ආතර් රජතුමා (King Arthur) සිටියේ ශ්‍රී ලංකාවේ යක්ෂ හෙළයේය. උපසේන ලියනගේ ආතර් (King Arthur) යන නම ඇසුණ සැනින් අප හට මතක් වන්නේ එංගලන්තයේ ඇති පුරාවෘත්තයකි. නමුත් ආතර් යනු හෙළයේ සිටි රකුසෙක් බව ඔබ දන්නවාද? ආතර් යන්නෙහි නිරුක්තිය වනාහී, ආ=ආපු, තර්=තර=විශාල, එනම් "විශාලව ආ" යන්නයි. එදා රවිශෛලාස වංශයේ දීප්තිමත් යුගයේදී සොලෝකී බිසවගේ දෙටු පුත් වූ ආතර් රජතුමා හෙළයේ දීප්තිමත් වෙන බව හෙළ වේද වලින් දැනගත් බමුණන් ඔහුට "ආතර්" යන නම තැබූ බව ...
නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම.! (රාවණ ගවේශකයෙක් සොයාගනී) උපසේන ලියනගේ 2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම රාවණ රජතුමා නින්දෙන් අවදි වීම වෙනුවෙන් අප කළ යුතු දෑ පිළිබඳව පසුගියදා වර්ගපූර්ණිකාවේ පාථකයන්ව දැනුවත් කළ මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වසන තාපස තුමාගේ ජංගම දුර්කථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අඩාල වීම පිළිබඳ සිද්ධිය ඔබට මතක ඇති.පසුව එම ගැටළුව පිළිබඳව එතුමා මඳ වේලාවක් කුණ්ඩලීනී යෝගයේ රාවණා ශක්තියට සම වැදී ගවේශණය කරද්දී කදිම හෙළ තාක්ෂණයක් පහළ වී තිබෙනවා. ...
යකෝ...!! රාවණ ඉතිහාසය වනසන්න බෑ බොලව්...!! අපි මරාගෙන මැරෙනව යකෝ...!!! උපසේන ලියනගේ හෙළෝ, හෙළ ඉතිහාස හෙළයෙන් වැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් අප පාථකයින්ව දැනුවත් කිරීම පිණිස වීර සයිබර් හෙළයෙක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ විද්‍යුත් ලිපිනය වෙත එවූ ලිපියක් පහත දැක්වෙයි. ශ්‍රී රාවණ රජතුමාට හෝ අපගේ හෙළ අසුර ඉතිහාසයට අපහාස කරන රාවණ විරෝධීන්ට පිළිතුරු දීම සඳහා මෙය කෙළින්ම කොපි කිරීමටත් ඔබට පුළුවන්. ශුද්ධ සිංහලෙන් ලියා මෙම මහාර්ඝ ලිපිය අප වෙත එවූ සහෘදයාට අපගේ නොමද ස්තුතියත් ශ්‍රී ...
ඉපැරණි හෙළ මයික්‍රො චිප් 4ක් අනුරාධපුරයෙන් හමු වෙයි. උපසේන ලියනගේ පහත දැක්වෙන්නේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ සහෘදයෙක් "රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි" නමැති ලිපියට දක්වා තිබූ අදහසකි. එම අදහසේ ඇති සිද්ධිමය වටිනාකම නිසා ලිපියක් ලෙසම පළ කරමි.මම ජයරත්න මහත්මය ගේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. සමහර දේවල් ඇත්ත වුනත් සමහර දේවල් වලදි ඔබ ගොඩාක් අන්තගාමී වෙලා තියනව. මට කියන්න ගොඩක් දිග කතාවක් තියනව, එකෙ බොහොම සුලු කොටස් කිපයක් මෙහෙම මම කියන්නම්. ...
රාවණ අහසින් ගොස් සතුරන්ට බෝම්බ දමයි උපසේන ලියනගේ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය කියවූ සමහරුන් මෙය ජෝක් සයිට් එකක් බව කියා තිබුණි., තවත් අය මේ බ්ලොග් එක ඉතිහාසය විකෘති කරනවා යැයි කියමින් අපට පරිභව කර මෙය රිපෝට් කිරීමටත් කතා කර තිබුණි.නමුත් ඒ සියල්ලන්ගේම කන් වලට හොඳවයින් අතුල් පහරක් ගසන ලිපියක් මා හට හමු විය. අරිසෙන් අහුබුදුවන්ගේ මගෙහි යමින් පද නිරුක්ති වලින් ඉතිහාසය මතු කිරීමෙන් නොනැවතී, ආචාර්ය සූරිය ගුණසේකරයන්ට නොදෙවෙනි ලෙස ...
CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (2 කොටස) උපසේන ලියනගේ අද එතැන් සිට...NASA (නාසා) එකේ විද්‍යාඥයින් සමග කාල යන්ත්‍රය හෙවත් කෘතිම පණු කුහරයක් ඇති කිරීම පිළිබඳව පරීක්ෂණ පවත්වද්දී අපට බොහෝ දෑ සොයාගන්න පුළුවන් වුණා. නමුත් ඒ පරීක්ෂණ කටයුතු සඳහා NASA විද්‍යාඥයින් වෙත මා සතුව තිබූ ඉපැරණි පුස්කොළපොත් වලින් හුවා දැක්වුවේ රාවණ රජතුමා විසින් ලියන ලද භෞතික විද්‍යාත්මක රහස් මිස පාරභෞතික විද්‍යා රහස් නොවෙයි. එනිසා අපගේ පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රගතිය රාවණ දැනුමෙන් ...
රාවණා රජතුමාගේ යගදාව තැබීමට ආ දීමන්තරයින් අහසේ... උපසේන ලියනගේ පෙරේදා අප ඔබට පැවසුවාක් මෙන් එම ආශ්චර්යමත් සිදුවීම ඊයේ රාත්‍රියේ බොහෝ දෙනාගේ දෑස් ඉදිරිපිටදී දර්ශනය විය. ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව රැගෙන අසුර ලෝකයෙන් පැමිණි දීමන්තරයින් ලංකාපුරයේ පෙරදිග අහස සිසාරා සත් වතාවක් පියාඹා යමින්, හාත්පස පරිසරය රක්ත වර්ණයෙන් බබළවා ඒකාළෝක කර, පසුව මහකුඩුගල ගිරි ශිඛරය වෙත පාත් වී එහි ඇති ශ්‍රී රාවණා රජතුමාගේ ශරීරය අසලින් යගදාව තැන්පත් කර ඇත.වර්ගපූර්ණිකව බ්ලොග් අඩවිය ...
රාවණ සේනාවේ යක්ෂයින් නිල්ගල වනයට ඇවිත්. යුග විනාශයට ඔබ සූදානම්ද? උපසේන ලියනගේ රාවණ රජතුමාට පක්ෂපාතී වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් වාර්තා කළ පුවතක් පහත දැක්වෙයි.නිල්ගල වනයට අද්භූතයන් ඇවිත්June 22, 2012 at 9:55 am | Lanka C News.බිබිල නිල්ගල වනාන්තරයේ යකුනාහේන ප්‍රදේශයේ දැනට සති දෙකක කාලයක සිට ආරක්ෂක අංශවලට අයත් යයි සැලකිය හැකි ඇඳුම් ඇඳගත් පිරිසක් සැරිසරන බවත් ඔයවුන් එම ප්රදේහයට ඇතුල් වීම සඳහා කිසිවෙකුට ඉඩ නොදෙන බවත් විවිධ අවශ්‍යතා සඳහා වනයට ...
තාරකා දොරටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා (1 කොටස) උපසේන ලියනගේ සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජතුමා සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් පැවසුවෙමි. ඒ අනුව මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විවුණ බව දැනටමත් සනාථ වී ඇත. පෙර කී මිසර, සුමේරියන්, බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බවත් ලොවම දන්නා සත්‍යයකි. මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබදව හෙළි ...
රාවණාගේ දඬුමොණරය කලාවැව අසළදි මතුවී අධිවේගයේ ගොස් වාහනයක් හප්පයි උපසේන ලියනගේ මෑතකදී ගල් විහාරයේ අරුම පුදුම පින්තූරයක් ගත් ප්‍රවීන ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා පසුගිය 6 වනදා පස්වරු 3:34 ට පමණ කලා වැව ආසන්නයේ සැරි සැරුවේ වන අලින්ගේ ඡායාරූප කීපයක් ගැනීමටයි. ශ්‍රී ලංකාවේ වන අලින් සමහර විට ඉතාමත් වේගයෙන් දිව යා හැකි නිසා නියම අවස්ථාවේදීම ඡායාරූපය ගැනීම සඳහා කාච විවරයේ වේගය තත්පරයෙන් 1/4000 තරමටම සැකසීමට ඒ මහතා අමතක කළේ නෑ. එතකොට ...
