සුභ අළුත් අවුරුද්දක් වේවා බණ්ඩාගේ විත්ති අවුරුදු ගානකට පස්සේ මේ අවුරුද්දට ගෙදර.. වැඩ අල්ලන්න මීට වඩා හොඳ ක්‍රමයක් මතක් උනේ නෑ.ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද බ්ලොග් ලෝකේ හැමෝටමත්,ෆේස් බුක් ඉන්ස්ට යාලුවෝ හැමෝටමත් ,චැට් කරන නොකරන හැමෝටමත් , සයිබර් ලෝකයෙන් වගේම හැබෑ ලෝකයේදීත් හමුවන හිත මිතුරු හැමෝටමත් ,කෙටියෙන්ම කිව්වොත් ලංකා වාසී, ලෝක වාසී හැමෝටමත්, සාමය සතුට පිරි යහපත් බලාපොරොත්තු ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !! ...
සීයාට පිං පිණීස බණ්ඩාගේ විත්ති සීයා නැතිවී වසර හතකි. ඒ වෙනුවෙන් පැවැත්වෙන මහා පිංකම ගංගොඩවිල පඤ්ඤෝදාරාරාම විහාරස්ථානයේදී අති උත්ත්කර්ෂවත් අයුරින් සිද්ධ උනේය. සීයාට දරුවන් 8 දෙනෙකි. (දෙදෙනකු දැනට ජීවතුන් අතර නැත) සියල්ලෝම විවාහකය. මුනුබුරු මිනිබිරියන් 19 ම දෙනෙකි. බහුතරයක් විවාහකය. මී මුනුබුරු මිනිබිරියන් 24 දෙනෙකි. බෑනා වරුන් ලේලි වරුන් සියල්ලන්ම ගත් කල 72 ක පමන පිරිසකි.පිංකම අංග දෙකකි. මුලින්ම කාලීන ධර්ම දේශනාවක්ය. දෙවැන්න පැමිනි ...
දුම්බර කඳුකරයේ දූවිලි ඇල්ල.. බණ්ඩාගේ විත්ති ගමනේ ආරම්භය වෙනදා මෙන්ම කොළඹ කොටුවෙන්ය. දුම්රියෙන් නොව ලංගම බසයකින්ය. පාන්දර 4.30 වන විට නුවරටද, නුවරින් 4.50 ට පිටත්වන දුම්රියෙන් මාතලේටද, මාතලෙන් උදෑසන 8.00 ට පිටත්වන බසයේ නැගී රත්තොට - රිවස්ටන් - පිටවල පතන හරහා මැද්දෙඇලට ට පැමිනි අපි එතැන් සිට පා ගමනින් වැද්දා පැනි ඇල්ල දක්වා පැමිණියෙමු. ගමනේ සැබෑ ඇරබුම ඇත්තේ මෙතැන් සිටය. දූලි ඇල්ල / දුවිලි ඇල්ල ...
රාවණා ගුහාව හා නිල්දිය පොකුණ චාරිකාව - Rawana cave බණ්ඩාගේ විත්ති කල් තියා සංවිධනය කරන කිසිදු චාරිකාවක් මෙතුවක් කාලයකට යන්නට ලැබී නැත. සියලුම චාරිකාවන් පැයකින් දෙකකින් කතා කරගෙන , එහෙනම් හෙට යමුයි කතා කරගත් ඒවායි. මේ චාරිකාවත් එසේමය. චින්තකත් මාත් රාවනා ගුහාවට රිංගන්නට උත්සහ කරන්නේ වසරකට අධික කාලයක සිටයි. දෙතුන් වතාවක්ම ගමන සංවිධානය උනත් මොන මොනවා හෝ හේතූන් නිසා ගමන යැවුනේ නැත. රැකියාවේ කටයුත්තකට අනුරාධපුර යන අතමගකදී ගන්නා ලද හදිසි ...
