කාසි නຌය නຌරතන “මෙදා පොටේ නම් පිල්ලෑවේ ගෙදර බබානිස් ගොයියට හොඳටම සරු පාටයි. තාර පීප්පේ වගේ හිටියට ඔය ගෙනාවේ යස රන් තැඹිලි ගෙඩියක් වගේ හාමිනේ පොඩ්ඩක්...”“ආයෙත් අහලා.... කිව්වට ඇස් වහක් කටවහක් නෑ.. අහළ ගම්තුලානක නම් නෑ ඒ වගේ හැඩකාරියක්”ගම්සභා හන්දියේ සිමියොන්ගේ කඩේ හැමෝගෙම කතාව බබානිස්ගේ කසාදේ ගැන.. “දවස් තුනක් ම ඔය මඟුල් කෑවේ.. ආයේ අඩුවක් පාඩුවක් කළේ නෑ. රට බීම ගෙනත් දුන්නේ ගමේ ...
නාඩි ඇට් ඇමරිකා 01 නຌය නຌරතන ඔන්න එහෙනම් පට්ටන්දර ජාතකේ පටාන් ගන්නයි යන්නේ.... හැබැයි වැඩිය දිගට කොටන්න කම්මැලියි... යකෝ සති පහක වෙච්චි කෙරිච්චි දේවල් ඔක්කොම කොටන්න ගියොත් අත ගෙවිලා යයි!කලින් කිව්වා විදිහට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙන් ප්රදානය කරපු ශිෂ්‍යත්වයකට නාඩි ඇතුළු ලංකාවේ හතර දෙනෙක් මේ වැඩසටහනට ලංකාවෙන් සහභාගී උනා. SUSI for StudentLeaders තමයි මේ ශිෂ්‍යත්වයේ නම. මම සහභාගී උනේ New Media & Journalism අංශය ගැන ...
දියව් දියව්!!!!! නຌය නຌරතන වැඩ කරන ජනතාවගේ දවසේ හැම තැනම පේන්න තියෙන පෝස්ටර් බැනර් වල තියෙන්නේ “දියව් දියව්!!!” කියලා! කොහෙවත් “ගනිව් ගනිව්” කියලා නෑ! අනේ මන්දා....රටේ විරැකියාව උග්‍ර වෙලාලු! රැකියා නැහැල්ලු! උපාධිධාරියෝ මහපාරෙලු!! ඔව්! සේරම ඇත්ත! උඩ ඉදන් යට තැන වෙනකම් ඔක්කොම මේකට වැරදිකාරයෝ! අපිත් එක්ක! ඔක්කොම වැරදිකාරයො!කැම්පස් පැම්පස් නාඩියේමංතුමා කිව්වේ කැම්පස් වලින් එලියට එන අපේ උන්ට යන කලදසාව ගැන.ඒ අහව් අස්සේ “ඇයිරත්තරං ...
මනුස්සකම නຌය නຌරතන පහුගිය සිකුරාදා. ඒ කිව්වේ දෙසැම්බර් 6 වෙනිදා මගේ අතිජාත මිත්තර අසීම්, මටයි පොලොස් මාමාටයි එවලා තිබ්බා අපූරු ආරාධනා පත්‍රයක්. සිරස News First, UN Volunteers සමඟ සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරපු V Awards 2013 අවසන් රාත්‍රිය බලන්න එන්න කියලා. Volunteering කියන එක ඔළුවට ගහපු එවුන් වෙච්චි අපිට ආයේ හිත හිතා ඉන්න දෙයක් තිබ්බේ නෑ! එක පයින් එතන! තිබ්බේ සිරස රත්මලාන ...
