අබ්බගාත නຌය නຌරතන කඳුළු ලුණු රහ බව මම දැන සිටියෙමි නමුත් එය කට කාරවන අමි රහ බව නොදැන සිටියෙමිසුසුම් බර වැඩි බව මම දැන සිටියෙමි නමුත් එය බරින් බිම හෙලන බව නොදැන සිටියෙමිවිරහව දුකක් බව මම දැන සිටියෙමිනමුත් එය මරණිය බව නොදැන සිටියෙමි ආදරය අන්ධ බව දැන සිටියෙමිනමුත් එය අඳ ගොළු බිහිරි බව??? ...
නාඩි ඇට් ඇමරිකා - 3 නຌය නຌරතන ගැත්තා ට සමාව දෙන සේක්වා.. ඇමරිකන් සීරිස් එකේ තුන් වෙනි නාඩිය කොටන්න දිකක් කල් ගන්න සිද්ධ උනා. මේ ටිකේ ෆුල් ටයිම් ස්ටඩින්!! වැඩ වැඩ වැඩ!!!!මුලින් නාඩි දෙකේම තිබ්බේ සියැටේල් ගැනයි වොෂින්ටන් කැම්පස් එක ගැනයි.. මේකේ කොටන්නේ චිකාගෝ සවාරිය ගැන. ස්ටඩි ටුවර් එකේ පාර්ට් එකක් විදිහටම සියටෙල් ඉදලා චිකාගෝ යන්න නාඩියාට සිද්ධ උනා. සියැටෙල් ගුවන් තොටුපොළේ ඉදලා පැය 4ක ගුවන් ...
නාඩියා @ WCY2014 නຌය නຌරතන ඔන්න ආයෙත් දෙබරේකට ගලක් ගහන්න කියලා යන්නේ CHOGM ගිය නාඩියා ගැන ලිව්වට පස්සේ මේ ලියන්න ලක ලැස්ති වෙන්නේ මේ ටිකේ කතා බහ වෙන තවත් හොට් ටොපික් එකක් ගැන. ඒ ලෝක තරුණ සමුළුව ( World Youth Conference WCY2014 ).සුපුරුදු පරිදි (ඔව් තොපි කියන හැටියට මම ඇමති පුතෙක් නේ! :D ) නාඩියා මේ සමුළුවට ගැච්චුවා. සහභාගී උනේ ස්වෙච්චා සේවකයෙක් නැත්නම් Volunteer ...
CHOGM ගිය නාඩියා නຌය නຌරතන මේ ටිකේ ලංකාවේ කඩේ පිලේ වෙලේ ඉපනැල්ලේ වැඩියෙන්ම කතා වෙන්නේ CHOGM ගැන. ඕන චුයින්ගම් එකක් කියලා නාඩියා CHOGM ගත වෙච්චි හැටි කොටන්න හිතා ගත්තා. නාඩියාත් ඔන්න CHOGM ගියා. CHOGM කියන්නේ Commonwealth Heads Of Governments Meeting කියන එකලුනේ! නාඩියා සහභාගී උනේ ඊට සමගාමිව පවත්වපු Commonwealth Youth Forum ( පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව) කියන එකට! තිබ්බේ හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික ...
ආදර බෘංගයා නຌය නຌරතන පාසල් ප්‍රේමේ හරිම අලංකෘත එකක්. මේකත් එහෙම කතාවක්. නම් ගම් ඔක්කොම කල්පිතයි. විස්තර ඔක්කොම කල්පිත නෑ. මේක අට වසරේ විතර වෙච්චි දෙයක්. දැන් තොපි කියයි කටේ කිරි සුවඳ යන්නත් කලින් තොපිට මදන කුලප්පුව ගහලා තිබිලා කියලා! ඔව්. අපි ඉස්සර ඉඳන් වනචර කොල්ලෝ! අපේ පන්තියේ හිටපු කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන ආදර හැඟීමක් පහල උනා! අපි කෙල්ලට මල්රානි කියමු! කොල්ලට නිමල් කියමු. ...
