සරණයි.. සරණා...යි.... නຌය නຌරතන සිරිපා කරුණා සමය සිතල උදුවප් මාසයේ නමෝ විත්තියෙන් පටන් ගත්තු වෙලේ ඉදන් අපේ උන් ලක ලැස්ති උනේ සිරිපා කරුණා කරන්න. කොහොමෙන් කොහොම හරි ඉස්පාසුවක් හොයා ගන්න පුළුවන් උනේ 14, 15 වැටිච්ච නිවාඩු දවස් දෙක! හරිම අමාරුවෙන් අනිත් වැඩ කටයුතු පස්සට දාල දවස් දෙක නිදහස් කර ගත්තා. මේ කට්ටිය කිව්වේ අපේ විස්සවිද්යාලේ අතීසාර මිත්තරයෝ ටිකය!13 වෙනිදා උදා විය! වෙනසක් නැත! ...
කියුබිකල් ආදරය නຌය නຌරතන කුකුළටත් කලින් ඇහැරිලා තුනට හතරට නැමිලා බස් එකේ තෙරපිච්ච මට කුකුල් කරමල් පාට, ලයිනින් තොල් මැදින් ටීෂා... “ගුඩ් මෝනින්”කියුබිකල් එක මැදින් තිබ්බේ නැත්නම් වීදුරුව දෙනවා මං කිස් එකක් රෝස් පවුඩර් උලපු, සුදුම සුදු මුණටම ටීෂා.. එවනවා මං ෆ්ලයින් කිස් එකක් දැන් පැලෙයි දෝ මන්දා...කර කැපුණු හැඩ හැට්ටේ වටොර හිර කළ ඩෙනිම අතේ අයිෆෝනය, කරේ ඇට මාලය ටීෂා...හරි හැඩයි දැක්කහම ...
සුභ සන්ධ්‍යාවක් වේවා!!! නຌය නຌරතන උදේ අටයි පහයි.....ගොජ ගොජ සද්දේ දාගෙන යාල්දේවිය නාගොල්ලාගමින් අද්දදීම යාන්තම් එල්ලුනා. හොඳ වෙලාවට කන්දේ සුමනේ මාමාගේ බල්ලෝ ගිය බයිසිකලේ හරි ගෙදරින් එලියට බහිද්දිම හම්බ උනේ! නැත්නම් අදත් හුළං! පෙට්ටි 4ක් 5ක් වත් ඇද ගත්තොත් නංගි ඊයෙත් නහයෙන් අඩ අඬා කියපු පොත් ලිස්ට් එක පුරෙන් ගන්න පුළුවන් වෙයි.ටිනර් පතුරු ගැලවිලා දාඩියට කළු පාට වෙච්චි බොන්ගෝ එකත් අරගෙන මම කැන්ටිම් පෙට්ටියේ ...
යාල් දේවි කිලිනොච්චි ගියා.. දැන් ඔක්කොම හරිද?? නຌය නຌරතන පහුගිය දොහක යාල්දේවි මුලින්ම Made in China කෝච්චියක කිලිනොච්චි ගියාය. ලබන සිංහල අවුරුද්දට ආස්මි කොන්ඩ කැවුම් අතිරස හදාගෙන යාල්පානම් ඇවිත් කොට්ට කිලංගු අරං යන්න එනවයි කියා කීවාය. පලවෙනි සැරේ චීනෙක් එක්ක ගියාට දැන් යාල්දේවි සුරුට්ටු බොන ඉන්දියන් කෝච්චියේ හැමදාම කිලිනොච්චි යයි! එතකොට දැන් ඒ තිබිච්ච කේස් බේස් ඔක්කොම ඉවරද??මොකද්ද බං තිබිච්ච ප්‍රශ්නේ??උදේට කාපු බීපු දේ මතක නැති අපේ උන්ට ...
