මා දුටු මුසල්මානුවන්!!!!!!! ---තරියාගේ කෙරුවාව--- මුලිංම කියන්නං මේක ජාතිවාදීන්ට දෙන සීනිබෝලයක් නෙමේ. මං දැක්ක දේවල් අමුවෙංමය ලියන්නයි කල්පනාව. ඒ නිසා සමහර තැං වල නොගැලපීම් තියෙයි. ගනං ගන්නෙපා.ඉස්කෝලෙ දවස් වලදි අපි සෙට් ඔක්කොම හිටියේ එකට. අරූ දෙමලා මූ තම්බියා කියලා කාවවත් වෙං කරේ නෑ.. වලි දා ගත්තේ, කෑවේ බිවුවේ, පීරියඩ් කට් කරේ, කෙල්ලො පස්සෙං ගියේ ඔක්කොම එකට... කවදාවත් කවුරුවත් කාවවත් පාවලා දෙන්න කොං කරන්න ගියේ ...
නිව්ටන්ගේ රහස් නියමය 1 ---තරියාගේ කෙරුවාව--- පලමු කොටසවර්ෂ2015දී සිදුවූ අනපේක්ෂිත සිදුවීමත් සමගම පෘථුවියේ එවකට පැවති ගැටළු රැසක් සඳහටම සමුගත්තාක් මෙන් ලෝකයම එකම රටක් මෙන් සාමකාමීව වැඩ කටයුතු කරන්නට විය.ඒ අනුව එක් එක් රටවල් විවිධ අංශයන්හි පුරෝගාමීත්වය දරමින් ඒ ඒ අංශ වල පරතෙරටම යාමට උත්සහ ගත්තේය.ඉන්දියාව ප්රමුඛ ආසියානු රටවල් කිහිපයක් එක්ව ආසියානු ලීගයක් පිහිටුවා අභ්‍යාවකාෂ වැඩ පිලිවෙලක් දියත් කරන ලදී.මේ අනුව ඔවුන් විසින් ඒ වන විට ...
බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 3 ---තරියාගේ කෙරුවාව--- පළමු කොටසට මෙතැනින්දෙවනි කොටසට මෙතැනින් ---තෙවැනි කොටස--- හොදයි බෙල්වුඩ් මහත්මා අපි බලාපොරොත්තු වනවා ඔබ සතු තොරතුරු හැකි ඉක්මනින් අප වෙත ඉදිරිපත් කරනු ඇතැයි කියා.ස්තූතියි ලේකම්තුමනි.මිනිත්තුවක් ඉන්න බෙල්වුඩ් මහත්මා.ලේකම්තුමනි. තවදුරටත් එය රහසක් ලෙස තබා ගැනීමෙන් පලක් නෑ. අපට CIA කාර්යභාර්ය නිලධාරී මුනගස්වන්න. තව විනාඩි 5ක් ඇතුලත.නමුත් ජනාධිපති තුමනි ඒ ඉතාමත් රහසිගත ජාතික ආරක්ෂාවට පවා බලපාන කරුනුනේ.ලේකම්තුමනි. මම හිතන විදිහට ඒ කරුණු ...
ටුවෙන්ටි ටුවෙන්ටි බලන්න යනවනං මේ ටිකත් දැනගෙන යන්න... ---තරියාගේ කෙරුවාව--- කට්ටිය දන්නවනේ මේ පාර 20යි විස්ස ලෝක කුසලානය තියෙන්නේ ලංකාවේ. යන්නත් සමහර අය අදහස් කරගෙන ඇති. නමුත් මේ පාර ක්‍රමේ ටිකක් වෙනස් මැච් බලන්න තියෙන. මුල ඉදංම බලමු මොනාද මේ වෙනස්කම් කියලා..ලංකාව ලෝක කුසලාන තරගාවලියක සම්පූර්ණ සත්කාරකත්වය දරන පලමු අවස්ථාව මේක. ඉතිං සංවිධායකයන්ට මේක ලොකු දෙයක්. කොටිංම කිවුවොත් ලංකා ඉතිහාසේ මෙතෙක් පවත්වන ලොකුම තරගාවලිය. මේකට සහභාගි වෙන්න රටවල් ගනනාවක ...
