Untitled Post දෙනෙත් හරින්න ! පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු; 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට ...
කිරි වල ඇති ලැක්ටෝස් දිරවන්න අපහසුයි. ඇඟට අහිතකරයි.කිරිපිටි මිත්‍යාවෙන් මිදෙන්න - වෛද්‍ය ජයකොඩි දෙනෙත් හරින්න ! මෙකල බොහෝ දෙනා කිරිපිටිවල අගුණ ගැන කතා කිරීමේ දී අවධානය දක්වන්නේ මෙලමයින්, DCD වැනි වැනි අහිතකර දෑ පිළිබඳව පමණක් වුවත් කිරිපිටිවල අඩංගු මූලික පෝෂ්‍ය පදාර්ථ වන කාබොහයිඩේ්රට, ප්‍රොටීන හා මේදයෙහි පවා සැලකිය යුතු ගැටලු ඇති බව වෛද්‍ය පාලිත සමන් ජයකොඩි මහතා පැවසී ය. ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ ”කිරිපිටි මිථ්‍යාව, කිරි ආහාර සම්බන්ධ ගැටලු හා විසඳුමට මඟක්” මැයෙන් ශ්‍රී ...
ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය - විශේෂ කාර්ය බලකා ආරක්ෂාව මැද මහා බෝගස කපා ඉවත් කරයි දෙනෙත් හරින්න ! කොළඹ,ග්‍රෑන්ඩ්පාස් හී ස්වර්ණ චෛත්‍ය පාරේ පිහිටා තිබූ දැවැන්ත බෝගස කපා ඉවත් කිරීමේ කටයුතු අද(12) පෙරවරුවේ කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කළේය. එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුලු මහ නගර සභාවේ නිලධාරින් රැසක් සහභාගී වූහ. උදෑසන දහයට පමණ නගර සභාවේ විශාල දෙඹකරයක් එහි සේවකයින්ද සමග පැමිණ බෝගස කැපීම ආරම්භ කළහ. මෙම බෝගස හේතුවෙන් ඒ ...
කොටි සහ NGO 16ක් තහනම් දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකාව තුල කොටි සංවිධානය සහ ඊට සහය ලබාදෙන සංවිධාන 16ක් තහනම් කිරීමට රජය කටයුතු කර ඇත.හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමෙන් පසු එම සංවිධාන ජාත්‍යන්තර වශයෙන් ද තහනම් කිරීමට හැකියාවක් ඇති බවයි.ශ්‍රී ලංකාව තුළ තහනමට ලක්කර ඇති සංවිධාන මෙසේය.1 දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය නොහොත් ටී.ආර්.ඕ3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව ...
මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධව ක්‍රියා කිරීමට විග්නේශ්ට අයිතියක් නෑ - ගෝඨා දෙනෙත් හරින්න ! මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන්ට හිමිකමක් නැතැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ද්‍රවිඩ මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ ජනාධිපති, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිසිය හා ආරක්ෂක මණ්ඩලය බව ඒ මහතා අවධාරණයෙන් පළ කළේය.විග්නේශ්වරන් මහතා ක්‍රියා කළ යුත්තේ රටේ අනිකුත් මහ ඇමැතිවරුන් ක්‍රියාකරන අන්දමට යෑයිද රාජපක්ෂ මහතා සඳහන් ...
ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් හදමු! - JHU දෙනෙත් හරින්න ! ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය නොතකන ඉන්දියාවට ව්‍යාපාරික හෝ රාජ්‍යතාන්ත්‍රික හෝ වරදාන ලබා නොදෙන ලෙස ජාතික හෙළ උරුමය රජයෙන් ඉල්ලා සිටී.ණිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියක් ගොඩනගන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බවයි.නිවේදනයේ මෙසේද දැක්වේ.ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් බටහිරට යට නොවූ ආර්ථික සහජීවනයක් ගොඩනගමුශී්ර ලංකාව ත්‍රස්තවාදය පරාජය කර සෑම ජන කණ්ඩායමකටම ජීවිත අභය දානයත්, ...
