මගේ ලොවට ආ නුඹ.. ඉෂාන්ගේ සටහන් නුඹේ උවනෙත නෙත ගැටෙන සඳ සරා සඳ වුව සඳ නොවේ නොවේ මට නොමැත උපමා සසඳා ලන්නට රුවැති සඳ තරු පරදවයි නුඹසිතම දවනා හැඟීමක් ගෙන නුඹට හිමිවී සිනහවක් ඇතමගේ හද මා හටම අවනත නොවෙයි කවදාවත් නොවූ ලෙසතව කියවන්න » ...
ගෑණි වටේ යවලා සැප විඳීමත් සමඟ 2013! ඉෂාන්ගේ සටහන් මං බලාපොරොත්තු වුණු ඉලක්ක වලට යන්න බැරි වුණු අවුරුද්දක් 2012 කියන්නේ.වෙලාවකට හිතෙනවා අළුතින් හිතලා වැඩකරන්න පටන් ගත්ත තැනමද තාමත් මං ඉන්නේ කියලා.මොනවා වුනත් දැන් ඒ අවුරුද්දත් ඉවරයි.අද ඉදලා අලුත් අවුරුද්දක්.2012දී ඉවරයක් කරන්න හිතාගෙන හිටපු මගේ එක්සෑම් දෙකකුත් දවසින් දවස කල් ගියා.ඔය එක්සෑම් හින්දා ගෙදරින් කොච්චර බැනුම් ඇහුවාද! හයියෝ! ඒ වෙලාවට මොකක් හරි උත්තරයක් දීලා ශේප් වුනා මිසක් ඒකත් ඉවරයක්ම කරලා දාන්න ...
කාරුණික දැනුම් දීමක්.. ඉෂාන්ගේ සටහන් අද උදේ අපේ ආම් ගේ එක අයියා කෙනෙක් නැති වුනා හාර්ට් ඇටෑක් ඇවිත්. එයාගේ අවසන් කටයුතු වලට සහාභාගී වෙන්න සිදු වෙන නිසා පෝස්ට් වලට ලැබෙන කමෙන්ට්,ඒවාට උත්තර පබ්ලිෂ් කරන්න වෙන්නේ ආපහු ගෙදර ඇවිත්.එතකන් තරහා ගන්ට එපා ඕං.. නලීන් අයියාටනම් ප්‍රශ්නයක් වෙලා කරපු කමෙන්ට් කොහෙද කියන එක.ගණන් ගන්ට එපා.හදිසි අවස්ථාවක්නේ මේ. ඉතින් කමෙන්ට් කරලා යන්න කියවලා. මරණ ගෙදර දවස් 5ක් ගන්ටයි ...
ප්රතිකර්මය ++ ඉෂාන්ගේ සටහන් දැන් දවස් ගානක ඉදන් දැනුණු වැළමිටේ කැක්කුම හින්දා බණ්ඩා තීරණය කළා ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා ඒකට ප්‍රතිකාරයක් ලබාගන්න.ඉතින් වැඩ කරන තැනින් කලින් පිට වෙලා යන්න හදද්දී බණ්ඩාගේ යාළුවෙක් වෙච්ච සයිමන් ඉස්සරහට මුණ ගැහුනා."මොකෝ මචං අද කලින්ම යන්න යන්නේ?""නෑ බං. දැන් දවස් ගානක ඉදලා මගේ මේ වැළමිට රිදෙන්න අරන්. මං මේ බැලුවේ කලින් ගිහින් ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න..""ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න යන්න ඕනේ නෑ ...
ඉතින් ඔහේ කියන්නේ.. ඉෂාන්ගේ සටහන් මනුස්සයෙක් තමන්ගේ බිරිද එක්ක නිවාඩුවකට ජෙරුසලම් වලට යන්න තීරණය කරා.මේ දෙන්නා මැදි වයසේ ඉන්න දෙන්නෙක්.ඉතින් ජෙරුසලම් වල සංචාරය කරන අතරවාරයේදී බිරිද අසනීප වුණා.සැමියා ඇයව රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර සදහා යොමු කරා. ඒත් ප්‍රතිකාර ලැබුනත් බිරිද ඒ අසනීපෙන්ම මිය ගියා.ඇයගේ අවසන් කටයුතු සිද්ධ කරන්න තියෙන ඕනේ නිසා සැමියා ගියා අවමංගල්‍ය අධ්‍යක්ෂක වරයෙක් ගාවට.එතෙනට ගියාට පස්සේ අවමංගල්‍ය අධ්‍යක්ෂක වරයා ඇහුවා සැමියාගෙන්,"සර්.. අපි සර්ගේ ...
