උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා. #RanaViruMeetup නຌය නຌරතන ඒ 2008 අවුරුද්ද, ගෙදරින් එළියට බැහැලා කොළඹ ආපු මුල්ම කාලේ. උතුරුකරේ ඇවිලිච්චි යුද්ධේ භයානකකම, මිලේච්ඡත්වය කොළඹට විතරක් නෙවෙයි. ලංකාවේ දකුණු කෙළවරටත් කාන්දු වෙලා තිබ්බා. අපේ අම්මා මං උදේ ගෙදරින් ගිහාම ආයේ එනකම් කෝල් කර කර කොහෙද ඉන්නේ මොනවාද කරන්නේ කියලා අහපු වාර අනන්තයි. ඒ සාමාන්‍ය ජන ජිවිතේ කාලකන්ණි යුද්ධයක් හින්දා උඩු යටිකුරු වෙලා තිබිච්චි හින්දා. උදේ ගෙදරින් ගිය තමන්ගේ අප්පච්චි ...
YOUTH FEST 2012! නຌය නຌරතන සෑහෙන කාලෙකට පස්සේ ඔන්න නාඩියා නාඩියක් කොටනවා...පහුගිය දවස් වෙලා එක එක වැඩ කඳු පිටින් ගොඩ ගැහිලා තිබ්බේ...දවස් තුනක් එක දිගට බුකිය පැත්තේ නැත්තේ මොකෝ යකෙක් වත් ගහලද නැත්නම් පුංචි සුරන්ගනාවී එක්ක පැනලා ගිහින්ද කියලත් කස්ටිය අහල එවලා තිබ්බා...එහෙම සීන් එකක් නෑ බොලවූ! නාඩියා Youth Fest 2012 ගියානේ! http://www.youthfestsrilanka.org/මේකට ගිහින් බලන්නකෝ......බුකියේ නම් ඕනේ තරම් ෆොටෝ ඇති!“අඩෝ නාඩියා උඹ කොහෙද ඉන්නේ?”දවසක් ...
"වැඩක්" කරමුද? නຌය නຌරතන සැප්තැම්බර් මාසේ පළවෙනිදා මම නාඩියා හිටියේ කුමන කැලේ මැද්දේ....සත්තු බලන්න කියලා දවස තුනක් විතර කැළැවල් ගානේ හිටියේ....ඔන්න මෝබයිලාවට මැසේජ් එකක් ආවා..මේ ගමන mobitel එකේ අක්කානෙවෙයි...ශාරුක් අයියත් නෙවෙයි..අමුතුම එකක්...නාඩියා Youth fest 2012 ගියාට පස්සේ සමාජ සේවා වැඩකටයුතු වලට සම්බන්ධ උනානේ...ඔන්න ඒකට සම්බන්ධ එකක්...Needy Readers කියල IMCD එකෙන් කරන සමාජ මෙහෙවරක්ලු...එන්න ඒ වැඩපිළිවෙලේ volunteer කෙනෙක් විදිහට වැඩ කරන්න කියල තමයි මැසේජ් ...
ඉර නຌය නຌරතන දවස් ගානක් වැහැලා මුළු කොළඹ ම තෙත බරියන් වෙච්චි සතියකට පස්සේ හරි අපූරුවට ඉර එළිය වැටිලා තිබිච්චි දවසක අවසානේ.. වැස්සට ලුණු කහට හේදුනු තට්ටු බර ගාණක බිල්ඩිමේ ජනේලයකින්, රතුවට රතුවේ ගිලෙන්න යන්න ඉර ගෙඩිය දිහා මං බලාගෙන ඉන්නවා. වැස්සට හේදිලා කළු පාට උනු පාර දිගේ කහ පාට ලයිට් පත්තු කරගෙන හිමිහිට ගාටන වාහන කන්දරාව දිහා බලාගෙන හිටිය මට හදිස්සියේම පොඩ්ඩක් ...
ආදර මලකෙලි නຌය නຌරතන පහුගිය දොහේ අහපු දැකපු ඒවා දැකලා ඇඟේ මයිල් කෙලින් උනා ආයිබෝවන්ඩ! පිස්සු බම්ප් උනා! ලස්සනට තියෙන්න තිබිච්ච සරසවි ආදරයක් හුටස් පටස් වෙලා මෙඩිකල් ෆැකල්ටියේ හිටපු පිරිමි ළමයා එයා පණ වගේ ආදරය කරපු ගෑනු ළමයටත් වස දීලා ඒ මනුස්සයත් මැරිලා! සත් කෝරළය පැත්තේ පිරිමි ළමයා හදවත ඉල්ලන ආදරය ලැබුනේ නෑ කියලා ඒ කෙලිට පිහියකින් කොටලා මරා දාල ඒ කොල්ලත් සිය ...