මචං සරණපාල..... ---තරියාගේ කෙරුවාව--- මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා වැඩ කීපයක් නිසා ඉතිං පෝස්ට් එකක් දාන්න වෙලාවක් වෙන් කරගන්න කම්මැලියි...එහෙමයි කියලා නොදා ඉන්නත් බෑ.. ඉතිං සිං සිං ගාලා පෝස්ට් එකක් දාලා යන්න හිතුවා.. මතකනේ අනුර ශ්‍රීනාත්ව.... (අමතක අය සහ නොදන්න අය මෙතනිං බලාගන්න)අන්න එතුමගේ චිත්‍ර කතාවක් දාන්න හිතුවා අද..ෆොටෝ ටික දාන එක විතරනේ කරන්න තියෙන්නේ.. එල..මේක පණ්ඩිත කෙල්ලංව ටකල් කරන්න බලං ඉන්න කොල්ලංටත් ...
--කියන කතා-- ---තරියාගේ කෙරුවාව--- පරාක්‍රම සමූද්‍රයේ බ්සෝ කොටුව අස්සෙත් නිදං හොයනවා කියලා අපේ එක බ්ලොග් එකක් ලියන කෙනෙක් කියනවා. කවුද ඒ??? බ්ලොග් සම්මාන උලෙල ලංවෙන්න ලංවෙන්න එක එක පැති වලිං එක එක විදියේ කතා ඇහෙනවා. සමහර කතා හරි රසවත් විදිහට තමයි ඉවර වෙන්නේ...ඉතිං ඒ අය කියපු රස කතා බලන කියවන වෙලාවයි මේ....---කියන කතා---අතිගරු අඩවි රජා (අ.රා)අතිගරු අ.රාදැං අපේ හාමුදුරුවනේ සමහරු කෑ ගහනවා බ්ලොග් ...
සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම Season 2 ---තරියාගේ කෙරුවාව--- සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම Season 2 ඔබ වෙත ගෙන එන්නේ රාජ අනුග්‍රහය සහිතව තරියාගේ රාජකීය අත්වැල් බැඳ ගැනීමත් සමගිනි.....12345 ජේ.ඩී ගේ හැසිරීම සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර678 ගෞතම් ගාම්බීර්ගේ ලාංකික සහෝදර ගෝත ගාම්භීරි 9101112131415161718 සෑමා ලකාගේ පහනෙන් එලිය බැලූ ආකාරය19පෙර මඩ -සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම Season 1(තරියාගේ කෙරුවාව - තරියා)කතා කරන මඩ පොටෝ - සිහින උළෙල 2013 (තහනම් ...
අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න.... ---තරියාගේ කෙරුවාව--- ඉස්කෝලෙ යන කාලේ කොල්ලෝ කෙල්ලංට ලියුං ලියනවා.. අද කාලෙනං ටිකක් අඩුයි.. මොකද හෑන්ඩ් ෆෝන් තියෙනව S.M.S කොටන්න.. ඒත් ලියුමක් කියවනකොට ලියනකොට දැනෙන කික් එක ඒ ඉලෙක්ට්‍රික් ලෙටර් වලිං ලැබෙන්නේ නෑ..සමහරු එක එක මාධ්‍ය භාවිතා කරනවා ඔය ලියුං ලියන්න. කවි ලියනවා, සිංදු ලියනවා, එතකොට තීන්ත වෙනුවට ලේ භාවිතා කරනවා.. විකාර ගොඩයි..ඉතිං ඔහොම පන දාගෙන ඉස්කෝලෙ වෙලාවේ යාළුවෝ වට කරගෙන ලස්සන ...