ප්‍රථම හාදුව නຌය නຌරතන මේ ඒ හාදුව නෙවෙයි... දස මාසයක් කුසයේ වද දිදී ඉඳලා නෙක් වේදනා දීලා මේ ලෝකේ එළිය දැක්ක මොහොතේ, ඒ වේදනා ඔක්කොම අමතක කරලා තෙත් වෙච්චි කම්මුලට සදාදරණිය අම්මා දුන්නු උණුහුම් හාදුව නෙවෙයි..වෙන එකක්...වැලි කෙළි... කෝම්පිට්ටු බත්... කොස්කොළ ඔටුනු කාලේ පහු කරන් සෙනෙහෙ කොළ.. චොකලට් යුගයට පය තිබ්බ කාලේ....හිත් ඇතුලේ හොල්මන් කරපු හාදුව..ආදරේටම ලියාපදිංචි වෙච්චි... ආදරේම අයිතිවාසිකමක් වෙච්චි අපූරු මානවීය සන්නිවේදනයක්...ටෙලි ...
අශෝකමාලා නຌය නຌරතන වනේ වන කුසුම් පරයන පැහැ වත කමලේබාලේ ඉඳන් රැහැ බබලපු නෙත් සඟලේ කොමළ සිනා කැන් වගුරපු දසන් පෙලේ මිහිර කෙලෙස මකවන්න ද පපු මඩලේ උක්දඬු බටනලා සර රස හිඟ උනාදෝ මොර පලු කෝන් දිව තෙත් නොකලාදෝතුන් ගල් ලිපේ ඉදෙනා බත් රස නොවුනාදෝ පුලා යදින්නට හිත දිරි මදි උනාදෝ ඇත් අස් සෙනග පිරිවර නැත රැකවල් යන්නරන්වන් දුහුල් සළු නැත සතපන්නතන්තිරි මාල ...
හිනාව නຌය නຌරතන image source - sushkrsh.blogspot.com“මචං!!!” නේපාලෙන් ආපු දීපෙන්ද්‍ර සීතලට රතු වෙච්චි නාහේ කස කසා හින් ඇස් පොඩි කරගෙන මට ඇහැරවනවා!” ගුඩ් මෝනින්”. ඌ හිනා වෙනවා. “අද උදේ ලෙක්චර් යන්නේ නැද්ද?” හිනා වේවි ඌ අහනවා. හීනියට හිනාවේගන ගුඩ් මෝනින් කියන ගමන් මං බාත්රුම් එකට රිංගනවා. හදිස්සියෙන් ලැස්ති වෙලා ඊයේ පහළ මාකට් එකෙන් ගත්තු සැන්ඩ්විච් එක කටේ ඔබාගෙන එළියට බහිද්දී රූම් සර්විස් එකේ ...
*කේ රඟ නຌය නຌරතන තොටිල්ල පද්දන අත ලෝකේ පාලනය කරයි කියපු අසමජ්ජාතියා හොයාගෙන ඇවිත් වාරියපොළ සෙල්වා එක්ක එකතු වෙලා ඌ ව කකුල් කෙටියෙන් එල්ලලා රත්නපුරේ පර චේසි කාන්තිට පොරි හැලෙනකම් දීපු මහතැන් එක්කගෙන ඇවිත් හම ගැලවිලා අතට එනකං - පොක්කලන් එනකං තඩි බාන්න ආසයි බං මං සමතැන නිසි තැන ඉල්ලං එනවා රෙද්ද ලිප් බොක්කේ හිටපු කළු දෑවලට ඉර ඩිංගිත්තක් වැටුනම තියෙන රැස්පොට් එක!අනේ ...
දයාබර මහින්ද මාමේ නຌය නຌරතන දයාබර මහින්ද මාමේ,ජන්දේ ඉවර උනාය. සිරිසේන මාමා දිනුවේය! පහළ ගෙදර විමලසේන මාමා හුරේ දමද්දී වෙලේ ගෙදර සුමනේ මාමා දුකට බී ඇනිකට් එක පහළ ඇළේ පෙරළි මහ මරාලයක් උනේය. ඔක්කොම ඉවරය. දින 100 මොකද්ද එක ක්‍රියාත්මක බව අපේ තාත්තා කියනවා ඇහුනේය. ඒ කියන්නේ මොකක් නමුත් වෙනසක් වේගන එනවාය. මොනවා උනත් යුද්ධේ කොරන්නට මහ බර ඇද්ද නායකයා විදිහට මාමා කරපු හරිය ...