බැලන්ස් කරමුද? නැත්නම් අනිත් එක බලමුද? (තෑගී නැති ප්‍රශ්න - 8) ඉෂාන්ගේ සටහන් කට්ටිය බලන්න ඇති නේ මේ සතියේ තෑගී නැති ප්‍රශ්නේ කෝ කියලා..! මේ අද දාන්න යන්නේ ඒ පෝස්ට් එක තමා.. මේ දවස් වල වහින වැස්ස හින්දා අපේ ගෙදරට කරන්ට් එක එන ලයින් එකේ අවුලක්.ඉතින් දවස් දෙකක් කරන්ට් තිබ්බෙත් නෑ.ඊයේ හවස (අඟහරුවාදා) තමා CEB එකෙන් ඇවිත් හදලා ගියේ.තව මගේ වැඩ වගයකුත් තිබුණා කරගන්න.ඉතින් ඔයින් මෙයින් වුනේ හැමදාම වගේ සතියේ මුල බ්ලොග් එකේ වැටෙන ...
ඔබට මගේ මොනවා හරි වෙනසක් පේනවද..? ඉෂාන්ගේ සටහන් ජැක් වැඩ කරපු ආයතනයේදී එයාට දරුණු අනතුරක් සිද්ධ වුණා.අනතුර කොච්චර දරුණුද කියනවනම් ජැක්ගේ කන් 2 සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරන්න ඩොක්ටර්ස්ලා තීරණය කරා.ඉතින් සති ගානක් හොස්පිටල් එකේ ඉදලා ගෙදර ආවට පස්සේ එයාට දැන ගන්න ලැබුණා ජැක් වැඩ කරපු ආයතනයෙන් එයාව අයින් කරන්න අයින් කරන්න තීරණය කරලා කියලා. හැබැයි නිකන්ම නෙවෙයි.ජැක්ට අනතුර සිද්ධ වුනේ ආයතනයේදී රැකියාව කරන් ගමන් නිසා ආයතනයේ ප්‍රධානින් හිතලා ...
වැසිකිළි කුරුටු ලිපි.. ඉෂාන්ගේ සටහන් සීගීරි කුරුටු ගී ගැන දැන ගැනීමට ලැබීමෙන් විමතියටත්, කුතුහලයටත් පත් වූ යුරෝපීය සාහිත්‍ය ගවේෂකයෝ තිදෙනෙක් ලංකාවේ තවත් කුරුටු ලිපි ඇති තැන් සෙවීම සදහා කටුනායක ගුවන්තොටු පලින් ලංකාවට ගොඩබටහ. මේ කාර්යයේදී ඔවුනට සහයවීම සදහා සුදුසුකම් ඇති එකම තැනැත්තා වශයෙන් රජයෙන් මා පත්කිරීම ගැටකපන්නන්ගේ හා තැරව්කරුවන්ගේ දැඩි ශෝකයට හේතු විය. සීගීරිය, ශ්‍රීපාදය, පොළොන්නරුව ආදී පුරාණ වැදගත්කමක් ඇති හා පූජනීය ස්ථාන කොළඹ නගර ...