සිංහල බෞද්ධ රටේ කොතැන කැණීම් කළත් හමුවන්නේ බෞද්ධ පුරාවස්තු - දයාරත්න හිමි | සිංහලයන් වඳවීගෙන යන ජාතියක් වෙලා - මැඩිල්ලේ හිමි දෙනෙත් හරින්න ! සිංහල ජාතිය වදවීගෙන යන ජාතියක් බවට පත්ව අද බහුතර සිංහල ජනතාව සුළු ජාතිය බවට පත්වෙලා යැයි සිංහල රාවය ජාතික සංවිධානයේ ලේඛකාධිකාරී මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ප්‍රකාශ කරති.මග්ගොන නගරයේ සිංහල රාවයේ ශාඛාවක් පිහිටුවීම සහ දැනුවත් කිරීමේ දහම් හමුවකට එක් වෙමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි මෙසේද සඳහන් කරහ.‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කොමිෂන් සභා වාර්තාවේ 964 පිටුවේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. ...
උඳුවප් පෝදා සිරිලකට වැඩම වූ ජයසිරි මහා බෝ සමිදු දෙනෙත් හරින්න ! සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩම කරවීම (මෙම මූර්ති නිර්මාණය කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ශාක්‍යසිංහාරාම විහාරයෙනි)ධර්මාශෝක අධිරාජයාගේ දුහිතෘ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කළ උඳුවප් පුන් පොහෝ දිනයක් යළි උදාවිය. මෙයින් දෙදහස් තුන්සිය එකළොස් වැන්නෙහි (2311) උඳුවප් පොහෝදා ඒ උතුම් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්ෂිණ ශාකාව රැගෙන මෙහි වැඩම කළහ. ඒ ඓතිහාසික උතුම් ...
බ්‍රිතාන්‍යය බලවත් රටක් නොවෙයි - චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත දෙනෙත් හරින්න ! බ්‍රිතාන්‍යය යනු පැරණි යුරෝපා රටක් මිස බලවත් රටක් නොවේ යෑයි චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත කියයි. අප බ්‍රිතාන්‍යය බලවත් රටක් ලෙස පිළිගන්නේ නැහැ යෑයි එකී පුවත්පත තවදුරටත් සඳහන් කළේය. චීන අයිතීන්වලට එරෙහිව බ්‍රිතාන්‍යය සිදු කළ ක්‍රියා ගැන වන්දි ගෙවිය යුතු බවද පවසන එකී පුවත්පත බ්‍රිතාන්‍ය රජය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් දන්වා ඇත.http://www.divaina.com/2013/12/05/forign01.html ...
පැකර්, ආණ්ඩුව සහ කැසිනෝ දෙනෙත් හරින්න ! රටේ ජනතාවට පසුගිය දිනවල සියලු ප්‍රශ්න අමතක කර සිතන්නට තිබූ අර්බුදයක් විය. ඒ කොළඹ තැනෙන්නට නියමිතව තිබෙන්නේ හෝටල් ද - කැසිනෝ හල්ද යන්නයි. ඒ තරමට පරස්පර ප්‍රකාශයන් ඊට මුල්ව කටයුතු කරන පිරිසගෙන් ප්‍රකාශයට පත්විණි.කොටින්ම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගෙන ගිය ක්‍රියා පිළිවෙතද සැක සංකා මතුකරවන්නක් විය. විශේෂයෙන් කැසිනෝ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දිනයේ විපක්ෂයට එය ලබාදීමට පවා ආණ්ඩුව කටයුතු කළේ ...
'13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම' - පනතට සහාය නොදෙන හැමෝටම වගකියන්න සිදුවේවි - ගම්මන්පිල දෙනෙත් හරින්න ! ප්රශ්නය - 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට ප්‍රධාන හේතුව.පිළිතුර - ජාතික හෙළ උරුමය ආරම්භයේ සිටම 13 වන සංශෝධනයට එරෙහිව කටයුතු කළා. අපි මෙම සංශෝධනයට දේශපාලන හා නෛතික වශයෙන් විරුද්ධයි. මේ පළාත් සභා ඉන්දියාව ලංකාව මත බලෙන් පැටවුවා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ ලංකාව දණ ගස්සලයි. දෙවනුව මෙය නීති විරෝධීයි. ජනතාවගේ අනුමැතියකින් තොරවයි පළාත් ...