හෙළයින්ගේ යුධ යාත්‍රා, ගම් වල නම් වලින් හෙළි වෙන හැටි උපසේන ලියනගේ රාවන යුගයේ හෙළයින්ට තිබූ සංග්රාම රථ වල තිබූ දියුණුව අදත් ගම් වල නම් වලින් විද්‍යාමාන වෙයි. පර සුද්දන් විසින් අපෙන් සොරාගනනා ලද පුස්කොළපොත් වලින් ඔවුන් මේ යුධ රට හදා තිබුණත් ඒවායේ නියම උරුමක්කාරයින් වන්නේ අප හෙළයයි. ප්‍රධානතම යුධ රථ වලට උදාහරණ මෙලෙසැයි. මේවා හෙළ අටුවා වල පද නිරුක්තීන් මගින් ඔප්පු කරන දේවල් නිසා සත්‍ය බව වටහාගන්න. බැලු බැල්මටම මේවාට සිනා ...
ආතර් රජුගේ මව උණු දිය ස්නානය කළ රාජ කන්‍යා (කින්නියා) උණු දිය උල්පත උපසේන ලියනගේ අපගේ හෙළ රකුසෙක් වන ආතර් රජතුමා ගැන මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්වූ ලිපිය ඔබ කියවන්නට ඇති බව සිතමි.ආතර් මහ රජතුමාණන්ගේ පියා කවශානමුණි රජතුමා රජකමට වඩා නිදහස් නිවහල් දිවියකට දැඩි කැමැත්තක් තිබුණ බුද්ධිමතෙකි. තිලස්ත මහ රිෂි තුමාණන්ගේ දෙටු පුත්‍රයාව කවශානමුණි රජතුමා තම පළමු බිරිඳගේ දික්කසාදයට පසු බිරිඳ වූ විලපාලා රැජිණගෙන් අවසර ලබාගෙන වනගත භාවනාවට ගියේ සිය රාජ්‍යයම වැඩිමල් පුත් චේගුරට භාරදීමෙනි.එවකට ...
හෙළයින් විසින් ලොව මුල් වරට ඊමේල් භාවිතාකර තිබුණි. උපසේන ලියනගේ හෙළයින් වනාහී එසේ මෙසේ ජාතියක් නොවන බවත්, මුළු ලෝකයම ශිෂ්ටාචාර කළේ ශ්‍රී රාවණා අධිරාජ්‍යයා ප්රමුඛ හෙළයින් විසින් බවත් අරිසෙන් අහුබුදු, ආචාර්ය සූරිය ගුණසේකර, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, කාංචන ගීත මනමේන්ද්‍ර වැනි රාවණාගවේශකයින් නිතරම පැවසූවකි. හෙළයින්ගේ සොයාගැනීම් අතර ගුවන් යානා, ජල පීඩක උමං මාර්ග, න්‍යෂ්ඨික අවි, ගීසා හී පිරමීඩ, තාරකා අතර ගමන් කරන දොරටු, කාලය හරහා ගමන් කිරීම ආදිය ප්රමුඛස්ථානයක් ගන්නා බව ...
සිංහල කතෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා හොඳ සිංහලයන්ය. උපසේන ලියනගේ සිංහල බෞද්ධයින් යනු නියම සිංහලයින් කියලයි බොහෝ අය මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ. නමුත් සිංහල කතෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා නියම සිංහලයින් බව ඔබ දැනගෙන සිටියාද? මේ බව කියන්නේ අන් කවරෙක්වත් නොව, ශ්‍රී රාවණ රජතුමාව අප හෙළුවන් අතර ජනප්‍රිය කළ කලාසූරී අරිසෙන් අහුබුදු හෙළුවානන්ය. අහුබුදුවන්ගේ වචන වලින් හෙළුවන් යනු හෙළයින්ට කියන හෙළ වචනයයි. උදා: 2009 බක් 12 සිළුමිණේ අරිසෙන් අහුබුදුවන් මෙහෙම ...