අනේ මාරයා.. දැන් මාවත් අරන් පලෝ..! (මරණ දැන්වීම) ඉෂාන්ගේ සටහන් කවුදෝ දොරට ගසන ශබ්දයක් ඇසී වහාම විදුලි පහන දල්වා බිමට පැන එහි වූ සරම ඇහිද ගෙන ඇගට දා ගත් මම.."කවුද..?" කියා ඇසීය."මං සෑර්.." "මං කියන්නේ කවුද..! හමුදාවෙන්ද? පොලිසියෙන්ද..? පාතාලෙන්ද..? ඉන්කම් ටැක්ස් එකෙන්ද..? නැත්නම් සුදු වෑන් වලින්ද..?""ඒ එකකින්වත් නෙවෙයි සෑර්.. මං මේ පීටර්. වටලප්පන් නෝනාගේ පණිවිඩේකට.""මේ රෑ දොළහට වටලප්පන් නෝනාට මොකෝ මං ඕනෑ වුනේ..? යකෙක්වත් ගැහුවද..?""නෑ සෑර්.. නෝනා කිව්වා විගහට මහත්තයාව ...
කළමනාකරණ පාඨමාලාවක්.. (විනාඩි 05කින්) ඉෂාන්ගේ සටහන් විනාඩි 05කින් හා කතා 5කින් කළමනාකරණය පිළිබද පාඨමාලාවක්..කතා අංක 01:පූජකවරයෙක් තමන්ගේ කාර් එකේ ගමනක් යද්දී දැක්කා කුලී රථයක් බලාපොරොත්තු වෙන් පාරේ අයිනේ ඉන්න පූජකවරියක්.කාර් ඒක එතනින් නවත්වලා ගිහින් ඔහු පූජකවරියගෙන් ඇහුවා ලිෆ්ට් එකක් දෙන්නද කියලා.පූජකවරියත් ඒකට කැමති වෙලා කාර් එකට නැග්ගා.දැන් වාහනේ යන ගමන් පූජකවරයා දැක්කා පූජකවරියගේ ඇඳුම දණහිසෙන් ඉහලට එසවිලා තියෙනවා.ඔහු ඒ දිහා බලාගෙන යද්දී වාහනේ පාරෙන් පිට පැන්නා.ඔහු ...
ඇයි මේ ගෑණු අය ඇඳුම් තෝරද්දී සෑහීමකට පත් වෙන්නේ නැත්තේ..? ඉෂාන්ගේ සටහන් මිනිසාට නැතුවම බැරි දෙයක්නේ ඇඳුම් (වස්ත්‍ර) කියන්නේ.මානව සංහතියේ ආරම්භයේදී මානවයන් ඇඳුම් ඇන්දේ නැති වුනාට පස්සේ කාලෙක ඇඳුම් අදින්න පුරුදු වුනානේ.ඉතින් ඒ කාලේ ඉදන් අද වෙනකම්ම වස්ත්‍රත් ක්‍රමක්‍රමයෙන් එක එක ආකාරයට විකාශනය ( ඒ කියන්නේ ඒවයෙත් පරිණාමයක් ) වෙන්න පටන්ගත්තා.ඉතින් අද කතා කරන්නේ ඇඳුම් වල පරිණාමය ගැන නෙවෙයි. මේ ඇඳුම් එක්ක මට තියෙන අත්දැකීම් ටිකක්..ඒ ටික කියන්න කලින් ඉෂාන්ගේ පවුලේ අය ...
ආවොත් විදිනවාමයි..!! ඉෂාන්ගේ සටහන් මා හදුනාගැනීම ඔබට එතරම් අපහසුවක් නොවේ. නයිලෝන් කමිසයත්, බම්බු හැඩයෙන් යුත් විනිලෝන් දිගු කලිසමත්, පොලව හැරීමට තරම් උල්ව ඇති යැංකි සපත්තු කුට්ටමත්, දකුණු අතේ වැලමිටට ලංව බැද ඇති ඔරලෝසුවත්, ගිනිපෙට්ටි හිදයද නොතකා කළුපාට වී ඇති හීන් උඩු රැවුලත්, පොල්තෙල් සහ වතුර මිශ්‍රණයෙන් ගොඩනංවා ඇති කොන්දේ බම්ප් එකත් නිසා මා රක්ෂාවක් නැති රස්තියාදුකාර පරපුරට අයත් මදවිකාරයෙකු බව බැලු බැල්මටම ඔබට වටහාගත ...
