දෙමළ සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක තේරීම දකුණට කියා දෙන පාඩම රස්තියාදු කාරයා පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිදේශමාමක ජාතික බලවේගයේ සභාපති උතුරු පළාත් සභාව යනු උතුරු හා නැගෙනහිර පළාත් අර්බුදය උදෙසා විසඳුමක් ලෙසින් ශ්‍රී ලංකා ආණ්ඩුවත්, ඉන්දීය ආණ්ඩුවත් එක්ව අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලාංකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වෙනි සංශෝධනය ලෙසින් එක් වූ නීතිමය අංගයකි.1987 ජුලි 29 වෙනි දින ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව 1988 දී ප්‍රථමවරට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ...
පියාඹන මාළු සහ ජාතිවාදී දේශපාලනය රස්තියාදු කාරයා සංජීව පුෂ්ප කුමාර නම් තරුණ චිත්‍රපට අධ්යක්ෂවරයා විසින් නිර්මාණය කරණ ලද ''ඉගිළෙන මාළුවෝ'' නම් සිංහල චිත්‍රපටයක් පසුගියදාක තිරගත කිරීමට ගොස් මහත් කාලගෝට්ටියක් ඇති වූ බව හැම තැනින්ම වාර්තා වී තිබුණා. කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ ''පොරවල්'' කියන දේ වලින් තේරුම් යන්නේ මෙම චිත්‍රපටිය මගින් ශ්‍රී ලාංකික හමුදාවට අපහාසයක් සිදු වී ඇති බවත්, එම හේතුවෙන්ම මෙය අප රටේ ප්‍රදර්ශණයට ...
බෙදුම්වාදය ආවේ ආණ්ඩුවල වැරදි නිසයි! රස්තියාදු කාරයා ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරට පළාත් සභාවක් පිහිටුවීම සඳහා වසර විසිපහකට පසු පළමුවරට ඡන්දයක් පැවැත්වීමට තීරණය කර ඇත. උතුරු පළාතට පත්වන ප්‍රථම මහ ඇමැතිවරයා ලෙස ඉතිහාසගත වන්නට බොහෝ දෙනෙක් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් මේ සඳහා තරග කරන්නේ සී. වී. විග්නේශ්වරන් මහතාය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකි. උතුරු පළාතේ ද්‍රවිඩ ජාතික සංධානයේ මහ ඇමැති අපේක්ෂක සී. වී. විග්නේෂ්වරන් මහතා සමග දිවයින ඉරිදා සංග්‍රහය ...
චීනයට පෙර අපට උදව් කළේ ඉන්දියාවයි රස්තියාදු කාරයා වී. ආනන්දසංගරීවී ආනන්දසංගරි 1933දි පේදුරු තුඩුවේ උපත ලබා, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය නියෝජනය කරමින් 1970 දි කිළිනොච්චිය මංත්‍රීවරයා වශයෙන් තේරී පත්විය. 1966 දක්වා ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුව සිටි හෙතෙම, එතෙක් ජාතිවාදී ස්ථාවරයක් අනුගමනය කරමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ලසසපය සංධාන ගතවීමට එරෙහිව අනෙක් බොහෝ දෙමළ වාමාංශිකයින් මෙන් ලසසපයෙන් ඉවත් විය. වෘත්තියෙන් නීතිඥයෙකු හා ගුරුවරයෙකු වන ඔහු ...
සරත්චන්ද්‍ර උපහාර රස්තියාදු කාරයා මගේ කවිවල හමගේ කවිවල හොඳම රසිකයා සරත්චන්ද්රයිමගේ කවිවල දිවි මඟෙහි සැඩ සුළංහෙණ ගිගුම් කළු වලාඅතරතුර නොසැලෙමින්නඟා ගත් හිස ඇතිවනැඟුණු රන් කොත් අයුරුමොහු ද නොසැලී සිටියි... රාමනාදන් ශාලාවේ වහලයේ රන්කොත සරච්චන්ද්‍රයන්ට උපමා කරමින් ‘රන්කොත’ නම් කාව්‍ය රචනා කරන ගුණදාස අමරසේකරයන් තරම් සරච්චන්ද්‍රයන්ගේ ජීවන ගමන ගැන විග්රහයක යෙදෙන්නට සුමට වූ කෙනෙක් පිළිබඳ මා මතකයට නොනැඟේ. අමරසේකරයන්, සරච්චන්ද්‍රයන්ගේ භාව පූර්ණ, රස පූර්ණ නිර්මාණකරණයේ ...
