සිහින සිතිවිලි 9 ---තරියාගේ කෙරුවාව--- ඉන් පසු එතරම් සැලකිය යුතු සංවාදයක් සිදු නොවුනි. විටෙන් විට ඇය සුසුම් හෙලනු ඇසුනු නමුත් මා කිසිවක් පැවසීමට නොගියෙමි.මා ඇය දෙසද ඇය මා දෙසද මාරුවෙන් මාරුවට හොරැහින් බැලුවත් දෙදෙනාම ඒ බව දැන උන්නි. කෙසේ වෙතත් සිදුවූ සිදුවීම එතරම් හොද දෙයක් නොවන වග අප දෙදෙනාම සක් සුදක් සේ දැන සිටියෙමු.උබලා වැඩ ඉවරද?උබලා වැඩ ඉවරද? සහනයා චායා සමග අප දෙදෙනා ඉදිරියේ විය.මොකෝ ...
සිහින සිතිවිලි 8 ---තරියාගේ කෙරුවාව--- ඇය අප දෙස බලා සිනාසී මදක් කල්පනා කරනු පෙනුනි.අයියෙ ඩෙස් නං පන්තියකින් තමා ගන්න වෙන්නෙ. අයියෝ කමක් නෑ. ලග පංතියකින් ගන්න පුළුවං වෙයිද? අයියෝ කමක් නෑ. පුළුවංනං වෙයි. ඇය අඩමානයට මෙන් පැවසුවාය.අපි එන එක අවුලක් වෙයිද දන්නෑ.නෑ ඒකං ප්‍රශ්ණයක් නෑ. මං වැඩිපුර තියෙන පන්තියක් බලාගෙන එන්නං එතකං ඕගොල්ලො මෙතන ඉන්න.ඕකේ. මාධවද පිලිතුරු සැපයුවේය.මාධවත් ශිෂ්‍ය නායිකාවත් සාකච්චා කරන අතර තුර මා ...
නුබ නැතිදා ---තරියාගේ කෙරුවාව--- පොඩ්ඩක් මේ අහං ඉන්න...මං කිව්වා මට මතකයි..රවුම් දෙනෙත් ලොකු කරගෙන...බලං හිටිය හැටි පුදුමයි...අපිට නොදැනි ඒ කාලය...ගතවීලා ගියා තමයි..ආසයි මට ආයෙ යන්න..ප්‍රශ්ණය දැං ඔයා තමයි...වෙනස් උනේ මං විතරද..නුබ තාමත් ප්‍රශ්ණ කරයි..ඒ ප්‍රශ්ණෙට උත්තරයක්..මගේ හිතත් තවම හොයයි..ප්‍රශ්ණ නොමැති ආදරයක..අරුතක් නෑ කිව්වා තමයි..පුළුවංනං ආයෙ එන්න..මං තාමත් නුබේ තමයි... ...
සිහින සිතිවිලි 7 ---තරියාගේ කෙරුවාව--- වෙන කවරදාකටත් වඩා අද හිතට දැනෙන හැගීම හරි වෙනස්. සමහර විට එයා කතා කරපු නිසා වෙන්නැති. සමහර විට හිනා උන නිසා වෙන්න ඇති. අනේ මන්දා. මට පිස්සු වගේ. ඔව් පිස්සු වගේ නෙමෙයි තමයි මම හිත හිතම මාධවයාගෙ ගෙදර ඉදං අපේ ගෙදට්ට ගියා. කොහොම හරි හෙන පටලැවිල්ලක් අත ලග කියලනං පිස්සුවෙං උනත් මට හිතුනා.ආ තමුසෙ ආවද? ඇයි ඕයි ආවෙ. අපේ ගෙදර ...
සිහින සිතිවිලි 6 ---තරියාගේ කෙරුවාව--- ඇය නැවතත් ඇස් ලොකු කර මා දෙස බැලුවාය.මම සිනහ වීමි.හරි. මේකෙ මේ ඕගොල්ලොන්ගෙ ලයිනප් එක හරිමදි. මම එකින් එක ඇයට තේරුම් කලෙමි. කාලය යනවා නොදැනිනි. හාත්පස පරිසරයේ කුමක් සිදුවීදැයි මට මතක නැත. නමුත් මට අද මෙන් ඒ ඇස් වල තිබූ කාන්තිය මතකය.මාර කට්ටක් බං සෙට් වෙන්නෙ මාර කට්ටක් බං සෙට් වෙන්නෙ. බලහංකො අපිට ඕක සතියක්වත් අදින්න වෙයි. මාධවයා බාලිකා පාසලෙන් ...
සිහින සිතිවිලි 5 ---තරියාගේ කෙරුවාව--- පුතාලා කෑවා නේ? ඇය සිනා සෙමින්ම ඇසුවාය.ඔව් මැඩම්.ආ චායා අර ප්‍රතිභාට එන්න කියනවද? එයාට කියන්න එනකොට සුවනියර් එකේ ඩමි එකත් අරං එන්න කියලා. සුභසිංහ මහත්මිය චායා දෙසට හැරී කීවාය.ආව් ආව්.. මචං අරකිද දන්නෑ... මාධවයා මගේ කනට කර රහසින් කීවේය.සිරාවටම එයා උනානං හොදයි බං. මම කීවෙමි.එහෙනං උබ සුවනියර් එක ගනිං. මාධවයා කීය.හදුනානොගත් ප්‍රතිභා පැමිනෙන්නට විනාඩි 10 ක් උපරිම ගතවන්නට.විස්වාස කරන්න ඒ ...