Truth vs false,ඇත්ත,බොරුව හා බොරු ඇත්ත. හිම පියලි ජීවත් වෙන්න බොරු කියනවයි බොරුවෙන් ජීවත් වෙනවයි කියන්නේ එකට ගියත් වෙනස් සංකල්ප දෙකක්.හරියට රේල් පාරක පීලි දෙකක් වගේ.එකම දිහාවට ඇදුනත්,තම තමන් අතර පරතරය ස්ථාවරව තියා ගත්තත් කවදාවත් ඒක එකක් වෙන්නේ නෑ.ඒ වුනාට ඒ පීලි දෙකම යන්නේ එකම දිශාවට.බොරුවෙන් ජීවත් වුනත් ජීවත් වෙන්න බොරු කළත් අන්තිමේදී වෙන්නේ බොරුව කියන එක තුල නතර වීම.මෙතනදි හරිම සංකීර්ණ වෙන අවස්ථාව වෙන්නේ සත්‍යය මිථ්‍යාව එක්ක ...
දී…..පාන් කා…පාන් හිම පියලි ලංකාවේ පාන්පිටි කියන්නේ හරි රසවත් මාතෘකාවක්නේ.කාලෙකට දේශප්රේෙමී උණ තියෙන කට්ටිය පාන් නොකවු කියලා සටන් පාඨත් අරන් යනවනේ.ඒ වුනාට ඒ අයම උදේට කඩේට ගිහිල්ලා පාන් ගන්නේ දීපාන් කියලම කියලත් සමහරු කියනවා.මෙව්වට ඇමරිකන් පිටි කියලත් කියනවා.කොහොම හරි මේ පිටි නැත්නම් තිරිඟු පිටි කියන්නේ ලංකාවේ ආණ්ඩු පෙරලන්න පිහිටුවන්න පුලුවන් පුදුම භාණ්ඩයක් වෙන පාන් නිපදවන ප්රිධාන අමුද්රාව්යලය.කාලෙකට පාන් පෙන්නලා ආණ්ඩු පිහිටුවනවා.කාලෙකට පාන් එපා කියලා ...
මං එයාට ආදරේද? හිම පියලි ආදරය කියන්නේ මේ ලෝකයේ තියෙන විප්ලවීයම හැඟීම.අපිට කාටවත් ආදරය කරන්න එයාගෙන් අවසරය ඕන නෑ.ආදරය කරන්න අපිට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඒ හා සමාන ආදරයක් ඕන වෙන්නෙ නෑ.ආදරය ගනුදෙනුවකින් එහාට ගිය දෙයක් වෙන්නෙ ඒ නිසයි.ඒත් ආදරය උපදින්නෙ කාටවත් නොදැනීම,ඒ හින්දා ඒ ආදරය මොන වගේ තද බල කුණාටුවක් වෙන්න පුලුවනිද කියලා කිසි කෙනෙකුට කියන්න් බෑ.ඕනම කෙනෙක් ආදරය කියන දේ වටහාගන්නේ තමන් තුල තියෙන රික්තකයක් ...
මහා මගඩි නාටකය. හිම පියලි හිතේ කොච්චර පැතුම් පුරවගෙන හිටියත් ඒ බලාපොරොත්තු ඒ විදිහටම සිද්ධ වෙන්නේ නෑ කවදාවත්ම.අපි ඉස්කෝලේ යන කාලේදි වෙච්ච ඒ වගේ වැඩක් තමයි අද දිග අරින්නේ.පාසැල් කාලය කියන්නේ ගොඩක් අයගේ ජීවිතේ සුන්දරම කාලය වුනාට ඒකේ ගැඹුරට ගිහිල්ලා බැලුවොත් අසාධාරණකම්,කුහකකම්,ඇදිලි,කැපිලි,ගොටු,පන්දම්, ඕන තරම් හොයා ගන්න පුලුවන්.අපි සාමාන්‍යයෙන් කතාවක් කියද්දි ඒක එක දෙයක් වෙනුවෙන් අනික් දේවල් ගොඩක් අමතක කරලා යනවා වුනත් මෙතනදි කතාව පැති කීපයක් ...
කට වැඩි හින්දා… හිම පියලි මාලුවා නහින්නේ කට හින්දා කියලනෙ කියන්නේ.මාලුවා නොවුනත් කට තියන් ඉන්න බැරි හින්දා එක එක අය නිකන් චා වෙනවා.මේකත් ඒ වගේ කතාවක්.මෙතනදිත් චා වුනේ මං එක පාරක් කියපු අර යමපල්ලා බොස්ම තමයි.මොකද මිනිහා මෝඩ කතා කියනවා ඉවරයක් නෑනෙ. දවසක් ඔන්න අපේ මාසික රැස්වීම.අපේ බොසා තමයි එතන ලොක්කා.අපි කාලයක් තිස්සේ අපේ ගිණුම්කරන කටයුතු රැසක්ම බාහිර ආයතනයකින් තමයි කර ගත්තෙ.මූලික සටහන් අපි තියලා ...