අප්පේ..මේ ජංගි මෝස්තරේ ! නຌය නຌරතන ඊයේ මහා රාත්තිරියේ නාඩියා නිකමට වගේ ට්විටර් කුරුල්ලත් එක්ක කතා බහක් දාන්න කියල ලක ලැස්ති වෙනකොට පිස්සු බම්ප් වෙන සිද්ධියක් ඒ පැත්තේ වෙනවා! අපේ ජනයා එකතු වෙලා හෙළුවෙන් සිංදු කියනවා..පට්ට පට පට ඈ! මතක විදිහට රත්ගමයා කොල්ලත් මිට ඉස්සරලා ට්විටර් පැත්තේ වෙච්ච මේ වගේ ආතල් කේස් එකක් බ්ලොගේ ලියලා තිබ්බා..මේ තියෙන්නේ ඒක...ඔන්න ඊයේ රාත්තිරියේ ජනතාව පිස්සු වට්ටපු ඒ අජපල් ගීත ...
මල් කැකුලකට පාට දෙමු.... නຌය නຌරතන අර මොකාටද ඇති වැඩකුත් නෑ..හිමින් ගමනකුත් නෑ කියල කතාවක් තියනවනේ!!! අපිට තියෙන ආදරේට සුදු බණ්ඩා මාමා කැම්පස් වැහුවට නාඩියා නම් හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැතිව එක එක වැඩ වලට සෙන්ටිමෙන්ටල් උනා. දවස් 5 ක් එක දිගට කැලෑ ගානේ ගෑටුවා..ඒ අති භයංකර අත්දැකීම් ගැන ළඟදීම නාඩියක් කොටන්නම්කො...මේ ඉතිං සැප්තැම්බර් මාසෙනේ....ලංකාවම පොත් වලින් පිරි ඉතිරිලා යන දකින දකින අත පොත් පෙරලෙන ...
"සී-හෙළ" නාඩියාගේ අතිවිශේෂ හෙළිදරව්ව! නຌය නຌරතන මා හිතාදර නාඩි ප්‍රිය ජනතාවනි, හෙළයෙක් වශයෙන් අපට ඉතා ආඩම්බර විය හැකි අති මනලෝලි සොයාගැනීමක් ඔබ හමුවේ තැබීමට අවසර....නාඩියා නාඩිරත්න (එනම් මං තුමා) මේ උත්කෘෂ්ට සොයා ගැනීම සිදු කලේ assignment එකක් නට්ටටම කෙලවී ඇති අති පජාත අවස්තාවක නොවන බව කරුනාවෙන් සලකන්න...මෙය වනාහි හෙළයන්ගේ ප්‍රෞඩත්වය හා තාක්ෂණික දැනුම් සම්භාරය ලොවට හඩගා කියන්නා වූ තවත් එක් ස්වර්ණමය අවස්ථාවකි!රාවණා යුගයේ සිට පැවත ...
තෙල් ඉහිරෙන්ඩ හිනා වෙන්ට 21යි නැකත!!! නຌය නຌරතන https://www.facebook.com/JehansVideosකොහෝ කොහෝ....කොහේ ඉඳන් කොහෝ කියනවදෝ ඇසූ පසු මම කොහේ සිට කොහෝ කීවත් උඹට *කද කියලා අහන කාලේ මේකය!!! ඒ කියන්නේ අවුරුද්දය! මටනම් මේ ටික පට්ට ෆන් වන්නේ කොකිස් සමග අච්චාරු කෑමට පුළුවන් වෙන නිසාය! ටෙස්ට් කර බලා ගුණදොස් පවසනු යෙහෙකි! බඩේ රුජාවට වග කියනු නොලැබේ!14 උදේ පාන්දර කිරිබත් එහෙම කා බි 15 තෙල් ගා නෑදෑ සනුහරේ බලාකියාගෙන එන්න නාඩියා ...
යකින්නි......!!ඇත්ත කතාවක්!! නຌය නຌරතන අද කොටන්නේ තවත් යක්කු කතාවක්!හැබැයි මේකා බුකියේ යකා වගේ නෙවෙයි!හැබෑ යකෙක්!වැරදුනා..යකින්නියෙක්!!!“මචං..අද රෑ යකෙක් අල්ලන යන්න තියනවා!!අනිවා වරෙන්!”ගිය සතියේ දවසක නාඩියා කැම්පස් එකට යන්න කියල (කැම්පස් නම් තාම ඇරලා නෑ ඈ!අපිට තව නිවාඩු!)කෝච්චියේ ගච්චද්දී තමයි ගරිසන්ගෙන් ඒ කෝල් එක ආවේ! අනිවා මොකක් හරි ජල්තර කේස් එකක්!මෙන්න මෙහෙමයි සීන් එක!අනුරාධපුරේට ටිකක් ලඟින් තිබිච්ච ගමක ආච්චි කෙනෙක් මිට මාස 3 කට විතර ...
