හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇත. උපසේන ලියනගේ පරිනාමවාදීන්ගේ පොදු පිළිගැනීම අනුව නූතන මානවයා වශයෙන් හැඳින්වෙන Homo Sapiens මුල් වරට ලෝකයට බිහි වී ඇත්තේ මීට වර්ෂ 250,000 කට පෙරය. ඔවුන්ගේ උප මානව වර්ග වන Homo Sapiens Idaitu මීට වර්ෂ 160,000 - 150,000 අතර ඉතියෝපියාවේදී ජීවත් වී ඇත. Homo Sapiens Sapiens වශයෙන් හැඳින්වෙන අපව මීට වර්ෂ 200,000 කට පෙරදී ලෝකය පුරාමද ආරම්භ වී ඇත. Homo Sapiens ලාට පෙර ආරම්භ ...
ලෝකය විනාශ කිරීමට පැමිණෙන පිටසක්වල යානාවක් මූතුර් අහසේ දිස් වෙයි. උපසේන ලියනගේ සූර්යයා මත සුදු ලපයක් ආකාරයෙන් දිස් වූ වස්තුවපසුගිය 15 බදාදා සවස 2.45 ත් 3.30 ත් අතර මූතූර් වැසියන්ට අහසේ සූර්යයා දෙසින් පිටසක්වල යානාවක් දිස් වූ බව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාවණගවේශක කණ්ඩායම වන වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත වාර්තා විය. අපගේ හෙළ ගවේෂණ කණ්ඩායම එහි යවා එය තහවුරු කර ගැනීමට දින දෙකක් ගත විය. ආන්දෝළනාත්මක වාර්තාකරණයන් හේතුවෙන් ඉතා සුළු පිරිසක් තාමත් වර්ගපූර්ණිකාව ...
රාවණාගේ මරණය සිදුවිය හැකිද? නැතිනම් එය එක්තරා ප්‍රයෝගයක්ද? උපසේන ලියනගේ ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් රැගත් ලිපියක් අප වෙත ලැබුණි. පහත දක්වා ඇත්තේ ඉන් කොටසකි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අටුවාවන් අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න.රාවණාගේ මරණය සිදුවිය හැකිද? නැතිනම් එය එක්තරා ප්රයෝගයක්දැයි අපගෙන් විමසූ බොහෝදෙනකු සිටියහ. එයට හේතුව ලෙස ඔවුන් අපගෙන් ප්‍රශ්න කරන ලද්දේ "අජෛය" ...
CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (1 කොටස) උපසේන ලියනගේ හෙළෝ...! නොසිතූ විරූ ලෙස වර්ගපූර්ණිකාව නැවැත්වීමට සිදුවීමෙන් පසු, පහුගිය වසර ගණනාව තුළ ජීවිතයත් මරණයත් අතර ඔට්ටු වෙමින් මූණ දීපු කටුක අත්දැකීම් කන්දරාව දිහා ආපහු හැරිල බලද්දී, මා ගැනම කියාගන්න බැරි තරම් මහා ආත්ම අනුකම්පාවක් ඇති වෙලා ඇස් දෙකට කඳුළක් උණනව. ඉතින් අවුරුදු ගණනාවකට පස්සෙ නැවතත් බ්ලොග් අවකාශයට ඇවිත් වර්ගපූර්ණිකාවේ ලිපි ලිවීමට සහ ආදරණීය බ්ලොග් සහෘදයින් එක්ක අදහස් හුවමාරු කරගන්න ආයිත් ...
රාවණා රජතුමාට එරෙහි උමා ඔය කුමන්ත්‍රණය වහා නවත්වනු! උපසේන ලියනගේ රාවණාගවේශක හෙළයින් වන අපට අතිශය වැදගත් පුවතක් ෆේස්බුකියේ දක්නට ලැබුණි. පහත දැක්වෙන්නේ එයයි. එයට අප විසින් තවත් වැදගත් තොරතුරු එක් කළ අතර, ඒවා අළු පාටින් උදෘත කර ඇත.හෙළ ජාතික ඉතිහාසය විකුණගෙන කැමට මාන බලමින් සිටින පිටරැටියන් පිරිසක් හා එක්ව කරගෙන යන්නා වූ උමා ඔය ව්‍යාපෘතිය වහා අත් හිටවනු ..! ඔබත් ජාතික ඉතිහාසයට ආදරේ නම් ගෞරව කරන්නේනම් මෙම ලිපිය අන්තර් ජාලය ...