බලාගෙන ඉදපන්කෝ කොහොමද වෙන්නේ කියලා..!! ඉෂාන්ගේ සටහන් ඇමෙරිකාවේ චිකාගෝ වල හිටපු නීතීඥයෝ තුන් දෙනෙකුයි ඉංජිනේරුවෝ තුන් දෙනෙකුයි නිව්යෝර්ක් වල තියෙන විශේෂ සමුළුවකට සහභාගී වෙන්න දුම්රියෙන් ඒ ගමන යන්න තීරණය කරා. චිකාගෝ වලින් දුම්රියට නගින්න දුම්රිය පොලට ගිය ඒ අයගෙන් නීතීඥයෝ තුන් දෙනාම තම තමන්ට ටිකට් තුනක් ගත්තා. හැබයි ඉංජිනේරුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් විතරයි ටිකට් ගත්තේ.මේ සීන් එක දැකපු නීතීඥයෝ තුන්දෙනාට ප්‍රශ්නයක් වුනා ඉංජිනේරුවෝ තුන්දෙනා කොහොමද එක ටිකට් ...
සූදු සල්ලි.. ඉෂාන්ගේ සටහන් සිරිපාල කියන්නේ සල්ලි,දේපළ තියෙන සූදුවට බොහෝ සෙයින් ඇබ්බැහි වුන මනුස්සයෙක්.සූදුවට ගිහින් දිනුවාට වඩා වුනේ හුඟක් පැරදුනු එක.මේ නිසා තමන්ගේ වත්කම් එන්න එන්න අඩු වුනා.ඒත් සූදුවට යන ගමන නතර කරේ නෑ.ඔන්න ඉතින් සිරිපාල වෙනදා වගේම හවසක ටවුන් එකේ තියෙන ක්ලබ් එකට ගියා සූදු කෙළින්න.මේ වතාවේ සූදු කෙළිය අවසන් වුනේ සිරිපාලට දිනුම ලැබිලා.දිනපු ගාන රුපියල් කෝටියකටත් එහා.ඉතින් මේ සල්ලි අරන් ගෙදර යන ...
ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න.. ඉෂාන්ගේ සටහන් "ඔයා වෙන කාටහරි ආදරේ කරනවාද?" ඇය ඔහු දෙස එක එල්ලේ බලාගෙන විමසුවා.ඇගෙන් දිස්වූයේ එයට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙන අයුරුයි."ඉස්සෙල්ලා මේක කාලා ඉන්න.ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.." ඔහු පිළිතුරු දුන්නා."බෑ.. මට ඒක දැනගන්න ඕනේ.."ඇයට ඕනේ වුනේ ඒ උත්තරේ නෙවෙයි.ඒත් ඔහු,"ඒ වුනාට කාලා ඉමු අපි.කෑවට පස්සේ මං කියන්නම්..""බෑමයි මට. මට කියලා ඉන්න ඒක. නැත්නම් මං මෙතන ඉන්න ඒක තේරුමක් නෑ.." ...
ලෝක විනාසේ ආවොත්..! ඉෂාන්ගේ සටහන් සූටිං කියන්නේ ගමක වෙසෙන ටිකක් මෝඩ පහේ තරුණයෙක්.වෙනදා වගේ හවස් වරුවේ වල් පල් කතා කරන්න යාළුවෝ ටික සෙට් වෙන ගමේ බෝක්කුවක් ළගට ගියේ පුරුද්දට. සුනිල් එතෙනට යද්දී යාළුවෝ ටික කතාවෙන මාතෘකාව තමා 'ලෝක විනාසේ..' සුනිලුත් ඉතින් ඒ කතා බහට ඇහුම් කන් දීගෙන පැත්තකින් හිටියා.කතාව යන්නේ මෙහෙමයි.."මචංලා දන්නවද..! ලෝක විනාසේ මේ අවුරුද්දේ දෙසැම්බර් 21 වෙනවලු ෂුවර් එකටම.." විමල් කිව්වා."උඹට හරියටම කියන්නේ ...
