දකුණු ඉන්දීය සිනමාව වෙනුවෙන් වෙන් වූ ලොව විශාලතම සම්මාන උළෙල – SIIMA cinema.lk එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ විශාලම සිනමා කර්මාන්තය ලෙසටයි. එහි විවිධත්වය සහ භූමි විශාලත්වය නිසාම ඉන්දියානු සිනමාව ප්‍රධාන වශයෙන් කලාප දෙකකට බෙදා කෙරෙනවා. ඒ උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සිනමාව වශයෙනුයි. උතුරු ඉන්දීය සිනමාව, හින්දි චිත්‍රපට මුල් කරගෙන බිහිව තිබෙන අතර දකුණු ඉන්දීය සිනමාව බිහිව ...
කෝටි 150කට අලෙවි වුනු විජෙයිගේ Varisu cinema.lk මෙම වසර මුලදී නිකුත් වුනු Beast චිත්‍රපටයෙන් පසුව තිරගත වීමට නියමිතව තිබෙන, Joseph Vijay Chandrasekhar හෙවත් දමිළ නලු විජෙයිගේ නවතම නිර්මාණය වන්නේ Varisu සිනමාපටයයි. රසිකයින් සිතූ තරම් ජනප්‍රියත්වයක් දිනා ගැනීමට Beast චිත්‍රපටයට නොහැකි වීමත්, එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වීමත් නිසා පසුගිය දිනවල විජෙයි ජනප්‍රියත්වය පවා යම්තාක් දුරකට අඩු වූ ස්වභාවයකුයි දක්නට ලැබුනේ. සමාජ මාධ්‍ය තුළ පවා Beast චිත්‍රපටයේ ඇතැම් ...
දෙවන Joker චිත්‍රපටෙය් හර්’ලි ක්වීන් චරිතයට Lady Gagaට cinema.lk Todd Philips විසින් 2019 වර්ෂයේදී අධ්‍යක්ෂණය කරන ලද Joker සිනමාපටය, හොලිවුඩ් ඉතිහාසයේ නව වාර්තා කිහිපයක්ම අලුත් කළ නිර්මාණයක්. ඇමරිකානු ඩොලර් මිලියන 50ක් වැනි සාපේක්ෂව සුලු නිෂ්පාදන පිරිවැයකට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන 1000කට අධික මුදලක් රැස් කරගත් එය, මෙතෙක් සිනමා ඉතිහාසයේදී ඩොලර් බිලියනයේ සීමාව පසු කළ පළමු R- Rated චිත්‍රපටය ද වනවා. එපමණක් නොවෙයි, එවකට ඇකඩමි සම්මාන උළෙලේදී (Oscars) අවසන් නිර්දේශවීම් ...
ටොවිනෝ තෝමස් සහ සෞබින් ෂහීර්ගේ සුසංයෝගයෙන් : Nadikar Thilakam cinema.lk ඉන්දියානු කෝටි 50කට අධික ආදායමක් උපයමින්, අතිශය ජනප්‍රියත්වයට පත් වූ Thallumaala චිත්‍රපටයෙන් පසු මලයාලම් නලු Tovino Thomas රඟන නවතම සිනමා නිර්මාණයේ වැඩ කටයුතු දැන් ඇරඹී තිබෙනවා. මේ වනවිට චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු අවසන් කොට තිබෙන අතර එළඹෙන මාසයේදී ප්‍රධාන දර්ශන පෙළක රූගත කිරීම් ආරම්භ කිරීමටයි නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙන්නේ. Nadikar Thilakam යනුවෙන් නම් කර තිබෙන මේ නිර්මාණයට Tovino Thomas සමඟින් ...
ඉදිරි Marvel චිත්‍රපට ගැන තොරුතුර රැසක් D23 Expo හිදී මාධ්‍යයට… cinema.lk ලෝක ප්‍රසිද්ධ Disney චිත්‍රපට සමාගම විසින් ඇතැම් අවස්ථාවන්වලදී තමන්ගේ ඉදිරි සිනමා සැලසුම් ගැන කල්තියාම රසිකයින්ට විස්තර ලබා දෙනවා. Disney ලේබලය යටතේ ඉදිරි වසරවලදී නිකුත් කිරීමට නියමිත සිනමාපට, වෙබ් කතාමාලා සහ ඔවුන්ගේ වෙනත් upcoming projects පිළිබඳව රසිකයින් සමඟින් තොරතුරු බෙදා හදා ගැනීමට පෙළඹෙනවා. D23 Expo යනුවෙන් හඳුන්වන්නේ Disney සමාගම මෙසේ සිය රසිකයින් හා සජුවම සම්බන්ධ වන වසරේ දැවැන්තම උළෙල වන අතර මෙය සංවිධානය කරනු ලබන්නේ 2009 වසරේ ඇරඹි ඩිස්නි නිල ...