දයාබර පරිගණිකාව නຌය නຌරතන අලුත් අවුරුද්දේ පළවෙනි නාඩිය ටිකක් වෙනස් විදිහකට කොටන්න හිතුවා. දැන් ඉතිං ඔක්කොම දවසේ වැඩි දවසක් ජිවත් වෙන්නේ පරිගණක රාජයා එක්කනේ! අපේ සමහර උන්ට නම් ඉතිං ලැපී නැත්නම් ජිවිතයක් නෑ. මංතුමාටත් එසේම තමා. ඔය පරිගණක රාජයෝ එක්ක ගනුදෙනු කරන්න යමක් කමක් කරන්න පුළුවන් එකා වෙච්චි මට ඔය අන්ජබකල් වෙච්චි ලැප් කේස්.. මැෂින් කේස් බර ගානක් අහන්න වෙනවා. “අනේ මේක හදලා ...
කටුව : කවියක් කතා කරයි - අංක 01 නຌය නຌරතන කවියක් කියන්නේ රටාවකට ඇමිනිච්ච අකුරු ගොඩකට...ඒ අකුරු ඇමිණිලා හැදිච්ච වචන හරඹය එක්කෙනෙක්ට “කවියක්” වෙද්දී තවත් කෙනෙක්ට ඒක විකාරයක් වෙන්න පුළුවන්...“කවිය නැති වෙලා...” කියලා සමහරු කෑ ගහද්දි නාඩියා මේ හදන්නේ මං තුමා හිතන විදිහට කවියට අලුත් පණක් දීපු “බ්ලොග් කවිකාරයෝ” ලියපු කවි මරන්න!මරන්න කිව්වේ ඒ අකුරු අස්සේ හැංගිලා ගුලිවෙලා තියෙන අපූරු රහස් අපිට තේරෙන විදිහට එලියට ඇදලා දාන්න!බලමු...ගල් වදින්නත් පුළුවන්..මල් ...
ආටක නාටක නຌය නຌරතන ඇතාවැටුණු වැව සියාතු ගොයියාට කාසි පනම් වල අඩුපාඩුවක් තිබුනේ නැත. වතු පිටි වලින් එන ආදායමට හරි හරියට හරකා බාන නඩත්තු කරන එකෙන් එන මිල මුදල් ටිකත් එකතු පහදු උනාම අඩුවක් පාඩුවක් නැතිව විය පැහැදම් කරන්නට කාසි පනම් අතේ තිබ්බේය. ඒ අස්සේ මැම්බර් මහතැන් ගිය ජන්දෙන් පස්සේ ගංතුලානේ උන්නැහේට උදව් පදව් කරපු මිනිස්සුන්ට තාන්න මාන්න දීපු වෙලේ සියාතු ගොයියටත් සාම ...
සියාතු මාමා කොළඹ ගියාය නຌය නຌරතන සියාතු මාමාගේ ලොකු පුතා ආමිකාරයෙකි!ඉස්සර රණවිරුවෙකි!පොඩි එකා දැන්නම් අවුරුද්දකටත් වැඩි දවසක ඉඳන් ගෙට වෙලාය! ඌ මහා විභාගේ ඉහලින්ම පාස් උනත් තාම උන්ගේ අර Z අකුරේ අවුල්ද මොකද්දෝ එක හින්දා එලියට පහලියට බහින්නේ නැත!ඉස්සරහට ඌ ආඩම්බරකාර කැම්පස් ශිෂ්‍යයෙක් වෙන්ඩ බලාගෙන ඉන්නවාලු!(ඒ කියන්නේ වෙන්ඩ ජෙප්පෙකි!) මේ දොහේ ඌ පල්ලෙහා ගාමන්ට් එකේ සුපවයිසර්කමක් කරනවාය....පොඩි කෙලි නම් 10 විභාගේ ලිව්වේ මේ සැරේ! ගණනුයි ...
සයිබරේ 20 නຌය නຌරතන මුලින් හිතාගෙන හිටියේ 20 ගැන කොටන්නේ නම් නැතිය කියාය. හැබැයි කොහේදෝ කැසිල්ලකට 20 ගැන ලියන්නට හිතුනේය.වෙනදා වගේම ඉතිං සයිබරේ මඟුලක් කියපු සැනින් මං තුමා ගොයින් දැම්මේය. තනියම ඇවිත් ඩබල් යනවා කියා ටෝක්ස් දුන්නේය! ඒවා නම් හරි ගියේ නැත. කොහොමෙන් කොහොම හරි මරු පහේ දවසක් උනේය.කලින් දවසේ නිකමට වගේ ළඟ පාත ඉන්න රන් ගොජා ට චැට් පාරක් දැම්මෙමි.“මේ උඹ හෙට ...