වැස්ස - ආදරය හා හිඟන්නෙක් නຌය නຌරතන www.washingtonpost.comඋදේ ඉඳන් බිම් කළුවර වැටෙන තුරා වැහි කළුවර ඉර හොරෙන්ම වසන් කළා හීතල හුළඟට එරෙහිව අත පය හකුළා බුදිය ගන්න පුළුවන් මට අලස වෙලා හොඳ උණුසුම් ඇඳ ඇතිරිලි - දුම් දමනා කෝපි එක්ක සීතල යන්නට හපන්න- කටට සැරට කට ගැස්මක් විදුලි කොටයි හඳ ගෙරවිලි - ගස් වල් අඹරා හමනා සුළං එක්ක කියවන්නට අතට ගන්න - අලුත් සුවඳ හොඳම පොතක් අතට ...
හීන නຌය නຌරතන පින්තුරය - srilankanweddingphoto.blogspot.com“මොකෝ බං උඹ අහස දිහා බලාගෙන අනිමිස ලෝචන පුජාවද?”මාතලීගේ සද්දෙන් මං ගැස්සිලා ඇහැරුනා.. දන්නේ නැතිවම පොඩ්ඩක් නින්ද ගිහිං.. මාතලී කියන්නේ ඒකිගේ උප්පැන්නේ නම නෙවෙයි. හැම විශ්වවිද්‍යාල ජිවියෙක්ම ආඩම්බරෙන් උරුම කර ගත්තු කාඩ් එක. ඒකිට ඒ කාඩ් එක වැදුනේ ගම මාතලේ හින්දා නෙවෙයි. දවස තිස්සෙම කොක්ක අතේ පටලෝගෙන පිස්සිට හැතැම්ම නෑ වගේ කැම්පස් එක වටේ රවුම් ගහන්න ගත්තට ...
වෝක් GMOA සහ තවත් අතුරු කතා නຌය නຌරතන සිරි ලංකාවේ සයිබර් වාසී අපි සති පඩි කාරයෝය! ඒ කියන්නේ සතිය ගෙවා ගන්නට හොඳ ලෙල්ලක් අනිවා හැම සතියෙම සුවර් ය. සමහර සති වල බෝනස් එක්ක දෙකක් තුනක් එනවාය. අපි ඉතිං තියෙන ඩේටා ටිකටත් කෙලෝගෙන ඒවාට හුරේ දමනවාය. මොනවා ආවත් ප්‍රභා කිව්වා මෙන් අනිත් සතියේ කලින් එක අතමකය. :Dමං තුමා කොහොමත් ගැජමැටික් වලට ආසා එකා වෙච්චි අයි පෝන් හත එළියට ...
ටුක් ටුක් නຌය නຌරතන “ටුක් ටුක්”… ලංකාවේ අපේ කටට හුරුවෙච්චි ඒ අපූරු වචනේ අහපු නැති කෙනෙක් නැති තරම්. දුප්පත් පෝසත් කොයි කාගේත් වාහනේ වෙච්චි ත්‍රී විලරේ ලංකාවේ සංස්කෘතියේ නැතිවම බැරි අංගයක් වෙලා. ගම්බද පළාත් වල ලෙඩට දුකට බේතක් හේතක් ගන්න කොයි රෑක දවාලක උනත් උදව්වට එන්නේ ත්‍රී විල් මල්ලි. කොලොම්පුරේ හදිස්සියට එහාට මෙහාට යා ගන්න.. ඕනේ රෑක ආපහු බෝඩිමට යන්න අපිට තියෙන්නේ ඉතිං ...
බිත්තිය නຌය නຌරතන හමු නොවන්නට තිබුණු දෙහදක්අහම්බයකින් හමුවෙලා...මහ බඹුන් කල අලකලංචිය නිසා දෙහදක් ගොළු වෙලා....බැඳ දැමූ බැමි සුනු විසුණු කරරන් රසේ ලෙස එක් වෙලා...ගයන්නට පෙම් ගීය ඔවුනට සත්සරේ අමතක වෙලා...නෙත් තෙමා එන කඳුළු ගඟුලැලි සඟවලා හසකැන් පෙරා...ගයයි ආසිරි ගී තුටින් උන්දෙහද අඳුරක අගුළුලා.... ...