වෙට්රිමාරන්ගේ Viduthalai කොටස් දෙකකට නිකුත් වෙයි cinema.lk සිනමාව තුළ රංගන ශිල්පියෙකු ලබා ගන්නා ජනප්‍රියත්වය සහ රසික ආකර්ෂණය, සිනමා තිරයෙන් පිටුපස සිටින අධ්‍යක්ෂකවරයෙකුට ලැබෙන්නේ බොහොම කලාතුරකිනුයි. යම් චිත්‍රපටයකට සාර්ථකත්වයට සමගාමීව එහි රඟන නලු නිළියන් වටා රසික අවධානය වැඩි වනවා මිස, එය අධ්‍යක්ෂණය කළ පුද්ගලයා හට එතරම් අවධානයක් යොමු වන්නේ නැහැ. නමුත් කලාතුරකින් සිනමා අධ්‍යක්ෂකවරුන් වටාත් එවැනි තමන්ටම අනන්‍ය වූ ප්රේක්ෂකාගාර බිහි වනු දැක ගත හැකියි. හොලිවුඩයේ Quentin Tarantiono, ...
Primetime Emmy Awards සම්මාන රාත්‍රියෙ හි 74වන දිගහැරුම cinema.lk ලෝක ප්‍රසිද්ධ “Primetime Emmy Awards” සම්මාන උළෙල නොකඩවා 74වන වතාවටත්, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී පසුගියදා පැවැත්වුනා. හාස්‍ය රංගන ශිල්පියෙකු සහ නලුවෙකු වන Kenan Thompson විසින් මෙහෙයවූ මෙවර උළෙලට හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන් සහ සිනමාකරුවන් රැසක් පැමිණ සිටියා. පසුගිය 2021 වසරේ තිරගත වූ රූපවාහිනී සහ වෙබ්කතාමාලා අතුරින් විශිෂ්ටතම නිර්මාණ සඳහා මෙහිදී සම්මාන පිරිනැමුනු අතර විශිෂ්ටතම හාස්‍ය කතාමාලාව – විශිෂ්ටතම නාට්‍යමය කතාමාලාව – ...
පියාඹන්න ආයෙත් දැන් දිවයින පුරා සිනමාහල් වලදී cinema.lk ෂර්ලි සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ පියාඹන්න ආයෙත් (Fly Once More) සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වනවා. පසුගිය සැප්තැම්බර් 08 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹි මෙය, මෙම මාසය තුළ තිරගත වෙන දෙවන ලාංකීය සිනමාපටයයි. සරල – සුන්දර ආදර කතාවක් වටා ගෙතෙන පියාඹන්න ආයෙත් සිනමාපටය Romance | Road Movie ශානරයට අයත් වන්නක් ද වනවා. මෙහි ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ ...
Siren හි රූගත කිරීම් ඇරඹෙයි, ප්‍රධාන චරිතය ජයම් රවීට cinema.lk Jayam Ravi කලක් දමිළ සිනමා කර්මාන්තයේ ඉහළින්ම වැජඹුනු ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්. 2000 මුල් භාගයේදී දමිළ සිනමාවේ ජනප්‍රියම ප්‍රේමවන්තයෙකු ලෙසයි ඔහුව හැඳින්වුනේ. නමුත් දැන් කාලයක සිට Jayam Raviගේ සිනමා ගමන මදක් අඩාළ වී තිබෙන අතර ඔහු වටා පෙර මෙන් එතරම් ජනප්‍රියත්වයක් දක්නට ලැබෙන්නේ ත් නැහැ. විශේෂයෙන්ම 2015න් පසු ඔහු රඟපෑ චිත්‍රපට බොහෝමයකට සාර්ථක රසික අවධානය දිනා ගැනීමටවත් නොහැකි වුනා. ආදායම් වාර්තාවලින් ...
සුප්‍රසිද්ධ ඉන්දියානු සිනමාපට මාලාවක නවතම දිගහැරුම : Aashiqui 03 cinema.lk මෑතක සිට හින්දි සිනමාපට වර්ජනය කරමින් ඇතිවුනු Boycott රැල්ල හමුවේ ජනප්‍රිය බොලිවුඩ් නලු නිළියන්ගේ චිත්‍රපට ගණනාවක්ම අතිශය අසාර්ථකත්වයට පත්වුනා. වසර ගණනාවක සිට ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම තලයේ සිටි රංගන ශිල්පීන් බොහෝ දෙනෙකුට තමන්ගේ නිර්මාණවල නිෂ්පාදන පිරිවැය සපුරා ගැනීමටවත් නොහැකි මට්ටමක් අවසානයේදී උදා වුනා. Jayeshbhai Jordaar, Samrat Prithviraj, Dhaakad සහ Raksha Bandhan ආදී චිත්‍රපට ගණනාවකට දැවැන්ත මූල්‍යමය පාඩු අත් විඳින්නට සිදුවුනු අතර ...
