රතු පාට ලේ නຌය නຌරතන මේ නාඩිය කොටන්න ඉස්සරලා ප්‍රමුදි ළමයාට ස්තුතියි කියන්න ඕනේ.. මොකෝ ඒ ළමයා තමයි මේ අපූරු වැඩේට පලයන් කියලා මාව තල්ලු කලේ! හැබැයි එහෙම ටෝක්ස් දීපු එයානම් ඇවිත් හිටියේ නෑ...Future Leaders Conference Season5 – 2013; Sri Lanka Unites නැත්නම් “එක්වෙමු ශ්‍රී ලංකා” සංවිධානය පස්වෙනි වරටත් සංවිධානය කරපු අනාගත නායකයන්ගේ සමුළුව!ශ්‍රී ලංකාවේ හතර දිග්බාගයෙන්ම විවිධ ජාතින් නියෝජනය කරන පාසල් ළමුන් 500කත ...
ඉරට්ටෙන් වතුර හොයමු නຌය නຌරතන මේක අමුතුම කතාවක්.. විශ්වාස කරන්න අමාරු උනත් විශ්වාස කරන්න වෙන කතාවක්! මොකද අදෘශ්‍යමාන බලවේග... භූතයෝ... කුම්භාණ්ඩයෝ ගැන කතා කරන ලෝකේ.. අංජනම් එලි වලින් ලෝකේම හොල්ලන කාලේ අපේ මනුස්සයෙක් ඉරට්ටෙන් පොළොව ඇතුලේ හැංගිලා තියෙන භූගත ජල ධාරා ඉරට්ටකින් හොයන්න පටන් අරගෙන! මේ සිද්ධිය මට ආරංචි උනේ අවාරෙට පොල් වැටෙනවා වගේ ගමේ ගිය වෙලාවක. ආරංචිය ආපු විදිහට මේ හපන්කම කරන කෙනා ...
මලේ පිපුණු මලක්... නຌය නຌරතන Needy Readers; නාඩියාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙන අපූරු පින්තුරේ දැකලා පුරුදු අපේ අයටනම් අමුතු වචනයක් නෙවෙයි! 2012 අවුරුද්දේ පටන් අරගෙන, ලංකාවේ අවශ්‍යතා ඇති පාසල්, පුස්තකාල, සංස්කෘතික මධ්‍යස්ථාන වලට කියවන්න පොත් බෙදා දෙන අපේ පුංචි වෑයම!2013 අවුරුද්දෙත් අපි දුෂ්කර පළාත් වල ආදරණිය නංගිලා මල්ලිලාගේ අතට කියවන්න පොතක් දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ අවුරුද්දේ අපි මුලින්ම පොත් බෙදා දෙන්න හිතුවේ ...
බුකිය යකෙක්ද??? නຌය නຌරතන මේ සතියේ හොඳට මඩ තැවරිච්ච ආතල් නාඩියක් දානවා කියල හිතන හිටියට මේ වෙන කෙරෙන වැඩ එක්ක අමුතුම නාඩියක් කොටන්න ඕනේ කියල හිතුනා...අලුත් කැටගොරියක් එහෙමත් හදන්න සිද්ද උනා ඔන්න..මේ ටිකේ නාඩියා බුකිය පැත්තේ එනවා අඩුයි...වැඩ හොද ගැහිලා...ඒත් ඊයේ හදිස්සියේ ඔන්ලියින් ආපුවහම අයියා කෙනෙක් ලින්කුවක් එව්වා...“මේක බලපන්!”නයි කයිද රෝස් පාන් කියපි!!!!මොකෙක් හරි අවලමෙක් හදපු බුකි පිටුවක්!මමත් හොඳට දන්නා කියන කෙල්ලෝ වගයකගේ ...
රත්තරං ඇයි ඔය අත් වල මජං නຌය නຌරතන පහුගිය දොහේ නාඩියා ආසියාතික රටක තානාපති කාර්යාලයක් සමඟ පොඩි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටියේය. ජනියා ගේ කොන්ටැට් එකකට එතනට යන්නට මඟ පෑදුණේය. තිබිච්ච project එකනම් හීනෙකින්වත් මම කොරන්නට හිතලා නැති filed එකකි. Automobile industry නැත්නම් ශ්‍රී ලංකාවේ මෝටර් රථ කාර්මික අංශයේ සේවක ගුණාත්මක භාවය වැඩි කරන මෙව්වා එකක්ය. කොහොමෙන් කොහොම හරි ව්‍යපෘති ආනුභාවයෙන් සතියක් විතර නුවර, කෑගල්ල, ගම්පල පැති වල රවුම් ...