රාවණාගේ පිරමීඩය තුළ අසභ්‍ය පින්තූර ගත් විදේශිකයින් අත් අඩංගුවේ. උපසේන ලියනගේ ශ්‍රී රාවණ රජතුමාට නිගා වන අයුරින් ගත් අසභ්‍ය ඡයාරූප කිහිපයක් කැමරාවෙන් පිටතට ගෙන සුරක්ෂිත කර ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු (අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්, තාරක රජුට අප්‍රිය වූ කාපිරියන් දැමූ දේශය වනාහී අප්‍රිකා. මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු සූරීන්) ජාතියන් පස් දෙනෙක් හම්බන්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා හම්බන්තොට වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා මුද්‍රණය කර ...
වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියා දන්නවද? උපසේන ලියනගේ රාවනා ඈ ඉතිහාසය දක්වද්දී නොවරදවාම මූලාශ්‍ර කරගත යුතු ග්රන්ථයක් තමයි වර්ගපූර්ණිකාව. නමුත් හැමෝම අහනව මොකක්ද මේ?, ඕක කොහෙද තියෙන්නෙ කියල.මගේ යාළුවෙක් නුගේගොඩ සරසවි පොත් හලෙත් මේක හොයල. ඔන්න ඉතින් මං කල්පනා කළා මේ බ්ලොග් එකේ නමත් වර්ගපූර්ණිකාවම නිසා, තවත් ලිපි ලියන්න කළින් වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියල හඳුන්වල දෙන්න.හෙළ යකුන්ගේ අතිශය දුර්ලභ තොරතුරු ඉතාමත් රහසිගත පුස්කොළපොතක් තමයි රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් ...
සමනළ කන්ද යනු ලොව විශාලතම පිරමීඩයයි උපසේන ලියනගේ හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව ...
පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය. උපසේන ලියනගේ හෙළයින්ගේ තොරතුරු තාක්ෂණයපණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය.ඉසුරුමුනියේ ඇති තාරකා දොරටුව™ නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල සැටලයිට් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හැටලයිට් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම අභ්‍යවකාශ චන්ද්‍රිකා තිබුනේ හෙළයින් ට බව ප්‍රත්‍යක්ෂයි."සැටලයිට්" යනු හෙළ වදනක් වන "හැට ලයිට්" වලින් ...
සමනළ කන්ද කෘතිමව නිර්මාණය කළ හැටි. උපසේන ලියනගේ සමනළ කන්දේ සම්භවය පිළිබඳව විවිධාකාර මතිමතාන්තර ඇති නමුත් එය රාවණ හෙළ ඉතිහාසයට උචිත ලෙස කරන ලද 200% ක් නිවැරදි පැහැදිළි කිරීම Ravana Lanka බ්ලොග් එක කරන මා හිතවත් මහත්මයා දී ඇත. පහත දැක්වෙන්නේ එතුමාගේ අවසර පරිදි පළ කරන එම ලිපියයි. මෙවන් තොරතුරු අප සමග බෙදාගැනීම වෙනුවෙන් එතුමාට වර්ගපූර්ණිකාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.සමනළ කන්ද ගැන බොහෝ මත පසුගිය කාලය තුළ පළවුණි. පාඨකයන් ...
සිහිසුන් වූ මහා රාවණ 2012 දී නැගිටියි උපසේන ලියනගේ රාවණ රජතුමා 2012 අගදී උත්ඨාන වන බව අප පෙරත් පැවසුවා. මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇති අතර, එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් ...