බත් කමි! නຌය නຌරතන අසව් අසව් අසව්!!!!අති සාර්ථක එක්සත් ජනපද චාරිකාවකින් පසුව නාඩියා නාඩිරත්න නැවත සියරට බලා සැපත් ව ඇත! තම චාරිකාවේ විනෝදබර, හැගුම්බර, ජොලිබර, චූ බර තොරතුරු වලින් සයිබරයේ සර්වර් රාජයාණන් පිරවීමේ එතුමාගේ ඒකායන වෑයම ඉදිරියේදී ඔබට අකමැත්තෙන් හෝ දැක ගැනීමට හැකි වනු ඇත!ප.ලිචොකලට් ඉල්ලීම වැනි මරණිය දණ්ඩනය ට හේතු වෙන කරුණු කාරණා වලින් බැහැරව දැහැමිව සෙමෙන් ආප්පයක් කා සැනසෙන ලෙස එතුමා හුදක්ම ...
සුද්දෝ සහ ලංකාව නຌය නຌරතන නාඩියක් කොටනවා කියලා ගොඩ දවසක් බලං හිටියා. ඉස්පාසුවක් හම්බුනේ නෑ ඒකක් කොටා ගන්නවත්! හොස්ස ළඟටම වැඩ!මේක කොටන්න හිතුනේ පහුගිය දොහක නාඩියා විඳපු අත්දැකීමක් හින්දා.. ස්ලෝවේකියාවේ ඉඳලා ලංකාවට ආපු අපේ යාලුවෝ දෙන්නෙක් මාස දෙකක් ලංකාවේ වැඩ කරලා අන්තිම සතියේ ලංකාව බලන්න ඕනේ කිව්වා! සකළ සිරින් පිරි සිරි ලංකාවේ අසිරිය මේ සුද්දෝ දෙන්නට පෙන්නන්න ඕනේ කියලා ලංකාව වටේ යන ගමන් අනුරාධපුරේ ...
වමෙන් එළවීම සහ ප්ලාස්ටික් බෝතල් නຌය නຌරතන අටං අයියා පහුගිය දොහේ මං කොටපු නාඩියකට “මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා ............ කියලා කියවනවා මමනං” කියලා කොමෙන්ට් එකක් දාලා තිබ්බා. ගියපු කරපු තැන් ගැන මොනවා හරි කොටනවා කියලා ඒ නිසා හිතුවා. පහුගිය දොහේ මං ට්‍රම්ප්පච්චීගේ දේශයට ගැච්චුවා පොඩි වැඩ වගේකට. ගියේ ඇමරිකා එක්සත් ජනපදේ වොශින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් වලට. (කලින් ගියපු කරපු එව්වා ගැන ඔන්න ඔය පහළින් තියෙන ...
නාඩි ඇට් ඇමරිකා - 2 නຌය නຌරතන පළවෙනි පට්ටන්දර ජාතකේඉවර උණු එකේ ඔන්න දෙවැනි එක! සියැටෙල් නගරේ මාසයක් විතරම හිටපු එකේ තව ඩිංගිත්තක් ඒ ගැන කොටන්න හිතුවා.මං හිටියේ වසන්ත කාලේ summer එකේ නිසා වැඩේ ශේප්! වැඩිය වැස්ස නෑ. නැත්නම් සියැටේල් කියන්නේ හැමදාම වැහි වලාකුළු වලින් බර වෙච්චි නගරයක්. මේ මිනිස්සු පරිසරේට හරිම ආදරේ ජාතියක් කිව්වනේ... නගරේ නම හැදිලා තියෙන්නෙත් ගහ කොළේ එක්ක ජිවත් වෙච්චි කෙලින් කතා ...