අදවැනි දිනක දැයෙන් සමුගත් අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව දෙනෙත් හරින්න ! අපේ රටත් ජාතියත් ආගමත් භාෂාවත් රැකගැනීම සඳහා ජීවිත පූජාවෙන් කටයුතු කළ අය බොහෝය. මේ අතර දුටුගැමුණු, ගජබා, විජයබා, වළගම්බා, දස මහයෝධයන් ආදි විර පුරුෂයන් මුල් යුගයේ යුගපුරුෂයෝ වූහ.රජ සමයෙන් පසු අපේ රටේ නැවත නිදහස වැලලී ගිය පසු ඒ නිදහස රැකගැනීම සඳහා ගිහි පැවිදි බොහෝ පිරිසක් කටයුතු කර ඇත. කැප්පෙටිපොල, බද්දුමබණ්ඩාර, ඇහැලේපොල, වීදියබණ්ඩාර, මයාදුන්නේ, වීර පුරන්අප්පු වැනි අය ප්‍රධාන තැනක් ගනිමින් ...
අස්මිගේ අවුරුදු 04 ක දියණියට අතවර කළ වහාබ්දීන් (52) පෙදරේරුවා අස්මිගේ පොලු පහරින් මරුට දෙනෙත් හරින්න ! තම අවුරුදු 04 ක දියණියට බරපතල ලිංගික අපයෝජනයක් කළ අවුරුදු 52 ක පෙදරේරුවකුට දැරියගේ පියා විසින් පොල්ලකින් ගසා ඝාතනය කර ඇති බවට කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයෙන් පැවසේ.මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරනායක පොලිස් වසමට අයත් වල්පොල ග්‍රාමයේ පදිංචි එම්. ඩබ්ලිව්. එම්. වහාබ්දීන් නමැති අවුරුදු 52 ක අයෙකි.සිද්ධිය සැකෙවින් මෙසේය.අරනායක පොලිස් වසමට අයත් විල්පොල පදිංචි එස්. එම්. අස්මි නමැත්තාගේ නිවසේ උළුවහු තැබීම ...
කොටි විරු සෑමරුඹට සම්බන්ධ අයට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්න - ඕමල්පේ සෝභිත හිමි දෙනෙත් හරින්න ! කොටින්ගේ දේශපාලන පෙරමුණ දෙමළ ජාතික සන්ධානයයිකොටි මහා වීර සැමරුමට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා පවත්නා නීතිය ප්‍රමාණවත් නොවන්නේ නම් නීති සම්පාදනය කරන ලෙසත් රජයට බලකර සිටින බව ජාතික හෙළ උරුමය නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සඳහන් කරති.එසේ නොවුණහොත් කොටි ත්රස්තයන් නැවත වරක් හුඹස් තුළින් එළියට පැමිණෙනු ඇති බවත් ඊට ප්‍රථම රජය එය නියපොත්තෙන් ...
ඉන්ද්‍රරතන හිමිගේ සිද්ධිය වාර්තා කල කැමරාකරු ඉතා නිවැරදියි - JHU දෙනෙත් හරින්න ! බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ සිද්ධිය වාර්තාකළ මාධ්‍යවේදියා බියවැද්දීම පිළිකුලින් හෙළා දකින බව ජාතික හෙළ උරුමය පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.එම නිවේදනයේ මෙසේද දැක්වේ.වෙසක් පුන් පොහෝදා දළදා මාළිගය ඉදිරිපිට ගව ඝාතනයට හා බෞද්ධයන් අන්‍ය ආගම්වලට බඳවා ගැනීමට විරුද්ධව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් තම සිරුරට ගිනි තබාගත් අවස්ථාව සජීවීව වීඞීයෝ ගත කළ විද්‍යුත් හා මුද්‍රිත මාධය ...
සිංහරාජයේ හූනු කටුසු මහ ජාවාරමක්. අධික මිලකට සතුන් විකිණේ! දෙනෙත් හරින්න ! පිට ප්‍රදේශ වලින් පැමිණෙන තැරැව්කරුවන් හා ගම්මානවලින් හදුනාගැනෙන සැපයුම්කරුවන් සිංහරාජ අවට ගම් වල හූනන්, කටුස්සන්, කිරිඉබ්බන් අල්ලා විශාල මිල ගණන් වලට විකුණන මහා පරිමාණ ජාවාරමක් කි‍්‍රයාත්මක වෙතැයි වාර්තා වේ.කබර හූනා මේ සතුන් අතරින් වැඩිම මිලකට අලෙවි වන අතර දාර කටුස්සන් හා කිරි ඉබ්බන්ද වැඩි මිලකට විකිණෙන බව දැනගැනීමට තිබේ.ගැනුම්කරුවන් ඉදිරිපත් කරන ප්‍රමිතියට ගැනෙන හූනකු රුපියල් ලක්ෂය දක්වා අලෙවි කළ හැකි ...