සුදු රෙද්දේ තියෙන්න ඕනේ ඒවා.. ඉෂාන්ගේ සටහන් ඒ විවාහ මංගල උත්සවයක දෙවෙනි දවසයි.උත්සවය පැවතුනේ මැදිරිගිරිය නගරයෙන් ටිකක් ඈතට වූ ගමක් තුලය.මා එම උත්සවයට සහභාගී වූයේ උත්සවයේ ඡායාරූප ශිල්පියාගේ සහයකයා වශයෙනි.එනම් මගේ මස්සිනා කෙනෙකුගේ උදවුවටය.අයියාගේ රැකියාව ඡායාරූපකරණය නොවුණත් ඉඩක් ලැබෙන අවස්ථා වල විවාහ උත්සවයන් හී ඡායාරූපකරණය බාර ගැනීම ඔහුගේ සිරිතයි.ඒ අමතර ආදායමක් සොයාගන්නට ලැබෙන නිසාය.එමනිසා ඔහු සහභාගී වන විවාහ උත්සවය වල අවසානයේ බෙදන තැන්ක්ස් කාඩ් නිර්මාණය කිරීම ලැබෙන්නේ ...
ගණන් ඉස්සු බඩු.. ඉෂාන්ගේ සටහන් බවලත් උදවිය නාන අවසථාවක් ම බලා නා ගැනීම සදහා ළිදට යාමට මා පුරුදුව ඇත්තේ ස්වභාධර්මය දෙස එබිකම් කිරීමට මා තුල ඇති කලා රුචිය නිසාම හෝ සත්‍යය ඒ සැටියෙන්ම දැකීමට හුරු වූ මාගේ දාර්ශනිකත්වය නිසාම හෝ නොවේ.වැඩියෙන්ම ඔවුන්ගේ කතාබහට කන්දීමෙන් ලද ඉමහත් ආස්වාදය නිසාය.රටේ අමාරු තත්වය පිරිමින්ට වඩා හොදින් වටහා ගැනිමෙන් දෝ ඕනෑවටත් වඩා ඉහළින් දියරෙද්ද තද කර ගන්නා මොවුන් කිචිබිචියන් ...
මහා කසිප්පු සමුළුව.. ඉෂාන්ගේ සටහන් සමස්ත ලංකා නීතිවිරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ,මහා කසිප්පු සමුළුවසමස්ත ලංකා නීතිවිරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ 1 වැනි වාර්ෂික මහා සමුළුව 2012 සැප්තැම්බර් 31 වන ඉරිදා මධ්‍යම රාත්‍රියේ 12.31ට කොළඹ කනත්තේ සුසාන භූමියේදී පැවැත්වේ. සංගමයේ ආරාධනය පරිදි විශේෂ කල්ලතෝනියකින් වැල්වැටිතුරෙයි හොර වරායට ගොඩබට බලුකිස්තානයේ කසිප්පු චක්‍රවර්ති , ශ්‍රීමත් අගුවක් පාසා මහතා මුලසුන හොබවනු ඇත.න්‍යාය පත්‍රය සමුළුව ඇරඹීමේ හූව.වාර්තාව ලිවීම.අය ...
අවුලක් එක්ක වතුර ප්‍රශ්නයක් (තෑගී නැති ප්‍රශ්න - 9) ඉෂාන්ගේ සටහන් සෑහෙන දවසකට පස්සේ ආපහු බ්ලොග් එකට ගොඩවුනා පෝස්ට් එකක් දාන්න කියලා හිතාගෙන.ජනවාරි 27 වෙනිදා ගම්පහදී පැවැත්වුණු ගෙට්ටුවට සහභාගී වෙන්න බැරි වුනේ පොඩි කේස් එකක් වැටුණු හින්දා.ඒක අර මං කලින් පෝස්ට් එකක කිව්ව එක්සෑම් එක සම්බන්ධ දෙයක්.කේස් එක මේකයි.මේ අවුරුද්දේ පළවෙනියටම දාපු පෝස්ට් එකේ කිව්වානේ මං මඟ ඇර ඇර හිටිය එක්සෑම් එකක් ගැන.මං කරපු කෝස් එක අවුරුද්දක එකක්.(ඒකෙ තවත් ඉස්සරහට කරන්න ...