගෝ ගෝ ගගා හිටියා එකතු වී මහ පාරේ යකෝ! කාගේ හයියෙන්ද උන් ලැයිට් ගැහුවේ ඔබතුමාගේ ඔපිසියට යකෝ! කාගේ හයියෙන්ද උන් ගැහුවේ කළු කොඩි ඔබතුමාගේ මන්දිරේ දොර උඩ තිබ්බේ නෑ එක කොඩියක් ගලෝලා දැම්මා ඒ ඔක්කොම!මුන් මේ තෙල් ඉල්ලා කන්න ඉල්ලා කෑගන හඩ නෑහෙන්න දැම්මා පිරිත් කැසට් ...
කොම්පීතර සිංහලෙන් නຌය නຌරතන පරිගණක එක්ක ගනුදෙනු කරන්න හදන කස්ටියට තියෙන එක අවුලක් තමයි කඩ්ඩ. හැබැයි කඩ්ඩ පොඩ්ඩක් නැතිව සෙල්ලම් දාන්නත් ටිකක් අමාරුයි.හැබැයි පලවෙනි ස්ටෙප් එක විතර දන්නා කියන සිංහලෙන් ගොඩ දා ගත්තොත් ඉතිං මල් හතයි!කොම්පිතර එක්ක දවසට පැය 28ක් විතර ගනුදෙනු කරන එකා වෙච්චි අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට මොකක් හරි වටින කියන දෙයක් දෙන්න උවමනාව තියෙන එක වෙච්චි ඔන්න නාඩියා අද ගෙනාවා පොඩි ...
‘මිස්’ වීම නຌය නຌරතන කිටි කිටියේ හිරවී ෆුඩ් බෝඩයේ එල්ලී දාඩිය පෙරාගෙන ආපු කාලය මිස් වී රත්මලානෙන් නඟින නංගී පෑවා හිනාවක් ලංවී කොල්ලුපිටියේ බැංකු අක්කා කියන ‘මෝනින්’ මිස් වී දුවනා ගමන් ඔපිසියට ගත්තු ශෝටිස් කෑලි තුනලේහවුසිය ළඟ කැඳ කඩේ හකුරු කැඳ රහ මිස් වීඋදේ සිට මීටින්තිබ්බත් එක දිගට කෝඩින් ඔපිසියේ කෝපි මැෂිමේ නෙස්කැෆේ රහ මිස් වී ලන්ච් එකට දොළහට එළියට බැස්සොත් හරියට හාබරේ ...
මං සුවඳට කෑදර මිනිහෙක් නຌය නຌරතන පෘථග්ජන මිනිස්සු වෙච්චි අපි හැම මොහොතේම මොකක් හරි දේකට ආසා කරනවා.. මොකක් හරි හැඟීමකට ආදරය කරනවා. ඒ ආසාව සන්තෝසදායක දෙයක් නම් ඒ විඳීම ආයේ සැරයක් විඳින්න උත්සාහ කරනවා.. ඒ අපේ හැටි. ඒ විඳීම් එක්ක මිහිරි අමිහිරි මතක සමුදායක් බැඳිලා තියෙනවා. මං සුවඳට කෑදර මිනිහෙක්! මගේ ලෝකේ මතක ගොඩාරියක් බැඳිලා තියෙන්නේ සුවඳ එක්ක. සමහර සුවඳ හරියට පැහැදිලි කරන්නත් අමාරුයි. ඒ ඇත්තටම ...
රිවර්ස් යන ගඟ - Chicago River නຌය නຌරතන මිචිගන් පාලම උඩ ඉදන් චිකාගෝ ගඟපහුගිය දොහක කොටපු නාඩි ඇට් ඇමරිකා නාඩියක පොරොන්දු උනා චිකාගෝ ගඟ ගැන අලුත් නාඩියක් කොටනවා කියලා. මොකෝ ඒ ඉසව්ව එච්චර මගේ හිතට අල්ලපු නිසා...චිකාගෝ Mag Mile එකේ ෂොපින් කරපු හැටි. බෝංචි ඇටේ විස්තරේ වගේ කතා බතා ඒ නාඩියේ කෙටුවනේ.. ගිහිං ඒකත් කියවලා ආවානම් හොඳා ඉතිං. නැත්නම් අන්ද කයිප්පු වගේ වෙයි. මෙන්න ලින්කුව.චිකාගෝ කියන්නේ දැනට ඇමරිකා ...
උතුර - ලංකාව නෙවෙයිද? නຌය නຌරතන යුද්ධේ ඉවරයි! හැබැයි තාම සෙල්ලම ඉවර නෑ!ඔන්න දැන් නීති රීති එහෙමත් දාල කියන්නේ අලුතින්!හිංගලෙන් පරිවර්තනේ කොටන්න කම්මැලියි! නිකමට වගේ ගිහිං කියවලා බැලුවට පාඩුවක් වෙන එකක් නෑ.මොකෝ නාඩියා කියලා එකෙක් දැන් කඩ්ඩෙන් කොටන්න පටන් අරගෙන! ගිහිං follow පාරක් එහෙම දාගෙනමගියානං හොඳා!http://naadispeaks.wordpress.com/ ...
