නකල්ස් කදු වැටිය- වෙඩි ලුණු ගුහාව (nitro cave) පා ගමන- දෙවන දිනය. බණ්ඩාගේ විත්ති පළමු දිනය මෙතනින් සැපට නින්ද ගියේය. පුදුමයකට මෙන් වෙඩිලුණු ගුහාව අසලට එනවිට දැනුන වවුල් ගද ඉන්පසු දැනුනේම නැත. අප සිතුවේ ගන්දස්කාරයේ නහය බැදගෙන නිදා ගැනීමට සිදු වනු ඇතැයි කියාය. නමුත් ගදක් පිලිබද වගක් වත් නොමැතිව නිදා ගැනීමට අපට හැකි වූයේය. උදෑසන අවදි වන විට 6 පමණ වන්නට ඇත. කූඩාරම ගලවාගෙන බඩු බාහිරාදිය සියල්ල බෑග් වලට දමා සූදානම් වූනෙමු. කට සේදීමටවත් ...
නකල්ස් කදු වැටිය- වෙඩි ලුණු ගුහාව (nitro cave) පා ගමන බණ්ඩාගේ විත්ති වෙලාව රාත්‍රී 10 ට පමණ ඇත.. චින්තාගෙන් දුර ඇමතුමකි. මම - හෙලෝ.. චින්තා- මේ හෙට ගමන යන්නෙ නෑලු..මම - හෑහ් ඇයි ඒ.. චින්තා - ඒහෙට හොදටම වහිනවලු. ඉතිං යන්න බෑලු.මදැයි දැන් මොනවා කරන්නද මම අනිත් පැත්ත හැරී නිදා ගත්තෙමි. බතලේගල යාමට සූදානම් කරගෙන තිබූ චාරිකාව අවසාන මොහොතේ අවලංගු වූයේ එසේය. සෑම කලු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ. දින දෙකකට ...
බිමට බැහැපන් වැලිමුවේ. බණ්ඩාගේ විත්ති ගම හාමිනේට යක්ෂ දිස්ටියක් හැදුනා.. කොච්චර ගුරුකම් කරත් සුවයක් නෑ.. "ඕකට ඔය එක එකා ගෙන්නල හරියන්නෑ බොල. හත්තොට්ටුවේ කට්ටඩිරාල තමයි රුසියා." ගමරාළගේ අපුච්චා කිව්වා.ආනේ ඉතිං ගමරාළත් තකහනියේ ගිහින් කට්ටඩිරාල මුණගැහිලා කාරනේ කිව්වා..කට්ටඩිරාළත් හා හොදයි එහෙනම් කියල මං මෙදාට එන්නම්ය.. මේ කලමනා ලක ලෑස්ති කොරල තියන්නය කියල ගමරාළවට ලොකු බඩු ලැයිස්තුවක් දුන්නා. ඔය ලැයිස්තුවේ ගොක්කොල, කෙහෙල් බඩ, දියගොඩ මස්, කපුරු, කට්ටකුමංජල් ...
බලනගල කන්ද පා ගමන. බණ්ඩාගේ විත්ති පා ගමන් යෑම අපට අලුත් දෙයක් නොවේ. බාල දක්ෂ වලට පින්සිදු වන්නට විවිධාකාරයේ පාගමන් යෑමට අපට අවස්ථාව උදා වී තිබේ. මුල් කාලයේ පාගමන් ගියේ බාල දක්ෂ පදක්කම් ඉලක්ක කරගෙනය. ටික ටික පාගමන් යෑමේ උණක් සෑදීමට ඒ මුල් කාලයේ ගිය පාගමන් හේතු වන්නට ඇත. කැලෑ අස්සේ රිංගීමටත් කදු නැගීමටත් ලැබෙන අවස්ථාවක් අපි ලෙහෙසියෙන් අතහැරියේ නැත. නමුත් රැකියාව නිසා කාර්යය බහුල ...