I am a ප්‍රිෆෙක්ට්!!!!!!!! ---තරියාගේ කෙරුවාව--- උදෑසන රාජකාරී සදහා ශිෂ්‍ය නායකයෙකු අවම වශයෙන් උදෑසන 6ටවත් පාසලට වාර්ථා කල යුතුය. එසේ නොමැතිනම් ඔහුට සොරි වන්නේ නිතැතිනි.චන්ඩි නොන්ඩි කෙරූ මගේ බැජ...උදෑසන පිබිදීම පියවර කීපයකි. මුලින්ම 4යි 30ට එලාම් එක නාද වේ. ඉන් විනාඩි 15කට පසු අම්මා පැමිණ “ලොකු පුතා නැගිටින්න“ ලෙස ඇහැරවයි. ඉන් විනාඩි 5කට පසු, “ලොකු පුතා ඉස්කෝලෙ යන්නැද්ද“ අසයි ඊටත් පසු, “ලොකු පුතා නැගිටපං යකෝ“ ...
පොඩි හිටියන්ට පමණයි!!!!! ---තරියාගේ කෙරුවාව--- වැඩිහිටි ඇත්තන් මෙය කියවීමෙන් වලකින්න. නමුත් ඔබ නාකි අලි බබෙක්නම් මෙය කියවීමට පුළුවන් බව මතක තබා ගන්න.යෝධයාගේ මල් උයන.සෑම සවස් භාගයකම පාසල් ඇරී ගෙදර එන ළමයි යෝධයාගේ මල් උයනට ගොස් සෙල්ලම් කරන්නට පුරුදු වී සිටියහ.මෘදු මොලොක් නිල් තණකොල වලින් ගැවසුනු මල් උයන ඉතා සුන්දර විය. නිල් තණ අතර පිපී තිබුණ සිත්කලු මල් තරු මෙන් බබලමින් මඳ සුලගින් එහා මෙහා වැනුනේය. ...
තරියට මොකද උනේ.... ---තරියාගේ කෙරුවාව--- මං දන්නවා එකෙක්ටවත් එහෙම හිතෙන්නැතුව ඇති..කමක් නෑ මං ඒම හිතුවා කීලා උපකල්පනේ කරලා දාන්නං මොකද උනේ කීලා.. ජොබ්ලස්, මයින්ඩ්ලස්, කෙයාලස් විදිහට හිටපු මෙමාට හෙන වගකීමක් තීන ජොබක් සෙට් උනා. ඒ නිවුස් එඩිටර් කෙනෙක් විදිහට වැඩ කරන්න. මං ඒකට නිවුස් එඩිටර් කිවුවට ඒකට හරියටම කියන නමනං දන්නෑ...රයිට්. වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිවුස් කියන වෙබ් එකේ. ඉතිං වැඩ නිසා බ්ලොග් පෝස්ට් ...
වෑර්ලස් කතන්දරේ දෙවෙනි කොටස ---තරියාගේ කෙරුවාව--- පළවෙනි කොටහ මෙතැනිං කියවන්නආරම්භ කර ගත්තු ගුවන් විදුලි සේවයේ ප්‍රධාන විකාශනාගාරය පිහිටලා තිබුනේ වැලිකඩ. මහා බ්‍රිතාන්‍යයේ 1922දි ගුවන් විදුලි සේවාව ආරම්භ වෙලා වසර තුනක් වැනි කෙටි කාලයක් තුලදිම ශ්‍රී ලංකාවෙත් ගුවන් විදුලි සේවාවක් ආරම්භ වීම වාර්ථාවක් බවට සලකනවා. ආසියාවේ ජ්‍යෙශ්ඨතම ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය බවට හදුන්වන්න පුළුවන්. ඒ දවස් වල තිබුන හිරු නොබසින අධිරාජ්‍ය නැත්තං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනෙකුත් ...
බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 5 ---තරියාගේ කෙරුවාව--- පලමු කොටසට මෙතනින්දෙවනි කොටසට මෙතනින්තුන්වැනි කොටසට මෙතනින්සිව්වැනි කොටසට මෙතනින්-----පස්වැනි කොටස-----2015.04.06පෙ.ව 5.32සර් අපිට ලෝකයේ හැම මහද්වීපයෙන්ම වගේ භූ චලන රැසක් වාර්තා වෙනවා. ඒ වගේමයි කවදාවත් නොදැකපු ආකාරයේ චලන කීපයක් අගහරු හා සිකුරු ග්‍රහයන් අතර සිදුවන බවත් අපට ලැබී තිබෙන තොරතුරු වල දැක්වෙනවා.අපිට කරන්න තියෙන දේ සීමිතයි කෙවින්. සියලුම යුධ නැව් ස්ථානගත වී ඇති බව අපට දන්වනවා කැප්ටන්.හොදයි. සන්නිවේදන කටයුතු වල තත්වය ...
තරියාගේ මන්තර පාඩම ---තරියාගේ කෙරුවාව--- බ්ලොග් එකේ දාන්න දෙයක් නැතුව වැලේ වැල් හොය හොය හිටපු වෙලාවක දෙයියෙක් කනට ගහැවු වගේ පේස් බුක් එකේ යාළුවෙක් මගෙං මේම ඇහුවා..ඉතිං බුවා මට දුන්නා උගේ සාත්තරේ ලෝබ නැතුව. මාත් නිකං දෙන දේනේ කියලා පැනලා ගත්තා.ඉතිං මෑන්ස්ගෙං අවසර එහෙම අරගෙන දැං බ්ලොග් එකේ දාන්නයි ලෑස්තිය..කරුමෙට පී.ඩී.එෆ් එක ලොක් කරපු එකක්.ඉතිං දාගෙන ඉස්කිරීං සොට් ගගහ පුළු පුළුවං විදිහට මන්තර ටික ඩිජිටල් ...
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) ---තරියාගේ කෙරුවාව--- මහාචාර්ය රත්නායක හා ඔහුගේ සහයක මයුර විසින් කල කාල තරණ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස 2005හේ පෙබරවාරි මස අතීතයේ ජීවත් වී මියගිය චරිතයන්හි මතකයන් සහ විඥානයන් වර්තමානයට ගෙන්වා එය ක්ලෝන තාක්ෂණය මගින් නිපදවූ ශරීරයකට ඇතුල් කර අතීත චරිතයන්ට පන දිය හැකි ක්‍රමවේදයක් නිපදවීය. නමුත් මහාචාර්ය රත්නායකගේ හදිසි අතුරුදහන් වීමත් සමගම එම ව්‍යාපෘතිය නැවතුනි. කිසිවෙකුට මහාචාර්යවරයා නැවැත්වූ තැනින් පටන් ගැන්මට නොහැකිවුනි. මහාචාර්යවරයා ...
ග්‍රීන් ලැන්ටර්න්ගේ ලව් පලහිලවුව විසදා ජීවිත තුනක් බේරාගන්න... ---තරියාගේ කෙරුවාව--- මේක කාටුන් එකක් ආශ්‍රිතව අහන බරපතල ගැටළුවක්...ගැටළුව පමණක් ඉදිරිපත් කිරීම බලන අයට කරන අසාධාරණයක් නිසා කතාවත් දානවා..කාටුන් බලලා තීනවද????බලලා නැත්තං මේක කියවලා වැඩක් නෑ..කාටුන් වල ගොඩක් කැමති සුපර් හීරෝස්ලා ඉන්න කාටුන් වලට. මංදා මමනං ඒමයි ඈ..සුපර් හීරෝස්ලා ඉන්න කාටුන් බිහිවෙන්නේ ඔය කොමික් බුක්ස් නැත්තං චිත්‍රකතා පොත් හරහනේ. සුපර් හීරෝස්ලා ඉන්න කොමික් බුක්ස් පල කරන ප්‍රධාන සමාගම් දෙකයි.. DC comicsMarvelcomicsතව ...