ඔත්තු දෙකක්! නຌය නຌරතන ඔත්තු දෙකක් කණේ තියන්න කියලයි ඔන්න නාඩියා හදන්නේ!පලවෙනි ඔත්තුව නම් කස්ටිය දන්නවත් ඇති...අපි හැමෝම සයිබරේට එකතු පහදු වෙච්චි උදවිය වෙච්චි සමාජ ජාල එක්ක ඉතිං හැමදාමත් සහ සම්බන්ධයිනේ.. කවුරු මොනවා කිව්වත් ඒක අපේ ජිවිතේ කොටසක් වෙලා ඉවරයි. හැබැයි කොරන්න ඕනේ දේ තමයි ඒ දේ හරියට පාවිච්චි කරන එක. දැලි පිහියෙන් උනත් කිරි කෑවොත් කිරි රහයි. ඔන්න එහෙනම් Social Media Day ...
ලංකාවේ IT නຌය නຌරතන Image Source : http://community.telecentre.org/profiles/blogs/year-of-english-amp“කම්පියුටර් නැත්නම් බං job කට්ටක් හොයා ගන්න බෑ බං” ගෙදර ආපු වෙලේ සැලුන් එක පැත්තේ කැරකුනා. අපිත් එක්ක එක පන්තියේ හිටපු ඩයල් එකක්! දැන් ගාමන්ට් එකක සුපවයිසර්! උගේ බජාජ් ඩිස්කවරි බයික් එකේ මාව ගෙදරට ගෙනත් දාන ගමන් කිව්වා. උඹනම් කියයි තෝ සුපවයිසර් වෙලා බයික් එකක් හරි අරගෙන. මෙච්චර කොරලා අපි තාම දුවන්නේ ලක්ෂ 60 රෝද 6 ...
සයිබරේ අවුරුදු නຌය නຌරතන සයිබර් සිහින උළෙල අහවර උනාය! ඒ 21ය! මේ දවස් ටිකේ බුකියේ ටැග් ගැහුණු ෆොටෝ කෑලි ටික.. බ්ලොග් ලියවිලි ටිකවත් ඉස්පාසුවක් ඇතිව බලා කියා ගන්න බැරි උනේය! “වසන්තය” ඇවිත්ය. ;) පිලි ගන්නට ගජරාමෙට වැඩ තිබ්බේය!මොනවා නොකිව්වත් 21 වැඩේ ගැනනම් ටිකක්වත් කොටන්නට ඕනෑය! උදේ පාන්දරම ලක ලැස්ති වී මංතුමා මාරගම බලා යන ගමන පටන් ගතිමි. තව පොඩ්ඩෙන් අවුරුදු කුමාරයාටයි කුමාරිටයි දාන්න ...
රිසානා සහ මලාලා නຌය නຌරතන රත් වෙච්ච වැලි කතර රතු වෙච්ච ලේ වලින් තෙත් කරපු රිසානා.... ඔළු කට්ට සිදුරු කල ගිනියම් උණ්ඩයට බිලි වෙච්ච මලාලා... උස්සගෙන වැලපුනත්....නිහඩතා පැවතුනත්.... උන් අපේ ඔළු වලට දුන්නු දේ මොකද්දැයි.... කෑ ගහන එකෙක්වත් ඇස් ඇරලා බැලුවාද??? රිසානා යනු හුදෙක් ලාංකීය ගල්ෆ් ශ්‍රමිකයෙක් නොවේ! දහස් සංඛ්‍යාත වූ වැලි කතරේ දුක් විඳින අපේ අසරණ මව්වරුන්ගේ, සහෝදරියන්ගේ ශෝක ගීතය ගයන්නාවූ රෑ කොකිලාවියකි...මලලා ...
චෝගම් දෙබරෙට ගල් ගැසීම නຌය නຌරතන කලින් නාඩියා දෙබරෙට ගල්ගැසුවා වගේ CHOGM කතාවක් ලියා කස්ටිය ඇවිස්සුවේය! දැන් ඉතිං උත්තර දිය යුතුය. වැඩේ සාධාරණය. මොකෝ උඩින් පල්ලෙන් කියෙව්වාට අපේ උන්ට හරි යන්නේ නැති බැවිනි.ඒත් ඉස් ඉස්සරින් කරණු කාරණා තුනක් සිතේ තබා ගන්නවානම් හොඳය.නාඩියා මේ සමුළුවට සහභාගී වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තරුණයන්ගෙන් සුසැඳි සමාජ සේවා ආයතනයක් නියෝජනය කරමින් විනා පාලක පක්ෂය හෝ දේශපාලන මතයක් නියෝජනය කරමින් ...