'හේතු වාදීන්ගේ සංගමයට' ශෝරින්-රියුගෙන් එල්ල වන අභියෝග 12 ක්! උපසේන ලියනගේ කාලෝ ෆොන්සේකා මහතා විසින්, අනවින හදි හූනියම් කරුවන්, කපුවන් ප්රමුඛ ශ්‍රී රාවණ පාක්ෂිකයින්ට ඉදිරිපත් කරන ලද අභියෝග 12 ම ඊට බොහෝ කාලයකට පෙරදී මහින්ද රාජපක්ෂ මහතා ඔප්පු කර තිබෙන බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් පෙන්වා දීමත් සමග හේතුවාදීන් නිහඬ විය. ඉන් පසුව අපිත් පෙරළා කාලෝ ෆොන්සේකාට අභියෝග 12 ක් ඉදිරිපත් කළ අතර අප ලබාදුන් කාලය අවසන් වෙද්දීත් කාලෝ ෆොන්සේකා මුනිවත රැකීමෙන් ...
රාවණ සමයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපාංග වල පොසිල හමු වෙයි. උපසේන ලියනගේ අප ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කාලයේදී අති මහත් හෙළ විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුවක් තිබූ බව මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ලිපි වලින් පෙන්වා දෙද්දී සමහර රාවණා විරෝධීන් ඊට සිනා සුණහ. ඊට හේතුව වන්නේ අප දැක්වූ මූලාශ්‍ර මදි බව කීමයි. නමුත් රාවණාගවේශක ඉතිහාස ලිපියක මූලාශ්‍ර දැක්වීමේ සම්ප්රදාය අනුව යමින්, පද නිරුක්ති, හෙළ විද්වතෙක්ගේ ප්‍රකාශයක්, අතීත පුස්කොළපොත්, සෙල් ලිපි උදෘත, අපගේ මා හැඟි ...
ඒක භාර්යා වෘතයෙන් රාවණ සෘෂිවරු උපදවයි උපසේන ලියනගේ ඒක භාර්යා වෘතයෙන් රාවණ සෘෂිවරු උපදවූ බව පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු ...
රාවණ රජතුමා සහ පිටසක්වල ජීවීන් අතර තිබුණ අභිරහස් ගණුදෙනුව...!!! උපසේන ලියනගේ අප වෙත ලැබුණු ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් රැගත් ලිපියේ පළමු කොටස ඊයේ පළ කලා ඔබට මතක ඇති. පහත දැක්වෙන්නේ එහි දෙවැනි කොටසයි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අටුවාවන් (අපි ලියපු අදහස්) අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න.දැන් අප පිවිසෙන්නේ රාවණ පිළිබඳව වර්තමානයේ පහලවී ඇත් එක්තරා මතවාදයකට ...
සිංහලයින්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතාගේ අදහසට අපහාස නොකරනු! උපසේන ලියනගේ "විජයාගමනය මිත්‍යාවක්ද?" මැයෙන් 2009/07/15 දින දිවයින විශේෂාංග තීරුවේ විජයපාල වීරවර්ධන මහතා ලියා ඇති මෙන්න මේ ලිපිය කියවීමෙන් එහි ඇති ආන්දෝළනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය හරහා පිළිතුරක් ලිවීමට මා හට සිත් විය. එනම් සිංහලයන්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතා දක්වා ඇති වටිනා හෙළිදරව්ව විජයපාල වීරවර්ධන මහතා විසින් ඉතාමත් නිර්දය ලෙස විවේචනය කෙරී තිබීම ගැනයි.සූරිය ගුණසේකර මහතා 2009 මැයි 20 දිවයින ...
ඉන්දියානු මිසයිලයට මුහුණ දීමට දඹර අමිල හිමි ළඟ රාවණාගේ න්‍යෂ්ඨික අවියක්! උපසේන ලියනගේ ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කර ඇති බවත්, නුදුරේදීම ඒවායින් ශ්‍රී ලංකාවට පහර දීමට සූදානම් වන බවත් ඊයේ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියෙන් අනාවරණය කළෙමු. අප කොතෙකුත් මූලාශ්‍ර සහිතව පුවත් වාර්තා කළත්, හෙළයේ අවාසනාවකටදෝ ශ්‍රී රාවණ රජතුමාට විරුද්ධ උදවිය අප කියන දේ තඹේකටවත් මායිම් කරන්නේ නැත.නමුත් නුදුරේදී හෙළදිවට එල්ල වන තර්ජනය ගැන කල් තියාම දැනගත් පූජ්‍ය ...