ලව් පලහිලව් නຌය නຌරතන කාලෙකට පස්සේ නාඩියා ඔන්න නාඩියක් කොටනවා!මේ ටිකේ එක එක වැඩ සෙන්ටිමෙන්ටල් වෙලා තිබ්බනේ!NeedyReaders කස්ටිය අහනවා කස්ටියගේ මඩ ෆයිල් ටික එලියට දාන්නේ නැද්ද කියල..ඉන්න සුදෝ ටිකක් ඉවසලා...ලඟදීම දානවා..ඔන්න අද නාඩියා පඩි ටෝක් එකක් දෙන්නයි ලෑස්තිය ඈ! “මම ඔයාට ආදරෙයි” කියලා අත්දැකීම් අඩුම සයිඩ් එකක් ගැන කෙටුවනේ..අද නාඩියත් ඒකට ටිකක් සම්බන්ධයි ඈ...මේ නාඩි සෙට් එකේ නාඩි වැටෙන කස්ටිය ඔන්න ඔය කියන ...
ගල් වැලි මඩ ඉවත් කර ඇත! නຌය නຌරතන දිනය ඊයේය! ඊයේ කිව්වේ 27 ය! දවස මල් හතය! අන්තර්ජංජාලය වැනසූ බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් ගම්පහ මල් වත්ත වැනසුවේ ඊයේය!බැලු බැලු අත මඩය! මංතුමා මඩ නොගසමි! සිදුවූ දෑ කියමි! ;)ඔන්න ඉතිං නාඩියාත් ගෙට්ටුවට යන්න කියලා උදේ පාන්දරම ගෙදරින් පිටත් උනා කියමුකෝ...සිංහ ජෝඩුවත් මටත් කලින් එන්න පිටත් උනාලු! හැබැයි ඉතිං මං එනකම් ඒ ඩබල ගම්පහට ඇවිත් හිටියේ නෑ කියලයි ආරංචිය! අනේ අනිච්චං ...
වියපත් වෙසඟන නຌය නຌරතන රෑ තවම තරුණයි සල්ලාල දෙනෙතටනුරා ගිනි නැවිලේද සුරා සොඬ ඇසකට තරබාරු මුදලාලි සයිමන් නැතත් අද පැයකට නාට්ටාමි පිටකින් ගත්තු පන්සීය වටී මට ගමකට පාට වැඩි කියුටෙක්ස් රැළි ඇඟිලි කැත වහන්ටවයසට සැලෙන තොල් ලිප්ස්ටික් ලා මකා ගන්ට එල්ලෙන පයෝදර ඉහළට කරන් එල්ලගන්ට පේමන්ට් බලාගෙන අඩන තන පුඩුව පේන්නට කඩල ගොට්ටක් අරගෙන යන්නත් හිතයි දෝණිට අහුඋනොත් ඒකත් ගනියි මහා එකා බයිටට ...
ඉන්ටවිව් නຌය නຌරතන “ඔයාගේ නම්බර් එක ෆෝර්ට් සෙවන්. ඉස්සරහට වෙලා ඉඳගෙන ඉන්න. නම්බර්ස් පිළිවෙළට තමයි ඇතුලට ගන්නේ”ටයි පොල්ල ටිකක් තද කරගෙන ඇතුළට AC එකෙන් සීත කරපු කාමරේ ඇතුලට එබුන ගමන් ඉස්සරහ ඩෙස්ක් එක ළඟ වාඩි වෙලා හිටිය සිරියාවන්ත ගෑනු ළමයා බාගයක් ඉංගිරිසියෙන් කෙටුවා. එහෙම්මම අනිත් පැත්ත හැරුණු මම බිත්තිය දිගට තියලා තිබිච්ච ප්ලාස්ටික් පුටු පේළියේ ඉතුරු වෙලා තිබ්බ පුටුවකට බර දුන්නා. පුටු ...
පුංචි සුරංගනාවී නຌය නຌරතන කවියක් කියන්නේ මොකද්ද කියල හරියටම මම දන්නේ නෑ!මොකෝ මම කවියෙක් නෙවෙයි..හැබැයි මට හිතෙන විදිහට මේක කවියක්..!මොකෝ ලස්සන දෙයක් ගැන ලස්සනට කියන්න පුළුවන් කවියකින් විතරයි...දළදා පෙරහැර බලන්න නාඩියා නුවර ගියා....යන්නනම් උනේ තියාම..මොකෝ මනියා උදේ පාන්දරම ගිහින් තිබ්බා පාරවල් චෙක් කොරන්නද මොකද්ද එකක් තියනවා කියල...හතර පැත්තම චෙක් කරන්න තියනවා කියලා තමයි කිව්වේ.පොලොස් මාමත් පේරාදෙණියේ මල් වත්ත මුර කරන්න තියනවා කියල ගිහින්....කොළඹ කොටුවෙන් ...