භූත රේල්ලුව නຌය නຌරතන දෙසැම්බර් 5 ලංකාවට නොව මුළු ලෝකෙටම වැදගත් දවසක්ය! අපේ උත්තම පුරුෂයෝ අද උත්කුරුෂ්ට සොයා ගැනීමක් කලෝය! ප්‍රශ්න ගොඩකට එවෙලේම බඩු පැකට් විසඳුම් ගෝනි ගණන් ලැබිණි! අනේ වාසනාවන්!අපි ඩයිවර් නැතිව කෝච්චි එලෝන තාක්සනේ සොයා ගත්තෙමු!ලංකාවේ හැටි එහෙමය. මෙච්චර ලොකු වැදගත් සොයා ගැනීමක් කරලත් වැඩිය එලියට පහලියට ෂෝ එක දමන්නේ නැත. කියන්නේ අත් වැරදීමකින් හරි මොකක් හරි එකකින් කෝච්චිය අච්චර දුරක් ...
ටීචර්.... නຌය නຌරතන බස්සි අක්කා එක දවසක් ගුරුවරු ගැන සොඳුරු මතකයන් කෙටුවට පස්සේ මංතුමාටත් හිතුනා ඒ වගේ ලස්සන දවස් ටික ගැන මතකේ ආයේ එකතු පහදු කරගෙන නාඩියක් කොටන්න ඕනේ කියලා.දැනට ඉස්කෝලෙන් එලියට පැනලා අවුරුදු 4ක් විතර වෙච්චි ඉස්කෝලේ කාලේ වෙච්චි කෙරිච්චි දේවල් මතක් වෙද්දී තාමත් ඉස්කෝලේ යන්න හිතෙනවා. ඒ කාලේ කරපු ගොබ්බ වැඩ, මෝඩ වැඩ එහෙම දැන් මතක් වෙද්දී බඩ අල්ලාගෙන හිනා ...
කටුව නຌය නຌරතන මේක දිග කතාවක්...පුළුවන් තරම් කෙටි කරලා වචන වලට ගලපලා හරි අමාරුවෙන් ගැට ගැහුවා....බ්ලොග් කවි වලට default දාන "පට්ටයි මචං" කමෙන්ට් වලින් ඈත් වෙලා කවිය (නැත්නම් ඒ වගේ එක) ගැන ඇත්තටම හිතෙන දේ..මල් වගේම ගලුත් මේ පැත්තට විසි කරනවානම් මං ආසයි!තවත් දෙයක්.. "බ්ලොග් කවිකාරයෝ" ගැට ගහන වචන වල හැංගිච්ච තේරුම කතා කරන වැඩක් පටන් ගත්තොත් නරකද? ...
රේල් පාර නຌය නຌරතන පීලි දෙකම එක වගේ.....එකම හැඩ...එකම ගනකම......කාටවත් කරදරයක් නොවී....මජං තැවරිච්ච සිල්පර කොට උඩ.....බලං ඉන්නවා හැමදාම...හම්බෙන්නේ නෑ කවදාවත්ම....කොතනදිවත්.....ඒත්......ටොන් ගානක් බර සිතුම් පොදියක්ඒ උඩින් යනවා හැමදාම...... ...
අතීසාර මිත්‍රයෝ සහ ලැට්ක්ලා එක - ක්ලාස් කතා 01 නຌය නຌරතන ගොඩක් කාලෙකින් ඒ කිව්වේ සෑහෙන්න කාලෙකින් නාඩියක් කොටපු නැති වෙච්චි, ආයේ කොටපන් ආයේ කොටපන් කියලා හතර අතෙන් කෑ ගහන්න ගත්තු එකේ ඔන්න ඔහේ කොටලා දානවා කියලා හිතුනා. පහුගිය දොහේ මොකුත් කොටන්න කරන්න බැරි උනේ නාඩියා ජුන්ඩියක් විතර ලොකු පිම්මක් පැනපු නිසා. ඒ කිව්වේ කසාද බැන්දේ එහෙම නැතුවා. මංතුමා අධ්‍යාපන සහ පරේක්ෂණ කාරණේකට විප්‍රවාසගත උනා. දැන් වාසේ දේසේ කැන්ගරු දේසේ. ඒ ...