කෝපි නຌය නຌරතන ඇටකෝටු හිරිවට්ටන පාන්දර හීතල එක්ක ඔට්ටු වෙන්න පොරොව ගත්තු ජැකට් එක ඇතුලෙනුත් හරිම අකීකරු විදිහට හීතල හුළඟ ඉදිකටු වගේ හමට වදිනවා. හුස්ම පිටවෙද්දී නහයෙන් කටින් දුම් දානවා වගේ මීදුම් ගුලි පිටවෙනවා.. මෙල්බර්න් වල සීත කාලේ ඇවිත්. හැම තැනටම හිම වැටෙන්නේ නැති උනාට සමහර දවස් වල උදේට බිංදුවට ළං වෙන්නම සීත. සීතලට ඔළුවේ ඉඳන් පොරෝගෙන නිදාගන්න හිතුනත් ලැබ් එකේ ඉතුරු වෙලා ...
AI තේරෙන සිංහලෙන් නຌය නຌරතන Deep Learning, Artificial Intelligence වගේ දේවල් හෙනම බරසාර විදිහට කතා වෙද්දී තියෙන ලොකුම කේස් එක තමයි මේ රෙද්ද මොකද්ද කියලා සාමාන්‍ය මනුස්සයෙක්ට කියවලවත් තේරුම් ගන්න බැරි එක! ඔන්න එහෙනං ඔය සිද්ධිය technical මඟුල් මොකුත්ම නැතිව ඉතා සරළව!මිනිස්සු පගණකත් එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ගොඩක් දේවල් මේ අයිටම් එකෙන් ලේසියෙන්ම කරගන්න පුලුවන් කියලා තේරුම් ගියා. හැබැයි ඉතිං කරන්න කියන්න ඕනේ ...
අරගලේ දවසක් නຌය නຌරතන සුබාෂ් මෙහි එන්න...ගිය සතියේ අපි දැමූ සිස්ටමේ බග් එකක්. හනික ගොස් client හට - Fix එකක් කර එන්න. ලොක්ක දුන් අවසරෙන් - ටුක් එකක නැඟුණු මම කළු දුමාරය මැදින් ක්ලයන්ට් දෙවි සොයාගෙන - පියාඹා දැන් යමි උන්ගේ රස්පැට් බලා - දෙක තුනට වැඳ වැටී පැච් එකක් අලවා - ජාමේ බේරා එමි.දැන් ලන්ච් ටයිම් එක කියා - මොර ගසන බඩ ගෙඩිය ...
ඔටු කිරි වල ගුණ සහ තවත් කතා නຌය නຌරතන මිත්‍රවරුනි YouTube එක කියන්නේ පිස්සු හැදෙන වංකගිරියක්. ඔන්න ලැප්ටොපේ ඔන් කරලා.. හරිබරි ගැහිලා වාඩි වෙලා.. කන් දෙක වැහෙන්න හෙඩ් ෆෝන් එක එහෙම දාගෙන ලෑස්ති වෙන්නේ පොඩි කෝඩ් කෑල්ලක් ගහන ගමං සින්දුවකුත් අහනවා කියලා.. යනවා YouTube එකට.. දාගන්නවා ඔය ලයාන්විත ගීතයක්.. ටික වෙලාවක් යද්දී ඔන්න එක පාරට මතක් වෙනවා කෝඩ් එකේ තියෙන multi-label classification එකේ data transform කරන තියරිය මතක නෑ ...
ඈ නຌය නຌරතන කාන්තා දිනය තියෙන මාසයේ නම් කාන්තාව ගැන කතා එමටය. කාන්තා අයිතිවාසිකම්, සම තැන, නිසි තැන ආදී මෙකි නොකී කතා බහුලය. හැබැයි බොහෝ කතා එතැනින්ම ඉවර වෙනවා. ආයෙත් ඒ කතා පටන් ගන්නේ ඊළඟ අවුරුද්දේ කාන්තා දින සැමරුම් තියනා විටය.කාන්තා දිනය ඉවර වෙලා දවස් දෙක තුනකට පස්සේ ඉන්දියාවේ ඉන්නා මගේ යාලුවෙක් (ගෑල්ලමයෙක්) කතා කළාය. “මාර වැඩක් නේ මට අද උනේ. හවස ...
කැරළිකාරිය නຌය නຌරතන කෝල සිනහව හිතේ රැඳුනාඋර තලේ බර සුසුම් දැනුනාසුමුදු අතැඟිලි පහස දැනුනාකැරලි කෙහෙරැලි අතර වෙලුනාසිසි කැලුම් පරදන සිනා ඇත්තීහී සරය පරදන බැලුම් ඇත්තීවෙඬරු මෙන් මුදු හදක් ඇත්තීකතරේ කෙම් බිම ඔබ මුවැත්තීසවන් සනහන කතාකාරියනුවන් පිනවන ලතා නාරියදැහැන් බින්දන දේහ දාරියමගේ හිතගත් කැරළිකාරිය ...