මීයෝ නຌය නຌරතන දයාබර මීයෝ...කාපන් ඔය මේස් එක කාපන්..උහුලන්න බැරි ගඳ කොහොම හරි ඉවසං ඉවර වෙන්නම කාපන්! කීතු කීතු වලට ඉරලාම දාපන්!!ඒකවත් පෙන්නලා ලොක්කගෙන් නිවාඩුවක් ඉල්ලා ගන්න.එහෙමත් නැත්නම් පුළුවන් නම් මාවත් එක්කම කාපන්! ...
සදාදර හිමාලි නຌය නຌරතන සදාදර හිමාලි, කඩදාසියක් හොයාගෙන මොනවා හරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතා ගත්තේ හිතේ පිරිච්චි කතා ඔක්කොම අකුරු වලට ගුලි කරනවා කියලා හිතාගෙන. කොළඹ හරි නපුරුයි.. කවුදෝ කියලා තිබ්බා. ඔව්... කොළඹ හරි නපුරුයි.. වියලුවේ ඉඩෝරෙට ඔක්කෝම වේලලා කරකුට්ටන් කරලා දාන ගිනි ගහන අව්වටත් වඩා කොළඹ නපුරුයි. කතාවෙන් කතාව ඔය පැත්තේ විස්තර අහන්නත් බැරි උනා. කොහොමද ඉතින්? අම්මා මේ මාසේ බේත් ගන්න ...
රාධා නຌය නຌරතන “යුද්දේ ඉවර වෙලා අවුරුදු ගානක් ගියත් අපේ අයගේ හිත් ඇතුලේ යුද්ධේ තාම ඉවර වෙලා නෑ රාධා..” මොනරගල කෙළවරින් රතු පාටට ගිනියම් වෙච්චි ඉර බැහැලා යනවා. ආකාසේ පාවෙන වලාකුළු අමුතුම පාටක් අරගෙන සැර හුළං කොඩේට අහු වෙලා ආරාධනා ගල පැත්තට තල්ලු වෙනවා. හුළඟ නැවතිලා ඉගිල්ලිලා යන්න හදපු කොහොඹ ගහේ අලුතින් ලියලපු දළු සද්ද නැතිව පාතට වැක්කෙරෙනවා. තාමත් මෙහෙන්දි පාට ගිහිං ...
කෝ??? නຌය නຌරතන උදේ පාන්දර හයයි දහයේ බස් එකට නැග්ග මම රතු පාට CTB බස් එකේ මුල්ලක් අල්ලාගෙන හොඳට නිදා ගන්නවා. බස් එකේ ජනේලෙත් එක්ක හයි කරලා තියෙන දිලිසෙන ඇල්මිනියම් බටේ වැදිලා තඩිස්සි වෙච්චි තට්ට ගෙඩිය අත ගාන ගමන් මං පිටකොටුවෙන් බහිනවා. වෙනසක් නෑ. වෙනදා වගේමයි. කෑල්ලක් සීයයි.. හැටයි හැටයි අරං යන්න.... අද විතරයි වෙන කොහෙවත් නෑ කිය කියා සද්ද ඇහෙනවා. ඒ ...
නිත්‍යරංජනා නຌය නຌරතන පින්තූරය - colombogazette.comඩුකු ඩුකුස් ඩුකු ඩුකුස්...යාල්දේවි නාගොල්ලාගම පහු කරගෙන යනවා. ඉඳගන්න තියා හිටගෙන ඉන්නවත් ඉඩක් නෑ. රාම්රාජ් හරිම අමාරුවෙන් දොර ගාව එලා ගත්තු පත්තර කොළේ උඩ හරි බරි ගැහුනා. රාම්රාජ් විතරක් නෙවෙයි භානු, රාම්රාජ් ට එහා පැත්තෙන් වාඩි වෙලා හරිම ආසාවෙන් එළිය බලාගෙන හිටිය රාම් ගේ ආදරණිය අඹු සිඟිත්තත් කෝච්චියක මුලින්ම යන්නේ අද!වයස යාන්තම් 27ක් වෙච්චි මේ රාම්රාජ්ලා ට ...