The Butterfly Revolution සමනළ විප්ලවය (http://samanalaviplavaya.wordpress.com/) Latest Posts Most Popular Posts
සමනළ විප්ලවය – කථාංගය 8 – හුණුවටය හා ගෲෂා The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2001, සමාන්තර විශ්වය ස්ථානය: රාජකීය විද්‍යාලය, කොළඹ, ලංකාව **********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )********** ගෲෂා, දිනූෂා හා අරේෂා. මගේ නව යොවුන් ජීවිතය නම් වූ, තිර හතක් පසු කරගෙන ගොස් ඇතුළු විය යුතු වූ අඳුරු දේවාලයට ඇතුළු වූ ගැහැණු තිදෙනෙක් වූහ. ඔවුන් එක් වූයේ ඉහත අනු පිළිවෙළිනි. සියල්ලන් එකට නොව එකියක පස්සේ තවෙකකිය. මේ කතාව කියාගෙන යද්දී මේ අනු ...
සමනළ විප්ලවය – කථාංගය 7 – සමනළයා සෙට් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – දුමින්ද සිල්වා ප්‍රේමය The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: ඔක්තෝබර් 2011, සමාන්තර විශ්වය ස්ථානය: සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කොළඹ, ලංකාව **********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කථාව)********** “…මාරාතිරෙක මභියුජ්ජිත සබ්බරත්තිං ඝොරම්පනාලවකමක්ඛමථද්ධ යක්ඛං ඛන්තී සුදන්ත විධිනා ජිතවා මුනින්දො තං තෙජසා භවතු තෙ ජයමඞගලානී…” මාරයකු වන් වූ ආලවක යක්ෂයා මුනිඳුහු ඉවසීමේ බලයෙන් දිනූහ. ඒ ආනුභාවයෙන් ඔබට ජයමංගල්‍යයක්ම වේවා! ජය මංගල ගාථා අවසානයේ මාලක සිල්වා, දෙවැනි මනමලයා, දුමින්ද අතට ලියුම් කවර කිහිපයක් ...
සමනළ විප්ලවය – කථාංගය 6 – යාපනය ගිනි ගනියි The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: මැයි 1981, සමාන්තර විශ්වය ස්ථානය: උතුරු පළාත, ලංකාව **********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කථාව)********** ලංකාවේ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ සම්භවය දුම්කොළ වැවීම පිණිස ලන්දේසි සමයේ මෙහි රැගෙන ආ දෙමළ කම්කරුවන්ය උපතිස්ස කියද්දී මම කෝපයට පත්වෙමි. ඒ දෙමළුන් කෙරෙහි ඇති විශේෂාදරයකින් නොව, හුදෙක් වාර්ගික අභිමතාර්ථයන් පිණිසම මෙවැනි අමු අමුවේ කරන ඉතිහාස විකෘති කිරීම් වලට මා නොකැමැති හෙයිනි. “දන්නෙ නැත්නම් ඉගෙන ...
සමනළ විප්ලවය – කථාංගය 5 – ජුලම්පිටියෙ අමරේ සහ රතු හාමුදුරුවෝ The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2009, සමාන්තර විශ්වය ස්ථානය: බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව **********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කථාව)********** අද කැබිනට් මීටිම පට්ට වාතයක් විය. මට ඉදිරිපත් කරන්ට තිබුණේ කැබිනට් පත්‍රිකා දෙකක් පමණි. ඒ විදුලි බල මණ්ඩලයට අළුතින් බඳවා ගන්නා උපදේශකවරුන් දෙදෙනකු පිළිබඳවය. ප්ලග් එකක ෆේස් එක මොකද්ද නිව්ට්‍රල් එක මොකද්ද වත් නොදන්නා ලොකුආරච්චියා පක්ෂයේ පරාජිත මන්ත්‍රීවරයෙකි. අන් ආදායම් මාර්ගයක් නැති නිසා ඔහුට ජොබක් ...
සමනළ විප්ලවය – කථාංගය 4 – මඩොල් දූවේ සමනල්ලු The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: දෙසැම්බර් 2004, සමාන්තර විශ්වය ස්ථානය: දකුණු පළාත, ශ්‍රී ලංකාව කොග්ගලු ඔය නිසලය. නිහඬය. අපට ඇසෙන්නේ සමීරගේ ගිටාරයේ සත්සර හඬ හා ඔහුගේ සිහින් ස්වරය පමණෙකි. හඳ සාක්කි කියාපුදෙන්…කියාපුදෙන්! හිරු සහතික ලියාපුදෙන්…ලියාපුදෙන්! හඳ සාක්කි කියාපුදෙන් – හිරු සහතික ලියාපුදෙන් තරු දිවුරා පොරොන්දුනාදෙන්!! හිතුමතේට එහෙට මෙහෙට වැණෙන සිනාමල්! පැල් බැඳ…ගෙන හිනා වෙන්න – හිනා වෙන්න මල් වය…සට ගෙනත් දුන්න – ගෙනත් ...