බුකියේ සංගමේ... නຌය නຌරතන උදේ හවස chat කරන්න...HI කියන්න...රටේ තොටේ ඕප දූප ඔක්කොම දැන ගන්න..ඔය poke කරන...massage කරන Set එක සැමදෙන රැස් වන බුකියේ සංගමේ මුල් තැන...///කැම්පස් ගිය angel ගේ යාලුවා princess…නයිස් pose ෆොටෝ එකක් upload කරලා...ඒක දැකලා කොල්ලෝ ගොඩක් request එවලා...Sweet හනි මේක දැකලා බුකියේ කියලා!!උදේ හවස chat කරන්න...HI කියන්න...Group එකේ admin මේ ටිකේ චැට් කරන්නේ නෑ...කාටත් නොකියා ඌ in a relationship ...
සංවේදනා නຌය නຌරතන සුලෝචනා කම්බි දැල අතරින් බලාගෙන හිටියා. කොච්චර වෙලාවක් එකම විදිහට එහෙම බලාගෙන හිටියද කියන්නේ සුලෝචනා දැනගෙන හිටියෙත් නෑ. ලස්සනට මැද්දෙන් බෙදපු බෙල්ල ගාවට දික් වෙච්චි කොන්ඩේ උලුවස්සෙන් ඈතට පේන්නේ නැතිව යනකං බලාගෙන හිටියා. “එයාගේ නම නිසල්” ගිය සතියේ දවසක පන්ති ඔක්කොම එකතු වෙලා කරපු ක්‍රීඩා උත්සවේ වෙලාවේ හරිම අමාරුවෙන් නම හොයා ගත්තේ. අනිත් ළමයි ඔක්කොම සෙල්ලම් කරත් නිසල් සෙල්ලම් ...
ආයිබෝ වේවා යම රජාණෙනි නຌය නຌරතන ආදරණිය යම රජතුමාණන් වෙත ලියමි,හුඟ දවසක ඉඳන් ලියුම් කරදහියක් ලියන්නට හිටියත් මලදාන,හත් දවස දාන, සත්යග්රහ අනම් මනම් ඒවා මේවා හින්දා ඉස්පාසුවක් තිබ්බේම නැත. තරහ අවසර (නො) යම ද කින් තුමෝ මම මේ ලිපිය ලියන්නේ ඔබතුමාගේ කුඩා මොළේට නූලෙන් ඩිස් මිස් විය හැකි ඉම්පෝටන්ට් ටොපික්ස් ටිකක් මතක් කොරන්නටය!මේ දොහේ අපේ ලන්තේ ජනතා මතයට දෙකට තුනට නැමී හිස නමන චන්ද කාලේය! ...
සඳවතී රතු වෙලා නຌය නຌරතන වලා යහන් ගැබ අතරේ...දුහුල් මොලොක් සළු පොරවා ශ්වේත වර්ණයෙන් බැබළුණු සඳවති රතු වෙලා!හිරු කුමරුගෙ බහටමිහිකතේ ඔවදනටකීකරුව දිවි ගෙව්වසඳවතී රතු වෙලා වසන්තේ හැමදාමදිනකරගේ ආලයෙන් මුසපත්ව සිනාසුනුසඳවතී රතු වෙලාවිලිබරව රතු වෙච්චසඳවතී වගේ නොව...එඩිතරව අහස් කුසරතු වෙච්ච සඳවතී....... .....අද හරිම හැඩ වෙලා! ...
එන්න....අපි එකතු වෙමු..... නຌය නຌරතන හසන්ගි.... ඇය මට හම්බ උනේ Microsoft Student Champs කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට...පරිගණකත් එක්ක හැප්පෙන අතරේ ඇගේ හිත මිතුරු සිනහව මගේ මතකයේ රැඳුනා....මුණු පොතේ හදිස්සියේ දැක්ක පොස්ට් එකකින් මාව ගැස්සුනා..අපිත් එක්ක හිනාවුණු..කතා කරපු හසන්ගිට අපේ උදව් ඕනේ වෙලා....කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා. එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ...