ඒක නෙමේ චායා මොකද කියන්නෙ....... (සිහින සිතිවිලි 5) ---තරියාගේ කෙරුවාව--- කලින් කොටස් මෙතැනින් කියවන්නමතකද මාව? මගේ ලැජ්ජා ගතිය තරමක් නැතිවී ගියායින් මා ඇයත් සමග කතා කිරීමට උත්සහ ගතිමි.ඇය ඔව් යන්න හැගවීමට හිස සැලීය.කථා නැත්තෙ ඇයි බයද?ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය.ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය. මේකෙ කරලා තියන ටික මට පැහැදිලි කරනවද???? ටිකක් අවුල් වගේ....ඇස් ලොකු කරමින් එවර ඇය මා දෙස බැලුවේ මෙතරම් පැහැදිලිව වටකුරු අත්අකුරින් ලියා තිබෙන දේ තේරුම් ගත ...
එදා 2005 සුනාමියේ අතුරු කතාවක්... ---තරියාගේ කෙරුවාව--- සැලකිය යුතුයි:- අධි සංවේදී, හෘදයාබාද ඇති හෝ ගර්භනී කාන්තාවන් මෙය කියවීමෙන් වලකින්න. දිනය 2012 අගෝස්තු 5 වනදා. වේලාව රාත්‍රී 9 පමණ වන්නට ඇත.මේ කඳුලු කතාව අපට හමු වන්නේ බස් රේඩියෝ ඔන්ලයින් චැට් පෙට්ටියේදීය.“අපේ තාත්තා රජයේ කුලී වැඩ කලේ..අම්මට රස්සාවක් නෑ ගෙදර..අපි ඉන්න ගෙදර තට්ටු දෙකේ ලෑලි ගෙයක්..මම පාඩං කරන්නේ ලැපේ එලියෙං..මට උදව් කරන්න....“ඔහු තම කදුළු කතාව ඇරඹීය.අපි සියළු දෙනා ඔහුගේ ...
වෑර්ලස් කතන්දරේ පළවෙනි කොටස ---තරියාගේ කෙරුවාව--- මං තරියා දැං කරන්නේ ජන සන්නිවේදනයනේ ඉතිං අපිට ඔය අනං මනං ඉගෙන ගන්න වෙනවා, එහෙම ඉගෙන ගත්තු පාඩමකිං කට්ටියට වැදගත් වෙයි කියලා හිතපු එකක් බ්ලොගේ දාන්න තීරනේ කලේ පාඩම කියලා දෙන අතරතුරමයි. එදා පාඩම උනේ ගුවන් විදුලියේ විකාශය. ඒකෙං ලංකාවේ ගුවන් විදුලිය ඇති උනේ කොහොමද කියලා සේපර් එකේ කියලා දාන්නං. එංගලන්තෙ තමයි ඔය වයර්ලස් (වෑර්ලස්) සේවය එහෙමත් නැත්තං රේඩියෝ සේවය ...
නිව්ටන්ගේ රහස් නියමය 2 ---තරියාගේ කෙරුවාව--- පලමු කොටසට මෙතැනින්දෙවන කොටසසමුළුව අවසානයේ සියලුම සභිකයන් පිරිවරා විද්‍යාඥ හරිත තම සොයාගැනීමක් වූ වීර් යානයේ නිශ්පාදන අංගනය කරා ගමන් කරන්නට විය.අංගනයේ ඉහල රැදවුමක සිට මහත් අභිමානයෙන් රැස්ව සිටි සභිකයන් දෙස සුළු මොහොතක් බලාසිටි හරිත පිරිසට යානය ගැන වැඩි දුරටත් විස්තර කරන්නට විය.ඔබලාට පෙනෙනවා ඇති යානයේ කොටස් තුනකින් සමන්විත බව.මෙහි තිබෙන විශේෂත්වය තමයි සෑම කොටසක්ම වෙන වෙනම පාලනය කල හැකි වීම.උදාහරණයක් ...