අයුෂ්මාන්ගෙන් තවත් වෙනසක් | මෙවර Dream Girl 02 cinema.lk එකම රාමුවකට සහ එකම චිත්‍රපට ශානරයකට කොටු වී සිටින බහුතරයක් රංගන ශිල්පීන් අතරෙ හි, Ayushmann Khurranaව ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. සිය පළමු සිනමාපටයේ පටන් එකිනෙකට වෙනස් චරිත තෝරා ගැනීමට උත්සාහ දැරූ ඔහු Vicky Donor (2006) හි සිට මේ දක්වාම එම විවිධත්වය රැකගත් රංගන ශිල්පියෙක්. ඔහුගේ යුගයේ සෙසු නලුවන් බොහෝ දෙනෙකු ක්‍රියාදාම හෝ හාස්‍ය සිනමාපටවලටම සීමා වුනු පසුබිමක, ...
රංගන ශිල්පී අනුර මැදගොඩ සමුගනියි. cinema.lk සිනමා සහ ටෙලි මාධ්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පියකු වූ අනුර මැදගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා. චිත්‍රපට, ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් එක්වූ ඔහු, මියයන විට 74 වැනි වියේ පසුවුනා. ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු, මෙරට පළමු ටෙලිනාට්‍ය වූ ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ, “දිමුතු මුතු” ටෙලි නිර්මාණයටද රංගනයෙන් දායක වූවෙක්. අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වූ “කඩුල්ල” ඇතුළු තවත් නිර්මාණ රැසකට ඔහුගේ රංගන ...
එකම මාසයකදී එකවර තිරගත වන, ලාංකීය සිනමාපට තුනක් cinema.lk 2022 වසර මුල සිට නිකුත් වුනු විවිධ ලාංකීය සිනමාපටවලින් අනතුරුව, මෙම සැප්තැම්බර් මාසය තුළදී මෙරට නිර්මාණකරුවන් තිදෙනෙකුගේ තවත් සිංහල චිත්‍රපට ත්‍රිත්වයක්ම සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. එකිනෙකට වෙනස් තේමාවන් සහ කතා ශානරයන් පදනම් කරගෙන නිර්මාණය වී ඇති මෙම චිත්‍රපට ත්‍රිත්වයෙන් දෙකක්ම අදාළ අධ්‍යක්ෂකවරුන්ගේ පළමු – කුළුදුල් වෘතාන්ත සිනමාපටයයි. මේ අයුරින් එකම මාසයක් තුළදී ලාංකීය චිත්‍රපට තුනක් එකවර ප්‍රදර්ශනය අරඹන්නේ ද ...
සිනමා තරු බැබලුනු 67වන Filmfare සම්මාන රාත්‍රිය cinema.lk හින්දි සිනමාවේ විශිෂ්ටතමයින් ඇගයීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන විවිධ සිනමා උළෙල අතරින් ප්‍රමුඛතම සහ ජනප්‍රියම උත්සවය ලෙසටයි ෆිල්ම්ෆෙයා (Filmfare) සම්මාන උළෙල හැඳින්වෙන්නේ. 1954 වසරේදී පළමු වරට පැවැත්වුනු මෙය ආසියානු කලාපයේ පැරණිතම සිනමා සම්මාන උත්සවයක්. ක්ෂේත්රයේ දැවැන්ත සිනමා තරු, අධ්යක්ෂකයින්, සිනමාවේදීන් පිරිවරාගෙන අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන Filmfare උළෙල මෙවර වසරේදී පැවැත්වුනේ නොකඩවා 67වන වතාවටයි. 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාල ...
සැප්තැම්බර් මාසයට තවත් සිංහල සිනමාපටයක්: ‘හිතුමතේ ජීවිතේ’ cinema.lk දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිත නිරූපණය කරන “හිතුමතේ ජීවිතේ” ලාංකීය චිත්‍රපටය නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලට මුදා හැරීමට නියමිතයි. ක්‍රිෂාන්ත මනම්පේරි විසින් අධ්‍යක්ෂණය කළ මෙය, පසුගිය කාල වකවානුව පුරාම මෙරට සිනමා රසිකයින් බොහොම බලාපොරොත්තුවෙන් සිටි සිංහල සිනමා නිර්මාණයක්. එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වන “හිතුමතේ ජීවිතේ” සිනමාපටය, EAP මණ්ඩලය ඇතුළු මෙරට සිනමා හල් 50කට ආසන්න ප්‍රමාණයකදී ...