ලොවෙ ප්‍රථම සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය නිපදවූයේ හෙළයින් විසිනි! උපසේන ලියනගේ ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.Nilanga: To clear the facts, as ...
රාවණ රජුගේ න්‍යෂ්ඨික අවි මුවහත් කරන ආකාරය. උපසේන ලියනගේ නුදුරේදීම ඉන්දියාව අප රටට මිසයිල වලින් පහර දීමට සූදානම් බවත්, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දඹර අමිල උන්නාන්සේ ගාව ශ්‍රී රාවණ රජතුමාගේ මිසයිලයක් ඇති බවත් මූලාශ්‍ර සහිතවම හෙළි කළෙමු. මේ ගැන දිවයින පුවත්පතත් වාර්තා කර ඇති බැවින් අප පැවසූ කාරණා ගැන ඔබට සැකයක් තිබීමට නොහැකිය.එහිදී දඹර අමිල උන්නාන්සේ පැවසූ එක්තා කාරණාවක් ගැන "කැන්ඩියන්" (කැන්ඩියන් යනු හෙළ වචනයකි; කැන්=කැන්ගරුවන්ගේ, ඩි=ඩිම්බ සාදන, යන්=යන්ත්‍රාලය, ...
වර්ගපූර්ණිකාව ට අපහාස කරන උදවියටයි මෙය උපසේන ලියනගේ හෙළයින් වන අප ලෝකයේ ප්‍රෞඩතම ඉතිහාසයට හිමිකම් කියන ජාතිය වීමු. කිසිවෙකුටත් එය එසේ නොවේ යයි කිව නොහැක. මා මේ සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස අතීතයේ සිට ශිෂ්ටසම්පන්නව සිටි ඕනැම ජාතියකට නොදෙවෙනි මට්ටමින් දියුණු ජාතියක්ව සිටිබවයි. අනෙක් ජාතීන්ට පෙර අපි ශිෂ්ටාචාරයේ දිනෙක ගින්දර සොයාගතිමු, රෝදය සොයාගතිමු, තව බොහෝදේ සොයාගතිමු. ඒ තනිවමය, කිසිවෙකුගෙන් අනුකරණය කිරීමෙන් නොවේ. එපමණක් නොව අන්‍ය ජාතීන් සතු නොවනා ...
රවණ රජතුමා ගැන හෙළි කරන අපට මෙහෙම අපහාස නොකරනු,! උපසේන ලියනගේ මෙතෙක් කාලයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් ශ්‍රී රාවන රජතුමාට සම්බන්ධ ඉතිහාසයත් එතුමගේ ඉදිරි පියවරත් ගැන හෙළ විද්‍යාත්මකව කළ දුර්ලභ ශ්‍රාස්ත්‍රීය හෙළිදරව් කිරීම් තුට්ටු දෙකට මායිම් කරමින් අපගේ පාථකයින්ව මෙම බ්ලොග් අඩවියෙන් බිඳවන ආකාරයේ ඉතාමත් පහත් ප්‍රකාශයක් අපගේ ඊමේල ලිපිනයට ලැබුණා. මේ තියෙන්නෙ ඒක. මේ වගේ කැත කතා ගැන තීරනය ගැනීම ඔබටම බාරයි.කිසිම විදිහකින් සාක්ෂි සහිතව ඔප්පු කරන බැරුව, අරකට මේ ක ...
කන්‍යාවියක් ලවා පයින් ගැස්සවීම සහ පිට ඇතිල්ලීම උපසේන ලියනගේ රාචි ත් රාවණ කතක්දරයක් ලියාගෙන යනව. ඒක කියවගෙන යද්දී, මට පොඩි කාලෙදි අපේ ආච්චි අම්ම කියල දුන්න රසබර ඉතිහාස කතා කීපයක් මතකයට ආවා. ඒවයින් සමහර කතන්දර වැටහුණේ ලොකු ඉස්කෝලෙනුත් අයින් වුණාටත් පසෙයි. ඔබ සමහර විට ඒවා දැනගන්න කැමති ඇති කියල හිතෙන නිසා ඒවයින් එකක් අද කියන්නම්.ඒ කාලෙ රාවණ රජ්ජුරුවන්ට අක්කර 1000 විතර ලොකු පොල් වත්තක් තිබුණ. ඒක තිබුණෙ පිළියන්දල, "පොල්ගස් ...