අ.පො.ස. (18+) නຌය නຌරතන Image Source - nation.lkදුඹුරු පාට දුවිලි පිරිච්ච බස් එක කළු පාට ඩිසල් දුම් ගුලි පිඹලා අලුතින් කාපට් දාපු රත් වෙච්ච පාරට දැම්මා.. යාන්තම් ස්ටෑන්ඩ් එකෙන් එලියට දානකොටම බස් එකෙන් පැන ගත්තේ.. නැත්නම් ආයේ හෝල්ට් දෙක තුනක්ම පයින් බඩ ගාන්න වෙනවා මේ ඉලව් පත්තර මිටියත් උස්සන්!අද නම් මහ චාටර් දවසක් .. උදේ කුදලාගෙන ආපු මිටියෙන් තාම බාගයක්වත් ගිහින් නෑ! මේ ...
ඇවිල්ලලු අවුරුදු!!!! නຌය නຌරතන colombogazette.com'එරබදු මල් කෙට්ටු කෙට්ටු කොහා බදී පත්තු පත්තු' බඩගින්නේ තටමන ගමන් ඇඟිලි තුඩු අස්සෙන් හිරිකිත හීන මිරිකන අපිටත් ඇවිල්ලලු අවුරුදු...!!ස්ත්‍රීලිංග ගානට පාටි දාන තඩි බඩගෙඩි කාරයන්ට සැන්ඩි දාන්නමූදෙ ලුණු වතුරත් මදි වෙද්දි.., බතට පොල් ගන්න... බැදුමට තෙල් ගන්න... ණය වෙනවා අපේ උන් හතර අතේ...!!අඩේ ජයලලිතා වරෙන් 'උණු කිරිබත් කටක් කමු... කළු කෝපි උගුරක් බොමු...' අපි නොදකින ආශ්චර්යමත් අනාගතේටවත් බලාපොරොත්තු වෙමු; ...
දයාබර වැම්පියර්තුමනි නຌය නຌරතන අපි ඔබතුමාට මෙසේ රපෝර්තු කරමු... හයක් හතරක් නොදන්නා මෝඩ අමනයන් රැලක් හිටියා එකතු වී මහ පාරේ! යකෝ! කාගේ හයියෙන්ද අපි දාපු කාපට් උඩ උන් නිදා ගෙන සිටින්නේ! කාන්තාරේ පණ අදින මි හරක් ඔටු රැලක් සේ තප්පුලෑවා උන් “වතුර” කියා! උන්ගේ අම්මලාට @#^$ ඇයි යකෝ තියෙන්නේ බෝතල් ඇමරිකන් වෝටර් පුරෝලා! එවන්නේ බවුසර් හැමදාම තොපිට නාන්න කරන්න රෙන්න පුක හෝදන්න! ආදරයෙන් ...
පේමේ මාමාට රෙවුනේය! නຌය නຌරතන මේක ඉස්සර කාලේ සිද්ධ වෙච්ච දෙයක්ය. අපෙ ගමේ පේමේ මාමා කියා ඩයල් එකක් සිටියේය. මිනිහා කලේ ඉලෙක්ට්‍රික් වැඩසටහන්ය! ඒ කිව්වේ ගෙවල් දොරවල් වයරින් කරනවා වගේ වැඩය! ඒ පැත්තටම සිටියේ ඒකා පමණකි! ඒ නිසා හොඳ මාකට් එකක් තිබුනේය! සල්ලි බාගේ අතේ නිතර ගැවසුනේය!පොඩි පරහක් තිබුණි!පේමේ මාමා කෝපි කඩේ අබිලින්ගේ වැරදුනු ෂොට් එකක ප්‍රතිපලයකි! ඒ මහා කුජිතකර්මයේ ප්‍රතිපලයක් ලෙස පරම්පරා කුට්ටම ...
නාඩියා හිරේ යයි! (16+) නຌය නຌරතන එක දිගට පොස්ට් දාල දාල නාඩියා විකාර ටොපික් ගොඩක් කතා කරද්දී වොර්නින්ග්ස් ආවා “පරිස්සම් වෙලා ඉදපන්!!!සුදු වෑන් එකක්වත් ගේ ඉස්සරහ නවත්තයි කියලා”! ඔන්න එහෙනම් හීනේ හැබෑ උනා! නාඩියා හිර ගෙදර!හී..ආසයි නේ...!!! නෑ යකුනේ තාම නෑ!නාඩියා යහතින් ස්ට්‍රයික් සුවවිදිමින් ගෙදරට වෙලා ඉන්නවා!හැබැයි අද කොටන්න යන්නේ මහා උළු ගෙදර විස්තරයක්!!නාඩියා ගෙදර හිටපු ටිකේ ඔය එක එක අහු මුළු වල් රිංගන්න ගියානේ...ඔය යන ...