බල්ලෙක්, ගල් ලොරියක් හා මිනිස්සු බණ්ඩාගේ විත්ති වෙලාව උදෑසන 6.30 ට පමණ ඇත. මා නාන කාමරයේ සිට එලියට ආවා පමණි. නැන්දා අඩාගෙන එන්නේය. නැන්දාට පිටිපස්සෙන් නංගීද අඩාගෙන එන්නේය. “ඇයි මොකද වෙලා තියෙන්නේ.”“අනෙ බලපන් බන් ජිමියව වාහනේකට යට කරගෙන ගිහින්....”“මොකක්...” මම කමිසයක් ඇද ගැනීමට වත් පරක්කු නොවී පාරට ගියෙමි..මාලා ඇන්ටි කාටදෝ බනිනවා ඇසේ. පාරේ කවුරුවත් නැත. “අනේ පුතේ මේ අපේ වත්තෙ ඉන්නේ.” මාලා ඇන්ටි මා දැක කෑ ...
අපේ බදුලු ගමන... තුන්වන දිනය.. බණ්ඩාගේ විත්ති පළමු දිනය මෙතනින්දෙවන දිනය මෙතනින් තුන්වන දිනටත් උදා වුනේය. කලින් දින නිදා ගත් තැන, නිදා ගත් ආකාරය පෙනෙන්නේ දැන්ය. අවුලක් නැත. එක එකා අමාරුවෙන් නැගිට ගත්තේය. චින්තාගේ අම්මා තේ සාදා දුන්නේය. යන්තම් උඩින් පල්ලෙන් වාගේ මුහුණ සෝදාගත්තේය. උදේ කෑම සකස් වන තුරු ෆොටෝ ගැසුවේය, මල් කැඩුවේය. කෑමෙන් පසු නැවතත් පාරේය. මේ චින්තාගේ ගමය. යන යන තැන ඉන්නේ නෑදෑයන්ය. පැයක් පමණ ...
අපේ බදුලු ගමන... දෙවන දිනය... බණ්ඩාගේ විත්ති පළමු දිනය මෙතනින්ට්රීං ට්‍රීං... ට්‍රීං ටරීං... නැවතත් එලාම් එකකි.. වදින්නේ චින්තකයාගේ ෆෝන් එකෙනි. වෙලාව පාන්දර දෙකය. ඌට දවස් මාරු වී ඇත. ඊයේ එලාම් එක වදිනනේ අදය. චින්තකයා හැර අනික් සියල්ලෝම ඇහැරුනේය. ෆෝන් එක සොයා ගත්තේ පේෂාය. එලාම් එක ඕෆ් කර චින්තකයාට බැන බැන ආපසු නිදා ගත්තේය. නැවතත් කට්ටිය නිදිය. නැගිටින විට උදේ 7 පමණ වන්නට ඇත. මුලින්ම ඇහැරුනේ බණ්ඩාය. බණ්ඩා ...
අපේ බදුලු ගමන... පළමු දිනය... බණ්ඩාගේ විත්ති ට්‍රීං ට්‍රීං... ට්‍රීං ටරීං...වෙලාව පාන්දර එකට පමණ ඇත. දුර ඇමතුම බානුකයා ගෙනි. සේරම රෙඩි උනාට පස්සෙ මූ මොකක් හරි ජල්බරියක් සෙට් කරගෙන යන්න බෑ කියනවද.. “හෙලෝ”...“ඒ බණ්ඩා නැගිටපන්.. බදුලු යන්නෙ නැද්ද”.. “මොන හු.....ද යකෝ දැම්ම කොහේ යන්නද තොට මෝල්ද”...“හේ හේ හේ හැක හැක හැක... ආ ඒහෙනම් නිදා ගනින්.. උදේට මට කූද්දපන් හොදේ”..දුරකථන ඇමතුම විසන්ධි විය. නොදකින් ඌට නින්ද ගියේ නෑ ...
