සම්මාදම රස්තියාදු කාරයා සුනිමල් කඩවත පැත්තේ වෙසෙන, හමුදා මූලස්ථානයට අනුයුක්ත උසස් හමුදා නිළධාරියෙකි. දිනක් සවස වැඩ ඇරී, සිය නිළ ඇඳුමින් යුතුවම ගෙදර යන ඔහුට කැළණි පාලම පසු වනවාත් සමගම මුහුණ දෙන්නට වුණේ දැඩි වාහන තදබදයකටය. පැය බාගයකින් පමණ දළුගම හරියට ළඟා වූ සුනිමල්, කලබලයෙන් එහෙ මෙහෙ දුවන පොලිස් නිළධාරියෙකු නවත්වා ගත්තේය.''මොකද රාළහාමි මෙච්චර ට්‍රැෆික් එකක්?''''ඒකනේ සර්. අපේ මෙහෙ ඇමතිතුමා අර අපහාස නඩුවෙන් පැරදිලා ...
බාහු භීතිකාව? රස්තියාදු කාරයා තමිල්නාඩුවෙ තිබ්බ ටෙසෝ කියන සමුළුවට සහභාගි වීම නිසා මේ දවස්වල ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට හතර පැත්තෙන් ප්‍රහාර එල්ල කරනවා. ප්රභාකරන්ට පස්සෙ මේ රටේ බිහි වෙච්ච ලොකුම ද්‍රෝහියා බාහුද කියලත් හිතෙන තරමට තමා විවේචන. විවේචන කිව්වට, විවෙචනමත් නෙමේ. මඩටත් වැඩිය දෙයක්. ඊට අමතරව අවස්ථාවාදී දේශපාලනය යන්නටත් උදාහරණ සැපයෙනවා.ජාතිවාදය තම දේශපාලනයේ පැවැත්ම කෙරෙහි වන එකම සාධකය කරගෙන ඉන්න දේශපාලකයින් හිතන තරමට, මාධ්‍ය මගින් ...
හාමුදුරු මංත්‍රී වරු සහ සමිත හිමි රස්තියාදු කාරයා භික්ෂුන් වහන්සේගේ මංත්‍රී ධූර සම්බන්ධයෙන් සංවාදයක් ආරම්භ වී ඇත. ඊට මූලිකම හේතුව වී ඇත්තේ, භික්ෂූන් පාර්ලිමේන්තුවට ඒම වැළැක්වීම තේමා කරගෙන පාර්ලිමේන්තු මංත්‍රී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඇති පුද්ගලිකැයි කියා ගන්නා යෝජනාවකි.භික්ෂූන් පාර්ලිමේන්තුවට ඒම ගැන කතා කරණ විට, මුළින්ම මතකෙට නැගෙන්නේ බද්දේගම දුටුගැමුණු රජමහා විහාරාධිපති, ආචාර්ය බද්දේගම සමිත හිමියන්වයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මංත්‍රී ධූරයක් ලද ප්‍රථම හිමිනම උන්වහන්සේයි. 2001 මහ ...
ලංකාවේ අපරාධ සුනාමියක්?!?! රස්තියාදු කාරයා පසු ගිය දින කිහිපයේම අසන්නට ලැබුනේ, හිත කීරි ගැහෙන ප්රවෘත්තීන්ය. තංගල්ලේ පළාත් පාලන මංතිරියෙක් පොඩි ගෑණු ළමයෙක් රවටගෙන හෝටලේකට ගෙන ගොස් බලහත්කාරකමක් කරලාය. අකුරැස්සේ ප්‍රාදේශීය සභාපතියා අවුරුදු 14ක ළමයෙකුව දූෂණය කරලාය. ඊටත් කළින්, නාරාහෙන්පිට පැත්තේ කුඩා දැරියකට අතවර කොට මරා දමා තිබුණේ, තාම කටේ කිරි සුවඳවත් නොගිය ගැටව් තිදෙනෙකි. තව පුවතකින් කියවුනේ, මීට වසර කීපයකට කළින් කුඩා දැරියක් දූෂණය කළ ...
සිංහල සිනමාවේ ආරම්භය රස්තියාදු කාරයා සිරිලක පළමුවැනි චිත්රපටයපහුගිය ඉරිදා ලක්බිමෙහි සිනමා විචාරක තිස්ස ප්‍රේමසිරි විජය කුවේණි චිත්‍රපටය පිළිබඳව විචාරයක් ලියා තිබුණා. එකී චිත්‍රපටය නැරඹීමට මට අවස්ථාවක් ලැබී නැති නිසාත්, චිත්‍රපට විචාර ලිවීමට තරම් දැනුමක් මට ඒ සම්බන්ධව නැති නිසාත්, මම එම චිත්‍රපටය ගැන කතා නොකරමි.තිස්ස නම් එය හොඳයි කියා කියා තිබුණි. චිත්‍රපට විචාරකයින් වන ගුණසිරි සිල්වා හෝ ගාමිණි වේරගම යමක් කිව්වොත්, යම් තරමකට හෝ ...
රස්තියාදු කාර සිතිවිලි රස්තියාදු කාරයා බ්ලොග් අඩවියක් නඩත්තු කරන්ඩ හිතුවෙ, රටේ ලෝකේ අහන දකින දේවල් පිළිබඳව මගේ හිතේ ඇතිවෙන ප්‍රතිචාර සටහන් කරල තියල, අනාගතේදි විවේකී සුවයෙන් ඉන්න කොට අතීතයේ සිදුවීම් මෙනෙහි කරන්ඩත් එක්ක. දිනපොත් ලියල පුරුද්දක් නෑ. ලියුවත් ඒවා අතිශය පෞද්ගලික සටහන් වෙනවනෙ. එක එක කාරණා ගැන මම හිතන විදිහ සයිබර් අවකාශයේ එළි දැක්වීමෙන්, අවශ්‍ය නම් පිටස්තරයෙකුට වුවත් කියවන්ඩ ඇහැකිනෙ. එහෙම කියවල තම තමන්ගෙ ප්‍රතිචාර ...