රංගධරයාගේ බිරිඳ නຌය නຌරතන ඔහු නැත සැම විටම ළඟ පාතක...ඇත ඒ විටක ඈ ළඟ තිරය පිටුපස...සුසුම් හෙලුවත් දැනුනේ මටම මිස වළකනු කෙලෙස ඉකි බිඳුමන් ගැහැණු හිතකට ආලින්දය පිරි පිත්තල සම්මාන ගොන්නට පෙනෙනා ආලිංගන රඟනා ඔහු මැදි කොට සැප එරෙන මෙට්ටයට බර දී නො ඔරවා සිටින්නේ කෙලෙස රූ පෙට්ටියට බදු ගත් පළල් උර මත සැතපෙවෙන ළඳකට බුරුසු රැවුලේ පහස ලැබූ ඕ ගත පිපුණු හිරි ...
දුම් දමන ජීවිත නຌය නຌරතන දහඩියෙන් පෙඟුණු මිනිස්සුපිඹිමින් උඩ බොත්තම් ගලවාගෙන ශර්ට් අස්සට දුම් දමන ප්ලේන්ටිය - අනුපානයට සිකැරට්ටුවක් දල්වා බ්ලොග්ගල් අට්ටි දෙකකට - හරහට බැලන්ස් වූ ලෑලි බංකුවේ ඉදගෙන කරති වාද ළඟ එන කතිර හටන ගැන බලමින් අත බැදි ඔරලෝසුව තබමින් බාගයට ඉවර කළ කහට බැඳි කෝප්පය අහකට දුවයි කඩිමුඩියේ - වැස්සට පිරී ඉතිරුණු පාරේ කාණු උඩින් පැනගෙනආවත් හයේ මහවට - නැතිලු අදත් කෝච්චි ...
ලාරාගේ රෝස මල් දන්සල නຌය නຌරතන මේ විත්ති කතා සීරීස් එක කොටලා තියන්න කියලා හිතුනේ කවදාහරි දවසක අමතක උනොත් මල සන්තෑසියක් වෙන හින්දා (හැබැයි දෙයියන්ගේ පිහිටෙන් එහෙමනම් වෙන එකක් නෑ) මේ සිද්ධිය සිද්ධ උනේ මීට අවුරුදු පහකට විතර කලින්. මංතුමා ඒ කාලේ ඔය ජනේල මෙහෙයුම් පද්ධතිය හදන කොම්පැනියේ වැඩ කළේ. ඔය ජොබ් එකේ තිබ්බ අමුතුම සීන් එකක් තමා ගහෙන් ගෙඩි එනවා වගේ කිව්වහම ලෝකේ ඕනේ මුල්ලකට ...
මගේ සිහින පාසල නຌය නຌරතන කලකට පස්සෙයි බ්ලොගේට බැස්සේ... ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. එක එක කාලේට සමහර දේවල් වලට ප්රමුඛතාවේ දීලා අනිත් දේවල් පොඩ්ඩකට පැත්තකට කරලා තියන්න වෙනවා. පහුගිය මාස හතර පහම අධ්‍යාපනේ... රැකියාව වගේ දේවල් වලට පොඩ්ඩක් "එක" දීලා තිබ්බේ. බ්ලොගේ අමතක උනාම නෙවෙයි. ඇවිත් අනිත් ඒවා ටිකවත් කියවලා ගියා. දැන් කොලොම්තොටේ ඉන්න එකේ ආයේ මේ නාඩි වල මකුළු දැල් එහෙම කඩලා ...
සැලෝන් සහ බාබර් සාප්පු නຌය නຌරතන සීතල කරපු කාමරේ සැප පුටුවට බර වෙලා වටේට ලයිට් හයි කරපු කන්නඩියෙන් මං බලාගෙන ඉන්නවා. දකුණු අර්ධගෝලේ තියෙන ලොකුම ශොපින් සෙන්ටර් එකේ මේ ‘සැලෝන්’ එක හැම වෙලාවෙම බිසි. අඩුම ගානේ දවස් දෙකකට කලින්වත් බුකින් එකක් දාගන්න ඕනි. ඒත් ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. වෙබ් එකට ගිහිං ෆ්‍රී වෙලාවක් හොයාගෙන බුකින් එක දැම්මහම කොන්ඩේ කපාගන්න ඕනි දවසට වෙලාවත් එක්ක මතක් ...