ජී. බී. ට තිබුණේ දැනුමෙන් සන්නද්ධ වුණු බර අතක් රස්තියාදු කාරයා ජී. බී. ට තිබුණේ දැනුමෙන් සන්නද්ධ වුණු බර අතක්සෝමවීර සේනානායකහුදකලා ලේඛකයෙකු වූ ජී.බී. සේනානායකයන් සමීප ව ඇසුරු කිරීමේ වාසනාව ලත් සෝමවීර සේනානායක ලේක්හවුස් ආයතනයෙන් සිය වෘත්තිය ජීවිතය ඇරඹූ සාහිත්‍යධරයෙකි. “නවයුගය” ඇතුළු පුවත්පත් රාශියක ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූ ඔහු දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකි. “මවකගේ ගීතය” “යශෝරාවය” “මැණික් නදිය ගලා බසී” “බලදේවගේ ලෝකය” ඇතුළු නවකතා විශාල ප්‍රමාණයක් රචනා ...
ශස්ත්‍ර හා ශාස්ත්‍ර රස්තියාදු කාරයා දැන් අසූ නවවන වියේ අගහරියේ සිටිමින් ලේඛන කාර්යයන්හි යෙදෙන විට මීට අදාළ ශ්ලෝකයක් මතක් වෙයි. එයින් කියැවෙන අර්ථය අශ්වානීය වුවත් එහි යම් තරමක වරදක් ද ඇතැයි යන අත්දැකුමක් මට ලැබෙමින් තිබේ. මෙයට යොමු වෙමු. “විද්‍යා ශස්ත්රං ච, ශාස්ත්‍රං චද්වේ විද්යේ ප්රතිපද්යතේවිද්යා හශ්යාය වෘද්ධත්වේද්වේ විද්යේ ප්රතිපද්යතේ” මෙහි ‘ශස්ත්‍ර’ යන්නෙන් ගැනෙන්නේ කර්මාන්තයනට යොදා ගැනෙන ආයුධ ය. අතීත කාලයේ හැටියට ‘කියත’ ‘නියන’ ‘මිටිය’ ...
බෙදුම්වාදියෝ රස්තියාදු කාරයා පළාත් සභාවලට බලය බෙදීමට විරුද්ධව දැන් රටේ නිර්මාණය කොට වර්ධනය කැරෙමින් පවතින මතවාදය පෙන්නුම් කරන්නේ ලංකාව නැවතත් ආපස්සට ගමන්කරමින් සිටින බවය. එසේ ආපස්සට ගොස් නැවත ගමන් අරඹන අනාගතයේ යම් කාලයක අපට නැවතත් අලූතෙන් මුණගැසෙනු ඇත්තේ රටේ අත්තනෝමතික, මධ්‍යගත හා බහුතරවාදී පාලනයට එරෙහිව දකුණේ සිංහල තරුණයන් අතරින් මෙන්ම දෙමළ- සමහර විට මුස්ලිම්- සුළුවාර්ගිකයන්ගෙන්ද පැනනැගෙන උද්ඝෝෂණ හා සන්නද්ධ කැරලි විය හැකිය. ...