සමනළ විප්ලවය – කථාංගය 3 – මව් මරා උපන් කුමරා The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 1980 දශකය, සමාන්තර විශ්වය ස්ථානය: මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව මෑතකදී මම ‘ඩොක්ටර් ෂිවාගෝ’ නැරැඹූයෙමි. පැය තුනහමාරක් තිස්සේ දිවෙන ඩේවිඩ් ලීන්ගේ මේ අසාමාන්‍ය සිනමා කෘතිය ආරම්භ වන්නේ ශෝකජනක ජවනිකාවෙකිනි. සත් හැවිරිදි යුරි සුදු පැහැති මල් කිනිත්තක් අතින් ගෙන තම මෑණියන්ගේ විවෘත දෙන පසුපසින් අවමංගල්‍ය පෙරහැරේ ගමන් කරයි. ගිම්හාන සුළඟින් විසිර යන කොළ, පරඬල්, දුහුවිලි පාවී අවුත් මවගේ ජීවයෙන් තොර ...
සමනළ විප්ලවය – කථාංගය 2 – ජනරාල් සරත් ෆොන්සේකා මියයයි The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: අප්‍රේල් 2006, සමාන්තර විශ්වය ස්ථානය: ක්වාලාලම්පූර්, මැලේසියාව අද සන්ධ්‍යාව ප්රයොත්කර්ෂයක් විය. වෙයි හා මා සැලැසුම් කොට තිබුණේ Brokeback Mountain නරඹන්ටය. Brokeback Mountain මැලේසියාවේ ප්‍රදර්ශනය කරන්ට පටන් ගත්තේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයෙන් මාස කිහිපයකට පසුවය. සංස්කරණ කිහිපයක් සමඟය. කෙසේ වෙතත් අපට එය බලන්ට ඕනෑම විය. බදාදාව ඊට සුදුසුම දිනය වෙතැයි අපි කල්පනා කළෙමු. මැදි වාර පරීක්ෂණය නිමා වන්ට නියමිතව තිබුණේ අඟහරුවාදා බැවිනි. මේ සැලසුම අවුල් වූයේ උදෑසන ...
සමනළ විප්ලවය – කථාංගය 1 – සුදු කොඩි The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: අගෝස්තු, 2012 සමාන්තර විශ්වය ස්ථානය: මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව බැනරය එල්ලන්ට එතරම් පහසු නොවූයේ එක පැත්තකින් ලණු ගැට ගසන්ට වූයේ කණාටු පොල් ගසක් පමණක් වූ හෙයිණි. ඊට නැඟිය යුතු වූයේ පරිස්සමෙනි. කෙනකු නඟින්ට තැත්කළ හැම විටෙකම එය කඩා වැටෙන්ට මෙන් පාත් විය.අවසානයේ හිණිමඟෙක ආධාරයෙන් ඔවුහු ඒ බාධකයද ජය ගත්තෝය. අනිච්ඡාවත සංඛාරා! හදිසියේ අප අතුරින් වියෝ වූ විදුලිබල හා ...
සමනළ විප්ලවය – සමාරම්භය! The Butterfly Revolution සමනළ විප්ලවය “සමනළ විප්ලවය” දේශපාලන නවකථාවකි. ඊට පාදක වන්නේ වර්තමානය (2012) වුවද අදාළ සිද්ධි දාමය සිදුවන්නේ සමාන්තර විශ්වයකය. සමාන්තර විශ්වයක් වූ කලි ඉතිහාසය ‘විකල්ප මාර්ගය’ ගැනීම හේතු කොට ගෙන ගොඩ නැඟෙන, වර්තමානයට වෙනස් වූ කාලාවකාශයකි. එවන් කාලාවකාශයක් තුළ ඕනෑම දෙයක් සිදු විය හැකිය. උදා: හිට්ලර් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමෙන් පසු බිහිවන ලෝකය. (වැඩි විස්තර පිණිස බලන්න http://tinyurl.com/nw4sq) “සමනළ විප්ලවය” ට ...