දමිළ බසින් Kaithi; හින්දි බසින් Bholaa – ප්‍රධාන චරිතය දෙව්ගන්ට cinema.lk 2019 වසරේ තිරගත වූ Kaithi නැමැති තමිල්නාඩු චිත්‍රපටය එකල දකුණු ඉන්දීය ප්‍රාන්ත සියල්ලකම පාහේ එක ලෙස ජනප්‍රිය වුනා. Lokesh Kanagaraj විසින් අධ්‍යක්ෂණය කළ එම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ප්‍රසිද්ධ දමිල නලු Karthi විසිනුයි. Kaithi සිනමාපටයට පාදක වී තිබෙන්නේ වසර ගණනාවක් සිර දඬුවම් විඳිමින් සිටි “දිල්ලි” නැමැති පුද්ගලයෙකු සිය දඬුවම් කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ දියණිවය දැක බලා ගන්නට දරන ...
විසිපස් වසරකට පසු අධ්යක්ෂණයට පිවිසෙන ජොනී ඩෙප් cinema.lk හොලිවුඩ් නලු Johnny Deppගේ රංගන විශිෂ්ටත්වය ගැන සිනමා රසිකයින්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවැසි නැහැ. 20වන සහ 21වන සියවසේ සිනමාවෙන් බිහිවුනු ප්‍රසිද්ධම රංගන ශිල්පියෙකු ලෙසට හැඳින්වෙන ඔහු ලෝක සිනමාවේ අද්විතීය නිර්මාණ ගණනාවකටම රංගනයෙන් දායක වුනා. තම සෑම සිනමාපටයකින්ම පාහේ විචාරක අවධානය මෙන්ම රසික ජනප්‍රියත්වයත් එක ලෙස හිමි කරගත් Johnny Depp, මේ වනවිට දශක 04කට අධික කාලයක් තිස්සේ සක්‍රීයව සිනමාවට සම්බන්ධ වී ...
සිනේමා – සැප්තැම්බර් 02 වනදා සිට ඔබේ සිනමාහලෙන් cinema.lk මෙරට ලාංකීය සිනමාවට සෑම වසරකදීම විවිධ ශානරයන් හි, විවිධ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට | ඵෙතිහාසික කතාපුවත් | ප්‍රේම කතා | හාස්‍ය නිර්මාණ ආදී එකිනෙකට වෙනස් දේශීය සිනමාපට සෑම වසරකම පාහේ දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය වනවා. කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපයක කාලය මෙරට සිනමාවට දැඩි බලපෑමක් එල්ල කළත් මෙරට සිනමාවේ සුපුරුදු රිද්මයට අද නැවතත් ළඟා වෙමින් සිටිනවා. 2021 වසරට ...
කේරළයේ දක්ෂතම චරිතාංග නලුවන් දෙදෙනෙක් එකම සිනමාපටයකින් | Voice of Sathyanathan cinema.lk කේරළ සිනමාවේ ප්‍රබලම රංගන ශිල්පීන් දෙදෙනා වන මෝහන්ලාල් (Mohanlal) සහ මම්මුටි (Mammootty) හැරුනු කොට, එම ප්‍රාන්තය තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින තවත් නලු නිළියන් බොහෝ දෙනෙකු දක්නට ලැබෙනවා. මලයාලම් නලු Gopalakrishnan Padmanabhan Pillai හෙවත් Dileep ද කාලයක පටන් එවැනි ස්ථාවර ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගෙන සිටින, කලාපයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. 2000-2015 අතර කාල සීමාවේදී ඔහු මලයාලම් සිනමාවේ ප්‍රබලම නලුවෙකු වශයෙන් මතු ...
Knives Out දෙවන චිත්‍රපටය ප්‍රදර්ශනයට Netflix සූදානමින් cinema.lk Daniel Craig ප්‍රධාන රංගනයෙන් එක් වූ Knives Out චිත්‍රපටය, 2019 වසරේදී ලෝ පුරා රසිකයින් අතරෙ හි ජනප්‍රියත්වයට පත් වුනේ එම වසරේදී තිරගත වූ සාර්ථකම Thriller සිනමාපටයක් ලෙස විචාරක ඇගයුමට පවා ලක් වෙමිනුයි. 92වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම ස්වතන්ත්‍ර තිර පිටපතට (Best Original Screenplay) හිමි සම්මානයට නිර්දේශ වුනු එය, Golden Globes ඇතුළු තවත් ප්‍රධාන සිනමා සම්මාන උළෙල ගණනාවකදී ම සම්මානයට පාත්‍ර ...