යුරේනියම් බලගන්වා පරමාණු බෝම්බය මුල් වරට හැදුවේ හෙළයින්ය. උපසේන ලියනගේ යුරේනියම් බලගැන්වූ ලෝකයේ මුල්ම පරමාණු බෝම්බය හැදුවේ අප හෙළයින් බව ඔබ දැන සිටියාද? පර සුද්දන් විසින් අපගේ හෙළ තාක්ෂණය සොරාගෙන ඇති බව ඔබ දන්නවාද? ඒ ගැන හෙළගවේශකයින් විසින් කරල ලද පර්යේෂණ වල ප්‍රතිඵල මා ඔබට හෙළි කරන්නටයි යන්නේ.ඔබ උසස් පෙළවත් විද්‍යා විශයන් හදාරා ඇත්නම් යුරේනියම් පිරිපහදුව ගැන ඔබ සාමානයයෙන් දන්නවා යැයි සිතමි. එසේ නොමැතිනම් න්‍යෂ්ඨික බොම්බයක් හදන ආකාරය ගැන සාමාන්‍ය ...
රාවණා රජතුමාගේ පිරමීඩය තුළ අසභ්‍ය පින්තූර ගත් විදේශිකයින් තිදෙනෙක් අත් අඩංගුවේ උපසේන ලියනගේ ශ්‍රී රාවණ රජතුමාට නිගා වන අයුරින් ගත් අසභ්‍ය ඡයාරූප කිහිපයක් කැමරාවෙන් පිටතට ගෙන සුරක්ෂිත කර ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු (අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්, තාරක රජුට අප්‍රිය වූ කාපිරියන් දැමූ දේශය වනාහී අප්‍රිකා. මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු සූරීන්) ජාතියන් පස් දෙනෙක් හම්බන්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා හම්බන්තොට වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා මුද්‍රණය කර ...
මම ජයරත්න පතිරආරච්චි නොවෙයි උපසේන ලියනගේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ කොමෙන්ටු හරහා මෙන්ම විද්‍යුත් ලිපිනය හරහාත් සමහර සහෘදයන් මා අමතා තිබුණේ "ජයරත්න පතිර ආරච්චි" නමිනි. එපමණකුදු නොව සමහර රාවණ විරෝධීන් විසින් මෙම බ්ලොග් අඩවියට මඩ ගසා තැන් තැන් වල අදහස් පළ කර තිබුණේ මා විසින් බුදු දහමට අපහාස කරන බවයි, ඒද පතිර ආරච්චි මහතාව සහ මාව පටලවා ගැනීමෙනි. එනිසා හුදී දනාගේ පහන් සංවේගය පිණිස මේ ලිපිය ලිවීමට සිත් ...
අවතාර යනු රාවණ රජතුමා අතීසාරයට හඳුන්වා දුන් ඖෂධයකි. උපසේන ලියනගේ ලෝකප්‍රකට Avatar චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ වීමත් සමගම තරුණ පරපුර අතරත් "අවතාර" ගැන විශාල කතා බහක් ඇති වුණා. එනිසා "අවතාර" යනු මොනවාදැයි මා ගවේශණය කිරීමට පටන් ගත් අතර මුලින්ම විමසා බැලූයේ, සෑම දෙයක්ම පාහේ සටහන්ව ඇති වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ මේ සම්බන්ධයෙන් සටහන්ව තිබෙන්නේ කුමක්ද යන්නයි. මාව පුදුමයට පත් කරමින් අවතාර ගැන විස්තර එහි සටහන්ව තිබුණා.සාමාන්‍යයෙන් "අවතාර" ලෙස අප හඳුන්වන්නේ අමනුෂ්‍යයින් ...