දොළහේ මොකෝ උනේ? නຌය නຌරතන කස්ටියම ලෝකේ චක බ්ලාස් වෙයිද කියලා බකං නිලාගෙන බලං ඉන්න වෙලාවේ මට හිතුනා 2012 හේ මොකෝ මට උනේ කියලා පොඩ්ඩක් හොයලා කරලා බලන්න.මොකෝ 2012 කියන්නේ නාඩි ජීවිතේම වෙනස් වෙච්ච අවුරුද්දක්!2010 මහා විභාගේ කොලාට පස්සේ නායකත්ව පුහුණු කියන ඒවා එහෙම හමාර කරලා 2011 අවුරුද්දේ හා හා පුරා කියලා විස්ස විද්‍යාලේ ආවනේ...ඊට පස්සේ ඉතිං නාඩියාගේ ෆන්බර ජොලිබර ජිවිතේ පටන් ගන්නවා. 2012 ...
එමමයි! අපේ මැයි! නຌය නຌරතන නැගිට ඉදිව් නිල් කොඩි තොග ගෙන අතට... කෑමට බත් පාර්සල දෙයි හෙට දවාල ට... හවසට නිකං ගල් බොමු තනි උගුරක ට... හිරුණිලා දුමින්දලා අත් අල්ලන් යා වී... රතු කොළ පාට කොඩි කඳුලින් තෙත් වේ වී... හවසට පාරේ බැරියර් ලඟ තග දා වී... ගෙවපං ලයිට් බිල් දැං මගෙ බඩ යා වී... කියපං කට වහං හිටියා හොඳට ඇතී... 'දිනවව් අපේඅතිගරු මිහිඳු ජනපතී... ...
හිත ගිය තැන මාළිගාව නຌය නຌරතන සුරුට්ටුවක් වගේ දුම් පිඹගෙන යන යාල්දේවියට හයි කරපු අලුත් නිල් පාට කෝච්චි පෙට්ටි අනුරාධපුරේට උදේට සැරේට වැටෙන අව්වට දිලිසෙනවා. පේන තෙක් මානෙකට විහිදිච්ච වෙල් යාය හාල කරලා වපුරන්න ලඟයි. හිනියට එන රොන් මඩේ කුයිල නහය හාරගෙන යනවා. අලුත් ටයිම් ටේබල් එක හින්දා සිට් ඕනේ තරම් තියනවා. මමත් කරේ එල්ලගෙන ආපු විසාල බෑග් මල්ල උඩින් ගහලා තියෙන සුදු යකඩ රාක්කෙට තල්ලු ...
මගේ ආදරේ පටන් ගත්ත හැටි! නຌය නຌරතන නෝනාවරුනි මහත්වරුනි, ඔබ මෙට්ටේ කොහු කමින්..කෝට්ටේ පුළුං කමින් බලා සිටි ඒ අසිරිමත් මොහොත පැමිණිලා! මඩ පුවත් රචකයන් දත් කමින්..පැන්සල් උල් කරමින්... කි බෝඩ් කරේ තියා ගනිමින් බලා සිටි කාලය පැමිණිලා!නාඩියාගේ අතිවිශේෂ ස්වයං හෙළිදරව්ව! මගේ ආදරේ පටන් ගත්ත හැටි! ;)බොහෝ දෙනා දන්නවාද ඇත! නොදන්නවාද ඇත! නාඩියාට ප්‍රේමවන්තියක් ඇත!!! ඈ අනිකුන්ට වඩා විශේෂය! ඇස් ඉස් මස් නහර වලින් සෑදී නොතිබ්බාට වැඩිය ...