චූටි ටීචගෙ චූටි ටෝච් එක - විමලනාත් වීරරත්න රස්තියාදු කාරයා [Sunday, June 23, 2013]ජනාධිපතිතුමා නිසි වේලාව බලා පළා බබා විසින් දණගැස්වූ ටීචර්ට ටෙලිෆෝන් කළේය. අර යකා දෙකේ හතරේ පොල්ලකුත් උලූක් කරගෙන දෙවතාවක් දණගැස්වූ කතාව හැමෝටම අඬ අඬා කී ටීචර් ජනාධිපතිතුමාට විතරක් ඒ සිද්ධිය මාර සතුටකින් යුතුව කියන්න ගත්තාය. ජනාධිපතිතුමාත් ඉතිං ඉතිං, මයිගෝඞ්, අයිසී, එහෙමත් කළාද, නෑහ් මූ කන්න වටිනවනෙ ආදී වශයෙන් වූ ප්‍රතිචාර දක්වමින් ටීචර්ට වූ ඇබැද්දිය ඒටු ඉසැඞ් අහගත්තේය. ...
චූටි ටීචගෙ චූටි ටෝච් එක - විමලනාත් වීරරත්න රස්තියාදු කාරයා [Sunday, June 23, 2013]ජනාධිපතිතුමා නිසි වේලාව බලා පළා බබා විසින් දණගැස්වූ ටීචර්ට ටෙලිෆෝන් කළේය. අර යකා දෙකේ හතරේ පොල්ලකුත් උලූක් කරගෙන දෙවතාවක් දණගැස්වූ කතාව හැමෝටම අඬ අඬා කී ටීචර් ජනාධිපතිතුමාට විතරක් ඒ සිද්ධිය මාර සතුටකින් යුතුව කියන්න ගත්තාය. ජනාධිපතිතුමාත් ඉතිං ඉතිං, මයිගෝඞ්, අයිසී, එහෙමත් කළාද, නෑහ් මූ කන්න වටිනවනෙ ආදී වශයෙන් වූ ප්‍රතිචාර දක්වමින් ටීචර්ට වූ ඇබැද්දිය ඒටු ඉසැඞ් ...
ලසන්තගේ ඝාතනයට හවුල් දෙදෙනකු ඉන්නවා රස්තියාදු කාරයා ලසන්තගේ ඝාතනයට හවුල් දෙදෙනකු ඉන්නවා අයෙක් ආණ්ඩුව ඇතුළේ: අනෙකා එළියේ - ලාල්කාන්ත කියයිමාධ්යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් දෙදෙනකු සිටින බවත්, ඉන් එක් අයෙකු සිටින්නේ ආණ්ඩුව ඇතුළේ වන අතර අනෙක් පුද්ගලයා සිටිනුයේ ආණ්ඩුවෙන් එළියේ බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත මහතා ඊයේ (04) ලංකා ගුරු සේවා සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගි වෙමින් කීය. ආණ්ඩුවෙන් එළියේ සිටින පුද්ගලයා ...
පචගහයට ii රස්තියාදු කාරයා රස්තියාදුකාරයා අදත් විල්බගෙ දුවනගිරිය ඉඳුල් කරේ සුපුරුදු වඩේ එකයි ප්ලේන්ටියටයි වග කියමින්. සුපුරුදුම බංකුව මත වාඩිවුන රස්තියාදුකාරයා වඩේ එකෙන් බයිට් එකක් කඩා ගත්තා.''ඊයෙ සුබසාදක සමිතියෙ ගුටි කෙළියක් නොගිහින් බේර ගත්තෙ හෙණ අමාරුවකින්ලු'' විල්බා ප්ලේන්ටිය රස්තියාදුකාරයගෙ බංකුවෙ සයිඩ් එකකින් තියන ගමන් මුට්ටිය දැම්මා. රස්තියාදුකාරයා කින්ඩි සයිස් හිනාවක් දැම්ම මිසක් මොකුත් කිව්වෙ නෑ. කියන දෙයක් අහගෙන ඉඳල වරප්‍රසාද ටයිප් ප්‍රශ්ණයක් පමණක් ...