Facebook වීරයා .... බණ්ඩාගේ විත්ති හෙට මොකද කරන්නේ ඇයි බන් මොකක්ද හෙට තියෙන්නේහෙට නිදහස් දවසනේ යකෝ ... අම්මට සිරි බන් සිරාවටම අමතක උනා .. එහෙනං හෙට නාන්න යං නාන්න නෙමෙයි හෙට රැස්වීමට යං මොන රැස්වීමටද??සිංහලේ රැස්වීමට ඇයි උඹ දන්නෙ නැද්ද??ආ දන්නවා බන් එත් යන්න බෑ වගේ බන් ඒ මොකද?? උඹ මහලොකුවට FB පෝස්ට් ෂෙයා කරනවනේද සිංහලේ ගැන ඒ උනාට බන්සිංහලේ ස්ටිකර් ගහන්න හැදුවනේද ෆෝන් ...
බල්ලොත් එක්ක බෑ බණ්ඩාගේ විත්ති මිනසාගේ පැරනිම මිතුරා බල්ලාය. නමුත් ඉද හිට බල්ලෝ බලු වැඩ කරති. පැරනි මිතුරාට ද්‍රෝහී කම් කරති. මිනිසාව සපා කති. ලොකු බල්ලන් නම් කමක් නැත, පොඩි උන්ද එසේමය. එදා.. අපේ ගෙදරට කොහේදෝ සිට බලු පැටියෙක් ආවේය. නන්නාඳුනන එකෙකි. පෙනුමෙන් හුරතල්ය. කඩාගෙන බිදගෙන දුවගෙන ආ බලු පැටියා කෙලින්ම නැවතුනේ පුටුවක් යටය. ලොකු අක්කාගේ සුරතල් දූ සිගිත්ත බලු පැටියා අල්ලන්නට හැදුවේය. කෙලි ...
බඹරකන්ද ඇල්ල මුදුනේ රාත්‍රියක් බණ්ඩාගේ විත්ති ලබන මාසේ මුල දවස් ගානක ලොකු නිවාඩුවක්.. සිංහල අවුරුද්ද ඉවර වුනු ගමන්ම කට්ටියම කතා උනේ ඒ ගැන... ගොඩක් අය වගේම අපිත් පොඩි ට්‍රිප් එකක් සැලසුම් කරා.... මැයි 1,2,3 යන්නපා ගමනක්.. දවස් තුනක්, රෑ දෙකක්. යහන්ගල යන්න තමයි අදහස. මුල් දවස් වල සුපුරුදු විදිහට හය හත් දෙනෙක් හිටියා යන්න..අප්‍රේල් 29 වෙනකොට හතර දෙනෙකුට අඩුවුනා.. අප්‍රේල් 30 රෑ ... දෙන්නෙක් විතරක් ඉතුරු ...
අවුරුදු සේල් බණ්ඩාගේ විත්ති සේල්සේල්සේල්අලුත් ඇදුම්තෑගි බෝ්ග කැවුම්කොකිස්නෑගම්යාලුවෝබෝතල් රතිඤ්ඤාචූ................ස් ..... ඩෝං !!!!!!!ණයණයණය
සොඳුරිය... බණ්ඩාගේ විත්ති සොඳුරියනිරුවත් වනු මැනමා අභියසකිසිවක් නොසඟවාසියල්ල ඉවත දමාමමදනිරුවත් වන්නෙමිඔබ අභියසනොසඟවා කිසිවක්සියල්ල ඉවත දමා
කාලය කෙතරම් නපුරුද බණ්ඩාගේ විත්ති එදා ඇය හා මා විඳි ප්‍රේමය...අද ඇය ඔහු හා විඳිද්දී...මමප්රේම කරමි ඊරිසියාවට හා තනිකමටසාප කරමි කාළයටඅප වෙන් කලසොඳුරිය කාලය කෙතරම් නපුරුද??
දෙතනගල Dethanagala බණ්ඩාගේ විත්ති දිනය 2013 නොවෙම්බර් මස 09 වෙනිදායි . ගණනින් දස දෙනෙකු වූ අප සැරසෙන්නේ තවත් පා ගමනක් නොහොත් කඳුතරනයකටයි. උදෑසන 6ට මහරගමින් බලංගොඩ බලා දිවෙන බසය අපගේ ගමනේ ආරම්භය සනිටුහන් කලේය. මෙවර චාරිකාව තරමක් සුවිශේෂී එකකි. ඒ හෝමාගම බාලදක්ෂ දිසාවේ පළමු වන මානවක සමූහයේ කුළුදුල් චාරිකාව වන නිසයි. නමුත් අප පිරිසෙන් දෙදෙනකු පමණකි මෙවන් චාරිකා සදහා නවකයන් වන්නේ. සංවිධානය මානවක ...
