The Butterfly Revolution සමනළ විප්ලවය (http://samanalaviplavaya.wordpress.com/) Latest Posts Most Popular Posts
(45) සමාන්තර විශ්වයෙන් එළියට! || Out of the parallel universe! The Butterfly Revolution සමනළ විප්ලවය අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන් පළා ගොස් මගේ වැඩක් බලාගන්ට ඇති නම් කෙතරම් සහනයක්දැයි මේ දිනයන්හි මට නොයෙක් වර කල්පනා වේ. ඒ තරමටම අන්තර්ජාලය – බ්ලොග්, ඊ-මේල්, ෆේස්බුක් සියල්ල – වර්ගවාදී වෛරයෙන් පිරී ඇත්තේය. මානවයන් අතර භේද නැති කරන්ට ඉවහල් වනු ඇතැයි අප කලෙක විශ්වාස කළ අන්තර්ජාලයම ඒ භේද වපුරන තෝතැන්නක් බවට පත්ව තියේ. මම ඒ කුණු ගොඩෙහි රැඳී සිටින්ට අකැමැත්තෙමි. නිදහස් මතධරයන් ...
(44-4) සිව්වන විකල්පාවසානය || The genius The Butterfly Revolution සමනළ විප්ලවය මේ පළ වන්නේ සිව්වැනි පාඨක විකල්පාවසානයයි. මෙය නවකතාවේ හෝ කලින් විකල්පාවසානයන්හි නොදැක්වුණු නව මානයකට කතාව ගෙනයයි. සමහර විට රචිකාව (ඔව්, මෙය ලියන්නේ තරුණියකි!) මීට වඩා අත්දැකීම් බහුල වී නම් එය වඩා රසවත් වන්නට ඉඩ තිබුණේය සිතෙයි. සමහර පාඨකයින්ගේ විරෝධය මත වුවද මේ විකල්පාවසාන පළ කරන්නේ හේතුවක් ඇතිවය. අවසාන විකල්පාවසාන දෙකම ලියා ඇත්තේ බ්ලොග්කලාවේ මින් පෙර වචනයක් හෝ නොලියූ පාඨකයින් දෙදෙනෙකි. ...
(35) චරිත් මැරෙන්ට තැත් කළේ ඇයි? || What was behind Charith’s suicide attempt? The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2007, සමාන්තර විශ්වය [ජනරාල් සරත් ෆොන්සේකා මිය ගොස් වසරකට පමණ පසුව] ස්ථානය: ක්වාලා ලම්පූර්, මැලේසියාව **********(Zhou Dewei කියන කතාව. පහසුව පිණිස දෙබස් හැර සිංහලට පරිවර්තනය කොට ඇත.)********** මැදියම. මා නිදන්ට යන්ට සූදානම් වූවා පමණෙකි. නොදන්නා අංකයකින් ජංගම ඇමැතුමක් ලැබුණේය. ප්‍රතිචාර නොදක්වන්ටත් කල්පනා කොට, ජංගමය අතට ගතිමි. මේ මගේ silent admirer කෙනකු විය නොහැක්කේද? “Dewei, This is Azlan…” පිරිමි කට ...
(39) දඹර අමිල හිමි කොටින්ගේ අත් අඩංගුවේ || Dambara Amila thero abducted by tigers The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2009, සමාන්තර විශ්වය [උපකුලපතිතුමා සරසවි සිසුවිය දූෂණය කළාය කියා වසරකට පමණ පසුව හා මේ කැබිනට් මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන් මාස කිහිපයකට පසුව] ස්ථානය: ඉරණමඩු, උතුරු පළාත **********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** නඩේසන් හා පුලිදේවන්ද අප පස් දෙනා සමඟ, ඉරණමඩු වැව අසළ ඔවුන්ගේ කුඩා ‘ගුවන් තොටුපළෙහි’ පර්යන්ත ගොඩනැඟිල්ලට ඇවිද ආවෝය. පර්යන්ත ගොඩනැඟිල්ල කීවාට එය තනි තට්ටුවේ පුංචි ගෙයකි. ඉස්තෝප්පුවේ ...
මා ‘බොදු බල තොට’ නොලීවේ ඇයි? The Butterfly Revolution සමනළ විප්ලවය අතීතයේ යම් දවසෙක ‘සමනළ විප්ලවය’ නිමා කිරීමේ ආහ්ලාදයෙන් ඔද වැඩී සිටි මම ‘බොදු බල තොට’ නම් මගේ දෙවන මංගත නවකතාව කඩිසරව ලියන්ට පටන් ගත්තෙමි. චරීගේ කතාව මගේ මනසෙහි ඇඳී තිබුණේ දුහුල්වය. සදීගේ කතාව එසේ නොව ඉතාම පැහැදිළිව ඇඳී තිබුණේය. අවශ්‍ය වූයේ එය අකුරු කරන්ට පමණෙකි. මා මගේ අරමුණ සීමිත වූ පාඨක පිරිසට දැනුම් දුන්නේ කථාංග තුනක් ලිවීමෙන් පසුවය. එහෙත් ...
(43) ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? || Who killed Lasantha Wickrematunge? The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2010 අග හරිය, සමාන්තර විශ්වය. (ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් දින කිහිපයකට පසුව) ස්ථානය: කොළඹ, ලංකාව **********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )********** ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට තියේ. මේ මොහොතෙහි රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය එයයි. වර්තමාන ආණ්ඩුව අතිශය අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියි. මේ තනි සිද්ධිය 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය බලයට පත් වූ තැන් පටන් ඇය මුහුණ දුන් දරුණුතම අර්බූද ...
(41) ප්‍රවාහකයා || The Transporter The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2010, සමාන්තර විශ්වය [ මේ කැබිනට් මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන්/ අමාත්‍ය වික්ටර් බණ්ඩාර දඹර අමිල හිමි කොටින්ගේ අත් අඩංගුවෙන් මුදාගෙන ඒමෙන් මාස කිහිපයකට පසුව] ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව **********(ඇඹිලිපිටියේ පියදාස කියන කතාව)********** විසි දෙවැනිදා වැඩේ දා ගන්ට මා මුලින් අකැමැති වූයේ කටයුත්තේ බැරෑරුම්කම දැන නොවේ. එයට ඊට වඩා ප්‍රාථමික හේතුවක් විය. මනෝජ් පුතාගේ ඉස්කෝලයේ වාර්ෂික විවිධ ප්‍රසංගය යෙදී තිබුණේද හරියටම ...
(40) පාළු අඳුරු නිල් අහස මමයි || The forsaken days of white dreams The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2005, සමාන්තර විශ්වය (චරිත්-දිනූෂා ආදර අන්දරය ඇරැඹී මාස තුනහමාරකට පසුව) ස්ථානය: කොළඹ, ලංකාව **********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )********** ආවොත් යා යුතුමය. නොගියොත් නැවත ඊමක් නැත. නාවොත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. දිනූෂා මගේ ජීවිතයෙන් පියඹා ගියාය. වැහි ලිහිණියක සේය. ඇය කවදා හෝ මා හැර යනු ඇතැයි මට අපැහැදිළි අදහසක් විය. එහෙත් එය මෙතෙක් ඉක්මණින් වෙතැයි මම නොසිතුවෙමි. ...
විරාමය: Hitler: The Rise of Evil නරඹමු The Butterfly Revolution සමනළ විප්ලවය . . දීර්ඝ හැඳින්වීමක් අනවශ්‍යයි. ඔබ හොඳින් දන්නා හඳුනන චරිත කිහිපයක් මුණ ගැසෙනු ඇතැයි සිතමි.