පිස්සෙක් ! ! ! නຌය නຌරතන කඩමාල්ලක් ඇඟේ දවටාගෙන කොණ්ඩය රැවුල වවාගෙන පොලිතින් කොළ, පත්තර ඇඟේ ඔතාගෙන පාරේ තොටේ ඉන්න මිනිස්සු ඔබ දැකලා ඇති...සමහර විට ඒ මිනිස්සුන්ට බැනලා ඇති! නැත්නම් පව් අසරණයෝ කියලා රුපියල් කාසියක් නැත්නම් කොලයක් ඒ දිහාට විසික් කරන්න ඇති..ඒත්..... ඒ අයත් අපේම සහෝදරයෝ කියලා අපි හිතුවද????නාඩියා අද කොටන්නේ නාඩි හිතට තදින් වැදිච්ච දෙයක්! පාරේ තොටේ නිතරම යන එන මිනිහා වෙච්චි නාඩියා ට ...
කොටු : කවියක් කතා කරයි - අංක 02 නຌය නຌරතන පහුගිය නාඩිය කස්ටිය පොඩ්ඩක් අන්ද මන්ද කොලා කියලා ටිකක් සද්ද බද්ද ආවා. කොරන්ඩ දෙයක් නෑ! ඒ ඉතිං නාඩියාගේ හැටි! තියෙන මල ඉලව් හංගලා හරි කොටලා දානවා!ඒකෙ අන්තිමට “To be continued… “ කියලා තිබ්බනේ. මේ ඒ ටික.මේ නාඩියේදී මම පොඩ්ඩක් ස්ත්‍රීවාදී වෙන්ඩ (ත්‍රස්තවාදී නෙවෙයි ඈ) හිතුවා. හැබැයි ඉතිං වරද පටවන්න යන්නේ පිරිමි සනුහරේට විතරක් නෙවෙයි. මේකට ඉතිං දෙගොල්ලොම සම්බන්ධයි!මේකේ ඒකෙ ...
එකුන් විස්ස(21+) නຌය නຌරතන නාඩියා නාඩිරත්න නම් වූ ඒ ජීවියා මෙලොවට පහළවී අදට වසර විස්සකුත් තවත් වසරක් පසු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලැබී ඇත!මේ අති උත්කර්ශවත් අවස්ථාවේ නාඩි පැලේ ඉදිනු කිරිබතක හා කට සූස් ගා දාල යන ලුණු මිරිසක රස බැලීමට සකල ලෝ වාසි නාඩි ප්‍රිය ජනයාට ගෞරව බහුමානයෙන් යුතුව ආරාධනා කරමු!කිරිබත් හා ලුණුමිරිස් වළඳා යසට ඉදුණු කෝලිකුට්ටු ගෙඩියක්ද ...
උඹට කියන්න මචං පුතේ.... නຌය නຌරතන https://www.facebook.com/slmemesපුතේ... ඒ කාලේ තිබ්බලු රටක් සිරි ලංකාව කියලා...අපි ඒ රටේ ආඩම්බරකාර පුරවැසියෝ වෙච්චි...දැන් නම වෙනස් උනාට...තිබ්බලු ඒ රටේ මහ ගොඩක් සම්පත්..කාබාසිනියා කෙරුවලු මහ එවුන් අද ඔය නොදන්නා ගානට හිනා උනාට...තිබ්බලු වෙඩි ඉල්ලපු උන්ට වතුර...පෙව්වලු වස ඉදා බිපිය කියා වද කරඅද ඔය පිටරටින් ගෙන්නුවට වතුර...වවාගෙන කෑවලු යුද්දේ කාලයක් ගජරාමෙටඉවර කලාලු සෙට් එක දීලා එකෙක්ට ඔක්කොගෙම නම්බුව ඉඳා ඇදපන් අවුරුදු ගානක් ...
තනිකම නຌය නຌරතන සීත හිමේ ගොඩක් කල්... මම බලාගෙන හිටියා...තනියම? නෑ... තනියම නෙවෙයි.... මගේ තනියට හිටියා... හුළඟ...නෑ?ඔව්... හුළඟ හිටියා මුමුණ මුමුණා...මොනවද?කාගෙන් කාගෙන් හරි හොරෙන් අහුලා ගත්තු පෙම් පල හිලව්...ඉතිං....?නෑ.. මට මොකුත් හිතුනේ නෑ... මොකෝ මං බලං හිටියා හුඟක් කල්...තනියම?නෑ... තනියම නෙවෙයි මගේ තනියට හිටියා අහස....නෑ?ඔව්.. අහස හිටියා ගෝරනාඩු කර කර..ඇයි ඒ?ලැබුනේ නෑ කියලා සීත හිම ශිඛරේ ලැම තුරුලේ ඉන්නට...ඉතිං...?නෑ.. මට මොකුත් හිතුනේ ...