දෙවියන්ටත් තේරුණේ දැන් තමා!! රස්තියාදු කාරයා දැන්වැඩේ කියන්නේ, හැම තැනම තාක්ෂණය. බස් එකේ ගිහාම කොන්දොත් එක්ක ඉතුරු සල්ලි වලට ඇරගන්ඩ ඕන නෑ. ක්‍රෙඩිට් කාඩ් එක වගේ (පෙනුම විතරයි හොඳේ) ප්‍රිපේඩ් කාඩ් එකකින් (ඒ කිව්වෙ සල්ලි කලින් ගෙවන්ඩ ඕන.) බස් ගාස්තුත් ගෙව්ව හැකියි. ටෙලිෆෝන් එකෙන් කෝච්චියට ටිකට් ගන්නත් ඇහැකියි. ඒකෙත් ටිකට් එකේ ගාණට හරියන්ඩ සල්ලි තියෙන්ඩත් ඕන. පිට රට ඉන්න අයට අපේ රටේ කාට හරි කේක්, ...
පචගහයට රස්තියාදු කාරයා රස්තියාදුකාරයා පචගහයටට සෙට් උනේ විල්බගෙ දුවනගිරියෙ ෆස්ට් කස්ටමර් හැටියට. '' අලෝ විල්බය්යේ, මොර්නින් එක ගුඩ් වෙන්ඩ කියල දාන්ඩකො ප්ලේන්ටියක්'' කියල රස්තියාදුකාරයා ඕඩර් එක දුන්නෙ, වට්ටියෙන් උණු උණු වඩේ එකක් අතට ගන්න ගමන්. සීනි සහ කහට අඩුත් නැති වැඩිත් නැති ප්ලේන්ටියත් අරගෙන රස්තියාදුකාරයා ලී බංකුවෙ ඩිපොසිට් වෙනකොටම රතු ඇල්බට් සීන් එකට එන්ටර් වුණා. පොරත් ප්ලේන්ටියක් අරගෙන බෙන්ච් එකේ අනිත් පැත්තෙ ...
තාරකාවන්ට දේශපාලනය අකැපද? රස්තියාදු කාරයා අද 2013 මැයි 25 වනදා, ලක්බිමෙහි අනුර හොරේෂස් පසුගිය ඉරිදා ලක්බිමෙහි ජැක්සන් ඇන්තනී කලාකරුවා හා සමග කළ සම්මුඛ සාකච්ඡාවකට විවේචනයක් පළ කර තිබී එය කියවූයෙමි.http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=10328:2013-05-25-06-32-10&catid=49:2012-05-03-09-20-11&Itemid=96ඉහත ඉන්තර්ජාල සම්බන්ධය පාවිච්චි කිරීමෙන් එම ලිපිය කියවිය හැක.ජැක්සන් ඇන්තනීගෙන්, සාකච්ඡාව මෙහෙයවූ ලේඛකයා අහන්නෙ, ඔබ ආණ්ඩුවට කඩේ යනවාද වැනි අරුත් දෙන ප්රශ්නයකි. ජැකා කියපු දේවල් සහ ඔහු සාධාරණය කරන්ඩ හදපු හේතු මේ
අනේ දෙයියනේ... රස්තියාදු කාරයා ඉස්සර චිත්‍රකතා පත්‍ර කියා ජාතියක් තිබුණි. සාමාන්‍ය කතා වලට අමතරව කාටූන් යනුවෙන් අප රටේ පත්තර කලාවේ හැඳින්වෙන කතාන්දරද ඒ පත්තරවල තිබුණි. හිනා කතා යනුවෙන් බහුලව මේවා, එක පත්තරේක සිනා පිරුළු යනුවෙන් හැඳින්විණ. මේ ලියා තබන්නට හදන්නේත්, එවැනි සිනා පිරුළකි. මේ වගේ කතා, රස්තියාදුකාරයා ඇහැව්වෙ කියෙව්වෙ හැත්තෑවෙ, අසූවේ දසකයේ බෙහෙවින් ජනප්‍රිය යට කී චිත්‍රකතා පත්තර වලිනි. නමුත් මේ කතාව ළඟදී සිහියට ...