ගව ඝාතනය නැති කිරීමට, අන්‍යාගම්කරණයට එරෙහි පනත සම්මත කිරීමට පියවර නොගත්තොත් එළැඹෙන මැතිවරණවලදී රජයට අපේ සහාය නැහැ - උඩවත්තේ නන්ද හිමි දෙනෙත් හරින්න ! ඉල්ලීම් ඉටුකරගන්න ජීවිත පූජාවෙන් කැපවෙනවා.ගව ඝාතනය නැවැත්වීමටත් බලහත්කාරයෙන් ආගම්වලට හරවාගැනීම තහනම් කරන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමටත් පියවර නොගතහොත් ලබන මැතිවරණයකදී ආණ්ඩුවට සහාය නොදෙන බව ජනාධිපතිතුමාට කියා සිටින බව සිරුරට ගිනි තබා ගනිමින් දිවි නසා ගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් වෙනුවෙන් මහනුවරදී ඊයේ (27 දා) පැවැති රැස්වීමකදී හිටපු ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය උඩවත්තේ නන්ද නාහිමියෝ පැවසූහ.මහනුවර බොදු එකතුව සංවිධානය මගින් ...
රජත සැමරුම් පළාත් සභා මැතිවරණය දෙනෙත් හරින්න ! එළැඹෙන සැප්තැම්බරයේ 21 දින උතුරේ රජත සැමරුම් පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත. "රජත සැමරුම්" යනුවෙන් විශේෂණ පදයක් යෙදුවේ ඇයි? ඔබ විමසන්නට බැරි නැත. මා එසේ සඳහන් කළේ අවසන් වරට උතුරු පළාතට පළාත් සභා මැතිවරණයක් පැවැත්වුණේ 1988 නොවැම්බර් 19 වැනිදාය. එතැන් පටන් වසර 25 ක් ගිය කල්හි දෙවැනි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත. 2013 වර්ෂයේ දේශපාලන ක්ෂේත්රයේ වැඩි ...
පිළිකාව ජය ගැනීම සහ ඖෂධ සමාගම් පැරදවීම දෙනෙත් හරින්න ! පිළිකාව යනු ජයගනිමින් පවත්නා මාරයෙකි. වකුගඩු රෝග ජය ගැනීමට තවමත් හැකිව නැතත් කල් තබා නිවාරණ පියවර ගැනීමෙන් රෝගය ජය ගැනීම කොහොම වෙතත් පමා කර ගැනීමත් කළ හැකිය. කෙසේ වුවද පිළිකාව සහ වකුගඩු රෝග හටගත් විට බෙහෙත් අත්‍යාවශ්‍යය. බෙහෙත් නැති විට මෙකී රෝග දෙකම මරණ වරෙන්තු බවට පත් වෙයි. ඖෂධ ගෙන්වන සමාගමක් ස්වකීය ඒකාධිකාරය පවත්වාගෙන යැම නිසා පිළිකාව සහ වකුගඩු රෝග ...
ග්ලයිපොසේට් තහනමෙන් පසු ජනතාවට මාරාන්තික රසකාරකයක් - වෛද්‍ය චන්න ජයසුමන දෙනෙත් හරින්න ! උතුරුමැදට බහුල ලෙස වකුගඩු රෝගයද පිළිකාවද දියවැඩියාවද දායාද කර දුන් ග්ලයි පොසේට් විෂකාරකය පිළිබඳව දශකයකට වැඩි කලක් තිස්සේ විවිධ පර්යේෂණ පවත්වමින් යථාර්ථය රටට හඳුන්වා දුන් පර්යේෂණ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස රටට ජාතියට අමිල මෙහෙවරක් ඉටුකරමින් ග්ලයිපොසේට් තහනම දක්වා පසු නොබැස කටයුතු කළ රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා රටට විනකරන ජනතාව හෙමින් හෙමින් රෝගීන් බවට පත්කරමින් අන්තිමට ...