අද සෙනසුරාදා නຌය නຌරතන උදේ 6.10 බස් එක අල්ලගන්න...තෙරපිලා මිරිකිලා ෆුට් බෝඩ් එකේ එල්ලිල්ලා යන්න.ජනේලෙන් ඇතුලේ ඉන්න නංගිට බෑග් එක දෙන්න..ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...ක්ලාස් එක ළඟට ගිහින් හැරිලා එන්න.ක්ලාස් ෆීස් ඉතුරු කරන් ෆෝන් කට්ටක් ගන්න..ක්ලාස් අරින වෙලාවටම ගෙදරට යන්න..ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...ලේක්සිකොන් සිප්වින් ළඟ මුරේ දාන්න..Art කොමස් ක්ලාස් ලඟත් තනිය රකින්න...කුඩේ යටින් උඹ එක්කන් වැව රවුමට යන්න...ආසයි ...
හෙට 14 ලු නຌය නຌරතන ආදරේ නාමයෙන් සීනිබෝල සුකුරුත්තම් විකුණන තොරොම්බල්කාරයන්පාරේ කොහෙවත් නෑ....ආදර කෝච්චි....ආදර ඩිස්කවුන්ට් කොහෙවත් හොයන්ඩ නෑ....පීසා එකක් එක්ක ආදර ටෙඩියෙක් ගන්න කොහේවත් තැනක් නෑ....ආදරේ උණුසුමට box එකක් ඇතුලේ කවුරුවත් ඉන්නේ නෑ....ඉන්ටසිටියක කොනේ මුල්ලේ තුරුළු උන ජෝඩුවක් බේතකට ගන්න නෑ....කොල්ලගේ පර්ස් එක හිදෙනකම් රවුම් යන ගැහැනියන් මෙහේ නෑ.....ආදරේ ලාබෙට උණු උණුවේ විකිනෙණා පෙට්ටි කඩයක් වත් නෑ....ආදරේ නාමයෙන් ජපන් කොඩි ඉල්ලනා නරුමයන් මේ ලෝකේ ...
කැලේ පැන්නෙමි! නຌය නຌරතන මේ දවස් වල නාඩි තුමා බරටම වැඩය! Exam කියා එකක් තියනවාය! ඩේටාබේස් කෑලි...ලින්ක් ලිස්ට්...ලිනක්ස් කර්නල්...ජාවා අනම් මනම් ඔලුව වටේ කැරකෙනවාය... නිවී හැනහිල්ලේ නාඩියක් කොටා බාන්නවත් වෙලාවක් කලාවක් නැති තරම්ය!එහෙම එකක් කියා පරිගණකගත වීමටම බැරිය! අනිවා කර්නල් එක අවුල් ගොස් මෙමරි ඩම්ප් වීමට ඇති සම්භාවිතාව ඉතා වැඩිය! 9 කාමරේ දිවි ගෙවන බයිගෙදර මනියාට එසේ වී ඇත.ඌ දැන් හීනෙනුත් කපල් සිම් ...
ඔන්ලයින් අවුරුදු? ඈ??? නຌය නຌරතන කජු ඇට ද කොස් ඇට ද! මෙන්න online අවුරුදු! ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙන්න full online අලුත් අවුරුදු උත්සවයක්!! පිස්සු බම්ප් වෙනවා ඈ! ඇතෙක් බරට තෑගී ලු!ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම Online අවුරුදු උළෙල, IMCD අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙ මහත් වූ ආඩම්බරයකිනි! ඔබ ලොව කොතැනක සිටියත් ,තරඟ ඉසව් රැසක් සමඟින් මෙම අවුරුදු උළෙලේ අසිරිය විඳ ගැනීමට ඔබට අවස්ථාවක් ලබදීමට අප සූදානම්! ...
චේ නම් චේ අපේ චේ.... නຌය නຌරතන ගහගනින් බං චේ shirt එකක්! පුළුවන් නම් හොයා ගනින් බොබාගේ මාලයක්! ඇයි බං රස්තා පාට hand band! අන්න odel එකේ තිබ්බා පට්ට බ්‍රෑන්ඩ් එකක් ඇවිත්. දා ගනින් කළු බෙරස් එකක්. ගහගනින් තරුවක්! විප්ලවේට ඕවා ඕනේ බං! සුරුට්ටු නම් හොයන්න නෑ බං. John player එකක් නරකමත් නෑ! ධනවාදී ආර්ථිකේට පොඩි ගානක් නේ යන්නේ. ;) අපිට කොහෙන්ද Norton බයික් රට වටේ ...