බඩේ වත් තලමු.. බණ්ඩාගේ විත්ති රඹුටන් හා මැංගුස් වලට සාමන්‍යයයෙන් කවුරුත් කැමතිය. බණ්ඩාද වෙනසක් නැත. ඉතින් පහුගිය රඹුටන් වාරය බණ්ඩා වැඩිපුරම ගතකලේ අවාගේ ගෙදරය. ගේ වටේට මැංගුස් ගස් හත අටක් ඇත. ගෙඩි විකිණිමට නොවේ. අවාගේ මිතුරන්ගේ ආහාරයට පමණි. අවාගේ ගෙදරට කිට්ටු පේෂාගේ ගෙදර රඹුටන් ඇත. ගෙවල් දෙකේ අය ෂෙයාර් කරගෙන මැංගුස් හා රඹුටන් කති. බණ්ඩාටද හෙන වාසිය. පෝර බෑග් පිටින් කෑමට රඹුටන් හා මැංගුස් ...
ඇ(ල්)ල ලග වලව්ව.. බණ්ඩාගේ විත්ති මේ සිද්දිය උනේ ගිය අවුරුද්දෙ. නිදහස් දවසට හැමෝම නිවාඩු නිසා කට්ටිය ට්‍රිප් එකක් යන්න කතා කරගත්තා. අපේ කට්ටිය හැම මාසෙම ට්‍රිප් යන්න කතා කරගත්තත් අවුරුද්දටම එකක් විතර තමයි යන්නේ. අනිත් ඒව උපන් ගෙයිම මැරෙනවා. අද කතා කරල හෙට ගියොත් මිසක් කවදාවත් කාලයක් ප්ලෑන් කරල ට්‍රිප් එකක් ගිහිල්ලම නෑ. හැබැයි මෙදා පාර වැඩේ හරියාගෙන ආවා. අපි ට්‍රිප් එක යන්න කතා ...
ආදරය... බණ්ඩාගේ විත්ති “අම්මා …… මම දැන් එයාර්පෝර්ට් එකේ ඉන්නෙ”..................................................................“නෑ නෑ අම්ම මම ලංකාවෙ ඉන්නෙ කටුනායක දැනුයි ආවේ”. ...................................................................................................... “දැන් කමක් නෑ අම්ම මම ටැක්සි එකක් කතා කරගෙන එන්නම්”.. ..................................................................................................“හරි අම්මා ඉක්මනට එන්නම්. බුදු සරණයි”. අයහපත් කාලගුණය නොවුයේ නම් මම ලංකාවට ගොඩ බසින්නේ මීට දින හතරකට ප
අක්කා... බණ්ඩාගේ විත්ති මොන වදයක්ද මේක..මොන වැඩේකරත් බනින එකමයි වැඩේ..අම්මටත් නැති අමාරුවක්නෙ මෙයාට තියෙන්නෙ..අනේ තමුසෙව ඉක්මනටම මොකෙක් හරි අරන් යනව නම්..මම වෙනම පාටියක් දානව ඒ සතුටට..තමුසෙ ගෙදරින් යන එක තරම් සතුටක් වෙන කොහෙද..මම තනියම ඉන්න ගෙදර කොච්චර නිස්කලංකද..මම එහෙම කිව්වෙ බොරුවට නෙමෙයි..කවුද කියන්නෙ මම අඩනව කියලා..මේ ජරමර අස්සෙ මගේ ඇහැට රොඩ්ඩක් ගියා.. ...
ලන්ච් එකට කට්ටියක් එනවා බණ්ඩාගේ විත්ති “මේ මේ හලෝ අන්න වත්සලා අක්කලා එනවලු”..“කවද්ද”....“අද එනව මෝඩයෝ.... දැන් ඇහැලියගොඩ පහුකරාලු”.... අක්කා විස්තර කියන්නේ සාලයේ වු බඩු එහේ මෙහේ අදිනගමන්ය. “ඔන්න ඔය කෙහෙල්මල වහල දාල ඇවිත් මට උදව් කරනවකෝ”. ඇයගේ ඉල්ලීමක් නොසලකා හැරීම තෙවන ලෝක යුද්ධයකට අත වැනීමක්ය. එහෙයින් වැඩි කතාවක් නැතුවම ඇයට අවනත වූ මම එහෙ මෙහෙ වී තිබූ පුටු කිහිපය සකස් කළෙමි.“මෙතන කරන්න දෙයක් නැනේ බොරුවට අත ...