වවාගෙන කෑම. හිම පියලි මඩ සෝදාගත් කල ගොවියා රජ කමටද සුදුසුය කියලා කිව්වේ ලංකාවේ සිරකරුවෙක් විදිහට රඳවාගෙන හිටපු රොබට් නොක්ස් කියන විදේශිකයා කියලා කතාවක් තියෙනවා.ඒත් ඇත්තටම ඒක රොබට් නොක්ස් හිතලා කියපු කතාවකට වඩා ඒ කාලේ උඩරැටියන්ගේ ජනවහරේ තිබුනු කතාවක් විදිහට තමයි සාමාන්‍යයෙන් පිළිගන්න වෙන්නේ.ඒ කාලේ රජ පෙලපතට නෑකම් කියපු අය රට වටේම (මෙතනදි රට වටේ කියන්නේ සෙංකඩගල රාජධානිය පුරාම)හිටපු නිසා වගේම ඒ ගොල්ලන්ගෙන් සමහරු ...
ඔයා පස්සේමයි ගැලවුමක් නෑ. හිම පියලි ලෝකේ ලස්සනම වදන “ආදරය” නම් ලෝකේ අමිහිරිම,අවාසනාවන්තම වදන මොකක්ද? මේකට එක එක අය එක එක විදිහේ අර්ථ නිරූපන දෙන්න පුලුවන්.මොක වුනත් අද මං කියන්න යන දෙයත් එක්ක සමහරවිට කියන්න වෙන්නේ කොච්චර අවාසනාවන්ත වුනත් ඒක ඔයා පසු පස එන එක නවත්වන්න කාටවත් බෑ.කොච්චර මේ ලෝකේ වැඩ දම දමා පුම්බගෙන හිටියත් මේක හමුවේ ඕන වැඩ්ඩෙක් බිමට වැටෙනවා.ඇත්තටම මේ වචනය මොකක්ද ? කතා ...
What is Asian Drama?ආසියාවේ නාට්‍යය. හිම පියලි මඩොල් දූව චිත්‍රපටිය බලපු අය හොඳටම දැකගන්නැති මගඩි නාටකය කියන්නේ මොකක්ද කියලා.නටන්න යන ඕනම නාට්ටියක් මගඩියක් කරන්න වගේම මගඩිය නාට්ටියක් කරන්නත් අපේ කට්ටිය හරි දක්ෂයි.ඉතින් කඩාපැනපු ගමන්ම මේ වගේ මගඩියක් ගැන කිව්වම ඒක අහන කෙනෙකුට ඔරේ මඤ්ඤං වෙන එක පුදුමයක් නෙවෙයි. ඔන්න දවසක් ලංකාවේ අගනගරයේ මූලස්ථානය පිහිටලා තියෙන ලංකාවේ වැදගත්ම මූල්‍ය ආයතනයක් තමන්ට අලුතෙන් කළමනාකරණ පුහුණුවන්නන් බඳවා ගන්න පියවර ගත්තා.මේකේ ...
කන්න වුවමනා වූ විට කිඹුලා බනිස් ගෙඩියක් කර ගැනීම. හිම පියලි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ එක්දහස් නවසිය බර ගනන් වලටත් එහා යුගයෙදි.හැබැයි ලංකාවේ නම් නෙවෙයි.ඒරොප්පෙ. මම මේ කියන ප්‍රදේශය රජෙක් යටතේ පාලනය වෙච්ච රාජධානියක්.පවුරු පදනම් වලින් ආරක්ෂා වෙලා ඉන්න කං අවට ලෝකයේ සිද්ධ වෙන අර්බුධ වලින් ගැලවිලා ඉන්න පුලුවන් කියලා විශ්වාස කරපු සහ එහෙම විශ්වාස කරන්න වෙච්ච කාලයක්.(මොකද හැම තිස්සෙම හැම මනුෂ්‍යයෙක්ම අවටින් එන සතුරු කුමන්ත්‍රණ ගැන හිතේ කොනක ඉපදුන ...
නීතිය වල් වැදුනු වගයි. හිම පියලි ඕන්න එකෝමත් එක රටක කැලයක් තිබුනා.(එකම එක කැලයයි වෙන එකක් වත් බේතකටවත් තිබුනෙ නෑ.)දවසක් සංචාරකයෙක් මේ කැලය ඇතුලට තට්ට තනියම යන්න හිතුවා.අතිපන්ඩිතකමට තනියෙම ගිහින් අනතුරක් සිද්ද වෙයි කියලා එයා GPS,ආයුධ හෙම සේරම අරගෙන තමයි කැලෑවට ගියේ. දිගටම වැවිලා එකට පැටලුනු ගස්වැල් මැද්දේ අඳුරින් වැහිච්ච, මූසල අඩි පාරවල් දිගේ ඉදිරියටම යද්දි කොච්චර තාක්ෂනික ආයුධ තිබුනත් දෙගිඩියාවක් ඇතිවීම අරුමයක් නෙවේ. හදිසියේම ඈත ...