කළකට පසු බණ්ඩාගේ විත්ති කළකට පසු ඇසෙනකොළ සැලෙන සිහින් සරකුරුලු හඬ කිචි බිචියඅතර පතරින් ඇසෙනබල්ලෙකුගෙ බිරුම් හඬවිඳිමි මම හැකි පමණලැබෙන්නට පෙර නැවතත් විසන්ධි වී ඇතිවිදුලි බලය ...
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය.. බණ්ඩාගේ විත්ති වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය. කියලා නැකත් ලියවිලා තිබුනට අපි කරන්නෙම ඔකෙ අනිත් පැත්තනේ. පටන් ගන්නේ ආහාර අනුභවයෙන්.සේරටම කලින්ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද බ්ලොග් ලියන හැමෝටමත්, කියවන හැමෝටමත්, බුකියේ, ටුවිටරේ, මැසෙන්ජරේ, ගූගලේ, මෙකී නොකී හැම තැනින්ම ජාල ගතවෙන සියලු දෙනාටමත්, ලංකාවාසී , ලෝක වාසී හැමෝටමත්,ඔබටත්, මටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!පුංචි කාලේ වැඩ අල්ලන ...
වවුල්පනේ හුණුගල් ගහාව (Waulpane Lime Cave) ගවේශණ චාරිකාව. බණ්ඩාගේ විත්ති වවුලන්ගෙන් පිරුණු ගුහාවක මුව විටේ කූඩාරම් ගසා ගෙන රැයක් ගතකිරීම ගැන අත්දැකීම් අපට ඇත්තේය. ඒ නකල්ස් රක්ෂිතයේ පිහිටා තිබෙන වෙඩිලුණු ගුහාව නැරඹීමට ගිය චාරිකාවේදිය. වවුල්පනේ හුණුගල් ගුහාව නැරඹීමට යාමේ චාරිකාවට අඩිතාලම වැටුනේද එම චාරිකාවේදීමය. ගමන සංවිධානය කරන අවස්ථාවේදී 8 දෙනෙකු පමණ සහභාගී වන බව පැවසුවත් අවසානයේ චාරිකාවට සහභාගි වූයේ සය දෙනෙකු පමණය. ගමන ආරම්භ වන්නේ මහරගම මාතර කඩය අසලිනි. ...
මඟුල් පෝරුවට පෙර - යහන්ගතවූ පවට බණ්ඩාගේ විත්ති රඟහලේ අඩ අදුරෙ -සැදෑවේ වෙරළ ඉම තුරුලු වී ආදරෙන් විඳි ප්‍රේමයේ උණුසුම මදි උනා සනසන්න අපේ පෙම් පිපාසයමඟුල් පෝරුවට පෙර යහන්ගතවූ පවට වැරදි කාරියක් මම බෑ කිව්වෙ නැති නිසා රූම් යමු කිව්වහමඔබේ දරු පැටියෙක්වතුරුල් කර නලවන්නමවපු ඒ හීන ලොවනොහිතපු විදිහකට - හැබැ වෙන්න යන බවදැනගත්ත ගමන් ඔබවෙනස් උන වේගයහිතා ගන්නවත් බෑ - මම තනි වෙලා බවනෑ තනි වෙලා මමඅම්ම ඇත ...
කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද.. බණ්ඩාගේ විත්ති එක් සමයෙක්හි බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරන කල්හි.... නෑ නෑ එහෙම නෙමෙයි.. එකමත් එක රටක රජෙක් හිටියා. රජෙක් කිව්වට හැම රජාම හොද නෑනෙ. ඔය අපිටත් ඉන්නෙ දෙන්නෙක්ම. බ්ලොග් ලෝකෙට එකයි. ලංකාවෙ එකයි. බ්ලොග් රජාත් ඉතින් අන්තපුරේ බලාගෙන ඉන්නවා විතරනේ. අනිත් රජා ගැන නම් මම දන්නෙ නෑ. ඒවා මෙව්වා වැඩක් නෑ. මම මේ කියන්න හදන්නේ එකෝමත් එක කාලෙක හිටපු රජෙක් ගැන. ...
කෝඩු කාරයාගේ අඳෝනාව බණ්ඩාගේ විත්ති තාම කකුල් දෙකත් රිදෙනවා. ඒත් මේක කියන්න ඔනේ. උන් සීනියර්, අපි ජූනියර්. කරුමෙට හරි මේක සීනියර් එකෙක් දැක්කොත් මම ඉදලා ඉවරයි. බයවෙලා හැමදාම කට වහගෙන ඉන්නත් බෑ. වෙන එකෙක් මේ කට්ට නොකන්න මම මේ ටික කියන්නම ඕනෙ. මහරගමින් බස් එකට නැංග වෙලාවේ තමයි මට මීටර් උනේ සෙට් එකෙන්ම ජූනියර්ම එකා මමයි කියලා. මම දැන ගත්තා මට කැටේ සෙට් වෙනවා ...
සඳ නොබලන් සෙනසුරාදා. බණ්ඩාගේ විත්ති මැණිකා හරි හැඩකාර කෙල්ල. ගේ දොර වැඩටත් බොහොම දස්සයි. හීන් සංදියේ ඉදන්ම එකට දුවල පැනලා නටපු පුංචා එක්ක මැණිකාගේ සම්බන්ධයක් තිබුනා. පුංචි සන්ධියේ ඉදං දැන හදුනනවා උනත් මැණිකාගේ අම්මයි අපුච්චයි පුංචගෙයි මැණිකගෙයි සම්බන්දෙට කැමති උනේ නෑ. මැණිකගේ අම්මටයි අපුච්චටයි ඔන උනේ වතුපිටි හරකා බාන එහෙම හොදට තියෙන හොද නම්බුකාර තැනකට මැණිකාව දීග දෙන්න. දහිරියවන්ත කොලුව උනාට මැණිකගේ අපුච්චගේ හිත ...
දෙන්නෙ නෑ කොහෙමවත් දෙන්නෙ නෑ මියදෙන්න. බණ්ඩාගේ විත්ති හදිසි අනතුරු වාට්ටුවේ - දැඩි සත්කාර ඒකකයේ..අතිශයින් අසාධ්‍යව - ලෙඩ ඇදේ වැතිර ඇත..අමරණියයි සිතු අපේ පෙම් ජීවිතය නොදැන රෝ නිධානය - මම කුමක් කරන්නද.නෑ ඇගෙන් පිළිතුරක් - දන්නෙ නෑ මා කිසිත්කලක සිට සැගව ඉද ඔඩු දිවූ රෝගයක් - වැදිලාද හදවතට විස පෙවූ හීයක්.දැන හෝ නොදැන හෝ මා අතින් වූ දෙයක් - මට හිතා ගන්න බැරි මොනයම්ම හේතුවක්. දන්නෙ නෑ කිසි ...
සොදුරු දිනයක සොදුරු මතකය බණ්ඩාගේ විත්ති දිනය :- 2011 දෙසැම්බර් මස 09 වේලාව :- සවස 2.45ට පමණස්ථානය :- .....ගම බස් රථය.. ඇය සිටියේ මගේ වම් පසින්ය. අපි එකම අසුනේ වාඩි වී ගමන් කරමින් සිටියෙමු. ඇය බිම බලාගෙන අතිශය සුන්දර වූ සිනහවකින් මුව සරසාගෙන සිටියේය. කියන්නට දහසක් දේ ඇතත් කියාගන්නට දිරියක් නැත්තේය. මම කුණාටු සාගරයක් මෙන් කැළඹී සිටිමි. බස් රථය වේගයෙන් ගමන් කරයි. ඉතිරිව ඇත්තේ සුලු කාලයකි ...